Posted by: lrrp | November 19, 2012

යළි පිබිදෙන කොසොඹෑ නුවර

එක්‌ සමයෙක්‌හි දඹදිවින් නැඟී බුද්ධාලෝකයෙන් මුළු ලොව ඒකාලෝක විය. එම ආලෝකයේ එළිය ලද ලක්‌වැසි ජනතාව එයින් පෝෂණය වී එම නිර්මල බුදු දහම රකින්නට දිවි හිමියෙන් කටයුතු කළහ. කලින් කල ආ විපත්වලට ද මුහුණ දෙමින් වසර 2555 ක්‌ මුළුල්ලෙහි ලක්‌ දෙරණෙහි බුදු දහම කෙසේ හෝ සුරැකුණි.

එය එසේ වුවත්…… බුදුන් වහන්සේ උපන් දේශයෙන් බුදු දහම ගිලිහී යන්නට වැඩි කාලයක්‌ ගත නොවුණි. බුදු දහමේ විනාශය හා හින්දු ධර්මයේ (බ්‍රාහ්මණ දහමේ) නැවත හිස එසවීමක්‌ සිදුවිය. ශුංග වංශික හින්දු රජවරු බුදු දහම විනාශ කළහ. ජීවිතාරක්‍ෂාවෙන් බෞද්ධයෝa හින්දු ආගම වැළඳ ගත්හ. ශාක්‍ය, මෞරිය, වංශයයන් කුලයෙන් හීනයන් බවට පත් කළහ. එහෙත් වරින් වර පණ ලබා නැගිටීමට ගත් උත්සාහයේ ප්‍රතිඵල වශයෙන් හත්වන, අටවන සියවස්‌ වන විට නැවත යම් දියුණුවක්‌ දක්‌නට ලැබුණි. දොළොස්‌වන සියවසෙහි මෝගල් ආක්‍රමණයෙන් බුදුදහම සහමුලින්ම භාරතයෙන් නැති වී ගියේය. බෞද්ධ පොත්පත් පවා සහමුලින්ම විනාශ වී ගිය අතර වෙහෙර විහාර මහපොළොවටම සමතලා වී ගියේය. එදා තිබූ බෞද්ධ නගරයන් අතහැර මිනිසුන් පලා ගිය හෙයින් එම නගර හා ඒ ආශ්‍රිත විනාශ කළ වෙහෙර විහාර ගණ කැලයෙන් යටවී ගියේය.

හයවන, හත්වන සියවස්‌වල දඹදිව සංචාරය කළ චීන ජාතික හ්‍යqං ෂ්‍යාන් භික්‍ෂුව සහ පාහියන් භික්‍ෂුව ලියූ වාර්තාවන් චීනය සතුව සුරැකිව තිබුණි. ඉන්දියාව ඉංග්‍රීසි ආධිපත්‍යයට යටත් වූ පසු එහි පැමිණි පුරාවිද්‍යාඥ ජනරාල් කනිංහැම්තුමා පාහියන්, හ්‍යqං ෂ්‍යාන් භික්‌ෂූන්ගේ වාර්තාවන්ට අනුව බොහෝ දඹදිව වෙහෙර විහාර හඳුනා ගැනීමට කටයුතු කළේය.

ආරක්‍ෂා කළ යුතු දෙයින් බොහොමයක්‌ දේ එංගලන්තයට ගෙන ගොස්‌ ලන්ඩන් කෞතුකාගාරයේ තැන්පත් කළ අතර ගෙන යා නොහැකි දේ එම ස්‌ථාන ආශ්‍රිත ප්‍රධාන නගරයන්හි කෞතුකාගාර තනා ආරක්‍ෂාව තහවුරු කළේය. එමෙන්ම ඓතිහාසික නටබුන් සහිත ස්‌ථාන රජයට පවරා ගෙන රජය මගින් ආරක්‍ෂා කළේය.

එම ස්‌ථාන අතුරින් බරණැස සාරානාත්, බුද්ධගයාව, කුසිනාරාව, ලුම්බිණිය, සැවැත්නුවර ආදී ප්‍රධාන ස්‌ථාන සුරැකීමට අනගාරික ධර්මපාලතුමා දිවි හිමියෙන් කටයුතු කළ හෙයින් ලෝකවාසීන්ට එම ස්‌ථාන දැක වැඳ පුදා ගැනීමට අවස්‌ථාව සැලසුණි.

කොසැඹෑ නුවර නගරය හා වෙහෙර විහාර කනිංහැම්තුමා සොයා තහවුරු කළ නමුත් මෙය ඉතා දුෂ්කර ගම්මානයක්‌ වූයෙන් මෙහි දියුණුවට කටයුතු කිරීමට කිසිවකු ඉදිරිපත් නොවුණි. එම දුෂ්කර කාර්යට අද ආචාර්ය තලම්මැහැර සිරි විසුද්ධි හිමි අවතීර්ණව සිටි එමෙන්ම අනේක බාධක හා දුෂ්කරතාවන් අභිබවා අද උන්වහන්සේ නිහඬ ජයග්‍රහණයක්‌ කරා පිය නගිමින් සිටින සේක.

තලම්මැහැර සිරි විසුද්ධි හිමියන් උසස්‌ අධ්‍යාපනය සඳහා 1990 අගෝස්‌තු මස භාරතයට පැමිණියාහ. ඒ කඹුරුපිටියේ චන්ද්‍රරතන නාහිමියන්ගේ මඟ පෙන්වීම මතය. උසස්‌ අධ්‍යාපනයට සුදුසුකම් හා කටුකත්වයට මුහුණදීමේ ශක්‌තිය හැර වෙනත් සුදුසුකම් තලම්මැහැර සිරි විසුද්ධි හිමි තුළ නොවූයෙන් ආපසු ලංකාවට යැමේ වාතාවරණය වෙනස්‌ කළේ ආචාර්ය ජූලම්පිටියේ ඥනරතන නාහිමියන්ගේ මග පෙන්වීමෙනි. ඒ අනුව බරණැසට පැමිණි උන්වහන්සේ සම්පූර්ණ නානන්ද සංස්‌කෘත විශ්ව විද්‍යාලයෙහි සංස්‌කෘත හැදැරීම සඳහා ඇතුළත් වූහ. 1991 බරණැස හින්දු මහා විද්‍යාලයෙහි ශාස්‌ත්‍රවේදී උපාධිය සඳහා ඇතුළත් වූහ. ඉන්පසු ශාස්‌ත්‍රපති උපාධිය ද අවසන් කළ අතර විශේෂයෙන් ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතාගේ දිරි ගැන්වීම මත ආචාර්ය උපාධිය ද ලබා ගැනීමේ හැකියාවද තලම්මැහැර සිරිවිසුද්ධි හිමියනට ලැබුණි. මෙම කාලය තුළ උන්වහන්සේගේ ආර්ථිකය පෝෂණය කළේ ආචාර්ය ජුලම්පිටියේ ඥනරතන නාහිමියන් බව අවධාරණය කළ යුතුමය.

ආචාර්ය උපාධිය අවසන් කිරීමෙන් පසු තලම්මැහැර සිරි විසුද්ධි හිමියෝ, ඥනරතන නාහිමියන්ගේ ඉල්ලීම පරිදි සංකස්‌ස විහාරස්‌ථානයේ උන්වහන්සේගේ ශාසනික කර්තව්‍යයන්ට සහාය වෙමින් කටයුතු කළ අතර බුදු හිමිගේ පා පහසින් පාරිශුද්ධත්වයට පත්වූ පූණ්‍ය භූමින් භාරතය පුරා තවත් ඇති හෙයින් එවන් තවත් ස්‌ථානයක්‌ ලෝකවාසී බෞද්ධයාට දැක වැඳ පුදා ගැනීමට අවස්‌ථාව සලසා දීමේ උවමනාවක්‌ සිත තුළ දළුලමින් පැවතුණි. ඒ සඳහා තලම්මැහැර සිරි විසුද්ධි හිමියන්ගේ සිත ඇදී ගියේ කොසැඹෑ නුවරයි. එම අදහස ක්‍රියාවට නැංවීම සඳහා ආචාර්ය ඥනරතන හිමියන්ගේ ලැබුණේ පැසසිය යුතු දිරි ගැන්වීමකි.

2005 ඔක්‌තෝම්බර් කොසැඹෑ නුවරට හිස්‌ අතින්ම පැමිණි තලම්මැහැර සිරි විසුද්ධි හිමියෝ නව ඝෝෂිතාරාමයෙහි නැවතී ඉඩම් සෙවීමෙහි නියුක්‌ත වූ අතර අඩු මුදලකට පුංචි ඉඩමක්‌ සොයා ගැනීමට හැකිවිය. ඊළඟට මතුවූ ගැටලුව නම් මුදල් සොයා ගන්නේ කෙසේද යන්නයි.

කලක්‌ සම්පූර්ණානන්ද විශ්වවිද්‍යාලයෙහි ආචාර්යන් වහන්සේ නමක්‌ වශයෙන් කටයුතු කොට සැවැත්නුවර නව ඡේතවන විහාරය, සැවැත්නුවර චීන පන්සල හා සාංචි මහාබෝධි සමාගමෙහි වැඩ හිඳිමින් ශාස්‌ත්‍රීය හා ආගමික සේවයක්‌ කොට දැනට වයස්‌ගතව, අධිෂ්ඨානශීලීව මහනුවර මල්වතු මහා විහාරයෙහි වැඩ සිටින දේදුණුපිටියේ සෝමරතන නාහිමියන් විසින් මෙහි විහාරයක්‌ ඉදිකිරීම සඳහා කොසැඹෑ නුවර විහාර සංවර්ධන අරමුදල නමින් අරමුදලක්‌ පිහිටුවා තිබුණි. නමුත් උන්වහන්සේගේ රෝගී තත්ත්වයන් නිසා ක්‍රියාවට නැංවීමට නොහැකි විය. තලම්මැහැර සිරි විසුද්ධි හිමියන්ගේ කොසොඹෑ නුවරට පැමිණීම දැනගත් උන් වහන්සේ එම සංවිධානය මඟින් ලංකා රු. ලක්‍ෂ තුනක්‌ මූලික වශයෙන් ලබා දීමටත් ඉදිරියේ දී තවත් මුදල් සොයා දීමටත් එකඟ විය. ඒ අනුව එම මුදලින් පුංචි ඉඩම් කොටසක්‌ මිලට ගැනීමත් දැනට නැවතී සිටින පුංචි කුටියක්‌ තනා ගැනීමත් කර ගත හැකිවූ හෙයින් 2006 පෙබරවාරි 03 වැනි දින තලම්මැහැර සිරි විසුද්ධි හිමි එහි වැඩ සිටීමට තීරණය කළහ. පූජ්‍ය දේදුණුපිටියේ සෝමරතන හිමියන් අනුග්‍රහයෙන් ලද තවත් ලංකා රු. ලක්‍ෂයක පමණ මුදල යොදවා වැසිකිළි දෙකක්‌ හා නාන කාමරයක්‌ තනවන ලදී, එතැන් පටන් කොසැඹෑ නුවර ශ්‍රී ලංකාරාමයෙහි දොරටු වන්දනාකරුවන් සඳහා විවර විය.

එහෙයින් කොසැඹෑ නුවර ශ්‍රී ලංකාරාමය ඉදිකිරීමේ ප්‍රධාන ගෞරවය දේදුණුපිටියෙය් සෝමරතන ලොකු හාමුදුරුවන් වහන්සේට හිමිවිය යුතුය. එමෙන්ම මෙම විහාරය ඉදිකිරීමේ අදහස ඉදිරිපත් කළ දා පටන් තලම්මැහැර සිරි විසුද්ධි හිමියන් දිරිමත් කළ, එමෙන්ම විසුද්ධි හිමියනගේ සිව්පසය පිළිබඳව සොයා බලා සපයා දුන් භාරත දේශයේ ප්‍රධාන සංඝනායක සංකස්‌සපුර දේවාවරෝහණ මෛත්‍රිය බුද්ධ විහාරයේ විහාරාධිපති ආචාර්ය ජූලම්පිටියේ ඥනරතන නායක හාමුදුරුවන් වහන්සේට ද අපගේ භක්‌ති ප්‍රණාමය පුද කරමු.

එමෙන්ම ආනන්ද බෝධි සමාගමෙහි සම ලේකම් ප්‍රතාප් බහදූර් සිං මහතා ද, බරණැස හින්දු විශ්ව විද්‍යාලයෙහි ආචාර්ය උපාධි අපේක්‍ෂක බමුණාකොටුවේ ශාන්ත විමල හිමියන් ද, රුහුණ විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උණු වතුර බුබුලේ මහින්ද හිමියන් ද, ශෘස්‌ත්‍රපති අඹන්වැල්ලේ සිරි සමිද්ධි හිමියන්ද මෙම මහඟු කර්තව්‍යයේ දී නන් අයුරින් තලම්මැහැර සිරි විසුද්ධි හිමියන්ට උදව් උපකාර කළහ. මීරිගම කල්එළියේ පදිංචි නීතිඥ පෙරමුණේ මහතාද කොසැඹෑ නුවර විහාර සංවර්ධන අරමුදල පෝෂණය කිරීම සඳහා කැපවීමෙන් ඕනෑකමින් කටයුතු කළේය.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අලහාබාද් නගරයට සැතපුම් 38 ක්‌ (කි. මි. 60 ක්‌ පමණ) දුර නිරිත දිගින් යමුනා නදියේ උතුරු ඉවුරේ පිහිටි දැනට කෝසම්බි නමින් හැඳින්වෙන ප්‍රදේශය කොසැඹෑ නුවර වශයෙන් ජෙනරාල් කනිංහැම් මහතා හඳුන්වා දී ඇත. මෙය අලහාබාද් දිස්‌ත්‍රික්‌කයට අයත්ව තිබුණ නමුත් 1997 අප්‍රේල් මස 09 වන දින උත්තර ප්‍රදේශය මායාවතී රජය මඟින් කෝසම්බි නමින් වෙනම දිස්‌ත්‍රික්‌කයක්‌ වශයෙන් නම් කරන ලදී. මෙය ප්‍රාචීන වත්ස රාජ්‍යයේ අගනුවරය. කුසුම්භ නමැති ඝෘෂිවරයා විසූ ප්‍රදේශයෙහි මෙම නගරය ගොඩ නැගූ බැවින් හෝ කොසඹ වෘක්‌ෂ රාශියක්‌ මෙහි තිබුණ බැවින් හෝ මෙය කෝසම්භි නම් වූ බව සඳහන් වේ.

අති පූජ්‍ය දේදුණුපිටියේ සෝමරතන මහා ස්‌ථවීරයන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති කොසැඹෑනුවර ශ්‍රී ලංකාරාම සංවර්ධන සමිතිය පූජ්‍ය තලම්මැහැර සිරි විසුද්ධි හිමියන්ගේ අනේක බාධක දුෂ්කරතාවන් අභිබවා යන නියත ජයග්‍රහණයට දායක වෙමින් සිටී. මෙම සංවර්ධන ව්‍යාපෘතිය නිම කිරීම සඳහා ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 350 ක්‌ පමණ වැය වෙතැයි ඇස්‌තමේන්තු කර ඇත. ධර්ම ශක්‌තියේ බලයෙන් මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ ධන පරිත්‍යාගය අප මහත් සේ බලාපොරොත්තු වෙමු. දඹදිව වන්දනාවේ යන බැතිමතුනට මෙම ස්‌ථානය වන්දනා කරගැනීමට යන ලෙසද ආදාරයෙන් මතක්‌ කරමු. පාරමිතා සපුරා ගැනීමට සැලසුනු මහඟු අවස්‌ථාවක්‌ සේ සලකා සැදැහැ සිsතින් හැකි අයුරින් මෙම මහා පිංකමට දායක වන ලෙස ඔබ සැමගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ඔබගේ මූල්‍යමය පරිත්‍යාග කොසැඹෑ නුවර ශ්‍රී ලංකාරාම සංවර්ධන සමිතිය නමින් බොරැල්ල සම්පත් බැංකු ශාඛාවේ විවෘතව ඇති අංක 100460482370 දරන ඉතිරි කිරීමේ ගිණුමට යොමුකරන ලෙස ඉල්ලා සිටිමු. මෙම සංගමයේ සභාපති ලෙස සම්පත් බැංකුවේ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් බණ්‌ඩාරනායක මහතාද, භාණ්‌ඩාගාරික ලෙස මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරි ලෙස්‌ලි රණසිංහ මහතාද, සංවිධායක ලෙස ඕමානයේ මහ බැංකුවේ සේවය කළ විධායක නිලධාරි එච්. එල්. ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා ක්‍රියාකරණ අතර දිවයිනේ ප්‍රධාන පෙළේ උසස්‌ නිලධාරීන්ගේ පූර්ණ දායකත්වය ලබා දී ඇත. කාර්යාලයේ ලිපිනය අංක 380/70, සරණ පාර, බෞද්ධාලෝක මාවත, කොළඹ -07 වේ.

වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු
ලේකම්
කොසැඹෑ නුවර ශ්‍රී ලංකාරාම සංවර්ධන සමිතිය
(නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, මහ රෝහල, රත්නපුරය)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: