Posted by: lrrp | December 18, 2012

ආදරේ වැඩි හින්දා එයාගෙ ඇඟට ඇතුළුවෙන්න බැරිවුණා

නිස් සිතේ වේගය ආලෝකය ගමන් ගන්නා වේගයත් ඉක්මවා සිටී. මිනිස් සිතේ වේගය කෙතරම්දැයි විද්‍යාඥයන්ට පවා තවමත් මැන ගැනීමට නොහැකිව ඇත. සියලු විශ්ව ශක්තීන් අබිබවා චිත්ත ශක්තිය ක්‍රියාත්මක වේ. මිනිසා විසින් මේ සිතට තදින් අල්ලා ගනු ලබන දේවල් “උපාදාන” නම් වේ. මේ “උපාදාන” හේතු කොට “භව“ ප්‍රත්‍ය වේ.

දිනක් පිඩු සිඟා වඩිමින් සිටි බුදුරජාණන් වෙත එළැඹි දාරමීරිය තෙමේ “ස්වාමීනි! මට නිර්වාණාවබෝධය සඳහා ඉක්මන් දහමක් දෙසන්නැයි ආයාචනා කළ විට ඔහුට මේ ගාථාව වදාළහ.

“දිට්ඨේව දිට්ඨ මත්තං භවිස්සති
සුතේ සුත මත්තං භවිස්සති
මුතේ මුත මත්තං භවිස්සති
විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති

යමක් දැක්කොත් එය දැකීමත් පමණැයි සිතා අත්හරින්න. (එය සිතින් අල්ලාගන්න එපා) යමක් ඇහුණොත් එය ඇසීමක් පමණකැයි සිතා අත්හරින්න. (එය සිතින් අල්ලාගන්න එපා) යමක් හැඟුණොත් එය හැඟීමක් පමණකැයි සිතා අත්හරින්න. (එය සිතින් අල්ලා ගන්න එපා) යම් විඤ්ඤාණයක් (සිතක්) පහළ වූ විට එය විඤ්ඤාණයක් පමණකැයි සිතා අත්හරින්න. (එය මනසට තදින් අල්ලාගන්න එපා)

තරහක්, වෛරයක්, ආශාවක්, ආදරයක්, තණ්හාවක් සිතට ඇති වූ විට ඒ සිතුවිල්ල තදින් සිතට අල්ලාගත හොත් එය සංස්කාර කොට ගෙන සංසාරය දිග්කැර ගනී. සුළු දෙයක් හෝ සිතට තදින් අල්ලා ගත්තොත් එය ඊළඟ භවයට ද හේතු වී බලපායි.

සුමනපාල මාතර ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික බැංකු නිලධාරියෙකි. දැනට හැත්තෑ වැනි වියේ පසු වෙයි. දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. කලින් හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිව සිට බිරිය වජිරා මිය යෑම නිසා මාතර පදිංචි ලොකු දුවගේ නිවසේ පදිංචියට සුමනපාල ද ආවේය. ලොකු දුවත්, බෑණාත්, ඔවුන්ගේ කුඩා දරු දෙදෙනාත් සුමනපාලත් එහි ජීවත්වූහ. කුඩා දරු දෙදෙනාගෙන් වැඩිමලාට වයස අවුරුදු පහකි. බාලයාට වයස අවුරුදු දෙකකි.

සුමනපාල මේ ගෙදර පදිංචියට ආවාට පසු එහි බොහෝ වෙනස්කම් දකින්නට ලැබුණි. නිවැසියන් හීනෙන් බිය වී අවදි වීම්, අද්භූත ශබ්ද, යමෙක් නිවසේ ඇවිදින බව පය ඇතිල්ලෙන හඬ, පුටුවල යමෙක් හිඳගන්නා හඬ ඇසෙන්නට විය. කුඩා දරු දෙදෙනා පී‍්‍රතියෙන් හිනැහෙන අවස්ථා බොහෝය.

හිනාවෙන්නේ කා සමඟදැයි දරු දෙදෙනාගෙන් ඇසූ විට ලස්සන ආච්චි අම්මා කෙනෙකු තමන් සමඟ හිනැහෙන බවත් ඒ නිසා ඒ ආච්චි අම්මා සමඟ හිනැහෙන බව දරුවෝ කියති. සමහර වෙලාවට ඒ ආච්චි අම්මා තමන් සමඟ සෙල්ලම් කරන බව ද දරුවෝ කියති.

නිතර නිතර හීනෙන් බය වීම නිසා හරි හැටි නින්දක් නොලැබ පීඩා විඳිමින්, අද්භූත ශබ්ද ඇසීමත් නිසා සුමනපාල ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ආවේය. සුමනපාලට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව ගවේෂකවරයාට පැහැදිලිව වැටහුණ නමුත් ඒ භූතාත්මය ඔහුගේ ශරීරයට ආවිශ්ට නොවීය. පහළ මට්ටමේ දුර්වල භූතාත්මයක් නිසා ශරීර ගතවීමට ශක්තියක් නැතැයි සිතූ ගවේෂක වරයා සුමනපාලට ගමේ පන්සලේ බෝධි පූජා විසි එකක් තබා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය. නැවත පැමිණෙන විට දියණියත් බෑණාත් සමඟ එන ලෙස ද ඔහුට කීවේය.

දින විසි එකෙන් පසු සුමනපාල සිය දියණියන් බෑණත් සමඟ ආවේය. බෑණා සුමුදු ය. සුමුදු සිවිල් ඉංජිනේරුවරයෙකි. ඔහු භූතයන් පිළිබඳ ඒ තරම් පිළිගත් කෙනෙකු ද නොවීය. එහෙත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ඇතුළු වූ මොහොතේ පටන් සුමුදු වෙව්ලන්නට ගැහෙන්නට වූයේය. ගුප්ත ගවේෂකවරයා ඔහුට ප්‍රලය වී සිටින භූතාත්මය සමඟ කතා කරන්නට පටන් ගත්තේය.

“කව්ද මේ ශරීරයට සම්බන්ධ වී සිටින්නෙ?”

“මම වජිරා”

“කව්ද වජිරා කියන්නෙ?”

“මම සුමනපාලගෙ නෝනා”

“වජිරාට මොකද වුණේ?”

“මම පිළිකාවක් හැදිලා මැරුණේ?”

“මැරිලා කොහේද ගියේ?”

“කොහේවත් ගියේ නෑ. ගෙදරමයි හිටියේ. සුමනපාල දුවගෙ ගෙදරට එනකොට එයා එක්ක මාතර දුවගෙ ගෙදරට ආවා.”

“ඉතින් ඇයි සුමනපාලගෙ ශරීරයට ඇතුළු නොවෙන්නෙ?”

“මම උත්සාහ කළා. ඒත් බැරිවුණා. සුමුදු පුතාගෙ ඇඟට ඇතුළු වෙන්න පුළුවන් වුණා.”

“වජිරා මේ ශරීරවලට ඇතුළු වී කියන්න උත්සාහ කරන්නේ මොකක්ද?”

“මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සුමනපාල එක්ක මගේ පුංචි තරහක් තිබුණා. දැන් ඒ තරහ ටික ටික අඩුවෙලා ගිහින්. ඒත් ඒ ගැන කියාගන්න ඕනැ.”

“මම හරි ම ලස්සනයි. අපිට හිටියේ දූලා දෙන්නා විතරයි. අපි කලින් ම ඛ්ඹ්ටියේ නුවර. ඒ ගෙවල් දොරවල් විකුණලා පදිංචියට හම්බන්තොටට ගියා. සුමනපාලට ආවේණික ගතියක් තිබුණා. ඒ නිසා අපේ මත ගැටුමක් තිබුණා.”

“ඒ මොකක්ද?”

“සුමනපාලට හිටියේ පිරිමි සහෝදරයෝ විතරයි. එයා හැදිලා තියෙන්නේ පිරිමි එක්ක ම යි. එයා වැඩි පුර ආශ්‍රය කළෙත් පිරිමි ම යි. ඒ වුණාට මටත් ආදරෙයි. මම පිරිමියෙක් එක්ක කතා කරනවාටත් එයා අකමැතියි. ඒක එයා ගේ ස්වභාවය”

“ඉතින් දැන් තියෙන ප්‍රශ්නය මොකක්ද?”

“මම ලස්සන නිසා මෙයාට සැකයක් තිබුණා. සුමනපාල ඉතා ම රහසෙන්, කාටවත් නෑහෙන්න, දූල දෙන්නටවත් නෑහෙන්න මගෙන් අහනවා ඔයා අසවලා එක්ක සම්බන්ධකම් පවත්වනව නේද?” කියලා. මම හීනෙකින්වත් නොහිතපු දේවල්. එහෙම ඇහුවා ම මගේ බඩ පපුව පිච්චෙනවා. විශාල ගින්දරක් ඇති වෙනවා. ගිනි අඟුරක් ආහාර මාර්ගය දිගේ ගමන් කරනවා වගේ දැනෙනවා. ඒ ගින්න මැද ජීවත්වෙන කොට අපෙන් දවසක් අහනවා තවත් කෙනෙක් ගැන සැක කරලා ඔයා අසවලත් එක්ක සම්බන්ධකම් පවත්වනවා නේද?” කියලා. මෙහෙම අහන අහන වතාවක් ගණනෙ, ඒ වගේ ම මේ අසත්‍ය චෝදනාව මතක් වෙන මොහොතක් ගණනෙ මගේ බඩ පපුව පිච්චිලා ගියා. ඒ ගින්න සම්පූර්ණයෙන් තිබුණෙ නෑ. නිතර නිතර දැනුණා. මට දැන් හිතෙනවා මම අසනීප වුණේ ඒකයි කියලා. මගේ පිළිකාව හැදුණේ ආහාර මාර්ගයේ. ඒ සැකකර කියපු කතා මතක් වෙන කොට මුළු ආහාර මාර්ගය පුරාම පිළිකාවත් එක්ක දැවිල්ලක් හටගත්තා. අපි ආශ්‍රය කරපු නෑදෑ හිතවත් පිරිමි අතරින් සුමනපාල මා ගැන සැක කළ පිරිමි දැක්කමත් ඒ පිච්චෙන දැවිල්ල දැනුණා. අන්තිමට මට ආහාර ගන්න බැරුව ගියා. මැරෙන මොහොතේ ඒ තරහව මතුවුණා.”

“වෙන මොනවද හිතුණේ?”

“වෙන කිසි දෙයක් හිතුණෙ නෑ. මේ තරහව විතරයි තිබුණේ. ඒ වුණත් මම සුමනපාලට තිබුණු ආදරය අඩුවුණේ නෑ. සුමනපාලත් මට ආදරය අඩු කළේ නෑ. ඒ ආදරේ නිසා වෙන්න ඇති එයාගෙ ශරීරයට ඇතුළු වෙන්න බැරිවුණේ. දැන් අවුරුදු දෙකක ඉඳලා ඒ තරහව ටිකෙන් ටික අඩුවුණා. ඒත් මේ කතාව කියලා හිත නිදහස් කැර ගන්න මට වුවමනාව තිබුණා.”

“හොඳයි දැන් කිව්වානෙ. ඒක මේ සුමනපාල මහත්තයත් ළඟ ඉඳගෙන අහගෙන හිටියා. ඒ විතරක් නොවෙයි ඔයාගෙ ඔය කතාව ලෝකයට ම හොඳ ආදර්ශයක්, පාඩමක්. මේ දෙය ලෝකයට අනාවරණය කිරීමෙන් වජිරා ලොකු කුසලයක් සිදු කර ගත්තා” යැයි ගවේෂකවරයා කීවේය.

“ඔව් මහත්මයා. මේ වගේ මානසික වේදනාවලින් කොයිතරම් අය රෝගී වෙනවා ඇත්ද? අන්තිමට ලෙඩේ හැදෙන්න හේතුවවත් දන්නේ නෑ. ඒ නිසා මේ වගේ රෝගීන්ට මානසික සුවය ලබා දී හිතට සහනය ලබා දෙනවා නම් ලොකු පිනක්. මේ කතාවල් ප්‍රසිද්ධ කිරීම නිසා සමාජය දැනුවත් වෙනවා. ඒක මහත්මයාටත් මේ මධ්‍යස්ථානයට සම්බන්ධ හැම දෙනාටමත් විශාල පිනක්. ඒ විතරක් නොවෙයි මේ කතා පත්තරේට ලියන අයටත්, පළ කරවන කර්තෘ මණ්ඩලවල අයටත් ඒ පින කුසලය ඉබේ ම ලැබෙනවා. මේ වත් පිළිවෙත්වලින් නිදහස් වෙලා ඉහළ තත්ත්වයට පත්වෙන පේ‍්‍රත ජීවීන් ආශිර්වාද කරනවා. පින් දෙනවා. මහත්තයලා දන්නෙත් නැතුව ඇති ඒ අය ආශීර්වාද කරන බව.

“හොඳයි හොඳයි ඒක දැනුවත් කළ එකත් ඔබටත් පිනක්. කුසලයක්. අපේ පිළිවෙත්වලින් සුවපත් වී පේ‍්‍රතාත්ම භාවයෙන් මිදී ඉහළට යන අය මටත් පත්තරේ මහත්වරුන්ටත් පින් දෙන බව ඔබ දන්නේ කොහොම ද?

“මහත්තයා අර මිදුලේ ඉන්න ලෙඩුන් එක්ක ඇවිත් ඉන්න භූතාත්ම ඒවා කතා වෙනවා. සමහර පේ‍්‍රතයෝ ඒ ලෙඩුන් අතහැර යන්න කැමති නෑ. සමහර අය කැමතියි. ඔය බෝධි පූජා අවසන් කර එන රෝගීන් ළඟ ඉන්න පේ‍්‍රතයෝ කතා වෙනවා. ඉස්සර මෙතනට ආපු පේ‍්‍රතයෝ පේ‍්‍රතාත්මවලින් නිදහස් වෙලා දැන් ඉහළට ගිහින් ය කියලා. මේ අයත් කියනවා. අවුරුදු දහස් ගණන් හරියට කෑමත් බීමක් නැතුව මිනිසුන්ගෙ ජරාව කකා ඉන්නවාට වඩා ඉහළට යන්න ඒ අයත් කැමැත්තෙන් ඉන්නවා.”

“ඒ අය වචනවලින් ද කතා කරන්නෙ?”

“නෑ ඒ අයගේ සිතේ අදහස් පහළ වෙනකොට අපට ඒවා දැනෙනවා. අපට වචනවලින් කතා කරන්න පුළුවන් මිනිසුන්ගේ ඇඟට ඇතුළු වුණොත් විතරයි. ඉඳහිට බොහෝ ම කලාතුරකින් අඬන සද්ද, කතා කරන සද්ද, කනට කර රහසෙන් කියන්න පුළුවන් අයත් ඉන්නවලු. මට නම් මුණ ගැහිලා නෑ ඒ වගේ අය.”

“හොඳයි දැන් වජිරාගේ හිත නිදහස්නෙ. බලන්න මේ වැඩකට නැති හිතලූ කතාවක් නිසා ජීවිතයක් නැති වුණා. ඔන්න ඔය ටික තමයි බුදු හාමුදුරුවෝ කාලාම සූත්‍රයෙන් දේශනා කළේ. අනුන් කීවාට කිසිම දෙයක් පිළිගන්න එපා. විශ්වාස කරන්න එපා. තමන්ගෙම ඇස් දෙකෙන් දැක්කොත් කන් දෙකෙන් ඇහුවොත් ඒකත් නුවණින් ම හිතලා ම පිළිගන්න කියලා. දැන් සුමනපාල මහත්තයාට තේරෙනව ද නිකම් කනට කරල අහපු රහස් කතාවෙන් තමන්ගෙ ආදරණීය බිරිය අහිමි වුණ බව“ යැයි ගවේෂකවරයා සුමනපාල ගෙන් ඇසීය.

“ඔව්! මහත්මයා! මම නිකම් හිතෙන් සැකයක් හදාගෙන රහසෙන් අහපු දෙයින් මට වජිරා නැති වුණා. වජිරා ඔයාගෙ අතේ කිසිම වරදක් නෑ. මමයි වරද කාරයා. මට සමාව දෙන්න වජිරා” යි සුමනපාල කඳුළු පිරි දෙනෙතින් පැවසීය.

“මම ඔයා එක්ක දැන් තරහක් නෑ. මම ආයෙත් ඔයාට කරදර කරන්නෙ නෑ”

“හොඳයි දැන් මහත්තයලා යන්න. ගිහින් සාංඝික දානයක් දීලා නැවතත් එන්න. ඒ සාංඝික දානය හාමුදුරුවරු ගෙදරට වඩම්මලා දෙන්න ඕනෑ. වජිරා ඹ්වත්ව සිටියදී කෑමට පි‍්‍රය දේවලුත් ඒ දානයට දෙන්න. වජිරාගෙ පවුලේ ඥාතීනුත් ඒ දානයට සහභාගි කරවා ගන්න. වජිරාගෙ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කරන්න” යැයි ද ගවේෂකවරයා උපදෙස් දුන්නේය.

සාංඝික දානය පිරිනමා සුමනපාල දුවත් බෑණත් සමඟ නැවතත් ආවේය. එදින ද වජිරා සුමුදුට ආවිශ්ට වූවාය.

“ආ… දැන් කොහොම ද?”

“දැන් හොඳයි මහත්තයා. දැන් මගේ හිතේ කිසිම කහටක් නෑ. සුමනපාලයි දූලා පුතාලයි හොඳට දානෙ කටයුතු ටිකත් කළා. මම විතරක් නොවෙයි ඒ පින්කමෙන් දහස් ගණනක් මළගිය සංසාරික ඥාතීන් සුවපත් වුණා” යි භූතාත්මය පැවසුවාය.

“හොඳයි දැන් ගෙදරින් ඉවත්වෙලා යන්න කැමති ද?”

“ඔව් මහත්තයා”

“එහෙනම් වජිරා වශයෙන් ජීවත්වෙද්දී ළමා කාලයේ පටන් ම සිදු කළ පින් දහම් සිහිපත් කරගන්න. දහම් පාසල් ගියා. මල් පහන් පූජා කළා. සිල් සමාදන් වුණා. මව් පිය වැඩිහිටියනට උදව් උපකාර කළා. සාත්තු සප්පායම් කළා. බිරියක් වශයෙන් ස්වාමියාට යුතුකම් කළා. දූලා දෙන්නට ඉගැන්නුවා. පන්සලට දන් දුන්නා. දුප්පතුන්ට ආහාර පාන දුන්නා. මේවා සිහිපත් කරන්න.”

“සාදු… සාදු… සාදු…”

“ඔව් මහත්මයා මං දැන් යනවා යන්න”

“කොහේට ද යන්නෙ?”

“මම විශේෂ තැනකට යනවා”

“මොකක්ද ඒ විශේෂ තැන?”

“මහනුවර නාථ දේවාලය”

“හොඳයි හොඳයි”

“මහත්මයාටත් හැම දෙනාටත් පින් සිදු වේවා. මහත්තයා මට තවත් උදව්වක් කරන්න”

“ඒ මොකක්ද?”

“තමන්ගෙ බිරියව හේතු රහිතව සැක කරන පිරිමින්ටත්, තමන්ගෙ ස්වාමි පුරුෂයාව හේතු රහිතව සැක කරන ගැහැනුන්ටත් ආදර්ශයක් වශයෙන් මේ කතාවත් පත්තරේට ලියන්න කියන්න. මම එහෙම කියන්නෙ මමත් පත්තරේකට සම්බන්ධව හිටපු කෙනෙක්.

“ආ… ඇත්ත ද? හොඳයි හොඳයි”


Responses

  1. ස්තූතිය මේ දේවල් පල කිරීම ගැන


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: