Posted by: lrrp | December 1, 2012

පහන් පූජාවේ අනුසස්,

“දීපදෝ හෝති චක්ඛුදෝ” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑම පිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද

ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි. උපනුපන් තැන හොද ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමටද මෙය විශේෂ පින්කමකි.

අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළයුත්තේ කිමදැයි ඇසීය. “උපාසකය! එය සදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය”යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළ සත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවා ළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කෙලේය.

ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වා හිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටා සර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.
එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සෙගේ)


Responses

  1. මා මේ කරනුයේ මාගේ සිත් හි තැම්පත් දේ අසනවා විනා අන් යමක් නොවේ. සියළු ගිනි වලින් සිදුවන්නේ අවැඩක් බව බුද්ධ ධර්මයේ ඇතැයි මා ආසා ඇත. රාගය මෝහය ආදිය ගින්නක් ලෙස බුද්ධ ධර්මයේ සදහන් වන්නේති ඒවාගේ ගිනි ලෙස දක්වා ඇත්තේත් ගින්න යහපත් නොවන නිසා බවත් මා අසා ඇත. මේ ආකාරයට බලන කල පහන් සිලත් ගින්නකි. එය යහපත්ද?. චේතනාව මත එය යහපත් බවක් නම් කිව හැකි නමුත් ක්‍රියාව ගත් විට එය යහපත්ද?. යහපත් යැයි සිතා ලොව බිලියනය 7 කට අධික ජන ගහණය පුරා දින හතක් පහන් දහක් බැගින් වත් දැල්වුවහොත් කොතරම් අහිතකර වායු තොගයක් වායු ගෝලයට නිකුත් වන්නේ දැයි මා සිතමි. උත්තරය දශමයට නොදනිතත් එය අයහපත් බව මා දනිමි. අපි ඊට වඩා දේ වලින් අප පරිසරය කිලිටු කරන බවත් දනිමි. එහෙත් හේතුවක් නැතිව ගහක කොළයක් කඩන්නටත් ශික්ෂා පැනවු තැනක සිට ඇවිදිමේදි අතපය සොළවා ආත්මයන් දස දහස් ගණනක් දුරට තල්ලු කරන්නට එපා යැයි ශික්ෂාවක් ඇති තැනක සිට අසමි. පහන් පුජාව සුදුසු දැයි කියා.
    මා බුද්ධිය හෝ දැනීම නිසා අන්ධ වී ඇත්ද?
    මේ සැකය දුරු කර හැකි නම් ඔබට පින් යැ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: