Posted by: lrrp | November 27, 2012

ඔබ එතැනට සුදුසු යි

කවර අභියෝගයක් හමුවේ වුව ද නොසැලෙන ගුණැති වූ භික්ෂූන් වහන්සේ නමකගේ කතාවකි.

පුණ්ණ තෙරණුවෝ බවුන් වඩමින් සසුන් බඹසර සපුරාගැනීමට දිවා-රෑ උත්සුක වූ හ; එහෙත් සිත එකඟ කරගැනීමට අසමත් වූවෝ ය.

දිනක් බුදුරදුන් වෙත සපැමිණි පුණ්ණ තෙරපාණෝ “ස්වාමීනි, සැවැත්නුවර සිට සිත එකඟ කරගැනීමට දිරි දැරීමි; එහෙත් අසමත් වීමි; සුණාපරන්ත දනව්වට යෑමට සිත් විය. මා හට අනුකම්පා කොට, කෙටි අනුසාසනයක් වදාරන්නේ නම් මැනවි” යි අයැද සිටියහ.

“පුණ්ණ, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන ඉඳුරන් සදෙන හා ඒවායෙහි ගොදුරු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන අරමුණු හයත් සුඛ ලෙස පිළිගෙන ඒවායෙහි ඇලීම නිසා තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව නිසා දුක ඇති වෙනවා. ඉන්ද්‍රිය හා ඉන්ද්‍රියාර්ථවල නො ඇලීම නිසා තෘෂ්ණාව නැති වෙනවා. තෘෂ්ණාව නැති වීම නිසා දුක නැති වෙනවා” යි බුදු රජාණෝ කෙටි අවවාදයක් කොට, පුණ්ණ හිමිපාණන් සමඟ සාකච්ඡාවකට එළඹුණහ.

“පුණ්ණ, ඔබ කොහි වාසයට යෑමට ද අදහස කීවේ?”

“ස්වාමීනි, සුණාපරන්ත ජනපදයට ය.”

“පුණ්ණ, සුණාපරන්ත ජනපදේ මිනිස්සු සැඩ පරුෂ යි. ඔවුන් ඔබට බැණවැදුණොත් කොහොම ද?

“ස්වාමිනී, එවිට මට මෙහෙම හිතේවි: මේ මිනිස්සු නරක නෑ. මට අතින් පයින් පහර දෙන්නේ නැහැ නේ?”

“අතින් පයින් පහර දුන්නොත්?”

“ගල්මුල්වලින් පහර නොදෙන නිසා මේ අය හොඳයි.”

“ගල්මුල්වලින් පහර දුන්නොත්?”

“මේ මිනිස්සු බොහොම හොඳයි, දඬු-මුගුරුවලින් පහර දෙන්නේ නෑ නේ?”

“දඬු-මුගුරුවලින් පහර දුන්නොත්?”

“ආයුධවලින් පහර නොදෙන නිසා මේ මිනිස්සු බොහොම හොඳයි.”

“ආයුධවලින් පහර දුන්නොත්?”

“දරුණු ආයුධයකින් පහරා මරා නොදමන නිසා මේ මිනිස්සු බොහොම හොඳයි.”

“දරුණු ආයුධයකින් පහරා මරාදමාවි නම් කුමක් හිතේවි ද?”

“මට මෙහෙම හිතේවි: භාග්‍යවතුන් වහන්සේගේ ඇතැම් ශ්‍රාවකයෝ සිය දිවි හානි කරගැනීමට ආයුධ සොයති. මට එය නොසොයා ම ලැබුණා.”

“සාධු! සාධු!! සාධු!!! පුණ්ණ, ඔබට සුණාපරන්ත දනව්වේ වාසය කරන්න පුළුවනි,” යි බුදු පියාණෝ වදාළහ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: