Posted by: lrrp | February 19, 2013

දුකසේ විඳින කර්ම විපාක – ගෝන පේ‍්‍රත වස්තුව

තථාගතයන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කරන කාලයේ දී පියා මැරුණු එක් පුතෙකු උදෙසා මෙම දේශනාව වදාළා.

සැවැත්නුවර එක්තරා සිටුවරයකු මිය ගියා. ඔහුගේ පුතා පියාගේ මරණය නිසා දැඩි ශෝකයෙන් තැවෙමින් විලාප කියමින් හඬමින් උමතු වූවකු මෙන් ඇවිදිමින් යම් කෙනෙක් මුණ ගැසුනා ද? ඒ අයගෙන් “මාගේ පියා දුටුවේ ද?” කියා අසයි. ඔහුගේ දුක දුරු කිරීමට කිිසිවෙකුට නොහැකි වූවා.

ශාස්තෘන් වහන්සේ අලුයම් කාලයේ ලොව බලන කල්හි මේ අඬා වැටෙන පුත්‍රයාට සෝවාන්වීමට පින් ඇති බව දැක මොහුට අතීත කාරණයක් පැහැදිලි කොට ශෝකය නිවා සෝවාන් ඵලය ලබා ගැනීමට උපකාර කළයුතු යි සිතා දෙවැනි දවසේ තවත් භික්ෂූන් වහන්සේ නමක් සමඟ ඔහුගේ නිවසට වැඩියා. හෙතෙම ශාස්තෘන් වහන්සේ පැණ වූ ආසනයේ වැඩ සිටියා. ඔහු භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙකට වී මෙසේ කියා සිටියා. ස්වාමිනි, “මගේ පියා ගිය තැන ඔබ වහන්සේ දන්නවා ද?” එවිට ශාස්තෘන් වහන්සේ වදාළ කිමෙක් ද ඔබ මේ කියන්නේ? උපාසකය, ඔබ මේ අත්බවයෙහි පියා ගැනද අහන්නෙ? නැත්නම් අතීත භවයේ පියා ගැනද අසන්නේ? එවිට ඒ පුත්‍රයා ස්වාමිනි, මට පියවරු බොහෝ සිටියා ද? කියා ශෝකය මදක් තුනී කරගෙන අසා සිටියා. එවිට ශාස්තෘවහන්සේ ඔහුගේ ශෝකය දුරුකිරීම පිණිස ධාර්මික කතාවක් කොට ශෝකය පහ වූවිට මෘදු සිතක් ඇති කල්හි ධර්ම දේශනා කොට සෝවාන් ඵලයට පමුණුවා නැවත විහාරයට වැඩම කළා.

ඉන්පසු භික්ෂූන් වහන්සේ ධර්ම සභාවට රැස්ව ‘බුද්ධානුභාවය බලනු මැනවි. පියා මළ ශෝකයෙන් පිඩිත වූ අතිශයින් ශෝක කළා වූ උපාසකයා, භාග්‍යවතුන් වහන්සේගේ ඇසිල්ලෙකින් සෝවාන් ඵලයෙනි පිහිටුවූවා නෙවදැයි කතිකා කළා. ටික වේලාවකින් ශාස්තෘන්වහන්සේ එහි වැඩමවා පනවන ලද ආසනයේ වැඩහිඳ මහණෙනි, දැන් කවර කථාවකින් යුක්තව ද ඔබලා වැඩ වාසය කළේදැයි අසා සිටියා. එවිට භික්ෂූන් වහන්සේ වදාළා ‘ස්වාමිනි බුද්ධානුභාවය කෙතරම්ද කියායි අප කථා කරමින් සිටියේ’. එවිට තථාගතයන් වහන්සේ වදාළ මොහුගේ ශෝකය මා දුරු කළේ මේ භවයේ දී පමණක් නොවේ. පෙර භවයේදී එසේ කර ඇති බව කිමින් අතීත කතාව මෙසේ වදාළා.

පෙර දවස බරණැස් නුවර එක්තරා ගෘහපතියකුගේ පියා කලුරිය කළා. පියාගේ මරණින් පස්සේ ඔහු ශෝකයට පත්ව විලාප කියමින් කඳුළු පිරි මුහුණින් යුතුව ළයෙහි අත් ගසා හඬමින් ඔහුගේ චිතකය අසලට වී සිටියා. එවිට ඔහුගේ නුවණැති ව්‍යක්ත, බුද්ධිසම්පන්න වූ සුජාත නම් දරුවා පියාගේ ශෝකය පහ කිරීමට සිතමින් එක් දවසක් නගරයෙන් පිටත මළ ගවයකු දැක තණ කොළ හා වතුර ද ගෙනවුත් ඒ මියගිය ගවයා ඉදිරියේ තබාගෙන ටික ටික දෙමින් ජීවත් ව සිටින කෙනෙකුට මෙන් කාපිය කාපිය කියමින් ගවයා අසල දැවටුණා. එතැනට පැමිණි අය ‘යහළුව නුඹ මියගිය ගවයෙකුට මෙසේ කෑම දෙමින් පිස්සෙකු මෙන් හැසිරෙන්නේ ඇයි? අසා සිටියා.

ඔහු කිසිවක් නො කියූ නිසා ඔහුගේ පියා ළඟට ගොස් ‘නුඹගේ පුතා උමතු ලෙස මියගිය ගවයෙකු ළඟට ගොස් තණකොළ හා වතුර දීමට උත්සාහ කරනවා යැයි කියා සිටියා. එවිට ඒ සිටුවරයා මාගේ පුතා උමතු වී යැයි තවත් ශෝකයෙන් වහාම පුතා අසලට ගොස් පුත්‍රය, නුඹ ඤාණවන්ත ව්‍යක්ත බුද්ධි සම්පන්න කෙනෙක් නේද? කුමක් නිසා නුඹ මේ ගොනාට තණ හා වතුර දෙනවාද?

මේ මැරුණු ගොනා ආහාරපාන දුන්න කියලා නැගිටින්නේ නැහැ. අඥාන මනුස්සයෙක් දොඩනවා වගේ නුඹත් නුවණ නැති මෝඩයෙක් ද?

ඒ වුණාට තාත්තේ මේ තියෙන්නේ කකුල්. මේ තියෙන්නේ ඔළුව මේ තියෙන්නේ වලිගෙත් එක්කම ඇඟ. මේ ඇස් දෙක තිබෙන්නේ තිබුණු විදිහටම. මේ ගොනා නැගිටිවි. ඒ වුණාට අපේ සීයාගේ අතපය ශරීරය හිස මොකවත් දැක ගන්නට නැහැ. එහෙම එකේ ඒ සීය වෙනුවෙන් හදපු මැටි ස්ථූපෙට අඬන තාත්තාම නේද මෝඩ?

ගින්නකට ඉසින ගිතෙලක් වගේ දුකෙන් ගිනි ගත්තු මාව නිවල ගියා. වතුර ඉහල නිවල දානව වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවිල ගියා. මගේ පපුව ඇතුලේ ඇනි ඇනී තිබුණ ශෝක හුල ඔබ උදුරල දැම්මා. පියා මල ශෝකය නිසා මම හුඟක් සෝකයෙන් පෙළි පෙළී හිටියේ.

පින්වත් දරුව නුඹේ අවවාදය අසපු ඒ මම දැන් ශෝක හුල් උදුරා දැමු කෙනෙක්. සිසිල් වූ කෙනෙක්. නිවුන කෙනෙක්. දැන් මම ශෝක වෙන්නේ නැහැ. හඬන්නේ නැහැ.

යම් කෙනෙකුට අනුකම්පා කරනවානම් ප්‍රඥාවන්ත අය ඔහොම තමයි කරන්නේ. මේ සුජාත කුමාරයා තමන්ගේ පියා සෝකයෙන් මුදවනවා වගේ් අන් අයව ශෝකයෙන් මුදවනවා.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: