Posted by: lrrp | November 19, 2012

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත – සබ්බමිත්ත රහතන් වහන්සේ

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.

ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න.

නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

තණ්හාවෙන් වහා මිදෙමි…

‘බුදුරජාණන් වහන්සේ සුදත්ත සිටුතුමාගේ නිවසේ දානයට වැඩම කළා…”

ජ්තවනාරාමය අසල සිටි ළමයෙක් සබ්බමිත්තට කීය.

“ඊයේ උන්වහන්සේ මෙහි වැඩ සිටියා ද?”

සබ්බවින්න ඇසී ය.

“ඔව්, උන්වහන්සේ ජේතවනාරාමයට වැඩම කළේ ඊයේ සවස. ඔබ ඊයේ ආවා නම් බලන්නට තිබුණා බුදු රැස් විහිදෙන හැටි. හරිම ලස්සනයි. ආකාසෙන් මල් වැටුණා. දෙවිවරුන් ගෙන්නුවා දැක්කා මේ ඇස් දෙකෙන් ම. හාමුදුරුවරු දහස් ගණනක් බුදුහාමුදුරුවන් සමඟ වැඩම කළා.

“කෝ ඒ හාමුදුරුවරු”

“ඔක්කොම සුදත්ත සිටුතුමාගේ නිවසට වැඩියා. දානේ වළඳලා ආපසු මෙහාට වඩීයි. එතකොට ඔබටත් බුදුරජාණන් වහන්සේ දකින්න පිළිවන්.

නැහැ.. මම දැන්මම යනවා. මම දැන්මම එතුමා දකින්නට ඕනෑ..”

සබ්බමිත්ත සුදත්ත සිටුතුමාගේ මාළිගය අසලට ගියේ ය. සැවැත්නුවර බමුණු පවුලකට අයත් තරුණයකු වූ සබ්බවින්න සහ මිතුරන් ද දුටුවේ ය. ඔහු ඔවුන්ට ළං විය.

“කෝ බුදුරජාණන් වහන්සේ?” ඔහු මිතුරන්ගෙන් ඇසී ය.

“උන් වහන්සේ දානය වළඳනවා. ශාලාව ඇතුළේ. අධිමිත්ත කීය.

“අපි ටිකක් ඉදිරියට යමු. මට උන්වහන්සේ දකින්නට ඕනෑ” සබ්බමිත්ත මහ සෙනඟ මැදින් ඉදිරියට ගියේ ය.

ඔහුට රන් පැහැයෙන් බබළන මහ සඟරුවන පෙනින.

“ඔක්කොම එක වාගෙයි” මට බුදුහාමුදුරුවන් හඳුනාගන්නට ඕනෑ”

අධිමිත්ත සිනාසුණේ ය.

“මම නම් ඊයේ හැන්දෑවෙත් උන්වහන්සේ දුටුවා. අර එහා කෙළවරේ සිටින්නේ උන්වහන්සේ. අර ජේත රාජකුමාරයා දාන බෙදන්නේ උන්වහන්සේට.”

සබ්බමිත්ත සාදු කාර දුන්නේ ය.

“දානයෙන් පසු අපි උන්වහන්සේ ළඟට යමු” උසභ කීය.

ප්‍රනීත ආහාර පානයෙන් බුදු රජාණන් වහන්සේට සහ මහ සඟරුවනට සත්කාර කිරීමෙන් පසු සුදත්ත සිටුවරයා මෙසේ ඇසී ය.

“බුදු පියාණන් වහන්ස, ජේතවනාරාමය, ඔබ වහන්සේට පූජා කරමි. එය කළ යුත්තේ කෙසේද?”

“එය මට කරන පූජාවක් වශයෙන් නොසලකා සතර දිසාවේ ම භික්ෂූන්වහන්සේලාට ජේතවනාරාමය පූජා කරමියි සිතා පූජා කරන්න…” බුදු රජාණෝ වදාළහ

සුදත්ත සිටුවරයා ජේතවනාරාමය සඟ සතු කොට පිදීය. විහාර දානයේ අනුසස් වදාළ බුදුරජාණන්වහන්සේ යළි ජේතවනාරාමයට වැඩියහ.

සබ්බමිත්ත සියමිතුරන් ද සම¼ඟ ජේතවනාරාමයට ගියේ, බුදු රජාණන් වහන්සේගෙන් දහම් අසා සසර දුක වැටහී පැවිදි විය. ඔහු සමඟ උසභ, අධිමිත්ත, හේරඤ්ඤකානි, ගම් මුදලි, කොසොල් රජුගේ පුත් බ්‍රහ්මදත්ත කුමරු සිරිමිත්ත, සිරිවඩ්ඨ, උපවාන, ඒකුද්දුතිය යන තරුණයෝ ද පැවිදි වූහ.

සබ්බමිත්ත හිමියෝ කමටහන් ගෙන විදසුන් වැඩීම සඳහා ඈත වනයකට වැඩියහ. වස් කාලය එහි ගත කළ උන්වහන්සේ බුදු රජාණන් වහන්සේ වැඳීම සඳහා දිනක් සැවැත්නුවර ට වැඩියහ. අතර මඟ දී මුව වැද්දකු ඇටවූ උගුලකට හසු වූ මුව පොවුවකු උන්වහන්සේට දක්නට ලැබිණ. මදක් එහි නතර වූ සබ්බවින්න හිමියනට මඳ දුරකින් සිටි මුව මව පෙනින. මර උගුලට බියෙන් පුතුට ළංනොවී මඳක් දුරින් සිටි මුව මව දෙසට ඇදෙන්නට වැර දරමින් මුව පොව්වා බැගෑපත් හඬක් නැ¼ඟුවේය.

“ස්නේහයෙන් බැඳීම නිසා ඇතිවූ දුකක තරමයි හිමියනට සිතිණි.

තවත් දුර ගමන් කළ උන්වහන්සේට සොරුන් එක්ව එක් මිනිසකු බැඳ සිරුරෙහි පිදුරු ඔතා දමනු පෙනින. මේ මිනිසා ද බැගෑපත් හඬක් නැ¼ගුවේ ය.

මේ සිදුවීම් දෙක දැකීමෙන් සංවේගයට පත් සබ්බමිත්ත හිමියෝ සොරුන්ට ඇසෙන සේ මෙසේ කීහ.

“අඳබාල මිනිසුන් තවත් අය කෙරෙහි තණ්හාවෙන බැඳෙනවා මේ මගේ දරුවා කියා මාපියන් දරුවන්ට බැඳෙනවා. මොවුන් අප පෝෂණය කරනවා කියා දරුවන් මා පියන්ට බැ¼දෙනවා. මධ්‍යස්ථ නොවී ලෝභයෙන් ඇලීමෙන් මිනිසුන් වෙනත් අයට ඇලෙනවා.

ද්වේෂයෙන් යුතු මිනිසුන් මෙහි ඵල විපාක තමාට එතියි නොසිතා වෙනත් මිනිසුන්ට හිංසා කරනවා. ඒ ද්වේෂය නිසා මා පියවරු වී තවත් මිනිසුන් ඉපදවීමෙන් කවර ඵලයක් ද? ලෝභයත්, ද්වේෂයත් දෙකම දුරුකොට සියල්ල අත් හළ යුතුයි. එවිට ක්ෂේම භූමිය හමුවෙනවා”

මේ අදහස සිය මුවින් පළවීමත් සමඟම සබ්බමිත්ත හිමියෝ විදසුන් නුවණින් යුතුව රහත් බවට පත්වූහ.

සබ්බමිත්ත රහතන් වහන්සේ සිය උදානය වශයෙන් පළ කළේ ද ඒ අදහස සහිත ගාථා දෙකකි.

දද දන අන් අය කෙරෙහිම
තන්හාවෙන් බැඳෙන්නේ
දද දන අන් අය සමඟම
සබඳව කල් ගෙවන්නේ

එක මිනිසකු තව මිනිසකු
කුරිරු ලෙසට පෙළන්නේ
එ මිනිසුන්ගෙන් ඔහු හට
කවර ඵල ද ලැබෙන්නේ

මිනිසුන් පෙළනා තරහෙන්
තණ්හාවෙන් වහා මිදෙමි
ඒ මිනිසුන් හා සබැඳුණු
සියලු බැමි ද කපා දමමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: