Posted by: lrrp | October 30, 2012

රිය අනතුරෙන් මියගිය දරුවා මවු කුසේ යළි උපදී

රිය අනතුරෙන් මියගිය දරුවා මවු කුසේ යළි උපදී

මවගෙන් වෙන්ව පරලොවට ගිය පාසල් දරුවෙක් මාස 14කුත් දින 25කට පසු දුවක්වී යළිත් සිය අම්මාකරගැනීමේ අපූරු පුවතක් පසුගිය ඉරිදා දින හඟුරන්කෙත සඟරාජගම ග‍්‍රාමයෙන් හෙළිදරව් විය.

සඟරාජගම විහාරයේ විහාරාධිපති කන්තලේ ආනන්ද හිමියන් හඟුරන්ගෙත මනෝ චිකිත්සක තිස්ස හේරත් මහතාට කළ ආරාධනාවක් මත එහිදී දහම් පාසල් සිසුන් වෙනුවෙන් පුනරුප්පත්තිය පිළිබඳව දේශනයක් පසුගිය ඉරිදා පවත්වන්නට යෙදුණි. එයට මටද සහභාගීවීමේ භාග්‍ය ලදිමි. දේශනය නිමවා මෝහන නිද්‍රාවට පත්කිරීමක් එහිදී සිදුවිණ. එහිදී හෙළිදරව් වූයේ හදිසි අනතුරකින් මියගිය දරුවකු යළි එම මෑණියන්ගේම කුසේ ඉපදී ඇතිබවකි.

එම හෙළිදරව්ව එපරිදිම නම් ගම් ඡායාරූප පළකරවීම සඳහා උනන්දු කළ විහාරාධිපති කන්තලේ ආනන්ද හිමියන්ටත්, මෝහන නිද්‍රාවෙන් කරුණු හෙළි කළ පාසල් දැරියටත් ඇයගේ දෙමාපියන්ටත් අපට අවසර ලබාදීම ගැන ස්තූති පූර්වක විය යුතුමය. සඟරාජගම ග‍්‍රාමය හඟුරන්කෙත නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි ගම්මානයකි. විදේශසේවා නියුක්ති කාර්යාංශයේ සේවයේ නියුතු ආර්.ජී. කරුණාවතී (48) මහත්මියගේත් වඩුවැඩ කර්මාන්තයේ නියුතු ආර්.ජී. සමරවීර මහතාගේත් පුංචි කැදැල්ලට 1981-12-19 වැනි දින අමුත්තෙක් එක් විය. හුරුබුහුටි දඟකාර කීකරු එම අමුත්තා සුනන්ද සමරවීර යැයි නම් කෙරිණි.

මවගෙන් වෙන්වූ පුතා දුවක්වී යළිත් අම්මා කරගනී

පාසල් අධ්‍යාපනය සඳහා සුනන්ද ඇතුළු කළේ හඟුරන්කෙත සී.සී. විද්‍යාලයටය. පවුලේ පළවැන්නා වූ සුනන්ද ඉගෙනීමට හපනෙකි. 1997-02-25 දින සිරිත් පරිදි සිය මව ආදරයෙන් සිප වැළඳ ගෙන ඇයට පාද නමස්කාර කොට සුනන්ද අම්මාගේ අතේ එල්ලී ඇය සමඟ බස්නැවතුමට ආවේ සුදු කමිසය හා නිල්පාට කලිසම හැඳගෙන පාසල් මෑණියන් වෙතය. හිත මිතුරු තිදෙනෙක්ම බස්රථයට ගොඩවීමට සිටි බැවින් ඔවුන් හා එක්ව සුපුරුදු සිනාවෙන් අත වනමින් සිය මවට ආචාර කළේ ඇයට නිවසට යන ලෙසටය.

කාලය ගතව ගියේ විනාඩි කීපයකිනි. ලංගම බස් රථය ඔවුන් රැගෙන යාමට පැමිණෙන බව දෑසින්ම දකිමින් සුනන්දගේ මව නිවස බලා පිටත් වූවාය. ඇයට දිගු දුරක් යාමට නොහැකි වින.

දඩාස් ගා ඇසුනු ශබ්දයෙන් ආපසු හැරින. බස් රථය නවතා තිබුණි. කිසියම් අනතුරක් සිදුව ඇති බවට ඇයට හැඟී ගියෙන් වහාම ඇය එතනට දිවආවාය. ආදරණීය සිඟිති පුත් බස්රථයේ පසුපස රෝදයට හසුවී පසෙකින් වැටී සිටිනු දැක්කාය. ඇයට දරාගත නොහැකි ශෝකයක් මතුවිය.

‘‘මගෙ බුදු දෙයියෝ, මගෙ පුතාට මොකද මේ වුණේ’’ ඇසුවේ අසිහියෙන් මෙන්ය. ඒ වනවට සුදු කමිසයේ බස් රථයේ ටයර් පාර පැහැදිලිව දක්නට තිබුණි. අම්මේ කියමින් සිඟිති ආනන්ද පසෙක වූ පොත් බෑගයද අසුලාගෙන වාඩිවිය. ‘‘අම්මේ වට වතුර’’ කීවිට ඇය අසල්වාසී කඩයෙන් ජලය ගෙන ආවේ තත්පර ගණනකදීය. සුනන්දගේ මව දහදියෙන් තෙත්විය. ඇය දැන හෝ නොදැන රියදුරා වෙත වාග් ප‍්‍රහාරයක් එල්ල කළාය. වේදනාවෙන් මිරිකි මිරිකී සුනන්ද අම්මාට කථාකොට ‘‘අම්මේ ඒ මාමාගෙ වරදක් නොවේ, වරද මගේ. මට බස්එක අල්ලා ගන්න බැරිව වැටුනා. මාමාට දොස් කියන්න එපා’’ සුනන්ද තෙපලේය.

ඒ වනවිට ඇයගේ ඥාතීන් කළයුතු වැඩවලට අවධානය ලක්කොට වහාම කාර් එකක් ගෙන්වා සුනන්දව රිකිල්ලගස්කඩ රෝහලට ගෙනගියේය. අම්මා තනිකොට ඔහු රෝහල් ගතවිය. බලවත් ශෝකයෙන් පෙළුණු සුනන්දගේ මවද සිය දෙපයින්ම වැඩිවෙලාවක් යන්නට පෙර ආවේ හරියට පටාචාරාව මෙන්ය. සැතපුම් හයක දුර ඇයට මතක නැතිවිය. ඇය රෝහලට එන විට සුනන්දට සේලයින් සපයමින් තිබිණ.

‘‘අම්මේ මගේ යටිබඩ රිදෙනවා’’ කියත්ම සුනන්දගේ මවගේ ශෝකය තව දුරටත් දරාගත නොහැකි විය. රෝගියා මහනුවර රෝහලට ගෙනයෑමට සැරසෙයි. අනේ මගෙ  පුතා කියමින් ඇය ක්ලාන්තවිය.

ඇය නිවසට ආපසු ගියේ සියපුතු බුදුන්ට දෙවියන්ට භාර කරමිනි. නුවර බලා යෑමට එන අතර මඟදී සුනන්දගේ මිතුරන් හමුවිය. ඔවුන් ගෙනා පණිවිඩිය කීවේ ඇයට නුවර නොගොස් හඟුරන්කෙත පොලීසියට යන ලෙසය.

බලවත් වේදනාවෙන් මුසපත්ව සිටි සුනන්දගේ මව පොලීසියෙන් ආපසු පැමිණියේ මහනුවර බලා යාමට වුවද අද මෙන් බස් සේවාවක් නොවීය. ද්‍රව්‍ය ගෙනයන ලොරියක අවසරය ගෙන ලොරියේ පසුපස සිටගත්තේ හැකියාවකට නොවේ.

මෙතරම් ලොකු බස්රථයකට සිය පුත‍්‍රයා රෝදයට යටව සිටියත් සුනන්දගේ ලේ බිඳක් සෙල නොවීමෙන් දරුවාට බලවත් අනතුරක් නොවී ඇතැයි කල්පනා කළද ඇයගේ මව සුනන්දව බුදුන්ටත් දෙවියන්ටත් භාරකළේ ලක්‍ෂවාරයද පරදවමිනි. ගන්නෝරුවේ හමුදා කඳවුරේ සිටි සිය ඥාති සහෝදර ආර්.ජී. සුමනවීර මහතා සමඟ රෝහලට ගියේ සිය දරුවා දෑසින් දැක ගන්නටය.

ඒ වන විට සියල්ල සිදුවී අවසානය. ඇයගේ ඥාතීන් ඇයට ඒ බව සඟවා කටයුතු කළද ඇගේ බලවත් ඉල්ලීමට පිටුපෑමට කිසිම ජගතකුට නුපුළුවන් විය. ඒ අනුව ඇය ඔපරේෂන් කාමරයට කැඳවාගෙන යන බව පවසමින් සුනන්දව පෙන්වීමට කැඳවාගෙන ගියේ මෘත ශරීරා -ගාරයටය.

ඇය ඒ බව නොදනිතත් ඔහුගේ හිස වටා වෙළුම්පටියක් බැඳ තිබීමෙන් සුනන්ද මියගිය බව දැන පාලනය කරගත නොහැකිව ඇද වැටී සිහිසුන් විය. ඒ වන විට සුනන්දව නංගිලා තිදෙනත් එකම මල්ලීත් සදාදරණීය දෙමව්පියනුත් අමතක කොට සදහටම වෙන්ව හෝරා කීපයක් පසුකර තිබුණි. ‘‘මගෙ රත්තරන් පුතේ ආයෙත් මට දකින්ට මගෙ බඬේම ඉපදියන් මගෙ පුතේ ඉපිදයන්’’ කියමින් ඇය දෙස දහස් වාර ගණනින් කියමින් සිත සනසා ගත්තාය.

සුනන්දගේ මව ආර්.ජී. කරුණාවතී මහත්මිය සමඟ අපි දරුවාගැන කතාකළෙමු.

‘‘හරිම කීකරුයි. විචාරශීලීයි. ඒ කියන්නේ පුතා මැරෙන්න සිටි දවසට පෙර දින මගෙන් ඇහුවා. පුනරුප්පත්තිය ගැන. මම ඊට සැලකිල්ලෙන් පිළිතුරු දුන්නෑ. එයාම කිව්වා අම්මේ මරුණාම ආයෙත් උපදිනවලූ නේද. මම අහලතියෙනව කියල. මම ඒ සියල්ලටම ඔව් කිවුවා. අනෙක පුතා බුදු දහමට හරි ලැදියි. දවසක් අපි රෑට දෙල් උයල හොඳ කට්ට සම්බල් හදල බත් කනකොට පුතා කිව්වා අම්මේ අම්මට ආයෙ මගෙ සෙරෙප්පු දාන්න බැහැ. ඇයි පුතේ කියලා අහන කොට අම්ම මම අද කකුල මැන්නා මගේ කකුල දැන් දිගයි කියල කිව්වා.

මට තව දරුවො ඉන්නවා. ගැහැණු ළමයි නිලූකා, දිල්රුක්ෂි කියලා දෙන්නයි පුතා නලීන් ප‍්‍රසන්න. ඊට බාල සුදීපා ජානකී දුව. බඩ පිස්සී. සුනන්ද පුතා මියගියේ 1997-02-25 සුදීපා ඉපදුනේ 98-5-19 දැන් දුවට වයස අවු 14යි. සුදීපා ජානකී දුව ඉපදීමෙන් පසු විශේෂතා තිබුණා. ඇයගේ කේන්දරය බලන කොටත් කිව්වා පුනරුත්පත්තිය කියන්න පුළුවන් ළමයෙක් කියලා. අවුරුදු 2කුත් මාස ගණනාවක් ඇති යන්තම් බහ තේරෙන වයසේදී ඇයව වඩාගෙන ගියා රිකිල්ලගස්කඩ රෝහලට. හරියටම හඟුරන්කෙත සී.සී. විද්‍යාලය ළඟදී ඇඟිල්ල දිගු කරලා පෙන්නලා කිව්වා මගෙ අක්කෝලෙ මම ගිය අක්කෝලෙ කියලා.

තව දවසක් මගෙ බාල පුතා අල්මාරියෙ තිබිල සුනන්ද පුතාගෙ දිග කලිසමක් අරගෙන මේක මගෙ ගානට කපල මහල දෙන්න කීවා මට කිව්වා විතරයි  ඕක මගෙ කපන්ට එපා කපන්ට එපා කියල අඬලා ගත්තා. දුව පොඩි කාලෙ යකෝ කියල කියනවා. එපා යකෝ මොනවද යකෝ. දෙන්න යකෝ. කියනවා දැන් නැහැ.

සුනන්ද පුතා පිරිමි ළමයෙක් වුවත් පිරිමි ඇඳුම් වලට පුංචි කාලෙ කැමැතිම නැහැ. ඉල්ලන්නෙම ගවුමක් අරන් දෙන්න කියලා. බැරිම තැන අල්ලපු ගෙදර ළමයකුගේ ගැහැණු ළමා ඇඳුම් අන්දවල ගත්ත පිංතූරෙ තමා ඔය තියෙන්නෙ.

සුනන්ද මිය ගිය පසු ඔහු එක දවසයි හීනෙන් දැක්කෙ. කොස්ගෙඩියක් අරගෙන ආවා. රසට උයලා දෙන්න කීවා. පහුවදා වත්තෙන් ගෙඩියක් හොයාගෙන රසට උයලා දානෙ දීල පිං දුන්නා පුතා හීනෙන් කිව්වෙ රසට උයලා දානෙ දෙන්න කියලා.

පුතා මැරෙනකොටම ඇස් දෙක දන් දීලයි තිබුණෙ. එක ඇසක් රාගල අවු 2 1/2ළමයකුට බද්ද කරලා. අනෙක තලාතුඔය සිරිසේන (42) කියන අයට බද්ධ කරලා කියල දැනගත්තා. තුන් දවසෙ දානෙ හත් දවසෙ තුන්මාසේ දානෙ හොඳින් දුන්නා. හැමදාම අදවනතුරු දරුවා මිය ගිය දිනය මතක් කරල දානෙ දෙනවා.

මහනුවර රෝහලේ පශ්චාත් මරණ විභාගයේදී එය පරීක්‍ෂාකළ වෛද්‍ය වරයා කියලා තියෙනවා බස් රථයේ පසුපස රෝදෙ ඇඟ උඩින් ගිහිල්ලත් ලේ බිඳක් එළියට නොආවෙන් අපට අහිමිවුනේ යෝධ ශක්ති දරුවෙක් කියලා. දරුවා ටයර් ඇඟ මතින් යනතුරු හොඳින් තද හුස්මක් අරන් තිබෙන බව පැවසුවා.

සුනන්දගේ පියා ආර්.ජී.සුමනවීර මහතා

බාල දුවණියගේ විශේෂතා තියෙනවා. අවුරුදු 2 1/2ඇති. මම වඩාගෙන ගියා අපෙ හේනට. මළගිය පුතා තැන්පත්කළ කොටසට. එතන දැන් සොහොනක සේයාවක් වත් නැහැ. නිවැරැදිව දන්නෙ අපි.

වත්තට ඇතුළුවෙන කොටම පොඩි දුව කිව්වා මම වළලපු තැනට අරන් යන්න කියලා. මම වෙන තැනක් පෙන්නල බිම තිබ්බා. මෙන්න මෙතන කියලා. තරහ ගිහිල්ල මෙතන නෙවෙයි යකෝ අතන කියලා නිවැරැදි තැන පෙන්නල එතනට අරන් යන්න කියල ඇඬුව. අරන් ගිහින් තිබ්බ එය මත. තනිවම සෙල්ලම් කළා. කඩි කතාවක් කිව්වා. එතන කඩි නැහැ. ඇඟ පුරා කඩියො හිටියා කිව්වා.

පස්සෙ දවසක මම එය හදපු අයගෙන් ඇහුවා දුව කියනවා කියන කඩි කතාව ගැන. ඒ අය කිව්වෙ වළ කපන දවසෙත් කඩියන් සිටි බවත් මිනිය ඇතුළු කළාම කඩිගුල ඇවිස්සුනු බව දැක්ක බවකුයි.  සුනන්ද පුතා මළේ හඟුරන්කෙත ලංගම ඩිපෝවෙ 60 ශ්‍රී 36 — බස් රථයට යටවෙලා ඒ බස්එක පාරෙ උඩට යනකොටත් පහළට එන කොටත් කියනවා සද්දෙ අහලා  ඕන් මම මරපු බස්එක එනවා. ගියා කියලා. කීප වතාවක්ම මම පාරට ගියා ඒක ඇත්තද බලන්න. හරියට හරි ඒ බස්එකමයි.මෙම කරුණු මතත් දුවණිය මෝහන නිද්‍රාවෙදි හෙළිකළ කරුණුත් සලකා බලා වියෝවූ පුතාම යළි දුවණිය වී ඇති බව පිළිගත හැකියි. අපි කලින් දැන හිටියා තරමක් විශ්වාස කළා. අද එය තහවුරු වුණා. සතුටුයි. නැතිවූ දේ අපට යළි ලැබුණා.

මෝහන නිද්‍රාවට යැවූහැටි. පෙරභවය කී දරුවා ආර්.ජී. සුදීපා ජානකී 14 වියේ පසුවෙයි. 9වැනි ශ්‍රේණියේ ඉගෙනීම ලබයි. ඇය හඟුරන්කෙත සිරිමා බණ්ඩාරනායක බාලිකා විදුහලේ ශිෂ්‍යාවකි. ක‍්‍රමයෙන් වයස අඩුකොට පෙරභවයට යවයි.

දැන් කවුද ඔබ

මම මැරිලා. නම සුනන්ද

ඔබ කොහොමද මළේ?

බස් අනතුරකින්

කොතනදිද?

සඟරාජගමදි

කොහොමද වුනේ

පසුපසරෝදෙ ඇඟ හරහා දිග් අතට ගියා

කවුද ආවෙ?

අම්මා.

බස් රථයේ නොම්බරය

දන්නෑ. ලංගම බස්එකක්.

ඔබ කොහාටද අරන් ගියේ.

රෝහලකට

මොන රෝහලේද?

දන්නෙනෑ

ඊට පසු මොකද වුණේ.

මම ගියා අම්මා ළඟට

අම්මා ළඟට ඇයි ගියේ.

මට අම්ම  ඕන. අම්මට මම ආදරෙයි.

අම්මට මොකද කිව්වෙ.

මම අම්මට කියනව අම්මට මම කියනදේ තේරෙන් නෑ. අම්මා අඬා වැටෙනවා. මම ඒත් කියනවා. මට දුක අම්මට මම කියන එක තේරෙන්නැති එක.

ඔබ මොකද කිව්වෙ.

අම්ම අඬන්න එපා මම ආයෙත් එනවා.

ඔබ කොහොමද එය කියන්නෙ.

උඩ ඉඳන් පාවි පාවි අම්මට මම පේන්නෑ. මට අම්ම පේනවා.

ඊට පස්සෙ මොකද කළේ ඔබ

අම්මා පස්සෙ ගෙදර ආවා.

ගෙදරදි ඔබේ මිනිය තිබ්බද?

ඔව් මගෙ මිනිය වළතුළ දැම්මා. ඇඟ පුරා කඩියො.

වේදනාවක් දැනුනද

නෑ මම මැරිලා.

ඔබට ආගමික වතාවත් කළාද

ඔව්. මම පිං ගත්තා

ඔබ කොතනද හිටියෙ

අම්ම ළඟමයි.

කවුද පාංසකූලයදුන්නෙ

හාමුදුරුවරු නම දන්නෑ

තුන් මාසෙ පිංකම් කළාද

ඔව් මම හිටියෙ ගෙදර

කවුද ආපු හාමුදුරුවො

ආනන්ද හාමුදුරුවො

ඔබේ නම සහිතව පූජාවක් කළා දන්නවද?

ඔව් දන්නවා. කේතලයක් තමයි දුන්නෙ.

පොත් පත් ආදියත් පූජාකළා දන්නවද

දන්නෑ. මතකනෑ.

ඔබ පිරිමියෙක් වන්නද කැමතිව හිටියෙ.

නැහැ මම කැමති ගැහැණු අයෙක් වෙන්ට

ඔබ කොහේවත් යන්න කැමැති නැද්ද?

නැහැ අම්මා පසුපස

ඔබ කවුරු වශයෙන්ද උපදින්නේ

අම්මගෙ දුවක් ලෙසටමයි.

කවද්ද දිනය

දිනය උදාවුනේ 1998-5-19 වැනිදා

හොඳයි ඔබ යළිත් මවුකුසට එන්න. වයස අවු 1-2-7-10 දැන් වයස 14යි (මෝහනය නිමාවිය)

ඔබ කවුරුද වෙන්නෙ

නැටුම් ගුරුවරියක්.

මෝහන නිද්‍රාවට පත් සුදීපා පංසලට කේතලයක් පූජා කළද පංසලේ ස්වාමීන් වහන්සේ පවසන්නේ කේතල් හැඩයකින් යුත් බිත්ති ඔරලෝසුවක් එදින පූජා කළ බවකි. වසර කීපයක් බිත්තිය ඔපවත් කළ එය අක‍්‍රියව විනාශවූ බව උන්වහන්සේ පවසයි. මෙම සිදුවීම සලකා බලන කල සත්‍ය සිදුවීම් රැසක් ඔප්පුකළ හැකි සාධක පවතී. හේන්පිට ගෙදර ක්‍දාණසිංහ හිමියන් අන්තර් භවයක් ඇති බවට කරුණු ලැබූ හෙළි කිරීම මෙහිදී සත්‍යාවාදී වනු ඇත.

දරුවා එදා… .

අද..

 

 

 

 

 

 

 

 

 

 

 

 

සුනන්ද සමරවීරගේ ඛේදවාචකය 1997 මාර්තු 4 දින ලංකාදීපයේ පළ කළ අන්දම.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: