Posted by: lrrp | February 19, 2013

දුකසේ විඳින කර්ම විපාක – කණ්හ පේ‍්‍රත වස්තුව

තථාගතයන් වහන්සේ එක් දිනක් උදෑසන කාලයේ අද මම කාට නම් පිහිට වෙම්දෝ ලොව දෙස බැලුවා. එවිට මේ උපාසක තැනැත්තා දැක ඔහුට සෝවාන්වීමට තරම් පුණ්‍ය ශක්තියක් ඇති බවද දැන භික්ෂූන් වහන්සේ සමඟ පිණ්ඩපාතය කර පසුව සංඝයා වහන්සේලා ආරාමයට පිටත් කර යවා ආනන්ද හිමියන් සමග උන්වහන්සේ ඒ උපාසකතුමාගේ ගෙදරට වැඩම කළා. නිවැසියෝ උන්වහන්සේට ආසන පිළිවෙල කරවා වැඩ හිඳුවා උපාසකයා සමඟ ශාස්තෘන් වහන්සේ සමීපයට ආවා.

තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ එක්තරා පුතකු මළ උපාසකයෙක් අරභයා මෙම කණ්හ පේ‍්‍රතවස්තු දේශනාව වදාළ සේක. සැවැත්නුවර වාසය කළ එක් උපාසකයෙකුගේ පුතෙක් මියගියා. එම ශෝකය නිසාම ඔහු දිය නෑම ද ආහාර ගැනීම ද රැකියාවට යාම ද කළේ නෑ. බුද්ධ උපස්ථානය ද අමතක කළ ඔහු දිනපතා ‘මගේ පි‍්‍රය පුත්‍රයා මා හැර ගියා’ කියමින් හඬා වැලපුණා.

තථාගතයන් වහන්සේ එක් දිනක් උදෑසන කාලයේ අද මම කාට නම් පිහිට වෙම්දෝ ලොව දෙස බැලුවා. එවිට මේ උපාසක තැනැත්තා දැක ඔහුට සෝවාන්වීමට තරම් පුණ්‍ය ශක්තියක් ඇති බවද දැන භික්ෂූන් වහන්සේ සමඟ පිණ්ඩපාතය කර පසුව සංඝයා වහන්සේලා ආරාමයට පිටත් කර යවා ආනන්ද හිමියන් සමග උන්වහන්සේ ඒ උපාසකතුමාගේ ගෙදරට වැඩම කළා. නිවැසියෝ උන්වහන්සේට ආසන පිළිවෙල කරවා වැඩ හිඳුවා උපාසකයා සමඟ ශාස්තෘන් වහන්සේ සමීපයට ආවා.

භාග්‍යවතුන් වහන්සේ උපාසකයා දෙස බලා උපාසකය, මළ දරුවෙකු වෙනුවෙන් ඔබ ශෝක කරන්නේදැයි කියා අසා ඔහුගේ දුක තුනිවීම පිණිස අතීත කථාවක් ගෙනහැර දැක්වූවා.

පෙර කාලයේ “ද්වාරතී” නගරයේ දසබෑ රජ කෙනෙක් ජීවත්වූවා. වාසුදේව, බලදේව, චන්දදේව, සූරියදේව, අල්ලිදේව, වරුකදේව, අජ්ජුන, පජ්ජුන , ඝත පණ්ඩිත අඞකුර යන නම් වලින් මොහු හැඳින්වුවා. ඔවුන් අතුරෙන් වාසුදේව මහරජුගේ පුතා මිය ගියා. ඒ හේතුවෙන් රජු ශෝකයෙන් දැවුණා. සියලු කාර්යයන් අතහැර ඇඳමත ඇඳගිලි බැඳගෙන වාඩිවී විලාප කියමින් හඬා වැටුණා. සියලු කාර්යයන් අමතක කර මියගිය පුතා වෙනුවෙන් දුක් වුණා. එකට සිටි එක් පණ්ඩිතයෙක් ‘මට හැර වෙන කිසිවෙකුට මොහුගේ දුක තුනී කළ නොහැකි යයි සිතා එයට උපායක් යෙදුවා.

ඔහු එක් දිනක දී උමතු වෙසක් ගෙන ‘මට හාවෙකු දෙව, හාවෙකු දෙව‘ කියමින් අහස දෙස බලමින් මුළු නුවර පුරාම ගමන් කළා. මේ පණ්ඩිතතුමා උමතු වී යැයි මුළු නුවරම කලබල වුණා. එවිට “රෝහණෙය්‍ය” නම් ඇමැතියා වාසුදේව රජ සමීපයට ගොස් මෙසේ පවසා සිටියා.

වාසුදේව රජතුමනි, නැගිටිනු මැනවි. ඔබ නිදිමෙන් ඉඳීමෙන් කවර අර්ථයක් ද? මිය ගිය දරුවා වෙනුවෙන් හඬා වැටීම පසුතැවීමට හේතුවක් වේවි. ඔබගේ හදවත වැනි වූ දකුණු ඇස බඳු වු ස්වකීය පණ්ඩිත සහෝදරයා ගේ වාතය බලවත්ව ඇති හැඩයි. ඔහු හාවෙකු ඉල්ලමින් විලාප කියයි. වාසුදේවයනි නැගිටුනි මැනව. ඔබට පමණයි ඔහු මුදවාගත හැක්කේ යැයි කියා සිටියා.

වාසුදේව රජු ඒ ඇමැතියාගේ වචනය අසා සහෝදර කැක්කුමෙන් හිත දැඩිකොට වෙව්ලමින් නැගී සිටියා.

රජු නැගිට ගොස් පණ්ඩිත සහෝදරයාගේ අත්දෙක දැඩිකොට අල්ලාගෙන ඔහු සමග කතා කරමින් මෙසේ අසා සිටියා.

“ඔබ ඇයි? උන්මත්තක කෙනෙක් වගේ මේ මුළු ද්වාරවතී නගරය පුරාම ‘හාවෙක් හාවෙක්’ කිය කියා නන් දොඩවමින් යන්නේ. ඇත්තටම ඔබ හාවෙකුට කැමැති ද? රත්තරනින් හරි මැණික්වලින් හරි ලෝහවලින් හරි, එහෙමත් නැත්නම් රිදියෙන් හරි, සක් සිලපා පබළු ආදී දේකින් හරි මම ඔබට හාවෙක් හදවලා දෙන්නම්.

එහෙම නැත්නම් වනාන්තරවල වනයම ගොදුරු කොට ගෙන ඉන්න වෙනත් හාවොත් ඉන්නවා. ඔබට ඒ හාවුන් වුවත් ගෙනත් දෙන්නම්. මොනවගේ හාවෙකුට ද ඔබ කැමැති?

එවිට අර පණ්ඩිතතුමා කියනවා “කේසවති වාසුදේවයනි, යම් හාවුන් පොළොව ඇසුරු කරගෙන ඉන්නවා නම් මම ඒ හාවුන්ට කැමැති නැහැ. මම කැමැති සඳ මඬලේ ඉන්න හාවාටයි. මට ඒ හාවා අරගෙන එන්න”.

එවිට වාසුදේව ඇමැති පවසනවා ‘ ඔබ මේ සඳ මඬලින් හාවෙක් ඉල්ලන එක නම් නො පැතිය යුත්තක් මයි පතල තිබෙන්නේ. ඔබ මේ මධුර වූ ජීවිතය නිරපරාදේ අතහැර දාන්නටයි යන්නේ”

වාසුදේවය, ඔබ ඔය ආකාරයට අනුන්ට අනුශාසනා කර කර ඉන්නවා. නමුත් තමන්ගේ මිය ගිය පුතා වෙනුවෙන් අදත් ශෝක කර කර ඉන්නේ මොක ද?

මිනිසුන්ටත් දෙවියන්ටත් ලබාගන්ට බැරි යම් දෙයක් තියෙනවා. ‘මගේ උපන් පුතා මැරෙන්න එපා’ කියන ඔය කාරණාව තමයි ලබා ගන්නට බැරි දේ. එය කොහොම ලබන්නට ද?

වාසුදේව, ඔබ මේ මියගිය දරුවෙක් උදෙසා ශෝක කරනවා. නමුත් කිසි මන්තරයකින් ,මුල් බෙහෙතකින් වෙනත් ඔසුවලින් සල්ලිවලින් එයා ආපසු එක්ක එන්නට බැහැ.

මහා ධනවත් උදවිය, ‘මහා යෝග ඇති උදවිය’ ක්ෂත්‍රීය වූ රජවරු, තවත් බොහෝ ධන ධාන්‍ය ඇති උදවිය කවුරුත් අජරාමර උදවිය නොවේ.

ක්ෂත්‍රීය උදවිය ඉන්නවා. බ්‍රහ්මවරු ඉන්නවා. වෙළෙද ව්‍යාපාරිකයෝ ඉන්නවා. දාසි දස්සන් ඉන්නවා. චණ්ඩාල පුක්කුස කුලවල අය ඉන්නවා. තව නොයෙකුත් උදවිය ඉන්නවා. ඔබ කවුරුත් ඉපදීමෙන් අජරාමර වූ උදවිය නොවෙයි. අධිඨක, වාමක ආදී සෘෂිවරුන්ගේ පරම්පරාවෙන් ආපු සය වැදෑරුම් වේදමන්ත්‍ර පාඩම් කරන උදවිය ඉන්නවා. අනෙක් උදවියත් ඉන්නවා. ඔබ කවුරුත් ඒ ඇතිකර ගත්තු විද්‍යාවෙන් අජරාමර වන්නේ නැහැ.

ශාන්ත සෘෂිවරු ඉන්නවා. සීල සංවරයෙන් යුක්තයි. තපස් රකිනවා. ඒ තපස් වහන්සේලා කාලය ආවහාම ශරීරය අතහැර දානවා.

වඩනලද සිත් ඇති රහතන් වහන්සේලා ඉන්නවා. නිවන් මඟ සම්පූර්ණ කරලයි යන්නේ. ආස්‍රව රහිතයි. පින්පව් වල මේ ජීවිතය තුළම ගෙවා දමලා අන්තිමේදී මේ සිරුර බැහැර කරනවා.

එවිට වාසුදේව රජතුමා කියා සිටියා ගින්නකට ඉසින ගිතෙල් වගේ දුකෙන් ගිනිගත්තු මාව නිවිලා ගියා. වතුර ගහල නිවල දානවා වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවිලා ගියා. මගේ පපුව ඇතුලේ ඇනි ඇනී තිබුණ ශෝක හුල ඔබ උදුරලා දැම්මා. පුත්‍ර ශෝකය නිසා මම ගොඩාක් ශෝකයෙන් පෙලි පෙලී සිටියේ. ඔබ එය දුරු කළා. පින්වත, නුඹේ අවවාදය පිළිගෙන මම දැන් ශෝක හුල් උදුරා දැමූ කෙනෙක්. සිහිල් වුන කෙනෙක්. නිවුන කෙනෙක්. දැන් මම ශෝක වන්නේ නැහැ. හඬන්නේ නැහැ.

ලෝකයට අනුකම්පා කරන ප්‍රඥාවන්ත උදවිය ඔබ විදිහට කරනවා. ඝත පණ්ඩිතතුමා තමන්ගේ වැඩිමහල් සහෝදරයා ශෝකයෙන් එතෙර කෙරවූවා.

ඝත පණ්ඩිතතුමා තමන්ගේ වැඩිමහල් සහෝදරයා සෝක රහිත බවට පත්කළේ සුභාෂිතයෙන්මයි. යම් කෙනෙකුට ඔය විදිහේ ඇමැතිවරු ඉන්නවානම් පිරිවර සේනාව ඉන්නවානම් ඒ කෙනාට ඔය විදිහට යහපත වෙනවා.

තථාගතයන් වහන්සේ මේ දේශනාව ගෙනහැර දක්වා දේශනාව අවසන් කළා. දේශනාව අවසානයේ දී උපාසකතුමා සෝවන් වූවා.

කිරිබත්ගොඩ  ඤාණානන්ද හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: