Posted by: lrrp | May 7, 2013

සුවද පූජාවේ අනුසස්.

485540_611130112250032_226957435_nදුමක් වශයෙන්ද, වතුරක්, තෙලක්, කල්කයක්, චූර්ණයක් වශයෙන්ද සුවද පූජාකළ හැකිය. සදුන්, කපුරු, මල් ආදී සුවද ඇති දවයන්ද සුගන්ධ පූජාවක් වශයෙන් පිදිය හැකිය. සුවද පූජාවේ විශේෂ ආනිසංසයක් වශයෙන් කිව යුත්තේ උපනුපන් ජාතියේ අනයන්ට ප්‍රිය පුද්ගලයෙකු වීමය.

සිද්ධාර්ථ නම් බුදුරදුන් විසූ කුටියට සුවද දුම් දුන් පින්වතෙක් ඒ පිනෙන් කල්ප අනූසතරක් දෙව්මිනිස් දෙගතෙයෙහි බොහෝ සැප ලබාඅප බුදුරජානන් වහන්සේ වැඩවිසූ කාලයෙහි මිනිස්ලොව ඉපිද බුදුසස්නෙහි පැවිදිව සිවුපිළිසිඹියාපත් මහරහත් නමක් වී සසර දුකින් මිදී නිර්වාණ පුරයට පැමිණියේ උන්වහන්සේ ධූපදායකස්ථවිර නම් වූහ.

“යං යං යෝනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං
සබ්බේසම්පි පියො හෝමි ධූපදානස්සිදං ඵලං
චතුනවුතිතො කප්පෙ යං ධූපමදදිං තදා
දුග්ගතිං නාභිජානාමි ධූපදානස්සිදං ඵ්ලං.

මේ ධූපදායක රහතන් වහන්සේගේ ප්‍රකාශනයකි.

මම යම් යම් ජාතියක උපන්නෙම්ද දෙවිවූ ද මිනිස්වූ ද සෑම ජාතියේම සැමටම ප්‍රිය වූවෙමි, එය ධූපදානයේ ඵලයය. මේ කපෙන් සිවුඅනූවන කපෙහි යම් ධූපදානයක් කෙලෙම්ද එතැන් පටන් මේ වනතෙක් දුර්ගතියට නොගියෙමි. මේ ධූපදානයේ ඵලයය යනු එහි තේරුමය.

(ආපදානපාළියෙන්)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: