Posted by: lrrp | January 30, 2013

කිරි පුතේ උඹට මා මතක ද මං උඹේ ආච්චි අම්මා

කෙනෙකුට ලෙඩක් දුකක් කරදරයක් එළැඹි විට වෛද්‍යවරුන් කරා යෑම සිරිතකි. වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලබන විට වත් පිළිවෙත් ගුප්ත විද්‍යා ශාස්ත්‍රවල පිහිට පතති. මේ ඉතා ම නුවණින් කළ යුතු දෙයකි. මෙවැනි අවස්ථාවල සමීප ඥාතීන්ගේ ද අසල්වැසියන්ගේ ද උපදෙස් ලැබෙන්නේ අසවලා හොඳ ය අසවලා දක්ෂ ය ඔහු ළඟට ගොස් පේනයක්වත් අසා බලන්න ය යනුවෙනි.

එසේ යන තැන්වල දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියනු ලැබේ යැයි දැන්වීම් පුවරු තිබුණ ද දෙවියන්ගේ පින්තූර එල්ලා තිබුණ ද එහි පේන කියන්නේ ඥාතිප්‍රේතයෙකු ගේ උදව්වෙනි, ඊළඟට වැඩි උපදෙස් ගන්නේ එතැන වැඩ කරන කපුවාගෙනි, ඇදුරාගෙනි, ඒ අය බලන්නේ වැඩේ වවාගෙන කන්නට ය. ඔවුන්ගේ කපටි සූත්තරකම් වලට වඩාත් අහුවෙන්නේ කාන්තාවෝ ම ය. කාන්තාවන් හසරක් නැතිව සිදු කරන මේ වැඩවලින් බැට කන්නේ බොහෝ විට ස්වාමි පුරුෂයෝ ය.

කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ සාමා පනස් දෙහැවිරිදි විවාහක කාන්තාවකි. ඇගේ සැමියා පියල් විදේශ ගත රැකියාවක යෙදී සිටියේය. සාමාගේ ශරීරය අස්වාභාවික අන්දමින් ඉදිමෙන්නට විය. පියල් ද ලංකාවට ආවේ ය.

වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවයක් නොලැබුණු අතර ඇයට රෝගයක් නැතැයි වෛද්‍ය පරීක්ෂණවලින් නිගමනය විය. ඉන් පසු මේ අසනීපය අමනුෂ්‍ය දෝෂයකැයි තීරණයකට බැස ඇදුරන් ලවා තොවිල් කරවන්නට විය. “මේ වගේ දේවල් ද අපි සනීප කැර තියෙන්නේ” යි පාරම්බාමින් ඇදුරන් අඟුරු දුම්මල පිච්චුවත් සාමාට සුවයක් නම් නොවීය. ඒ ඇදුරාගෙන් බැරි වූ තැන මේ ඇදුරා නම් හොඳයැයි තවත් ඇදුරෙකු ලවා තවත් තොවිලයක් නැටුවත් සාමාට ලැබුණු සුවයක් නම් නොවීය. මෙවැනි තොවිල් අටක් ම නැටුවත් එයින් සිදු වුණේ පියල් දුක් මහන්සියෙන් උපයා ගෙන ආ මුදල දිය වී යෑම පමණි.

“සිළුමිණ” පාඨකයෙකු වූ පියල් “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගයට අනුව ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා සාමා කැඳවාගෙන ගියේය. එහි දී සාමා ප්‍රලය වූවාය.

“කව්ද මේ?”

“අම්මා”

“කාගෙ අම්මා ද?”

“මේ පියල්ගෙ අම්මා. විමලාවතී. මූ කාලකණ්ණියා, තාත්තට සැලකුවේ නෑ. තාත්තගෙ ලෙඩට දුකට බැලුවේ නෑ. ඉඩම් ටික වික්කා. විකුණගෙන කෑවා. මම මැරුණෙත් මේ ගැන දුකෙන්මයි.

“ඉතින් එහෙම නම් පුතාගෙ ඇඟට රිංගන්න එපායැ. ඇයි මේ සාමාගෙ ඇඟට රිංගන්නෙ.”

“ඉතින් මට එන්න පුළුවන් මේ දූගෙ ශරීරයටනෙ. ඒ නිසා ආවා.”

සාමාගේ ශරීරය වටා ඇති ශක්ති කිරණ වළල්ල ඉතා දුර්වල බවත්, එයින් රිංගා ගත් තවත් පේ‍්‍රත ජීවීන් සිටින බවත් දුටු ගවේෂකවරයා විමලාවතීගේ භූතාත්මය ශරීරයෙන් ඉවත් කළේය. ඒ සමඟ තවත් පේ‍්‍රත ජීවියෙකු ආවිෂ්ට වූයේය.

“මේ කව්ද?”

“ආච්චි අම්මා. කිරි පුතාගෙ ආච්චි අම්මා.”

“නම මොකක්ද?”

“ඇසිලින් නෝනා”

“ඇසිලින් නෝනා කවදද මළේ?”

“1949. එතකොට කිරි පුතාට (පියල්ට) වයස අවුරුදු දෙකයි. කිරි පුතේ උඹට මාව මතක ද? උඹව මම වඩාගෙන හිටියා. හුරතල් කළා. මම මූට කරදර කරන්නේ නෑ. ඒ වුණාට මූ හරකා. ඉඩම් ටික විකුණගෙන බිව්වා. බැරි තැන රට ගියා.”

ගවේෂකවරයා ඇසිලින් නෝනාගේ භූතාත්මය ද සාමාගේ ශරීරයෙන් ඉවත් කළේය. තවත් පේ‍්‍රත ජීවියෙක් ආවිෂ්ට වූයේය.

“ඒ පාර මේ කව්ද?”

“නංගී, සීතා”

“කාගෙ නංගි ද?”

“මේ පියල් මගේ අයියා”

“මොනවා වෙලා ද මළේ?”

“හෘදයාබාධයකින්. මම මැරුණේ 2006 යේ හිටි හැටියේ. අනේ! මගේ දරුවො තුන් දෙනා…” යි අඬන්නට වූවාය. සීතාගේ භූතාත්මය ද ඉවත් කළේය. ඊළඟට තවත් කෙනෙකු ඉදිරිපත් විය.

“කව්ද ඒ සැරේ ආවේ?”

“ආච්චිගෙ තාත්තා සුගතං”

“අප්පේ!… කොයි කාලෙ ද මළේ?”

“1920”

“ඇයි මේ ශරීරයට කාණ්ඩයක්ම රිංගුවේ?”

“මුන් 2007 ගෙවල් ආරක්ෂාවට බහිරව පූජාවක් තිබ්බා. ඒ ඇදුරා මහා මනමාලයා. එදා මේ කෙල්ලව ආවේෂ කළා. උගේ ගුරුකම්වලින් මේ කෙල්ලගෙ ශරීරය වටා තිබුණු ශක්ති වළල්ල ගිලිහුණා. පළුදු වුණා. ඒක හරියට ආරක්ෂාවට බැඳපු වැටක් කැඩුවා වගේ වුණා. ශක්ති වළල්ල බිඳ වැටුණා ම එදා එතැන හිටපු අපි ;ම් ශරීරයට රිංගා ගත්තා.”

සාමාගේ ශක්ති වළල්ල (ඕරා) දුර්වල බැවින් දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස දැනුම් දුන්නේ ය. බෝධි පූජා පවත්වා සාමා නැවතත් පැමිණියා ය. එදින ද ඇසිලින් නෝනා ආවිෂ්ට වූවාය.

“කව්ද මේ?”

“ආච්චි”

“ආච්චි මොකද මේ මිණිබිරීගෙ ඇඟට වෙලා හරිහැර කරන්නෙ?”

“මම හිරිහැර කරන්නේ නෑ. අනිත් අය මේ ශරීරයට ඇතුළු වෙන කොට මමත් ආදරේට ඇතුළු වුණා. මම පිටවෙලා යන්නත් කැමතියි. අනේ! පුතේ! මාව දළදා මාලිගාවට යවන්න.”

“බෑ… බෑ… අනුරාධපුරයට යවන්නම්”

“හොඳයි… හොඳයි… අනුසාජපුලෙත් හොඳයි පුතේ” මම අනුසාජපුලේ ගිහින් තියෙන්නෙත් එක ම එක දවසයි. මට එහේ ගියොත් සිරිමා බෝ රජ්ජුරුවන් හැම දාම වැඳගන්න පුළුවන්.”

පූජා වට්ටියක් ගෙන්වා පේ‍්‍රත ජීවියා ඊට බන්ධනය කොට අනුරාධපුරයට යැව්වේය. ඊළඟ දිනයේ විමලාවතීගේ පේ‍්‍රතාත්මය ඇගේ කැමැත්ත ද ඇතිව නවගමුව පත්තිනි දේවාල භූමියට යැව්වේය. ඉන් පසුව නංගී ගේ භූතාත්මය ප්‍රලය වූවාය.

“මට නම් යන්න කියන්න එපා. මම යන්නෙ නෑ. මට යන්න බෑ” යැයි කලබල කරන්නට වූවාය. ඇය දරුණු ලෙස හැසිරුණු බැවින් ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කළේය.

“පිච්චෙනවා. පිච්චෙනවා. දැවිල්ලයි”

“එහෙනම් පිටවෙලා යනව ද?”

“මොනවා කළත් යන්නෙ නම් නෑ”

ශක්ති කිරණ මඟින් සාමාට ආරක්ෂා පිහිටුවා පේ‍්‍රත ජීවියාට තහංචි පනවා පන්නා දැම්මේය. ඊළඟට ආච්චිගෙ තාත්තා (සුගතං) ගේ භූතාත්මය ගත්තේය.

“තමුනුත් කරදර නොකර යනව ද?”

“මම කොහේට ද යන්නෙ?”

“පූජ්‍ය ස්ථානයකට යන්න”

“අනේ! මට පූජ්‍යස්ථාන මතක නෑ. සිහියට නගන්න බෑ.”

“ශ්‍රී පාදස්ථානය”

සිරී පාදෙ නම් මතකයි. අග්ගල කං ඩෝං පුතා… හෙලේ නගිං… ඩෝං… පුතා… යන්නං යන්නං. මම සිරීපාද අඩවියට යන්නං” අඩවි භාර දෙවියන්ගෙන් අවසර ගෙන ඒ පේ‍්‍රත ජීවියාට සමනළ අඩවියට යැව්වේය.

සියලු පේ‍්‍රත ජීවින් ඉවත් කළ විට සාමාගේ ගතටත් සිතටත් සැහැල්ලුවක් දැනුණි. ඇය සතුටු සිතින් පියල් සමඟ යන්නට ගියාය.

එදින රාත්‍රියේ සාමා නැවතත් හඬමින් ගවේෂකවරයාට දුරකථනයෙන් කතා කළාය. තමන්ගේ ශරීරය ගැහෙන්නට වූ බවත් කවුදෝ කෙනෙක් ඇගේ ශරීරයට ඇතුළු වූ බවත් කීවාය. ගවේෂකවරයා ඇයට ආධ්‍යාත්මීය ශක්තියෙන් ආරක්ෂා විධි පනවා ඊළඟ ඉරිදා පැමිණෙන ලෙස කීවේය.

ඒ අනුව සාමා පියල් සමඟ ඊළඟ ඉරිදා නැවත ආවාය. සාමා ප්‍රලය වූවාය.

“කව්ද මේ?”

“මම සුමනසිරි”

“කව්ද සුමනසිරි කියන්නෙ?”

“….” (නිහඬය)

“සුමනසිරි කියන්නේ කව්දැ”යි ගවේෂකවරයා පියල්ගෙන් ඇසීය. සුමනසිරි ඇදුරෙක් බවත්, සාමාට අවසන් වරට තොවිලය කළේ ඔහු බවත් පියල් විස්තර කළේය. නැවත භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.

“තමුන් මොකද මේ ශරීරයට රිංගුවේ?”

“මම මේකිට ආසයි. පියල් රට ගියාම මම මේකිව යාළු කර ගන්න වශී ගුරුකමක් කළා. ඒක හරි ගියේ නෑ. මම මේකිව යාළුකර ගන්න කොයි තරම් උත්සාහ කළත් හරි ගියේ නෑ. මම මේකි ගැන ආසාවට ම හිතේ අමාරුවෙන් ඉඳලා මළා.”

“මොනවා වෙලා ද මළේ?”

“බීල බීල ම මළා.”

“දැන් කොහේද තමන් ඉන්නෙ?”

“මේකිගෙ යටි බඩේ”

“ඇයි එතැන ඉන්නෙ?”

“ආසාවට. මම එතැනට ආසයි”

“තමුන් දැන් වහාම මේ ශරීරයෙන් පිටවෙලා යන්න ඕනෑ.”

“මම එහෙම යන්නේ නෑ. මමත් හොඳ වැඩ කාරයෙක්. මා එක්ක හැපෙන්න එන්න එපා.”

“හොඳයි මම තමුන්ට කරදර කරන්නේ නෑ. හැබැයි විනාඩි දහයක් දෙනවා. කරුණාකරල පිටවෙලා යන්න ඕනෑ.”

“මම යන්නෙ නෑ. පුළුවන් දෙයක් කෙරුවනම් බලන්න.”

“හිටපං මම උඹට මට පුළුවන් දේ කරන්නම්” යැයි ශක්ති කිරණ එල්ල කොට පිලිස්සුවේය.

“අනේ! එපා… එපා… සමාවෙන්න. මම යනවා… යනවා… මගේ සොහොනට යනවා. ආයෙත් නම් කිසි දවසක මෙයාට කරදර කරන්නේ නෑ” යි කියමින් භූතාත්මය ඉවත්ව ගියේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: