Posted by: lrrp | January 30, 2013

කෙල්ල මැරුණහම මං එයා මගෙ ළඟට ගත්තා

මිනිසා උපන් මොහොතේ සිට මරණය දක්වා ම නිරන්තරයෙන් ම සිදු කරනුයේ පංචේන්ද්‍රියයන් පිනවීම ය. ඊට එහා ගිය සය වැනි ඉන්ද්‍රියයක් ඇති බව සිතන්නේ ද නැත. පංචේන්ද්‍රියයන් පිනවීමෙන් සය වැනි ‘මනින්ද්‍රිය’ යම් ලෞකික තෘප්තියක් ලබන බව සැබෑ ය. එහෙත් “මිනිස්” බව ලැබීමේ ඉතා දුර්ලභ වූ අවස්ථාව සත්ත්වයාට ලැබෙනුයේ සිත (මනස) දියුණු කැර ගැනීම සඳහා ය. ආධ්‍යාත්මය දියුණු කැර ගැනීම සඳහා ය.

කාලත්‍රයාගෙන් එක් අයෙකු තරුණ වියේ දී ම ජීවිතයෙන් සමුගන්නා අවස්ථා බොහෝ ය. එවැනි ස්වාමි පුරුෂයෝ හෝ බිරින්දෑවරු ස්වකීය කාලය බොහෝ විට වැය කරනුයේ ගෙවල් දොරවල් ගොඩ නැඟීමට ය. ආර්ථිකය දියුණු කැර ගැනීමට ය. දූ දරුවන් පෝෂණය කොට දියුණු කැර වීමට ය. මෙවැනි දහසක් ලෞකික ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කැර ගැනීම සඳහා දිවා රෑ මනස මෙහෙයවන එවැන්නෝ මරණින් මතු ද ඒ ඒ ස්ථාන හා පුද්ගලයන් හා බැඳී සිටිති. එසේ මරණයට පත් පුද්ගලයන් පි‍්‍රය කරන දේ ජීවත්ව සිටින අය වෙතින් සිදුවන විට ඔවුහු සතුටු වෙති. අපි‍්‍රය කරන දේ සිදුවන විට අසතුටු වෙති.

එසේ අසතුටු වෙනවා පමණක් නොව ජීවත්වන අයගෙන් පළි ගැනීම සඳහා තමන් ගේ ශක්ති ප්‍රමාණයෙන් ක්‍රියාකාරකම්වල ද යෙදෙති. ජීවත්ව සිටිය දී ආධ්‍යාත්මය දියුණු කැර ගැනීම සඳහා “මනස” මෙහෙය වූ හෙවත් ලෝකයේ යථාර්ථය යම් තරමකින් හෝ අවබෝධ කැර ගැනීමට කටයුතු කැර ගෙන තිබුණේ නම් එසේ නොවෙති. මළගිය අය අමතක කැර දැමීම ද ඒ තරම් ගුණදායක කාරණයක් නොවේ.

ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ශි‍්‍රයානන්ද පනස් හැවිරිදි ගුරුවරයෙකි. ඔහු ගේ බිරිය ලංකා ය. මේ යුවළ දැනට විවාහ වී වසර නවයක් ගත වුව ද දරු සම්පතක් ලබා ගැනීමේ වාසනාව උදා වී නැත. මේ කාලය තුළ ලංකා අට වතාවක් ගැබ් ගත් නමුත් මාසයක දෙකක පමණ කාලය තුළ දරු ගැබ් විනාශ වී යෑමට ලක් වී ඇත. රුධිර ඌනතාවය නිසා මෙසේ සිදු වේ යැයි වෛද්‍යවරු ඇයට ප්‍රතිකාර කරති. මානසික ප්‍රශ්න නිසා එසේ සිදු වේ යැයි මනෝ වෛද්‍ය වරු ද ප්‍රතිකාර කරති. වසර නවයක් ගත වුවද කිසිදු සහනයක් ;නාවීය. “සිළුමිණ” පාඨකයන් වන මේ ගුරු යුවළ “පියවි ඇසින් ඔබ්බට” ගිය හේතුවක් වූ අමනුෂ්‍ය බල පෑමක් ක්‍රියාත්මක වේ දැයි සිතා ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියහ.

පළමු දින ගවේෂණයේ දී ලංකා දිෂ්ටි ගැන්වී වෙව්ලන්නට වූවාය. ඇගේ ශාරීරික හා මානසික දුර්වලතා නිසා අදහස් ප්‍රකාශ කරන්නට තරම් ශක්තියක් නො තිබුණි. ඒ නිසා ගවේෂකවරයා දින විසි එකක බෝධි පූජා මාලාවක් පවත්වා නැවත පැමිණෙන ලෙස ද, ඔවුන්ට අදාළ වන පරිදි පිළිවෙත් කීපයක් ද නියම කොට උපදෙස් දුන්නේ ය.

ඊළඟ නියමිත දිනයේ ද ඔවුහු පැමිණියහ. එදින ද ලංකා ප්‍රලය වූවා ය.

“කව්ද මේ ශරීරය තුළින් මතු වුණේ” යි ගවේෂකවරයා ප්‍රශ්න කළේ ය.

“මම මුන්ගෙන් පළිගන්න ආ කෙනෙක්” යැයි පේ‍්‍රත ජීවියා ගෙන් උත්තර ලැබුණි.

“හරි හරි මේ කව්ද කියලා කියන්නකෝ?”

“මම සමුද්‍රා”

“සමුද්‍රා… ලස්සන නමක්. ඉතින් සමුද්‍රා මේ ලංකා ගේ කව්ද?”

“ලංකා ගේ නොවෙයි. ශි‍්‍රයානන්දගේ කලින් බිරිය”

“සමුද්‍රා… මොනවා වෙලා ද මැරුණේ?”

“දරුවෙක් ලැබෙන්න ගිහින් ප්‍රෙෂර් එක වැඩිවෙලා”

“කොයි කාලෙ ද?”

“2000”

“එතකොට සමුද්‍රාට වයස කීය ද?”

“විසි අටයි”

“ඇයි ඉතිං සමුද්‍රා මේ වගේ දුගතිගාමී ආත්මයක ඉපදුණේ?”

“අනේ! මහත්තයා ලොකුවට පින්දහම් කරන්න නම් ඉඩක් ලැබුණේ නෑ. ඒත් මං කාටවත් වරදක් නැතුව ජීවත් වුණා. උදේ හවස ආගම දහම සිහිපත් කළා. ඒත් මගේ මනස අවුල් වුණා.”

“ඇයි මනස අවුල් වුණේ?”

“මෙයා මට සැලකුවේ නෑ. ඒ කාලෙත් මේ ලංකා එක්ක යාළුයි කියලත් ආරංචි වුණා. මා ගැන කිසිම සැලකිල්ලක් දැක් වූවේ නෑ.”

“මේ කියන කාරණා ඇත්ත දැ”යි ගවේෂකවරයා ශි‍්‍රයානන්දගෙන් ප්‍රශ්න කළේ ය.

“මහත්තයා, සමුද්‍රාට මානසික ලෙඩක් තිබුණා. විකාර කරන්න කියන්න පටන් ගත්තා. මට ජීවිතේ එපා වෙලයි හිටියේ” එයා දරුවා ලැබෙන්න ගිහින් මැරුණා.”

“සමුද්‍රා වෙනුවෙන් පින්දහම් කළේ නැද්ද?”

“කළා”

“කොළා… කොළා… නේන්නම් ලෝක චාරිතේ‍්‍රට කොළා. නොකර බැරි හින්දා. මම ඒ ඔක්කොට ම තොපෙන් පළි ගන්නවා” යි පේ‍්‍රත ජීවියා කේන්ති ගොස් කීවා ය.

“සමුද්‍රා… සමුද්‍රා තනියම ද ඉන්නෙ?”

“නෑ… ආච්චිත් එක්ක”

“අපි ආච්චිත් එක්කත් කතා කරමු ද? සමුද්‍රා මේ ශරීරයෙන් ඉවත් වෙලා ආච්චිට එන්න කියන්න”

සමුද්‍රාගේ ආච්චිගේ භූතාත්මය ලංකා ගේ ශරීරයට ආවාය.

“කව්ද මේ?”

“සමුද්‍රා දූගෙ ආච්චි”

“මොකක්ද නම?”

“මිසිලින්”

“ඇයි මේ මිසිලින් ආච්චි සමුද්‍රා දුවට එකතු වෙලා?”

“සමුද්‍රා මගේ දුවගෙ දුව. මගේ මිනිබිරී. මේ සමුද්‍රා පුංචි කාලෙ ඉඳලා හදා වඩා ගත්තේ මම. මෙයා මගේ මිනිබිරීට හරියට සැලකුවේ නෑ. කෙල්ල ඇඬු කඳුළෙන් ජීවත් වුණේ. ඒ වෙලාවට “අනේ! ආච්චියේ” කියලා ඇඬුවා. මම ඈත හිටියේ. ඒත් මගේ රත්තරං කෙල්ල “අනේ! ආච්චියේ” කියන කොට ම මට දැනුණා. මං ඇදිලා ආවා. කෙල්ලට ආදරේට යි ආවේ. ඇවිත් සමුද්‍රාගේ ඇඟට රිංගුවා. මම මූට බැන්නා. සාප කළා. මූ මේක අමනුෂ්‍ය දෝෂයක් බව නොදැන මේ කෙල්ලට මානසික ප්‍රතිකාර කළා. ඒවා කරන කොට කෙල්ලට පේ‍්‍රෂර් එක හැදුණා. ඒ වෙන කොට දුවට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. දරුවා ලැබෙන්න ඉස්පිරිතාලෙට ගියෙත් කෙල්ල අඬ අඬා. මූ හරියට සැලකිල්ලක් නොකළ නිසා. දරුවා ලැබෙන වේදනාවටත් කෙල්ල ඇඬුවේ “අනේ! ආච්චියේ” කියලා. අන්න මගේ වෙලාව ආවා. මම මගේ කෙල්ලව මගේ ළඟට ගත්තා.”

“ඉතින් කෝ ඒ දරුවා?”

“මතක නෑ”

“ඊට පස්සෙ මොකද කළේ?”

“ඊට පස්සෙ ද? හිඞ… හිඞ… හී… මුන්ගෙන් පළි ගත්තා. මූ අලුතෙන් ගෑනියෙක් ගෙනාවනෙ. මේ ලංකා. මගේ කෙල්ලගෙ බඩු මුට්ටු ගෙදර තිබුණේ. ඒවා පාවිච්චි කරන කොට අපි දෙන්නාට ම කේන්ති යනවා. මගේ කෙල්ලගෙ රත්තරං බඩු. අල්මාරි පුටු මේස. ඒවා ඔක්කොම ගොඩ නැගුවේ සමුද්‍රා දූගේ උත්සාහයෙන්. ඒවා හරියට මුන්ගේ දේවල් වගේ පාවිච්චි කළේ. අපි දෙන්නා ඒ තරහට පළිගන්න කටයුතු කළා.”

“මොනවද කළේ?”

“අසනීප කළා.”

“එතකොට ශි‍්‍රයානන්ද මොනව ද කළේ?”

“තොවිල් කළා. අපි දෙන්නව ඇදුරො ලව්වා බැඳලා මූදෙ දාන්න වැඩ කළා. මම දන්නවා මූයි කට්ටඩියි හැරෙන කොටම. මම කෙල්ලවත් අරගෙන පැනලා ගියා. කට්ටඩි මේ මෝඩයාව රවටලා “ඔන්න අපි බැන්දා. අපි මුහුදට ගිහින් දානවා” කියලා හිස් බෝතලයක් අරගෙන ගියා. මෙයාගෙන් සල්ලි කඩා ගත්තා. මූ රැවටුණා. අපිව බැඳල මූදෙ දාන්න වැඩ කළාම අපට තවත් තරහ ගියා. අපි ආයෙත් ආවා.”

“ඒ සැරේ මොකද කළේ?”

“මුන් ගේ කෑම උයපු හැටියේ අපි දෙන්නා කෑවා. කෑමවල රහ නැතුව ගියා මුන්ට. මුන් දන්නෙ නෑ අපි ඒවා කරන බව. මූ ගෑනිට බණිනවා රහට උයන්න බෑ කියලා. මේවා බල්ලෙකුටවත් කන්න බෑ කියලා.”

“වෙන මොනවද කළේ?”

මුන්ගෙ සල්ලි රත්තරං බඩු අතුරුදන් කළා.”

“අතුරුදන් කළා කිව්වේ?”

“තිබුණු තැන්වලින් අරන් ගියා”

“කොහේටද ගිහින් දැම්මේ?”

“ඒවා කියන්නෙ නෑ”

“කියන්න ඕනෑ. කියන්න ඕනෑ… මෙච්චර හොඳට සාකච්ඡා කළා. ඇයි මේ ගැන විතරක් නොකියන්නෙ? කියන්න. කොහෙට ද ගෙනිච්චේ?”

තරහට වීසි කළා. ඒ තැන් මතක නෑ” (එය බොරුවකි. සමහර විට ඥාතියෙකුට දෙන්නට ඇතැයි සිතිය හැකි ය.)

නැවත සමුද්‍රා ආවිශ්ට කළේ ය.

“සමුද්‍රා මොකද කියන්නෙ?”

“මමත් මුන්ගෙන් පළිගත්තා. දරු ගැබ් විනාශ කළා. පිළිසිඳ ගෙන මාසෙන් දෙකෙන් විනාශ කළා.”

“සමුද්‍රා… දැන් ඔය පළි ගත්තා ඇති. ඔය වැඩෙනුත් පළි ගන්නවා මිසක් ඔයාට යහපතක් වෙන්නෙ නෑ. තවත් දුක ම තමයි. සංසාරෙ දික් වෙනවා. සමුද්‍රාට පින්පෙත් දුන්නොත් යන්න කැමති නේද අයින් වෙලා?”

“ඔව් මහත්තයා ජීවත්වෙලා ඉන්දැද්දි පිනක් දහමක් කරගන්න ලැබුණෙත් නැහැනේ.”

නැවත මිසිලින් ආච්චි ආවිශ්ට කළේය.

“ආච්චිත් දැන් ඉතින් ඉවත් වෙලා යමු නේද?”

“බෑ… බෑ… මම නම් යන්නෙ නෑ”

“ඇයි බැරි?”

“මම මෙතන හුඟක් කල් හිටියා. මෙතැන අතහැරලා යන්න මම කැමති නෑ. මේ ලෝකෙ පුරාම අමනුස්සයෝ ඉතිරිලා පැතිරිලා ඉන්නේ. ඉන්න තැනක් නැතුව කන්න බොන්න නැතුව දුක් විඳිනවා. මෙහෙම තැනක් අහුවුණාම අපි යන්න කැමති නෑ.”

“එහෙම බෑ… හැම දා ම මෙහෙම පේ‍්‍රතයන් වී ඉන්නෙ මොකට ද?”

“බෑ… බෑ… මම යන්නෙ නෑ”

බැරිම තැන ගවේෂකවරයා ශක්ති කිරණ මඟින් දවන විට ඇය ද ඉවත්ව යන්නට කැමති වූවා ය.

හාමුදුරුවරු විසි නමක් නිවසට වඩම්මවා සාංඝික දානයක් අටපිරිකර දෙකක් සමඟ පිරිනමා මේ සමුද්‍රාගේත්, මිසිලින් ආච්චිගේත් නම සඳහන් කොට පින් අනුමෝදනා කරන ලෙස ශි‍්‍රයානන්දට උපදෙස් දුන්නේ ය.

ඒ පින් අනුමෝදන් වී මේ වෛරී සහගත බැඳීම අතහැර අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට ගොස් පිනට දහමට සම්බන්ධ වී බණ දහම් අසා උසස් තලයකට යෑමට පේ‍්‍රත ජීවින්ට මග පාදා දුන්නේ ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: