Posted by: lrrp | April 24, 2013

සක්‌වල කෝටි ලක්‍ෂයකට ආනුභාව පැතිර වූ පිරිත්

482572_609985452364498_171592117_nසිදුහත් බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වී වසර 2600 ක්‌ සපිරෙන මේ මොහොතේ අපගේ විශේෂ අවධානය යොමු විය යුත්තේ උන්වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳවය. පසුගිය සතියේ සිදුහත් කුමරුන්ගේ ජන්ම පත්‍රය පිළිබඳව සාකච්ඡා කළෙමු. බුදුවීමෙන් අනතුරුව උන්වහන්සේ 45 වසරක්‌ මුළුල්ලේ දේශනා කළ ධර්මය පරමාර්ථ කරගෙන ඇත්තේ සත්‍යාවබෝධය හෙවත් නිවන කෙරෙහිය. බෞද්ධයාගේ ඒකායන අරමුණ වූ නිවන සාක්‍ෂාත් කරගැනීමට උත්සුක වන ගිහියා ඊට සමගාමීව ගිහි ජීවිතයට බලපාන ආර්ථික සමෘද්ධිය ඇතිකර ගැනීම ඇතුළු දහසකුත් ප්‍රශ්න විස¹ගැනීමට බැඳී සිටී.

ජ්‍යෙdතිර්විද්‍යාව අවශ්‍ය වන්නේ ඒ සඳහාය. ජීවිතයේ විවිධ ඉලක්‌ක කරා යන ගමනේදී සතුරු කරදර, රෝග පීඩා, අණවින,හදි හූනියම්, අමනුෂ්‍ය උපද්‍රව, ධනහානි, චිත්ත පීඩා ආදී විවිධ කරදර බාධාවලට මුහුණ පෑමට සිදුවන්නේය. මේ කරදර බාධා සෙනසුරු ඒරාෂ්ටක අපලය හා විවිධ පාපග්‍රහ බලපෑම් සිදුවන කාලය අනුව කල් ඇතිව දැනගත හැකිය. ඒවායින් මිදීම සඳහා නවග්‍රහ පූජා, කවච ගායනා කිරීම, සෙත්කවි, දේව පූජා, මන්ත්‍ර යන්ත්‍ර, තන්ත්‍ර බලි තොවිල්, යාග හෝම ආදී විවිධ ශාන්තිකර්ම නිර්මාණය වී තිබේ. මෙවැනි අපල උපද්‍රවවලින් මිදීමට අප බුදුරජාණන් වහන්සේ පිරිත් දේශනා කර තිබේ. නොවරදින බෞද්ධ ශාන්ති කර්මයක්‌ ලෙස පිරිත හඳුන්වාදිය හැක්‌කේය.

පිරිත යන්න පාලි භාෂාවේ “පරිත්ත” යන වචනයෙන් බිඳී ආ වචනයකි. එයම සංස්‌කෘතියේ “පරිත්‍ර” යෑයි සඳහන් වේ. පිරිත යන්නෙහි තේරුම හාත්පසින් ආරක්‍ෂාව සලසන්නේය යන්නයි. මෙම ආරක්‍ෂාව පිළිබඳව “මිලින්ද ප්‍රශ්නයේ” මෙසේ විස්‌තර කෙරේ. “මහරජාණෙනි පිරිත් ආරක්‍ෂාව ඇති පුරුෂයාට නාගයා දෂ්ට නොකරන්නේය. විවෘත කළ මුඛය පියා ගත්තේය. සොරුන් විසින් තළන්නට ඔසවාගත් මුගුර දමා ළඟට පැමිණ ප්‍රිය කෙරෙති. කුපිත වූ හස්‌ති තෙම ළඟට දිව අවුත් වළකින්නේය. දිලිසෙන මනා ගිනි කඳ පවා ළඟට පැමිණෙන විට නිමෙන්නේය” ආදී වශයෙනි.

පිරිත් පොත චතුභානවාරි පාලි යන නමින්ද හඳුන්වනු ලැබේ. එයට හේතුව පිරිත් පොතේ ඇති සූත්‍ර ලබාගෙන ඇත්තේ බුද්ධ දේශිත සූත්‍ර පිටකයෙන්ම වීමයි. මෙම පිරිත් පොතේ ඇති පිරිත් බණාවර හතරකට බෙදා දක්‌වා ඇත. පසුකාලීනව විවිධ අවශ්‍යතා සලකා ජය පිරිත, ගිනි පිරිත, ජවර පිරිත, ඇණවුම් පිරිත, සීවලී පිරිත, චක්‌ක පිරිත ආදී පිරිත් පොතේ අග පිටුවලට සක්‌වල කෝටි ඇතුළත් කර තිබේ. මේ බොහෝ පිරිත් සූත්‍ර පිටකයේ නොමැති අතර සිංහලට පරිවර්තනය කිරීමටද නොහැකිය. ජල නන්දන පිරිත ද එවැන්නකි.

පිරිත කියන විට එය සංගීතයේ ඇති සප්ත ස්‌වර අනුව ගායනා කළ හැකි නොවේ. සප්ත ස්‌වර වල ආරෝහණ, අවරෝහණ ක්‍රමයට පිරිත් කීම ගැළපිය නොහැකිය. එහෙත් එහි ස. රි. ග. ම. ප. යන ස්‌වර 5 පමණක්‌ ඇති බව පෙනේ.

පිරිත් කීම එක අතකින් සත්‍ය ක්‍රියාවකි. උදාහරණයක්‌ වශයෙන් රතන සූත්‍රයේ සෑම ගාථාවකම ගැඹුරු අර්ථයක්‌ තිබේ. එමෙන්ම “ඒතේන සච්ෙච්න සුවත්ථි හෝතු” යන ගාථා පාඨය අනුව ඒ සත්‍යානුභාවයෙන් සෙතක්‌ම වේවායි සත්‍ය ක්‍රියාවක්‌ද කෙරේ. අංගුලිමාල පිරිතේද මේ ලක්‍ෂණය තිබේ. අනෙක්‌ අතට පිරිත මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයකි.

බුද්ධ දේශිත පිරිත්වල ආනුභාවය මහත්ය. රතන සූත්‍රය, චන්ද පිරිත, ධජග්ග පිsත, මොර පිරිත සහ ආටානාටිය සූත්‍රය යන පිරිත් සූත්‍ර පහේ ආනුභාවය කෝටියක්‌ සක්‌වල පුරා පැතිර පවතී.

පිරිත්වලින් ආරක්‍ෂාව සලසා ගැනීමට බලාපොරොත්තු වන අය අඩු වශයෙන් පංචශීලයවත් ආරක්‍ෂා කරගැනීම වැදගත්ය. එසේ නොමැතිව තුනුරුවන් ගේ බලයේ සත්‍යානුභාවයෙන් යමක්‌ ඉෂ්ට කර ගන්න කෙනකු ධර්මයට පටහැනිව කටයුතු කිරීම සත්‍යක්‍රියාවක්‌ කළ නොහැකි බැවිනි. සියලු පිරිත් පිළිබඳව විස්‌තර කළ නොහැකි බැවින් උක්‌ත සූත්‍ර 5 මගින් ගත හැකි ප්‍රයෝජන සාකච්ඡා කරමු.

ධජග්ග පිරිත

මෙම පිරිතේ ඉතිහාස කතාව සියලු බෞද්ධයන් දැන සිටිය යුතුය. ඒ අනුව එක්‌ කලෙක දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක්‌ සිදුවිය. මෙහිදී දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දෙවියන් තව්තිසා දෙවිවරුන්ට මෙසේ කීය. “යුද්ධයට ගිය විට භයක්‌ හෝ තැති ගැන්මක්‌ වූවොත් මගේ කොඩිය දෙස බලව්. එය නොදැක්‌කහොත් ප්‍රජාපතී දෙවියන්ගේ කොඩිය දෙස බලව්. එයද නොදක්‌නම් වරුණ දෙවියන්ගේ කොඩිය දෙස හෝ එසේත් නොහැකි නම් ඊසාන දෙවියන්ගේ කොඩිය දෙසබලව්. එවිට ඒ බිය හෝ තැති ගැන්ම පහවන්නේය.” යනුවෙනි. මේ කතාව සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එම දෙවිවරුන්ගේ කොඩි දෙස බලන විට බිය පහවන්නටත් පුළුවන. එසේ නොවන්නටත් පුළුවන. ඊට හේතුව සක්‌දෙව් රජ රාග සහිතය. ද්වේශ සහිතය, මෝහ සහිතය, බියවන තැති ගන්නා කෙනෙකි යනුවෙනි. උන්වහන්සේ වදාළේ ඔබට බියක්‌ හෝ තැති ගැන්මක්‌ ඇති විට නව අරහාදී බුදු ගුණ සහිතව උන්වහන්සේ සිහිකරන ලෙසය. නැතහොත් ධර්මරත්නය හෝ සංඝරත්නය සිහිකරන ලෙසය. මේ අනුව ඉතිපිසෝ ගාථාව ස්‌වාක්‌ඛාතෝ ගාථාව හා සුපටිපන්නෝ ආදී ගාථා තුනෙන් ධජග්ග පිරිත සමන්විතය.

මෙම ගාථා සිහි කිරීමෙන් යුක්‌තිය පසිඳලන නඩුවලදී ජය ලැබීමටද, රාජ වශීයට මෙන්ම සර්වජන වශීයටද සතුරන් මිතුරු වීමටද හේතුවන බව කියා තිබේ.

තම තමන් කරන රැකියා හෙවත් වෘත්තීන්ගේ තත්ත්වය උසස්‌ වීමටද පිරිත භාවිත කිරීම හේතුවේ. ඒ සඳහා තමන්ට විශේෂයෙන් උවමනා කරන බුදුගුණය ගැන සිහි කරමින් පිරිත් කළ යුතුය. ව්‍යාපාරිකයකුනම් භගවා (භාග්‍යවත්) ගුණයද, සේවක පාලනයේ යෙදෙන කෙනෙක්‌ නම් පුරිසධම්ම සාරථි ගුණයද සිහිකරමින් පිරිත් කීම උදාහරණයකි. මෙම ගුණ 9 හොඳින් ඉගෙනගෙන තමාට ගැළපෙන (අවශ්‍ය) ගුණය සිහිකරමින් තෙල් මතුරා නළල තිලක තැබීම, සුවඳ ධූප නිවසේ හෝ ව්‍යාපාරයේ භාවිත කිරීම, කළ හැකිය.

රතන සූත්‍රය

රෝග, අමනුෂ්‍ය, දුර්භික්‍ෂ යන තුන්බිය විසාලා මහනුවරින් දුරු කිරීමට රතන සූත්‍රය දේශනා කර තිබේ. මෙහි එක එක ගාථාවකින් කළ හැකි ශාන්ති කර්ම ගණනාවක්‌ ඇති බැවින් රතන සූත්‍රයෙන්ම සිය ගණනක්‌ ශාන්ති කර්ම කළ හැකිවේ. පැරැණි පොතක (පැරැණි භාෂාවෙන්) තිබූ පරිදි උදාහරණ කිහිපයක්‌ පහත පරිදිය.

“යථින්ද ඩීලෝ යන ගය සමන් මලට අටකරාසියක්‌ පිරිත් කොට මහ සෑයේ මහා බෝධියේ පිදුව දෙවියෝ අරක්‌ ගන්නේ සතුරෝ නොවෙත්. හැම දේ සිද්ධ වේ. රුජා පහරක්‌, පිරිත් කොට පය බිම තැබුව සතුරෝ නොවෙත්.

“ගේ පුග්ගලා යන ගය අටකුරාසියක්‌ අතට මතුට තෙලට මතුට ඇඟ අතගානු. ශ්‍රියා ඇතිවේ. සැම දෙනා වශීවෙත් භය දුරුවේ. සතුරෝ පහවෙත්. ඉල්ලන දේ ලැබේ.

කරණීය මෙත්ත සූත්‍රය

අමනුෂ්‍ය බියක්‌ නිසා භාවනාවට බාධා වූ ස්‌වාමීන් වහන්සේලා පිරිසකට බුදු හිමියන් විසින් මෙම සූත්‍රය උගන්වා ඇත. මෙය දෙවියන්ට ප්‍රිය බව කියෑවේ. මේ නිසා සූත්‍රය භාවිතාකරන අය දෙවියන්ගේ ආශීර්වාද ලබයි. මිනිසන්ටද ප්‍රියවේ. මේ අතර මනුෂ්‍ය හා සොර සතුරු බිය අඩුවේ. ආගියතැන සැලකිලි ලැබේ. කරණීය යනු “කරන” යන අර්ථයයි. ඒ අනුව අනුගමනය කළ යුතු හෙවත් ප්‍රගුණ කළ යුතු චරිත ලක්‍ෂණද මෛත්‍රී භාවනාව කරන පිළිවෙලද මෙහි අන්තර්ගතය.

ආටානාටිය සූත්‍රය

භික්‍ෂු භික්‍ෂුනී උපාසක උපාසිකා යන සිවුවනත් පිරිසට අමනුෂ්‍යයින්ගෙන් වන උවදුරු වළක්‌වා ගැනීමට සතරවරම් දෙවියන් වෙනුවෙන් වෛශ්‍රවණ දෙවියන් පැවසුව බව මේ පිරිතේ දැක්‌වේ. මෙය භාවිතා කිරීමෙන් අමනුෂ්‍ය උවදුරු ඉවත්වේ. දෙවියන්ගේ ආරක්‍ෂාව ලැබේ. කලක්‌ දිනපතා භාවිතා කළ හොත් අමනුෂ්‍යයෝ කීකරු වන බවද කියනු ලැබේ.

මොර පිරිත

බෝසතාණන් වහන්සේ රන මොණර ආත්මයක ඉපදී සිටි කාලයක සතුරන්ට හසුනොවීම පිණිස මේ පිරිත භාවිතා කළ බව සඳහන් වේ. සොර සතුරු උපද්‍රව ඇති අයට ව්‍යාපාර කටයුතු සඳහා මිල මුදල් රැගෙන ඈත පිට පළාත්වල යන අයට මෙන්ම සෑම දෙනාටම සතුරු උපද්‍රව වලින් ආරක්‍ෂා වීමට සුදුසුය. උදේ සවස කිව යුතු කොටස්‌ දෙකකි. ඔබත් මෙම මහානුභාව සම්පන්න ගාථා භාවිතා කරන්න. සර්වාරක්‍ෂාව සැලසෙනු ඇත.

උදේට

උදේතයං චක්‌ඛුමා ඒකරාජා

හරිස්‌ස වන්නෝ පඨවිප්පභායෝ

තං තං නමස්‌සාමි හරිස්‌ස වන්නං පඨවිප්පභාෂං

කයඡ්ජ ගුත්තා විහරේමු දිවසං
යේ බ්‍රාහ්මන වේදගු සම්බ ධම්මේ

තේ මේ නමෝ තේව මං පාලයන්තු

නමන්ථු බුද්ධානං තමන්වු බෝධියා

නමෝ විමුත්තානං නටෝ විමුක්‌තියා

සවසට කියන විට ඉහත පළමු ගථාවේ “උදේතයං” යන කොටසට “අපේකයං” කියාද අන්තිමට ඇති “දිවසට” යන වචනයට “රත්ත්‍රිං” කියාද වෙනස්‌ කර කියන්න.

බුද්ධ භාෂික පිරිත් භාවිතා කරන විට එහි පිහිට නොලැබෙන කරුණු තුනක්‌ තිබේ. පෙර අකුශල් හෙවත් කර්මාවරණ, රාගයෙන් සිත පෙළුම ආදී ක්‌ලේශාවරණ සහ අවිශන්සය හෙවත් නොඇදහීම යන කරුණු තුනයි. විශ්වාසයෙන් යුක්‌තව හා සීල සංවරය ඇතිව පිරිත් භාවිතා කරන්න. එය කිසි විටෙක නොවරිදන බෞද්ධ ශාන්ති කර්මයයි.

කෑගල්ලේ – සුනිල් කුමාර ගම්ලත්


Responses

  1. පින් සිදු වේවා

    මම අසා තිබෙනවා විශාලා මහනුවර දුර්භික්ෂය අවස්ථාවේදී.. මහා සංඝරත්නය රතන සූත්‍රය සඤ්ජායනා කරමින් නගරයේ සැරිසැරුවාලු.. එහිදී

    යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
    සග්ගෙසු වා යං රතනං පණීතං
    න නො සමං අත්ථි තථාගතෙන
    ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
    එතෙන සච්චේන සුවත්ථි හොතු..

    යන ගාථාව සඥ්ජායනා කරන විටම අමනුශ්‍යයෝ පලා ගියාලු.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: