Posted by: lrrp | May 28, 2013

සේනකගේ අවතාරය වාහනය ඇතුළේ

‘කුල්ලුපමං වෝ භික්ඛවේ ධම්මං වදාමි’ –

මහණෙනි ධර්මය කොල්ලෑවකට (ඔරුවකට) උපමා කරමි යි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් අමතා දේශනා කළ සේක. මේ ධර්මය සුගතිගාමී වීමටත්, සසර දුකින් මිදී නිවනින් සැනසී වදාරන්නටත් අත්‍යවශ්‍ය වේ. එහෙත් ධර්මාවබෝධය වූ පසු ධර්මය ද අත්හැරිය යුතුය.Óග‍ඟෙන් එගොඩ වූ පසු ඔරුව ද අත් හැරිය යුතුය” ඔරුව ගැන සිතා සිතා ඔරු කඳ කර තබා ගෙන යා යුතු නැත. එසේ වුවහොත් සිදුවන්නේ ඔරු ක‍ඳේ බර උසුලා ගෙන වෙහෙසෙනවා මිස සැහැල්ලුවෙන් ගමන යාගත නොහැකි වීමය. සසර ගමන අවසන් කිරීමට අත්‍යවශ්‍ය වූ ධර්මයත් අවසානයේ අත්හැරිය යුතු වේ නම් අඹු දරු දැසි දස් ගේ දොර ඉඩකඩම් යාන වාහන රන් රිදී මුතු මැණික් ආදී භෞතික සම්පත් ගැන කියනුම කවරේ ද?

ජීවත්වීම සඳහා භෞතික සම්පත් අවශ්‍ය වේ. ඒවා වැඩි දියුණු කැර ගත යුතු වේ. ඒ සඳහා පරිහාතීය මාර්ගයන් ගෙන් ඉවත්ව මනාව කළමනාකරණය කැර ගත යුතු වේ. අරපරෙස්සමින් කටයුතු කළ යුතු වේ. එය ද බුදු දහමෙහි ඉගැන් වේ. එහෙත් ජීවිත අවසානයේ දී මේවා දැඩි සේ සිතින් අල්ලා ගෙන හෙවත් උපාදාන කොට ගෙන සිටිය හොත් අනිවාර්යයෙන් ම අනන්ත වූ කාලයක් අනන්ත වූ දුක් විඳින ප්‍රේතයෙක් වී ඉපැදීම ස්ථිර ය. ඒ නිසා තමන්ට හෝ අනුන්ට හෝ දෙපාර්ශයට ම හෝ පාඩුවක්, හිංසාවක්, කරදරයක්, අලාභයක්, අපහාසයක්, නොවන්නට ජීවත් විය යුතු ය.

සුසිල් ගම්පහ ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි ප්‍රවාහන ව්‍යාපාරිකයෙකි. බිරියත් දරු දෙදෙනාත් සමඟ ඔහු ජීවත් වේ. වාහන කීපයක් තබා ගෙන ප්‍රවාහන කටයුතුවල යෙදෙන ඔහු විදේශවලින් ලංකාවට පැමිණෙන සංචාරකයින්ට මග පෙන්වන්නෙකු ලෙස ද කටයුතු කරයි.

මාස කීපයක සිට සුසිල් නින්දෙන් බිය වී කෑ ගසා ගෙන අවදි වෙන්නට විය. ශරීරය දෑස වේදනාවෙන් පීඩා දෙන්නට විය. ඔහු සතු එක් වෑන් රථයක් නිතර යාන්ත්‍රික දෝෂවලට ලක් වී උපයනවාට වඩා වියදම් කර අලුත්වැඩියා කරන්නට සිදු වෙන්නට විය. ඒ වාහනයේ ගමන් යෑමට නොහැකි තත්ත්වයට ම පත් විය. කොයි තරම් අලුතින් අමතර කොටස් දමා අලුත්වැඩියා කොට නිවසට ගෙනාවත් නැවත ගෙදර සිට පිටත්ව ටික දුරක් ගිය විට නැවතත් යාන්ත්‍රික දෝෂයකින් ලෙඩ දෙන්නට විය. සුසිල්ගේ ශාරීරික අසනීපවලට නොයෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ලැබුව ද මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලැබුව ද සුවයක් නොවීය. අවසානයේ “සිළුමිණ” පත්‍රයේ ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගය කියවා එහි සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගොස් ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසුණි.

“අනේ! මහත්මයා කරන්න තියෙන හැම දෙයක්ම කරලයි ආවේ. අපිට කොහොම හරි පිහිටක් වෙන්නැÓයි සුසිල් ඇත්ත ම කීවේය. ඔහු සමඟ ඔහුගේ බිරිය ද පැමිණ සිටියාය.

සුසිල් වෙත ආධ්‍යාත්මික ශක්ති කිරණ එල්ල කරන විට ම ඔහු ආවේශ වී ඉතා ම රෞද්‍ර අන්දමින් ගොරවන්නට විය. ගොරවමින් එහාට මෙහාට පනිනවා විනා වෙනත් දෙයක් ඒ භූතාත්මයෙන් නොකියැවුණු බැවින් දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස දැනුම් දුන්නේ ය.

එසේ ම පැවරූ වත් පිළිවෙත් නියමිත පරිදි ඉටු කොට සති තුනකින් ඔවුහු නැවත පැමිණියහ. එදින සුසිල් කලබල නොකර ආවිශ්ට වූයේය.

“කව්ද මේ ශරීරයට ඇතුළු වී ඉන්නෙ?”

“මම සේනක”

“සේනක කොහේ ද?”

“මගේ ගම කෑගල්ලේ”

“ඇයි මේ සුසිල්ගෙ ශරීරයට රිංගුවේ?”

“මුගෙන් පළිගන්න”

“පළිගන්න. මොකක්ද කළ වැරැද්ද මෙයා.”

“මූ මගේ වාහනය අරගෙන ආවා. මගේ ගෙදර අයව රවටලා මගේ නෝනව රවටලා අඩු ගණනකට මූ අරන් පැන්නා. මට මගේ වාහනය ඕනෑ. ඒ විතරක් ද මූ මාව එළවන්නත් කට්ටඩි ගෙනැල්ලා කටයුතු කළා. මාව එහෙම එළවන්න බෑ. මම මගේ වාහනය දාලා යන්නෙත් නෑ”

“සේනක මැරුණේ කොයි ‍කාලෙ ද?”

“2011 මං මැරුණේ”

“සේනක මොනව ද කළේ?”

“මමත් මෙයා වගේ ම ටුවරිසම් කළේ. දවසක් වෑන් එකේ යනකොට මට හාට් ඇටෑක් එකක් ඇවිත් මැරුණා”

ඉන් පසු සුසිල්ගේ ශරීරයෙන් භූත දිෂ්ටිය ඉවත් කොට ඔහු සමඟ සාකච්ඡා කළේය.

“ඔය නිතර ලෙඩ දෙන වාහනය කොහෙන්ද මිලට ගත්තේ” යි ගවේෂකවරයා සුසිල්ගෙන් ඇසීය.

“කෑගල්ලෙන්”

“කාගෙන් ද?‍

“නෝනා කෙනෙක් ගෙන්. එයාගෙ මහත්තයා මැරිලා”

“කීයකට ද ගත්තෙ?”

“රුපියල් ලක්ෂ විසිපහකට”

“වටිනාකම ඇත්තට ම කීය ද?”

“ලක්ෂ හතළිස් පහක් විතර”

“ඒ නෝනව රවටලා ද එච්චර අඩු මිලට ගත්තෙ?”

“නෑ. ඒ නෝනාට වාහනය විකුණාගන්න බැරුවයි හිටියේ. මැරිච්ච මහත්තයා වාහනේ විකුණනවාට විරුද්ධලු. බාධා කරනවලු. මිලදී ගන්න එන අයටත් කරදර කරනවලු. ඒ නෝනමයි කීවේ එයාටත් දරුවන්ටත් ජීවත්වෙන්න අමාරුකම් තියෙන නිසා ලක්ෂ විසිපහකට ගන්න කියලා.”

“ඉතින් ඔබට බාධා පැමිණියේ නැද්ද?”

“මම ඇදුරෙක් අරගෙන ගිහින් වාහනයට දෙහි කපලයි අරගෙන ආවේ.”

“ඊට පස්සෙ කරදර නතර වුණා ද?”

“නැහැ. ආයෙත් සති දෙකකින් විතර සේනක ගෙ අවතාරය වාහනය ඇතුළේ පෙනෙන්නට හිටියා.”

“කවුද දැක්කේ?”

“දවසක් මමත් දැක්කා. නෝනයි දුවයි දෙන්නත් දැකලා තිබුණා.”

“ඒකට මොකද කළේ?”

“ඇදුරන් ගෙනැල්ලා තොවිල් ගණනාවක් කළා. මේ අමනුෂ්‍යයාව බැඳලා ග‍ඟේ දානව ය මූදේ දානව ය කියලා කුප්පිවල දාලා ඒ ඇදුරෝ අරගෙන ගියා.”

“ඊට පස්සේ අවතාරය දැක්කේ නැද්ද?”

“තොවිල් කරලා මාසයක් විතර කරදර නැතුව හිටියා. ආයෙත් පෙනෙන්න ගත්තා. ඒ හැම තොවිලයකට ම ඇදුරෝ හැට හැත්තෑ දාහ අය කළා. තොවිලෙට අවශ්‍ය බඩු මුට්ටුවලටත් විසි තිස් දාහ වියදම් කළා. නමුත් වැඩක් වුණේ නෑ.”

නැවතත් බෝධි පූජා හතක් පවත්වා ඊළඟ සතියේ යළිත් පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.

ඒ අනුව සතියක් බෝධි පූජා පවත්වා සේනක බිරිය සමඟ නැවත ආවේය. එදින ද ප්‍රලය වූයේය.

“කවුද මේ?”

“මම සේනක”

“දැන් කොහොම ද?”

“එහෙම ම තමයි. මම මෙයාව මරනවා. මගේ වාහනය කුණු කොල්ලෙට අරගෙන ආවා. මාව මගේ වාහනෙන් එළවන්නත් හැදුවා. මූව නම් මම මරනවා මරනවාමයි.”

“ඒ කොහොමද වාහනේ යනකොට ද මරන්නෙ?”

“නෑ… නෑ… වාහනේ හප්පලා මරන්නේ නෑ. මං වාහනේට ආදරෙයි. මූව විතරක් මරනවා.”

“සුසිල් බෝධි පූජාවලට යනකොට ඔබත් ගියා ද?”

“ඔව්, ඒක තමයි මේ දවස්වල ලෙඩ කරන්න මට බැරි වුණේ.”

“දැන් කරුණාකර තමන් ගැන කල්පනා කරන්න. තමන් 2011 මැරුණා. දැන් ඔය ඉන්නේ සේනක නොවෙයි. වෙනත් කෙනෙක්. ප්‍රේත ජීවියෙක්. තමන්ගෙ වාහනයට ආදරෙන් මැරුණු නිසා ඒකට ආශාවෙන් උපන්නා. තමන්ගෙ ආදරණීය බිරිය, තමන්ට දාව උපන් දරු දෙදෙනාටත් වඩා යකඩ ගොඩකට ආශාවක් මොකක් ද? අනිත් කාරණය මේ සුසිල් වෑන් එක බලෙන් අරගෙන ආවේ නෑ. ඔබේ ම බිරියයි ලක්ෂ විසි පහකට වික්කේ. ඒත් එහෙම කළේ ඔබේ ම දරු දෙදෙනාට උගන්නන්න, කන්න බොන්න දෙන්න, වියදම් කරන්න, ඔබේ බිරියත් දන්නවා ඔබේ ප්‍රේත ජීවී බලපෑම නිසා වාහනය විකුණ ගන්න බැරි බව. කී දෙනෙක් ඇවිත් වාහනය ලක්ෂ හතළිස් පහට ගෙනියන්න බලලා ආපහු හැරිලා ගියා ද කියලා මම දන්නවා. බැරිම තැන තමයි අඩු ගණනට විකුණන්න සිදුවුණේ. ඔබේ ම වරද නිසයි එහෙම වුණේ. තමන් නිසා ම යි අඩුවට ගියේ. මේ සුසිලුත් තමන් වගේ ම ව්‍යාපාරිකයෙක්. එයත් දැන් ලක්ෂ ගණනක් ඇදුරන්ට වියදම් කරලා. තමන් ජීවත්ව ඉන්දැද්දි ආධ්‍යාත්මය දියුණු කැර ගෙන නොතිබුණු නිසා දැන් දුගතිගාමීව ඉපදිලා ප්‍රේත ජීවියෙක් වශයෙන් යකඩ ගොඩක් බදාගෙන ඉන්නවා. දැන්වත් ඔය දුකෙන් මිදී නිදහස් වෙලා ඉහළ තලයකට යන්න කල්පනා කරන්න. අධිෂ්ඨාන කරන්න, සුසිලුත් මෙතැන දී වැඩි ලාභයක් ගන්න කල්පනා කර තියෙන බව පෙනෙනවා. මම සුසිල්ට කියන්නම් තවත් සාධාරණයක් කරන්න. දිෂ්ටිය ඉවත් කළේය. නැවතත් සතියක් බෝධි පූජා පවත්වා වැටකෙයියා මලක් ද, රැගෙන නැවත එන ලෙසත්, සේනකගේ බිරියට සාධාරණයක් කරන ලෙසත් උපදෙස් දුන්නේය.

සුසිල් උපදෙස් පරිදි වත් පිළිවෙත් ඉටු කොට, සේනකගේ බිරිය මුණ ගැසී ඇයට තවත් රුපියල් ලක්ෂ තුනක් දී නැවත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණියේය. එදින ද සුසිල් ප්‍රලය විය.

“සේනක දැන් කොහොම ද?”

“මම දැන් සේනක නොවෙයිනෙ මහත්තයා. මේ ඔක්කොම සිද්ධ වුණේ මා නිසා ම බව මට වැටහුණා. මම වෑන් එකට තණ්හාවෙන් බැඳිලා මහා දුකක් වින්ද බවත් මට දැනෙනවා. මම නිදහස් වෙලා යන්න කැමතියි. ඒකට මම මොනවාද කරන්න ඕනෑ?”

“බොහොම හොඳයි. දැන් අතීතයේ තමන් කළ යහපත් දේවල් සිහිපත් කරන්න. තෙරුවන් වැන්ද හැටි, සංචාරකයන් සමඟ පූජ්‍යස්ථානවලට ගිය හැටි, අනුරාධපුරේ, කතරගම, කැලණි, ගිය හැටි කල්පනා කරන්න. අනිත් අය පින් දහම් කරන කොට ඒවාට අත හිත දී සාධුකාර දී ඒ පිනට සහභාගි වෙන්නැÓයි කියා පූජා වට්ටියටත්, වැටකෙයියා මලටත් සම්බන්ධ කොට කැලණියට යැව්වේය.


Responses

  1. mama mehi sadahan articals kiyawa fb eke page ekaka sadahan karannemi,eyata mahata labuna kenekuge gataluwak me samaga idiripath kara sitimi e sahada yamkisi visadumak hakinam laba denna

    Ishara Madhubhashini
    මේ ගැටළුව ඔබ වෙත යොමුකරන්නේ උපකාරයක් බලාපොරොත්තුවෙනි.

    මා දන්නා හදුනන මා හට සමීපතම කාන්තාවක් සිටී. ඇය වසය අවුරුදු 53 පමණ වන බෞද්ධ කාන්තාවකි. අලුත් කඩේ නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නිරතව සිටින ඈ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය නූතන වෛද්‍ය වරුන් පවසන අයුරින් ආතරයිටීස් නම් රෝගයෙන් පීඩා විදියි. නිතර ම ආගම දහම සමඟ ජීවත් වන ඇයක් ඇගේ සැමියාත් මේ නිසා සිත්තැවුලෙන් සිටී.

    ඇය මා සමඟ පැවසූ කාණයක් නිසාවෙන් මම ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව අසන්නට සිතුවෙමි. ඇය පැවසූ අන්දමට මෙම රෝග තත්ත්වය ඇයට බලපෑම් කරන්නට පටන්ගෙන තිබෙන්නේ ඇගේ සහෝදරයාගේ මරණයත් සමඟ ය. ඇය බොහො විට මේ ඔහුගේ බලපෑමකින් සිදුවන්නක් ලෙස විශ්වාස කරයි. තවද මේ මෑත දිනක ඇය ඉතා ප්‍රසන්න පෙනුමෙන් යුතුව නීරෝගි පෙනුමක් සහිතව සිටිනු දැක මම ඒ බව ඇයට පැවසුවෙමි. එවිට ඇය කියා සිටියේ ඇය ඇගේ ස්වාමියා සමඟ විහාරස්ථානයට ගොස් විහාරාධිපති හිමියන්ට රෝගි තත්ත්වය පවසූ බවත්, ඒ අනුව උන්වහන්සේ ඇයට බෝධි පූජාවක් කර රතනසූත්‍රය නිතර නිතර භාවිතා කරන ලෙස පවසූ බවත් ය. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඇගේ පෙනුමෙහි වෙනස වන්නට ඇතැයි කියාය. නමුත ටික දිනකින් ඇය නැවත දැඩිලෙස රෝගි වූවාය.

    මේ කාරණාව යම් ප්‍රේත බලවේගයකින් සිදු වන්නක් විය හැකිද?

    ඔබ ගේ කරුණාව මේ පිළිබඳව ඉතා ගෞරවයෙන් අපේක්‍ෂා කරමි.
    Like · · Yesterday at 8:45am

  2. බුදු දහම අවබෝධ කර ගැනීම පමණමයි අපට තිබෙන එකම සැනසීම…


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: