Posted by: lrrp | April 24, 2013

ගර්භණී මවටත් කුස දරුවාටත් ආරක්‌ෂාව දෙන බලගතු අංගුලිමාල පිරිත

11999_604685669561143_67380666_nඅප ලොව්තුරු තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමඟුල සිහි ගන්වන වෙසක්‌ පොහොය සමහර බෞද්ධයිනට නොවැදගත් වුවද ඉපැරැණි හෙළ රජ දරුවන් ඉතා උතුම් ලෙස සලකා ශ්‍රී ලංකාවේ ආගමික උත්සව අතරින් ශ්‍රේෂ්ඨතම අග්‍රස්‌ථානයෙන් පවත්වන ආගමික උත්සවයක්‌ බව ඓතිහාසික තොරතුරුවලින් අපට හෙළි වේ.

ඈත අතීතයේ වෙසක්‌ උත්සව හඳුන්වා ඇත්තේ වෙසක්‌ පූජා යනුවෙනි. පසු කල වෙසක්‌ කෙළි බවට පරිවර්තනය වී ඇත. මෙහි ඇති විශේෂ ලක්‌ෂණයන් වන්නේ වෙසක්‌ පූජාවලදී මෙන් සංඝයා වහන්සේලාට දීම පමණක්‌ම නොව දුගී, මගී, යාචකයිනටද ආහාරපාන හා ඇඳුම් දීමද ආදී කටයුතුවලදී රටේ මහරජුන්ද එයට සහභාගි වීමයි. පූජාවලියේ 34 වැනි පරිච්ඡේදයේ දුටුගැමුණු රජුගේ “පුණ්‍ය ගාථා” සඳහන්වන තැන දක්‌වා ඇත්තේ රජෙක්‌ කළ වෙසක්‌ පූජා පිළිබඳ විස්‌තරයකි. එහෙත් පරාක්‍රමබාහු රජතුමා ගැන හැඳින් වීමේදී පැහැදිලි වන්නේ ඒ රජතුමා කළ වෙසක්‌ “කෙළි” යනුවෙනි. එබැවින් වෙසක්‌ උත්සවය වෙසක්‌ පූජා හා වෙසක්‌ කෙළි යනුවෙන් හඳුන්වා ඇති බව පෙනේ.

වෙසක්‌ පසළොස්‌වක පෝදිනක විජය රජතුමා ලංකාවට පැමිණි බව මහා වංශය හෙළිකරයි. මෙම ඓතිහාසික සිද්ධිය මිණිපේ සෙල්ලිපියෙන් අපට පැහැදිලි වේ. ඒ අනුව සිංහල ජාතියේ ආරම්භයද සිදුව ඇත්තේ වෙසක්‌ දිනක බව පිළිගත හැක. වෙසක්‌ මාසය තුළ කපු පිපෙන බව ප්‍රචලිතය, විජය රජතුමා සත් සියයක්‌ පිරිවර සමඟ වෙසක්‌ පොහෝ දිනයක අපේ සිරිලක්‌ පුරවරයට පැමිණි විට කුවේණිය කපු කටිමින් සිටි බව ඉතිහාසයෙහි සඳහන් වේ. වෙසක්‌ මස කපු පිපෙන බව ජන කාව්‍යයා මෙසේ පබඳ ඇත.
මුකලත් කොටා කපු ඇට ඉසින්නේ

දෙපෙති වෙලා තුල පත ලොකුව යන්නේ

සමසක්‌ ගිය කලට මල් බොකල වන්නේ

වෙසක්‌ මසට සුරතල් කපු පිපෙන්නේ

සිරිලක රජකළ පුරාණ රජවරුන් පවත්වනු ලැබූ වෙසක්‌ උත්සවවල තොරතුරු වංශ කථාවල සඳහන් වේ. දෙවන පෑතිස්‌ රජතුමාගේ අභිෂේකය කරන ලද්දේද වෙසක්‌ පෝදිනකය. ක්‍රි.ව. 1153 සිට 1186 දක්‌වා රජකළ (පොළොන්නරුවේ) මහා පරාක්‍රමබාහු රජුගේ කාලය දක්‌වා සිංහල රජවරුන්ගේ අභිෂේකයන් සිදුකර ඇත්තේ වෙසක්‌ පෝදිනවල බව ඓතිහාසික මූලාශ්‍ර සනාථ කරයි. මහාවංශයේ සඳහන් වන පරිදි දුටුගැමුණු මහ රජතුමා වෙසක්‌ උත්සව 24 ක්‌ද, පසුකල රජවුණු භාතිකාභය රජු විසින් වෙසක්‌ උත්සව 28 ක්‌ද, බුද්ධ වර්ෂයෙන් 7 වැනි සියවසේ මුල් භාගයේ රජකළ වසභ රජු වෙසක්‌ උත්සව 44 ක්‌ද පවත්වා බෞද්ධාගමික භක්‌තිය ලොවට හෙළිකර ඇති ආකාරය තව දුරටත් මහාවංශයේ මෙසේ දැක්‌වේ.

“හැම කළ පින්කම්හි ආදර ඇති ඒ වසභ මිහිපල් තෙමේ මෙසේ හත් වැදැරුම් වූ පින්කම් කොට නසන ලද අන්තරාය ඇත්තේ සුසාලිස්‌ අවුරුද්දක්‌ පුරයෙහි රජකම් කළේය. සුසාලිසක්‌ වෙසක්‌ පූජා කරවීය.” ඊට පසුව රජකළ හෙළ රජදරුවන් ගණනාවක්‌ද ඉතා සංවිධානකවත්ව දර්ශනීය අලංකාරයෙන් වෙසක්‌ උත්සව පවත්වා ඇත. ඒ රජවරු අතරින් වෝහාරිකතිස්‌ස, ගෝඨාභය ජෙට්‌ඨතිස්‌ස, මුගලන් ආදී රජුන් ප්‍රධානව දැක්‌වීමට හැකිය.

පැරැණි හෙළ රජවරු මෙම වෙසක්‌ පෝදින රටේත්, තමාගේත්, වැසියනගේත්, අමාත්‍යවරුන්ගේත් ආරක්‌ෂාව උදෙසා ඉතා රහසිගතව කරගෙන ආ පුදුම ගුණදෙන, බලපෙන්වන සත්‍ය බුද්ධ ගුරුකම් සෘෂිවරුන් විසින් මහාර්ෂිවූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ්‍යයෙන් දේශනාකරන ලද රුවන් සූත්‍රය යක්‌ෂ භය, රෝග භය, දුර්භික්‍ෂ භය යන භයත්‍රයක්‌ දුරුකිරීමට සකසා ඇත. මෙම මහානුභාව සම්පන්න සූත්‍රයෙන් කළහැකි ගුරුකම් අප්‍රමාණය, යකුන්ට ස-Cධායනා කළේනම් භේදකම්පිතව ප්‍රකම්පිතව වෙව්ලා යයි. එමෙන්ම “අංගුලිමාල සූත්‍රයද” සිහිකළ පමණින්ම ගර්භණී කාන්තාවන්ට දරුවන් පහසුවෙන් බිහිවෙයි. තැඹිලි ගෙඩියට 7 වර මතුරා දීමෙන් බිහිවෙයි.

ඒ බලගතු අංගුලිමාල පිරිත හා  එහි ආනුභාවය මෙසේය.

පරිත්තං යං භණන් තස්‌ස

නිසින්නට්‌ඨාන ධොවනං

උදකම්පි විනාසෙති

සබ්බ මෙව පරිස්‌සයං

සොත්ථිනා ගබ්භවූට්‌ඨානං – යඤ්ච සාදෙති තංඛණෙ

ඓරස්‌සංගුලි මාලස්‌ස – ලොකනාථෙන භාෂිතං

කප්පට්‌ඨායිං මහාතෙජං – පරිත්තං තං හනාමහෙ

යතොහං භගිනි ආරියාය ජාතියා – ජාතො නිහිජානාමි සචිච්ච පාණං

ජීවිතා වොරො පෙතා තෙන – සච්චෙන සොථිතෙ හොතු සොත්ථි ගබ්භස්‌සාති

මෙහි මුල් ගාථා පිරිතේ ආනුභාවය දක්‌වන ගාථාය. “යතොහං භගිනි” යනාදී කොටස දරු ප්‍රසූතියට අපහසුව දුකින් වේදනාවෙන් පෙළෙන කාන්තාවකට ශාන්තිය සඳහා අංගුලිමාල තෙරුන් වහන්සේට තථාගතයාණන් වහන්සේ විසින් ඉගැන්වූ ගාථාවකි.

මෙය ඉගෙනගත් අංගුලිමාල තෙරුන් වහන්සේ ඒ කාන්තාව වෙත ගොස්‌ මෙම පිරිත කී වහාම කිසිදු වේදනාවකින් තොරව ඉතා පහසුවෙන් දරු ප්‍රසූතිය සිදුවිය. අදත් භරන ඉන්දියාවේ දඹදිව අංගුලිමාල තෙරුන් වහන්සේ පිරිත් දේශනා කළ ස්‌ථානයේ ආනුභාවය ඇත. කල්පස්‌ථායි ප්‍රාතිහාර්යයක්‌ බව දක්‌වා ඇත. මහ පෙළොව පවත්නා තුරු එහි බලය තිබේ. මෙම පිරිතෙන් වාර ගණනක්‌ පිරිත් කළ වතුර තෙල් නූල් ගර්භණී ස්‌ත්‍රීන්ට දීමෙන් මවටත් කුසේ සිටින දරුවාටත් බලවත් ආරක්‌ෂාව ඇති වේ.

ගුප්ත විද්‍යාවේදී රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ


Responses

  1. සචිච්ච කියන වචනේ ‘සංච්ච්ඡ’ විය යුතුයි.
    සිතාමතා යන තේරුමෙන් යුතුයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: