Posted by: lrrp | November 19, 2012

දෙවියෝ

දෙවියෝ නම් මිනිස් තÀවය ඉක්ම වූ තÀවයකින් යුත් සÀව කොට්ඨාසයකි.දෙවියෝ ඇත්තාහයි නො අදහන ආගමක් දැන් නො පවත්නේ ය. පරලොවක් නැතැයි කියන උචෙඡදවාදීන් පමණක් දෙවිකොටසක් නැතැයි කියනවා ඇත.

අන් බොහෝ ආගම්වල දෙවියෝ සදාකාලික වෙති. නමුත් බෞද්ධාගමෙහි හැමදෙවි කෙනෙක් ම මරණයට යටත් වෙතියි ප්‍රකාශ කරන ලදී. හින්දුන් විසින් ලෝක නිර්මාපකයා සේ ගණන් ගත් මහා බ්‍රහ්මයා පවා මැරෙන ස්වභාවය ඇත්තෙකැයි බුදුරදුන් විසින් දේශනා කරන ලදී.

බුද්ධාගම පහළවෙන්ට පෙර නානා දේශීය මිනිසුන් විසින් ගෞරවයෙන් සලකනු ලැබූ නොයෙක් දෙවිවරු වූහ. බෞද්ධාචාර්යවරු ඒ දෙවිවරු අවිද්‍යමානවෙති යි නො කියා ඒ හැම දෙනම බුදුරදුන්ට ගෞරව කරන හැමදා ජීවත් නොවන පුද්ගලයන් සේ දැක්වූහ.

අප බුදුරදාණන් ලොව පහළ වූ කාලයේ දී බොහෝ දෙනාගේ ගරු සම්මාන ලැබුවේ මහා බ්‍රහ්මයායි. ඒ මහා බ්‍රහ්මයා බුදුරදුන්ට ප්‍රථම ධර්ම දේශනාව සඳහා ආරාධනා කළ උපාසකයකු සේ දැක්වූහ. එකල දෙවෙනි තරමේ සම්මාන ලැබූ ඉන්ද්‍ර දෙවියා ආහ. ඒ හැම දෙවිවරුම ඒ ඒ ප්‍රදේශවල මිනිසුන් විසින් තමන්ගේ ආරක්ෂක දෙවියන් සේ සලකන ලද්දෝය යි කිය හැක.

අන්‍යආගම්වල දෙවිවරු යහපත් ගුණධර්ම වලින් පමණක් යුක්තවූවෝ නොවූහ. මිනිසුන් ස්ථිර වාසස්ථාන නැතිව සමූහ වශයෙන් එක්තැන් වී වෙන් වෙන් නායකයන් යටතේ කූඩාරම්වල ජීවත් වූ කාලයේදී ඔවුහු නිතරම අන්‍ය සමූහයන් හා යුද්ධ කරමින් විසූහ.

ඒ කාලයේදී තම තමන්ගේ ආරක්ෂක දෙවිවරු ඇතැයි ඔවුහු සිතූහ. ඒ දෙවිවරුන් තමන්සේම මිනීමැරීම් සතුන් මැරීම් ආදිය කරන්නෝ යයි විශ්වාස කළහ. යේහෝචඞ දෙවියන් නොයෙක් විට මිනිසුන් මැරූ බව සඳහන් වෙන්නේ මේ නිසාය. හින්දුන්ගේ ඇදහීම ලෙස දේවත්වය ලැබිය හැක්කේ සතුන් මරා යාග කිරීමෙනි.

බෞද්ධාගමෙහි වනාහි දන්දීම් ආදි කුශලකර්ම කිරීමෙන් පමණක් දේවත්වය ලැබිය හැකැයි ද දෙවියෝ සිල්වත් පැවිද්දන්ටත් මිනිසුන්ටත් ගෞරව කරන්නෝ යයිද ප්‍රකාශ කරන ලදී. (එසේ වූවත් සුචරිත වර්ධනයට නොකැමති මාරකායික දෙවි පිරිසක් ද ඇතැයි කියන ලදී) දිනක් සක්දෙව් රජ උයන් කෙළියට යාම සඳහා රථයට නැඟීමට පෙර සිවු දිශාවන්ට නමස්කාර කළේය.

එය දුටු මාතලී තව්තිසා වැසියන්ගෙන් ද වැදුම් ලබන ඔබ කවරෙකුට නමස්කාර කරන්නාහුදැයි විචාළ විට හෙතෙම ‘මම ද සිල්වත් වූ බොහෝ කල් සන්සුන් සිත් ඇතිව විසූ උතුම් හැසිරීම් ඇති යහපත් පැවිද්දන්ට වඳිමි’ යි කීය. සිල් රකින උපාසකයන්ට පවා ඔහු වඳින බව සක්කසංයුක්තයේ දෙවෙනි වර්ගයෙහි වූඞ

‘යෙ ගහට්ඨා පුඤඤකරා
සීලවනෙතා උපාසකා
ධමෙමන දාරං පොසෙන්ති
තෙ නමසසාමි මාතලි’

(=මාතලිය, පින් කරන සිල්වත් වූ යම් ගිහි උපාසක කෙනෙක් ධාර්මිකව පවුල් රකිත් නම් මම ඔවුන්ට වඳිමි) යන ගාථාවෙන් කියවේ. මීට උඩින් දැක්වූ පැවිද්දන්ට වඳින බව කියවෙන්නේත් මේ සූත්‍රයේදීය.

දෙවියන් අපට නොපෙනෙන්නේ ඇයි ?

දෙවියෝ භූම්‍යස්ථ – ආකාශස්ථ වශයෙන් දෙකොටසකට බෙදෙත්. මේ පොළොවම ආශ්‍රය කොට වසන්නෝ භූම්‍යස්ථ යෝයි. ඉන් ඉහළ විමාන වල වසන්නෝ ආකාශස්ථයෝයි.

දෙවියන්ගේ ශරීරයන් අපේ ශරීර මෙන් දළ නොවන බැවින් ද සියුම් රූප කොටස් වලින් යුක්ත බැවින් ද අපේ මසැසට නොපෙනෙත්. ඒ ඒ පුද්ගලයා ඒ ඒ දේ පෙනෙන්නේ දෘෂ්ටියේ ශක්තිය ඇති තරමටය. ඇතැම් කෙනෙකුන්ට දුර තිබෙනදේ නොපෙනේ, ඇතැම් කෙනෙකුන්ට කන්නාඩියක් නැතිව ළඟ තිබෙන පොත් පත් කියවිය නො හැක.

මෙසේ සිදු වන්නේ අක්ෂිදෘෂ්ටියේ දුර්වලකම නිසාය. හොඳ දෘෂ්ටිශක්තිය ඇත්තෙකුට පවා සූර්යරශ්මිය නැති කාමරයක් තුළ වාතයේ පාවෙන ධූලි ආදිය නොපෙනේ. එවැනි කාමරයකට වහලේ සිදුරකින් හෝ බිත්ති සිදුරකින් හිරුරැස් කළඹක් වැටුණොත් ඒ රශ්මිය තිබෙන හරියේ සුළගේ පාවෙන ධූලි ආදිය දැක්ක හැක.

ප්‍රකෘති ඇසට නොපෙනෙන දේ ඇක්ස්රේ ආලෝකය පැතිරවීමෙන් දැක්ක හැක. මෙසේ ආලෝකය බලවතච වූ තරමට සියුම් සියුම් රූපයන් දැක්ක හැකි බව වටහා ගත යුතුයි. ඇකස්රේ ආලෝකයෙන් වත් අපට දෙවියන් නොපෙනෙන්නේ ඔවුන්ගේ ශරීර ඒ තරම් සියුම් දේ වලින් මැවී තිබෙන නිසා විය යුතු. ආලෝකය දෘෂ්ටියේ අසහාය මිත්‍රයායි, කොහෙත්ම ආලෝකයක් නැති තැන දර්ශනයක් ඇති නොවේ.

දිවැස් ලැබූවන්ට දේවතාවන් දැක්ක හැකි බව අපේ පොත්වල කියවේ. දිවැස ලැබිය හැක්කේ අනුක්‍රමයෙන් සියුම් සියුම් දේවල් බැලීමට ඇස පුරුදු කිරීමෙන් හා ආලෝකය වැඩීමෙන් යයි කියන ලදී. අපට ප්‍රේත – පිශාචාදී පහත් භූතයන් නොපෙනෙන්නේ ඒ ගැන අපේ ආශාවක් හා පුරුදු කිරීමක් නැති නිසායයි බටහිර භූතවිද විද්‍යාඥයෝ කියත්. ඔවුන් අපට නොපෙනෙන්නේත් ඔවුන්ගේ සිරුරු අපේ ශරීරවලට වඩා සියුම් බැවිනි.

දික්සඟි අටුවාවේ සක්කපඤ්හ සූත්තවණණනාවෙහි ‘දේවතානං භභි කරජකායං සුඛුමං, කඬමඡං බලවං, කරජකායස්ස සුඛුමත්තා කඬමජස්ස ච බලවත්තා එකාහාරම්පි අතිකකමිÀවා න තිඨනති’ (= දෙවියන්ගේ ආහාර – සෘතු දෙකින් හටගත් ශරීරය සියුම්ය, කර්මයෙන් හටගත් ශරීරය බලවත්ය, කරජකාය සියුම් බැවිනුත් කර්මකාය බලවත් බැවිනුත් එක් ආහාර වේලක් වත් ඉක්මවා ජීවත් වෙන්ට සමර්ථ නොවෙති) යි කියන ලදී.

ඔවුන් ආහාර ගන්නා වේලාව ඉකුත් කළහොත් රත්වූ ගලක් මත තැබූ ගිතෙල් පිඬක් මෙන් ඔවුන්ගේ සිරුරු දියවී යත් යයි එහි කියන ලදී. මොවුන්ගේ ආහාරයත් මොවුන්ට ගැළපෙන සියුම් වූ ම දෙයකැයි දත යුතු. ගවයන් අනුභව කරන පිදුරු තණකොළ ආදිය කා මිනිසුන්ට දිරවිය නොහැකිවා සේ අප අනුභව කරන බත් ආදිය දෙවියන් අනුභව කළොත් දිරවිය නොහැක.

දික්සඟිඵඅටුවාවේ 526 වෙනි පිටේ ‘ච්‍යුත වෙන දෙවියන්ගේ ශරීරය ගිය තැනක් නම් නොපෙනේ. පහන් සිළක් නිවීයාම හා සමානය’ යි කීමෙන් ද දේවශරීරයන්ගේ සියුම් බව පැහැදිලි වේ. යටත් පිරිසෙයින් එය ගිතෙල් පිඬක් පමණක්වත් දළ ස්වභාවයෙන් යුක්ත වේ නම් මළපසු යම්කිසි දෙයක් ඉතිරිවිය යුතුය. එසේ නැති බැවින් ඔවුන්ගේ සිරුරු ආලෝකපුඤ්ජ මෙන් පවතිත් යයි සිතා ගත යුතුය.

උසස් පහත් දෙවිවරු

යට යට දෙව්ලොව වල දෙවියන්ගේ ශරීරවලට වඩා මතු මතු දෙව්ලෝවල දෙවියන්ගේ සිරුරු සියුම් වෙති. දික්සඟි අටුවාවේ 453 වෙනි පිටෙහි ‘හෙ_ා හෙ_ා හි දෙවතා උපරූපරි දෙවතානං ඔළාරිකං කÀවා මාපිතමෙව පසසිතුං සකෙකානති (=යට යට දෙවියෝ මතුමත්තෙහි දෙවියන්ගේ දළකොට මැවූ ශරීරයන්ම දකින්ට සමථ¡ වෙති)’ යි කීමෙන් ඒ කාරණය ඔප්පු වේ.

තව්තිසා වැසි දෙවියන්ට යාම දෙවියන්ගේ රූපය නොපෙනේ. මෙසේ දෙවියන්ගේ දිවැසටත් මත්තෙහි වසන දෙවියන්ගේ රූප නොපනෙත් නම් මිනිසුන්ට භූමාටුදෙවියකු වත් නොපෙනීම ආශ්චQයක් නොවේ. භූම්‍යස්ථ දෙවියන්ගේ සිරුරු මිනිස් සිරුරුවලට වඩා සියුම් වූවත් චාතුර්මහාරාජික දෙවියන්ගේ සිරුරුවලට වඩා දළවෙති.

බ්‍රහ්මශරීර

බ්‍රහ්මයන්ගේ ශරීරයන් දෙව්ලොව දෙවියන්ගේ ශරීරවලට වඩා සියුම් බැවින් දෙවියන්ට බ්‍රහ්මයෝ නොපෙනෙත්. ඔවුන් දළ රූප මවාගත් විට පමණක් දෙවියන් විසින් දැක්ක හැක. මැදුම් සඟි අටුවාවේ බ්‍රහ්මනිමනතණ සූත්‍රවර්‍ණනාවෙහි ‘බ්‍රහ්මානං හි මූලපටිසන්‍ධිඅතතභාවො සුබුමො, අඤෙඤසං අනාපාථො, අභිසංඛත – කායෙනෙව තිඪනති (= බ්‍රහ්මයන්ගේ ප්‍රතිසන්‍ධියේ දී ඇති වූ මුල් ශරීරය සියුම් ය.

අන්‍යයන්ට නොපෙනේ ඔවුහු මවාගත් ශරීරවලින් යුක්තවම වෙසෙති) යි කියන ලදී. යට කී කාමාවචර දෙවියන් තම තමන්ට යෝග්‍ය වූ සියුම් ඕජාවන් ආහාර කොට ගනිතත් බ්‍රහ්මයෝ කිසි ආහාරයක් නොගනිත්. ඔවුන්ට ඝ්‍රාණ – ජිහ්වා – කායෙÁද්‍රියයන් නැති බැවින් ගඳ සුවඳ නොදැනේ. රසයක් නොදැනේ. ශිතොෂණ දෙක ද නොදැනේ. දැකීමේ ශක්තියක් ඇසීමේ ශක්තියත් ඔවුන්ට ඇත්තාහ.

දෙවියන් පොළවට ආ විට

සියුම් අත් බැව් ඇති දෙවියන්ට මේ පොළොවෙහි සිටගත නොහැක. බුදුරදුන් ජේතවනාරාමයෙහි වැඩවිසූ කල එක් දිනක් ‘හත්‍ථක’ නමැති දේවපුත්‍රයෙක් උන් වහන්සේ දැකීමට අවුත් ඉදිරියෙහි සිටගන්ට උත්සාහ කළ නමුත් නො හැකිව පොළොවේ ගිලෙන්ට පටන් ගත්තේය. එවිට බුදුරද ඔහුට කථාකොට ‘හත්‍ථකය, දළ ශරීරයක් මවාගනුයි’ කීය. එසේ කළ විට ඔහුට එහි සිටගත හැකි විය.

මේ ප්‍රවෘත්තිය අංගුත්තර තිකනිපාතයෙහි (170 වෙනි පිටේ) පෙනේ. එහි ‘සෙය්‍යථාපි නාම සපපී වා තෙලං වාවාලිකාය අසිතතං ඔසීදති, සංසීදති, න සණඨාති, එවමෙව හත්‍ථකො දෙවපුතෙතා භගවතො පුරතො ඨසසාමීති ඔසීදති චෙව සංසීදති ච, ත ච සකෙකාති සණඨාතුං’ (= යම් සේ ගිතෙල් හෝ තලතෙල් හෝ වැලිගොඩක වත් කළ විට කිඳා බසී ද පිහිටා නොසිටී ද එමෙන් හත්‍ථක දෙව්පුත් තෙමේ බුදුරදුන් ඉදිරියෙහි සිටගනිමියි උත්සාහ කරන්නේ පහළ බසියි, ගිලා බසියි, පිහිටා සිටින්ට නො හැකි වේ) යයි කියවේ.

දේව වර්ග

නොයෙක් වර්ගවලට අයත් දෙවිවරු වෙති. මනෝපදෝසික නමැති දෙවිවරු අනුන්ගේ සම්පත් දැක ඊර්ෂ්‍යා ඉපදවීමෙන් හෝ එසේ ඊර්ෂ්‍යා කරන්නකු දැක ‘ඔහුට මාගේ සම්පත්තියෙන් කම් කිමදැ’ යි ආපසු කිපීමෙන් හෝ මරණයට පත්වෙති.

මෙසේ සිදුවන්නේ ඔවුන්ගේ මානසික බලය කායික බලයට වඩා අධික බැවිනි. ඛිඩ්ඩාපදෝසික නම් දෙවිවරු ක්‍රීඩා ලෝලත්වය නිසා ආහාර ගතයුතු වේලාව ඉක්මවීමෙන් මරණයට පත්වෙති. මිනිසුන්ට මෙන දෙතුන් වේලක් නිරාහාරය සිටින්නට ආහාර ගන්නා කොයි දෙවියෙකුටවත් නො හැකිය. ඔවුන්ගේ ශරීරයන් දුර්වල බැවිනි. මනාපකායික දෙවියො තමන් කැමැති විටක කැමති වෙසක් මව ගැනීමට සමර්ථ වෙති.

අනුරුද්ධ මහතෙර නම පෙර භවයකදී දෙවියෙක් ව සිටිකල එතුමාගේ පාදපරිචාරිකාවන්ට විසූ දෙවඟනන් සමූහයක් ‘එතුමන් නැවත දෙව්ලොව උපදවා ගැනීම සඳහා පොළඹවමු’ යි සිතා එතුමන් වෙත පැමිණ ‘ස්වාමිනී අපි මනාපකායික දේවතාවෝය. අපට කැමැති කැමති වේශයෙන් හෝ වර්ණයක් මවාගත හැකි යි කීහ. එවිට තෙර නම ‘මෑලා නිල් පැහැයෙන් යුක්ත වෙත්වා’ යි සිතීය. එකෙණෙහි ඒ දෙවඟනෝ නිල් පැහැයෙන් යුක්ත වූහ. ‘මෑලා රතු පැහැයෙන් යුක්ත වෙත්වා’ යි සිතූවිට එසේ වූහයි අංගුත්තර අ¼ඪකනිපාතයේ උපොසථවග්ගයෙහි වූ අනුරුද්ධ සූත්‍රයෙහි කියාවේ.

වර්ණය හා වේශය පමණක් නොවේ. යම්කිසි හඬක් ( = ස්වරයක්) ලබනු කැමති නම් එයද යම්කිසි සැපයක් ලබනු කැමති නම් එයද උපදවා ගැනීමට ඔවුහු සමර්ථ වෙති. අනුරුද්ධ තෙරුන් ඉදිරියට පැමිණි දෙවඟනන් අතරෙහි එක් දෙවඟනක් ගී කියන අතර එක් දෙවඟනක් නැටීය. එකියක් අත්තල ගැසීය. එය අති දක්ෂ තූර්යවාදකයන් විසින් පවත්වනු ලැබූ පංචාංගික තූර්ය නාදයක් මෙන් සිත් ඇදගන්නා සුලු එකක් වී යයි ඒ සූත්‍රයෙහිම කියවේ.

මේ කාලයේ දී බුදුරදාණෝත් අනුරුද්ධ තෙරනමත් කොසඹෑ නුවර විසූහ. අනුරුද්ධ තෙරනම එදින හවස් වරුවේ බුදුරදුන් වෙත පැමිණ මේ ප්‍රවෘත්ති සියල්ල දන්වා කවර ගුණධර්ම වලින් යුත් ස්ත්‍රියක් මනාපකායික දෙවියන් අතරෙහි උපදින්නීදැයි විචාලේය.

එවිට බුදුරද ‘අනුරුද්ධයෙනි (1) යම් ස්ත්‍රියක් ස්වකීය ස්වාමියා නින්දෙන් නැඟින්නට පෙර නැඟිට ඔහු නින්දට ගිය පසු තොමෝ නිදන්නී නම් ඔහුට කීකරුව ඔහු කැමති ආකාරයට හැසිරෙන්නී නම්, (2) තම හිමියා ගෞරව කරන මවුපිය දෙදෙනට හෝ මහණ බමුණන්ට ගෞරව සත්කාර කරන්නී නම්, ඔවුන් තමා වසන තැනට පැමිණ විට ආසන දී ආහාරපාන දෙන්නී නම් (3) හිමියාට අයත් කපු නෙළීම, බැටළුලොම් සකස් කිරීම ආදියෙහි දක්ෂව අනලස්ව ඒවායේ යෙදෙමින් ඒවා සංවිධාන කරන්නී නම් (4) හිමියාගේ දාස – කම්කරු මෙහකරුවන්ට යෝග්‍යාකාරයෙන් සංග්‍රහ කරන්නී නම් ඔවුන් ගිලන්වූ විට බෙහෙත් කරවන්නී නම් (5) ස්වාමියා යම්කිසි ධනයක් සපයා ගෙන ඒ නම් එය සංරක්ෂණය කොට එය සූදුකෙළීම් මත්පැන් බීම් ආදියෙන් විනාශ නො කරන්නී නම් (6) තුනුරුවන් සරණ ගිය, පස්පවින් වැළකුණු උපාසිකාවක් වේ නම් (7) සුදුසු අවස්ථාවෙහි යාචකාදීන්ට පරිත්‍යාග කරන්නියක් වේ නම් මේ ගුණධර්මවලින් යුතු ස්ත්‍රිය මනාපකායික දෙවියන් අතරෙහි උපන්නී’ යි බුදුරද උත්තර දුණි.

නිම්මාරතී ආදීහු

නිම්මාරති දෙවියෝ තමන් කැමති රූපක්ෂණ ඇති දෙවඟනන් හෝ ඒ ඒ වස්තු මවාගෙන කම්සැප විඳිත්. වසවර්තී දෙවිවරු ඒ නිම්මාරතී දෙවියන් මැවූ අරමුණු බලාත්කාරයෙන් අයත් කරගෙන සැප විඳිත්.

දේවානුභාවය

අතික්කම්භ දෙවානං දෙවානුභාවං’ (දෙවියන්ගේ දිව්‍යානුභාවය ඉක්මවා ආලෝකය පැතිර ගියේය) යන තැන දේවානුභාවය විස්තර කරන මැඳුම් සඟි අටුවාවේ 920 වෙනි පිටෙහි ද දික්සඟි අටුවාවේ 289 වෙනි පිටෙහි ද දෙවියන්ගේ ශරීරාලෝකය දොළොස් යොදුනක් පැතිරේ යයි ද වස්ත්‍රාලංකාරයන්ගේත් විමානයන්ගේත් ආලෝකය එසේම දොළොස් යොදුන් තැන් පැතිරේ යයි ද කියන ලදී. අල්පේශාක්‍ය – මහේශාක්‍ය දෙවියන්ගේ ආලෝකයේ වෙනසක් ඇතිවිය යුතු බැවින් මෙය සාමාන්‍යයෙන් කියන ලද්දැයි සිතමි.

මේ ලක්දිව එක් ලෙණක විසූ භික්ෂුනමක් කටපාඩමෙන් කී සූත්‍රයක් අසාගෙන සිටි ලෙණ සමීපයෙහි වූ ගසක විසූ දේවතාවක් සාධුකාර දුන්විට භික්ෂු නම දේවතාවාගෙන් තොරතුරු විචාරා තමාට ඔහුගේ ශරීරය පෙන්විය හැකිදැයි විචාළේය. සම්පූර්ණ ශරීරය පෙන්විය නොහැකැ යි කී දේවතාවා එක් ඇඟිල්ලක් යතුරු කරපොල්ල සමීපයට ළංකළ විට ලෙණ ඇතුළත හිරු දහසක් නැඟී කලක් මෙන් ඒකාලෝක වී යයි කථාවක් අපේ අටුවා පොත්වල පෙනේ. මේ කියන්නේ රුක් දෙවියකුගේ ආලෝකය ගැනයි. ඊට උසස් දෙවිවරුන්ගේ ආලෝක ඊට අධික විය යුතුයි.

පුත්‍ර භාර්යාවෝ

දෙව්ලෝවල ආවාහ විවාහ නැතත් මවුකුස පිළිසිඳ ගැනීමක් නැතත් දෙවියන්ට පුත්‍ර – දාරායෝ ඇත්තාහ යි පෙත්වල කියවේ. දෙවියෝ සම්පූර්ණ ඉන්ද්‍රියයන් ඇතිව වැඩුණු ශරීරයන්ගෙන් යුක්තවම උපදිත්. මිනිසුන් මෙන් කුඩාව ඉපදී ක්‍රමයෙන් වැඩීමක් දෙවියන්ටත් අන්‍ය භූතයන්ටත් නැත. ඇතැම් දෙවිවරුන් උපදින්ට පෙර ඔවුන්ට ලැබෙන දෙවඟනෝ ඔවුන්ට නියමිත විමානවල ඉපද සිටිති.

ස්වාමි වූ දෙවියා උපන් පසු දෙවඟනෝ ඒ විමානයෙහි උපදිත් නම් භාර්යාවෝ සයනය මත්තෙහි ද දරුවෝ උකුලෙහි ද නාට්‍යාංගනාවෝ ඇඳ හාත්පස ද උපදිත්. යම් කෙනෙකුගෙන්ගේ විමන් දෙකක් අතරෙහි දෙවඟනක් ඉපදී අයිතිය සඳහා විවාදයක් ඇතිවුවහොත් දෙව්රජ එය විනිශ්චය කරයි. මෙසේ විසඳු නඩුවක් ගැන සීහළවත්‍ථුපකරණ නමැති පොතේ කියැවේ. එය මෙසේයි.

ලක්දිව භාවනානුයෝගි එක් භික්ෂු නමක් පිණ්ඩපාතය සඳහා යනවිට දරුණු සොරෙක් ඇවිත් එතුමාගේ සිවුරු සියල්ල උදුරා ගත්තේ ය. කළහැකි වෙන දෙයක් නැති ඒ භික්ෂු නම කොළඅතුවලින් විලි වසාගෙන ගියේය. එසේ යන ඒ පුද්ගලයා දුටු දිය නෑමට ආ ස්ත්‍රියක් මේ භික්ෂුනමකැයි හැඳිනගෙන දියේ සිටගෙනම ‘ස්වාමිනි, මේ ගොඩ තිබෙන මාගේ වස්ත්‍රයෙන් භාගයක් රැගෙන ඇඳගත මැනවැ’ යි කීය.

භික්ෂු නම එසේ කොට විහාරයකට ගොස් සිවුරු සපයා ගත්තේ ය. මේ ස්ත්‍රිය මළ පසු තව්තිසා දෙව්ලොව දෙව් විමන් තුනක් මැද උපණි. මනා අඟපසඟින් හා මහත් ප්‍රභායෙන් යුතු ඇය දුටු අවට විමන් තුනේ දෙවිවරු තිදෙන ඇය තමාට අයිතිය, තමාට අයිති යයි කියමින් කලහ උපදවාගෙන විනිශ්චයක් ලබා ගැනීම සඳහා සක්දෙව් රජු වෙත ගියහ.

දෙව්රජ එහි අවුත් ‘යමෙක් ඇයට වැඩි ආලය කෙරේ නම් ඔහුට ඇය අයිති වේවා’ යි කීය. දෙවෙනි දේවතාවා ‘යම් සේ මැටි හා ජලය මිශ්‍ර වූ විට අතරක් නෙපෙනේ ද එමෙන් මම ඇයට ඇලී සිටිමි’ යි කීය. මෙසේ තිදෙනගේම ආලය සමානව පිහිටි බැවින් සක්දෙව්රජ ඇය තමාගේ අන්තඞපුරයට යැවීය.

අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහනාහිමියන්ගේ “ථෙරවාද බෞද්ධ දර්ශනය” පොතෙන් උපුටාගැනිණි.

.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: