Posted by: lrrp | April 2, 2013

ගිලන්පස පූජාවේ අනුසස්

අම්බපානාදී අෂ්ටපානත්, ඒවාට සමානවන දෙහි, දොඩම් ආදියෙන් කරන පානවර්ගත්, වෙඩරු, ගිතෙල්, සීනි, සූකිරි, සීනිබෝල, පැණි, සකුරු, මීපැණි, තලතෙල් යන මේවාත්,සියළුම බෙහෙත් වර්ගත් ගිලන්පස වශයෙන් පිදිය හැකිය.

අම්බපාන – ජම්බුපාන – චෝචපාන – මෝචපාන – මධුපාන – මුද්දිකපාන – සාලුකපාන – ඵාරුසකපාන යන මේ අට අෂ්ටපාන නම් වේ. මේ පාන වර්ග සෑදිය යුත්තේ ඇල් දෙයෙනි. තම්බා සෑදුවහොත් විකාලයෙහි කැප නොවේ. ඇතැම් සැදැහැවත්හු අෂ්ටපානය ම සාදා පූජාකෙරෙති. අඹ, ජම්බු, ඇටිකෙසෙල්, ඇටනැති කෙසෙල්, අමු මුද්දරම්පලම්, ඕලුගෙඩි, කටුගෙඩි යන මේවායින් අෂ්ටපානය සාදනු ලැබේ.

පිලින්දවච්ජ තෙරුන් වහන්සේ විසින් තමන් වහන්සේ ගිලන්පස පිදීමෙන් අනුසස් දශයක් ලැබූ බව මෙසේ ප්‍රකාශ කොට ඇත්තේය.

“භෙසජ්ජං සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,
දසානිසංසෙ අනුභෝමි කම්මානුච්ජවිකෙ මම,
ආයුවා බලවා ධීරො වණ්ණවා යසවා සුඛී,
අනුපද්දවො අනීතී ච හොමි අපචිතො සදා
නමෙපියවියොගොත්ථිතස්ස නිස්ස්න්දතො මම.”

ආනිසංස දශය නම් ආයුෂය, ශරීර ශක්තිය, නුවණ, ශරීරයේ යහපත් පැහැය, පිරිවර, සැපය, උපද්‍රව නෑති බව, ගොවිතැන් පාලුවීම් ආදී වයසන නැති බව, ගරු බුහුමන් ලැබීම, ප්‍රියයන්ගෙන් වෙන් නොවීම යන මේවාය.

(ආපදානපාළියෙන්)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: