Posted by: lrrp | July 3, 2013

සත්ව මාංශ යනු බලවත් වාජීකරණයකි…

පටන් ගැන්මක්‌ කෙළවරක්‌ නොමැති මුල, මැද, අග නොමැති රෝදයක්‌, චක්‍රයක්‌ වන් මෙම බියකරු සංසාරයේ අප තවමත් කවදත් සිටි ස්‌ථානවල ඉදිරියට යාමක්‌ නොමැතිව නවාතැන් ගෙන සිටින්නේ. අසංඛෙය සංඛ්‍යාවක්‌ සම්බුදුවරුන් අපට මඟහැරී ඇත්තේ මෙලෙසින් නොවේද? බවුන් වඩන ගිහි පැවිදි සැදැහැවතුනිෘ නුවණ මෙහෙයවා බැලීමට ඥනාන්විත බවක්‌ ඔබට ඇත. සසරින් එගොඩවීමට යන්තදැරීම හුදු නම්බුවක්‌ විලස නොසිතන්න.

ආචාර්ය පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි

වාජීකරණ පසු පස හඹා යමින් දිවග රස තෘෂ්ණාව යහමින් පිනවමින් පංෙච්න්ද්‍රියන් කුපිත කරවමින් ඒ සියල්ලනටමත් ප්‍රධාන සිත එකලු කරගන්නේ කෙසේද යන්න උගත්කමින් පෝෂිත වර්තමාන බෞද්ධ ජනසමාජය අනිවාර්යයෙන්ම තම තම සිත් සතන් තුළින් අවංකවම ප්‍රශ්න කරගත යුතු සිද්ධාන්තයකි.

ඉතා සරලව පැවැසුවහොත් අධිවාජීකරණ ශක්‌තියෙන් යුතු මස්‌, මාංශ, බිත්තර කාමසුඛල්ලිකානු යෝගයක්‌ විනා අන් කුමක්‌ද? යනුවෙන් තම තමන්ටම ප්‍රශ්නකරගත හැකිය. තවද එය මධ්‍යම ප්‍රතිපදාව යනුවෙන් කිසි විටෙක හැඳින්විය හැකිද? මෙය කාලීන ධර්ම සංවාදයකට බඳුන් කළ යුතු යුගයේ අවශ්‍යතාවක්‌ බව එකහෙලා ප්‍රකාශ කර සිටිමු.

උතුම් මහා මංගල සූත්‍රය පරිදි කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං’ යනුවෙන් ප්‍රකාශිතය. ආදී කාලීන සහ වත්මන් කාලීන සමාජවල බොහෝ මනුෂ්‍යයින් භක්‌ෂණය කරන සතුන් එකිනෙක වර්ග පිළිබඳව තාර්කික විග්‍රහයක මෙලෙස යෙදෙමු. ප්‍රථමයෙන් සියලු මත්ස්‍ය වර්ග පිළිබඳව කරුණු සොයා බලමු. තිරිසන් අපායේ සංසන්දනාත්මකව බහුලව ඉපදී සිටින මත්ස්‍යයා වනාහි තිරිසන් සතුන්ගෙන් වඩාත්ම දුක්‌ඛ සහගතව දැඩි භීතියකින් කල්ගෙවන මරණයට පවා පැය ගණනාවක්‌ මරු විකල්ලෙන් දඟලන එකම සත්වයාය.

එසේම තම වර්ගයාද භක්‌ෂණය කරන නිතර කුසගින්දරින් පෙලෙන, මෛථුන සේවනය ගහනය බෝකිරීම ප්‍රධාන කර්තව්‍යය බවට පත්කරගෙන සිටින සත්වයාද මත්ස්‍යයාය. එසේම මෙම මත්ස්‍යයින්ගේ යම් යම් අවයවයන් ආශ්‍රිත දැ නවීන විද්‍යානුකූලව වාජීකරණ ඖෂධ වශයෙන් පරිවර්තනයකර වෙළෙඳපොළට යෑවෙනු අප කවුරුත්දන්නා ප්‍රකට රහසකි.

මියයන්නට ද බොහෝ සේ වෙහෙසෙන මෙම අවාසනාවන්ත සත්වයින්ගේ ශරීර ශක්‌තිය වෙනත් සතුන් හා සසඳනවිට බෙහෙවින් වැඩිය. ප්‍රජනන ශක්‌තියද ඉතාම ඉහළ මට්‌ටමකය. ප්‍රමාණ වශයෙන් බලතහොත් කුඩා ඉස්‌සා, හාල්මැස්‌සා පටන් විශාල තල්මසුන් දක්‌වා ප්‍රසූත කරන බිත්තර (දරුවන්) ප්‍රමාණය හාරදහසේ සිට මිලියන ගණනාවක්‌ දක්‌වාය. එයද වැඩිම මාස තුනකට සහ අවම සති දෙකකට වරක්‌ය.

මරණවේදනාව ශබ්දයකින් පිටකිරීමට දිවක්‌ද නොමැති මෙම සරණ වියයුතු අසරණයින් මනස උසස්‌ යෑයි කියාගන්නා මනුෂ්‍යයින්ගේ දැවැන්ත ආහාර නිෂ්පාදකයින්ය. එසේම පංච ඉන්ද්‍රියන් ආශ්‍රයෙන් රාග, ද්වේෂ, මෝහ උද්දීපනය කරවන රස තෘෂ්aණාභරිත වාජීකරණ ඖෂධ නිෂ්පාදකයන්ය. එහෙත් අසරණ ඔවුන් ඔවුන්ගේ ශක්‌තිය නොදැනම අනේක වධ බන්ධනයන්ට පාත්‍රව හුස්‌ම හිරවී මියෑදෙති. කල්තියා විකුණා ගැන්මට නොහැකිවූ ඔවුන්ගේ කුණුවූ මළ සිරුරු වේලා ප්‍රොaටීන් බහුලව ඇතැයි සිතන කරවල බවටද පත් වේ.

වැඩි වැඩියෙන් ආහාර සහ ජලය ශරීර කදම්බයට ඇතුල් කර ගැනීමේ ප්‍රතිඵලය වනුයේ වැඩි වැඩියෙන් මළ පහකර ගැනුමට අවශ්‍යවීමය. එය කිසිවිටෙකත් සිතින් පාලනය කරගත නොහැකි වේ. සියලු ශරීරවල ස්‌වභාවය එයයි. එය එසේ නොවන්නේද සුධනනි, එසේම වාජීකරණ වැඩිවැඩියෙන් ශරීර තුළට ඔබාගැනීමෙන් බවුන් වැඩීමට සිත එකඟකරගත හැකිද සැදැහැවත් බුද්ධිමත් බෞද්ධ පින්වතුනි.

මීළඟට ගොඩබිම වසන ශක්‌තියෙන් අනූන සත්වයකු වන ඌරා දෙස විමසුම් වෙමු. ඌරා කැලේ රජා නොවුණත් සිංහයා, අලියා, ව්‍යාග්‍රයා මෙන්ම නයි, පොළොන් ආදී සර්ප වර්ගද බියේ සැඟවෙන අති භයන්කාර නිල නොවන කැලේ රජා ඌරාය. සංසන්දනාත්මකව බලන විට ඌරා මැරීමට අන් සතුන්ට වඩා බෙහෙවින් වැඩි කාලයක්‌ අවශ්‍යය. ඌ එතරම් ශක්‌තිමත්ය. ඌරු මාංශ අධි වාජීකරණ ශක්‌තියෙන් යුත් මාංශ වර්ගයකි. ගහණය බෝකිරීම මෛථුන සේවනය අතින්ද ඌරාට ගොඩබිම අන් සතුන් පරාදය. මෙකී මාංශ අනුභවයෙන් හෝ වැළඳීමෙන් ඉන්ද්‍රියයන් සංසුන් වේද? උත්තේජනයවේද?

උතුම් ශ්‍රී මුඛ කරණීය මෙත්ත සූත්‍රය පරිදි ‘සන්තින්ද්‍රියෝච’ ශාන්තවූ ඉන්ද්‍රියන් ඇති දැමුනු ඉඳුරන් ඇති පුද්ගලයින් වේද? එවන් අයට සියලුල සතුන් කෙරෙහි අවංකව සිතට එකඟව මෛත්‍රිය වැඩිය හැකිද? තමන්ට ප්‍රියජනක කාමය උපදවන දර්ශනයක රාග වශයෙන් ගෙන දිගින් දිගටම එම රාග සිතුවිලිම පහළ කෙරෙන දර්ශන දැකීමට යමකු පෙළෙඹෙන්නේ නම් එය ඇස පිනවීමකි. තෘප්තිමත්වීමක්‌ කිසිදින ඇති නොවේමය. එසේම ඇස මගින් ඉතිරි සියලු ඉන්ද්‍රියන්ම නොදැමුනු තත්ත්වයට පත්කිරීම ශීලය රක්‌ෂා කිරීමට බාධාවකි. එසේම එමගින් බවුන් වැඩීම හිස්‌බවට පත්වේ.

මීළඟට පිළිවෙලින් අපා,දෙපා,සිව්පා උදාහරණ වශයෙන් කුකුලා, සාවා, ගවයා, එළුවා, බැටළුවා ආදී විශේෂ මාංශ ඉල්ලුමක්‌ ඇති තිරිසන් අපායේ භීතියෙන් දුකින් සැරිසරන සතුන් ගැනද විශ්ලේෂණාත්මකව බලමු. මොවුන්ද නොවෙනස්‌ව මෛථුන සේවනයට ඉතා ගිජු රාගාධික, සත්ව කොට්‌ඨාස වන අතර ස්‌වකීය ගහනය බෝ කිරීමද අති විශාලය.

ඉහත සියලු විග්‍රහයන් පරිදි මෙම සියලු සතුන්ගේ රාග වෛරසය රැගත් චිත්ත ආවේග නිරතුරු මුසුවන රුධිර පද්ධති සහිත මාංශ අනුභවය එකී අසීමිත රාග වෛරසය මිනිස්‌ ශරීර තුළට කාවද්දා ගැන්මක්‌ නොවේද සුධනනිෘ එසේම සතා තුළ ඇතිවන ක්‍රෝධ වෛරසය රුධිරය මගින් චිත්ත සන්තානයට ඇතුලු නොවේද? සුධනනිෘ නුවණ මෙහෙයවා බලනු මැනවි.

මළ පහ කර ගැන්මේ අවශ්‍යතා න්‍යාය අනුව ශරීරය පවත්වාගෙන යාමට අවශ්‍යතාවලට වැඩියෙන් ශරීර තුළට බලෙන් ඇතුල්කරගන්නා මාංශ ආහාරවල අධි ශක්‌ති ජනක ප්‍රොaටීන කොටස්‌ හේතුකොටගෙන ඇතිවන අධික මැඩපවත්වාගත නොහැකි අධික රාග ෙච්තනා සසරින් එගොඩවීමට සමත, විදර්ශනා වැඩීමට මොන තරම් නීවරණ බාධක වේද? යෝගාවචරයෙනි, බවුන් වඩන්නනි.

ඒ නිසාම නොවේද පටන් ගැන්මක්‌ කෙළවරක්‌ නොමැති මුල, මැද, අග නොමැති රෝදයක්‌, චක්‍රයක්‌ වන් මෙම බියකරු සංසාරයේ අප තවමත් කවදත් සිටි ස්‌ථානවල ඉදිරියට යාමක්‌ නොමැතිව නවාතැන් ගෙන සිටින්නේ. අසංඛෙය සංඛ්‍යාවක්‌ සම්බුදුවරුන් අපට මඟහැරී ඇත්තේ මෙලෙසින් නොවේද? බවුන් වඩන ගිහි පැවිදි සැදැහැවතුනිෘ නුවණ මෙහෙයවා බැලීමට ඥනාන්විත බවක්‌ ඔබට ඇත. සසරින් එගොඩවීමට යන්තදැරීම හුදු නම්බුවක්‌ විලස නොසිතන්න.

මුලු පංචඉන්ද්‍රියන්ම නොසන්සුන් වන වාජීකරණ ආහාරවලින් තොරවීම තෘෂ්ණාවෙන් තොරවීමකි. නිර්+වාණය යනුද වානය හෙවත් තෘෂ්ණාවෙන් තොරවීමය. ගිහි උපාසක සහ පැවිදි භවතුනට ලුණු වර්ග මිශ්‍රිත ආහාර පවා නොගන්නා ලෙසට සම්බුදුරදුන් උපදෙස්‌ දී ඇත්තේ කුමකටද යන්න පසක්‌ කර ගැනුම වටී.

පමණ දැන ආහාර ගැනුමටත්, ඉර අවරට ගිය පසු ආහාරවලින් තොරවිය යුතු බවටත් විනය නීති පනවා ඇත්තේ ප්‍රධාන වශයෙන් සිත් තුළට කාමුක ෙච්තනා පහලවන නිසාත්, එසේම අලසකම ඇතිවී නින්දට වැටීම සිදුවීම නිසාත් බව නැණ පමණින් වටහාගන්න.

අධිෂ්ඨානය, මෙන්ම මෛත්‍රියද සිය දිවියේ පාරමිතාවක්‌ කරගන්න. සියලුම සතහට එක සේ මහා කරුණාව පා වදාළ අපගේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ මධ්‍යම රාත්‍රියේ සිට පාන්දර යාමය තෙක්‌ දෛනිකව මහා කරුණා සමාපත්තියට සමවැදුනු සේක. මෙවන් බුද්ධානුස්‌සති භාවනාවක්‌ මෛත්‍රී භාවනාවට අමතරව දෛනිකව වැඩීමට අධිෂ්ඨාන කරගන්න.

ලිපිය අවසන් කිරීමට මෙසේ සටහන් තබමි. මිනිස්‌ දිවිය යනු තෘෂ්ණාව සහමුලින්ම අවසන් කර ආර්ය අෂ්ඨාගිංක මාර්ගය තුළින් නිර් + වාණය ළඟාකර ගත හැකි මෙලොව ජීවීන්ට ලැබිය හැකි එකම අතිශය දුර්ලභ අවස්‌ථාවය. කෙටිකාලීනව ලැබෙන උසස්‌ම භවතරණයයි.

දිව්‍ය හෝ බ්‍රහ්ම හෝ වෙනත් කිසිදු භවයකදී මෙකී ඉන්ද්‍ර‚ලයක්‌ සේ පසුපස හඹා එන භයන්කර තෘෂ්ණාව සහමුලින්ම අවසන් කළ නොහැක. ප්‍රථම සිල්පදය හෝ රැකිය නොහැකි සිව්වනක්‌ පිරිසට කිසිසේත් සසරින් එගොඩවිය නොහැක. එය මිරිඟුවක්‌ පමණක්‌ බව මෙලෙස අවධාරණය කරමු. තෙරුවන් සරණයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: