Posted by: lrrp | February 19, 2013

දුකසේ විඳින කර්ම විපාක – පිට්ඨධීතලික පේ‍්‍රත වස්තුව

අප සරණගිය ගෞතම බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන කාලයේ අනේපිඬුසිටාණන්ගේ දානයක් උදෙසා මෙම පිට්ඨධීතලිකා පේ‍්‍රත වස්තුව දේශනා කොට වදාළා.

අනේපිඬුසිටුතුමා ගේ මිනිබිරියක් වූ එක් ළදැරියක් ඇගේ කිරිමව් විසින් පිටියෙන් තැනූ රුවක් දී කියා සිටියා “මේ ඔබේ දුව. මෙයා සමඟ සෙල්ලම් කරන්න යැයි” කියා සිටියා. මේ දැරිය ද මාගේ දියණිය මේ යැයි කියා “පිටි” දියණිය සමඟ සෙල්ලම් කළා. එක් දිනක් ඇයගේ අතපසුවීමකින් මේ “පිටි” දියණිය බිම වැටී කැඩුණා. ඒ දැරිය මගේ දියණිය මිය ගියායි කියා හඬා වැඩුණා. ඇයගේ හැඬීම ගෙදර කිසිවෙකුටත් නතර කිරීමට නොහැකි වුණා.

එදින ශාස්තෘන් වහන්සේ අනේපිඬු සිටුතුමාගේ නිවසේ වැඩ සිටියේ. අනේපිඬු සිටුතුමා ද ශාස්තෘන්වහන්සේ අසල සිටියා. කිරි මව ඒ දැරිය අරගෙන සිටුතුමා සමීපයට ගියා. සිටුතුමා ඇය දැක කුමක් නිසා හඬන්නේදැයි අසා සිටියා. කිරි මව සිදුවූ සියලු පුවත් සිටුතුමාට කියා සිටිවිට සිටුවරයා දැරිය ගෙන ඔබේ දුව සඳහා අප දානයක් දෙමුයි කියා ශාස්තෘන් වහන්සේ කියා සිටියා ‘ස්වාමිනී, මාගේ මිණිපිරියගේ පිටිවලින් තැනු දියණිය උදෙසා දානයක් දීමට කැමැතියි. හෙට දිනයේ ඔබවහන්සේ ඇතුළු පන්සියයක් භික්ෂූන් අපගේ නිවසට වටින සේක්වා කියා. ශාස්තෘන් වහන්සේ නිශ්ශබ්දව ඒ ආරාධනය පිළිගත්තා. දෙවන දවසේ පන්සියයක් භික්ෂුන් සමඟ සිටුතුමාගේ ගෙදරට වැඩ දානය අවසානයේ අනුමෝදනා බණ ලෙස මෙසේ වදාළා.

නොමසුරු උදවිය යම් යම් විශේෂ අරමුණු මුල්කරගෙන දානාදී පින්කම් කරනවා. එක්කෝ මියගිය ඤාතීන් උදෙසා වෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් ගෙවතු ආදියට අරක්ගත් දේවතාවුන් උදෙසා වෙන්නත් පුළුවනි. ලෝකපාලක වූ යසස් ඇති සත්වරම් දිව්‍යරාජවරුන් ඉන්නවා. කුවේර, ධතරට්ට, විරූපක්ඛ, විරූල්හ කියන මේ දෙවිවරුන් උදෙසා දන්පැන් පූජා කරගත්තොත් දායකයන්ට නිශ්ඵල වන්නේ නැහැ.

කෙනෙක් මැරුණට පස්සේ හැඬීමෙන් වැඩක් නැහැ. ශෝක කරල වැඩක් නැහැ. එක එක විදිහේ විලාප වලින් වැඩක් නැහැ. එයින් මියගිය උදවියට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ ඤාතී පේ‍්‍රතයෝ ඒ විදිහට එහේ ඉන්නවා.

මේ පූජාකරගත් දානය ආර්ය සංඝරත්නය උදෙසා ඉතා හොඳින් පිහිටියා. පින් අනුමෝදන් වනු කැමැති පේ‍්‍රතයන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින මේ පින ඒ මොහොතේම ලැබෙනවා යැයි වදාළා.

දෙවන දවසේ දී සිටු බිරිඳ හා සෙසු ඤාතීන් සිටුවරයා අනුව යමින් මාසයක් පුරා දන් පූජාකර ගත්තා. එක් දිනක් කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මාසයක් පමණ භික්ෂූ සංඝයා මගේ නිවසට දානයක් සඳහා නො වැඩියේ ඇයිදැයි අසා සිටියා. එවිට තථාගතයන් වහන්සේ මේ කරුණ වදාළා. සිටුවරයා අනුව යමින් රජතුමා ද බුදුන්වහන්සේ ප්‍රමුඛ මහ සංඝයා උදෙසා මහ දන් පූජාකර ගත්තා. එය දුටු නගර වැසියෝ ද රජු අනුව යමින් මසක් පුරා දන් පූජා කළා. මෙසේ මාස දෙකක් පිටිවලින් තැනු (පිට්ඨධීතලිකා) දියණිය මුල්කරගෙන මහ දන් පූජා කරගෙන ඔවුන්ද පින් සිදුකර ගත්තා.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: