Posted by: lrrp | July 13, 2013

බුද්ධ ගයාවයි ලොව උත්තම දෙරණ බුද්ධ පුත්‍රයිනි දෙමු නිසි රැකවරණ!

කුතුබ් උද් දින් අයිබැක්‌ නම් තුර්කි මුස්‌ලිම් ආක්‍රමණිකයා 1193 දී දිල්ලි නගරය අල්ලා ගැනීමෙන් අනතුරුව බෞද්ධ ශිෂ්ඨාචාරයට ඉතාම අවාසනාවන්ත කාලයක්‌ උදාවිය. කුතුබ් උද් දින් ගේ සෙනවියකු වූ භක්‌තියාර් ඛල්ජි මගධ දේශයේ බෞද්ධ උරුමය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීය. මේ ආක්‍රමණිකයා නාලන්ද විශ්වවිද්‍යාලය විනාශ කර දැමුවේ භික්‍ෂුන් පන්දහසක්‌ ඝාතනය කර දමමිනි. ඒ ගැන ඉතිහාසයේ මෙසේ සඳහන් වෙයි.

“භක්‌තියාර් ඛල්ජි තම අශ්වාරෝහක භට පිරිසක්‌ සමඟ බිහාර නම් බලකොටුවේ දොරටුව ඉදිරියට ගියේය. සතුරාට නොදැනුවත් ම බලකොටුව අත්පත් කර ගැනීමට සිතු භක්‌තියාර් තම මුළු ශක්‌තියම යොදා දොරටුව බිඳගෙන බලකොටුවට ඇතුළු විය. ජයග්‍රාහකයෝ මහත් වස්‌තු පැහැර ගත්හ. එහි විසුවෝ හිස මුඩු කළ බ්‍රාහ්මණයෝය. (භික්‍ෂූහුය). ඒ හැම කෙනෙක්‌ම මරණු ලැබූහ. පසුව එහි තිබී විශාල පොත්පත් තොගයක්‌ සොයාගන්නා ලදී. ඒ පොත් දුටු මුස්‌ලිම්වරු ඒවායේ අඩංගු කරුණු සොයා ගැනීම සඳහා පරිවර්තකයකු සෙවූහ. එහෙත් ඒ වනවිට විහාරයේ වැසි හැම කෙනෙක්‌ම මරා අවසානය. විහාරය බලකොටුවක්‌ නොව අධ්‍යාපන ආයතනයක්‌ බව දැගත්තේ එවිටය.”

වික්‍රමශීලා විශ්වවිද්‍යාලයද විනාශකර දැමුවේ මේ ඛල්ජිගේ අශ්වාරෝහක බල ඇණිය විසිනි.

මේ ආක්‍රමණිකයෝ මහාබෝධි විහාරයද සම්පූර්ණයෙන් විනාශකර දැමූහ. මුස්‌ලිම් ආක්‍රමණිකයන්ගෙන් බේරා ගැනීමට මේ විහාරය පස්‌වලින් වසාදමන ලදැයි තවත් කතාවක කියෑවෙයි.

වසර 800 කට පමණ පසු නැවතත් බුද්ධගයා මහාබෝධි විහාරයට මුස්‌ලිම් ආක්‍රමණිකයන්ගේ ප්‍රහාර එල්ල විය. ඇත්තෙන්ම මේ ප්‍රහාරය ලොවපුරා වෙසෙන කෝටි 35 කට අධික බෞද්ධ ජනතාවගේ අධ්‍යාත්මයට එල්ල කළ ප්‍රහාරයක්‌ විය. ඛල්ජිගේ අනුප්‍රාප්තිකයෝ ඉන්දියන් මුජහිඩීන්වරු ලෙසින් පැමිණ මහාබෝධි විහාරයෙත් ඒ අවටත් බෝම්බ දහතුනක්‌ තැන්පත් කළහ. උර්දු බසින් හා ඉංග්‍රීසි බසින් මේවා තැන්පත් කළ යුතු ස්‌ථාන සටහන් කර තිබිණි. බෝම්බ නමයක්‌ ඉකුත් ඉරිදා උදැසන 5.25 ත් 5.58 අතර පුපුරා ගියේය. අනෙක්‌ බෝම්බ හතර පුපුරා නොගියේ බුද්ධගයාව ප්‍රදේශයේ අළුයම කාලයේ පවතින අධික ශීත දේශගුණය නිසාය. මෙම බෝම්බ කුඩා ගෑස්‌ ටැංකි යොදා සකස්‌ කර තිබිණි.

ඉන්දීය ස්‌වදේශ කටයුතු ඇමැති සුසිල් කුමාර් ශින්ඩේ ප්‍රකාශ කරන්නේ මේ සෑම බෝම්බයක්‌ම පස්‌වරු 5.30 ට පුපුරායැමට සකස්‌කර තිබූ බවයි. ජයශ්‍රීමහා බෝධින් වහන්සේ අසල පිහිටි වජ්‍රාසනය ඉදිරිපිටත් බෝම්බයක්‌ පුපුරාගිය අතර අනිමිසලෝචන චෛත්‍යය අසලද බෝම්බයක්‌ පුපුරා ගියේය. බුදුන්වහන්සේ සතියක්‌ ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙළා බලා සිටිමින් කෘතගුණ සැලකීම ගැන ලොවටම ආදර්ශයක්‌ ලබාදුන් ස්‌ථානයේද බෝම්බ තැබූ ත්‍රස්‌තවාදීහු තම කෲරත්වය ගැන යළිත් ලොවට ආදර්ශ ලබාදුන්හ. මහාබෝධි විහාර සංකීර්ණය ඇතුළත බෝම්බ හතරක්‌ පුපුරාගොස්‌ තිබිණි.

මේ ප්‍රහාරයෙන් බුරුම භික්‍ෂුන් වහන්සේ නමක්‌ හා ටිබෙට්‌ භික්‍ෂුන්වහන්සේ නමක්‌ තුවාල ලබා තිබිණි. උන්වහන්සේලාගේ සිරුරෙන් ගලාගිය ලේවලින් බුද්ධගයා පුදබිම තෙත්ව තිබූ අයුරු ඉන්දීය මාධ්‍ය විසින් නිකුත්කළ ඡායාරූපවල සටහන්ව තිබිණි. ‘සියලු පව් නොකරන්න, කුසල් රැස්‌කරන්න, සියලු ඉන්ද්‍රියන් දමනය කරන්න, එය සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි’ යන්න දේශීත ස්‌ථානය අන්තවාදී උමතු ප්‍රහාරකයන්ගේ ගොදුරු බිමක්‌ විය.

අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවේ බුද්ධාගම නැවත නඟා සිටුවීමට දැවැන්ත කාර්යභාරයක්‌ ඉටුකළ බෝධිසත්ව ගුණෝපේත චරිතයකි. එතුමා නැතිනම් භාරතයේ කිසිම බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ සුරැකෙන්නේ නැත. ඒ ඉතිහාසය ගැන යළිත් සටහන් කිරීම අවශ්‍ය නොවන්නේ සිංහල බෞද්ධයෝ මේ ගැන හොඳින් දන්නා නිසාය. ධර්මපාලතුමා මුලින්ම බුද්ධගයාවට ගියේ 1891 ජනවාරි 22 වැනිදාය. මුලින්ම මේ පුදබිමට ගිය අවස්‌ථාවේ එතුමාගේ හද කම්පාවිය. ලෝකයටම උතුම් මේ පුදබිම ශ්‍රේෂ්ඨ බෞද්ධ උරුමය හින්දු දේවාලයක්‌ බවට පත්ව තිබීම එතුමාගේ සිංහල ලේ කකියවන්නක්‌ විය.

වජ්‍රාසනයේ හිස තබා වන්දනා කළ මොහොතේම මේ උතුම් භූමිය නැවත බෞද්ධයන්ට දිනාදීමට කටයුතු කළ යුතු බවට තමා තුළ අධිෂ්ඨානයක්‌ පහළ වූ බව ධර්මපාල තුමා පවසා තිබිණි. ඇත්තෙන්ම ඉකුත් ඉරිදා සිදුවූ ප්‍රහාරය දුටුවානම් ධර්මපාලතුමාගේ හද කම්පනය වනු ඇත. එතුමා කඳුළු සලනු ඇත. මහන්තාගේ විනාශයටත් වඩා විනාශයක්‌ මේ ත්‍රස්‌ත පිරිස්‌ විසින් සිදුකර ඇතිබව පැහැදිලිය. ඔවුහු මේ උතුම් පුදබිම බෞද්ධ ලෙයින් තෙත් කළහ.

බුද්ධගයා පුදබිමට ප්‍රහාරයක්‌ එල්ල විය හැකි බවට දිල්ලි පොලිසිය මගින් 2012 වසරේදීම බිහාර් ප්‍රාන්ත බලධාරීන් දැනුවත්කර තිබුණද නිටිෂ් කුමාර්ගේ ප්‍රාන්ත ආණ්‌ඩුව මේ ගැන තැකීමක්‌ කර නැති බව පැහැදිලිය. එරට ප්‍රධාන විපක්‍ෂය වන භාරතීය ජනතා පක්‍ෂය මේ ප්‍රහාරය ගැන සම්පූර්ණ චෝදනාව එල්ල කරන්නේ කොංග්‍රස්‌ ආණ්‌ඩුවටය. මන්මෝහන් සින් ආණ්‌ඩුව ඡන්දය බලාගෙන දේශපාලනය කිරීම නිසා රටේ ජාතික ආරක්‍ෂාව අර්බුදයට ලක්‌ව ඇතිබව භාරතීය ජනතා පක්‍ෂයේ සභාපති දිග්විඡේ සින් ප්‍රකාශ කර තිබිණි.

මීට මාස කිහිපයකට පෙර එනම් 2012 සැප්තැම්බර් 26 වැනිදා දකුණු දිල්ලියේදී 33 හැවිරිදි අසාඩ් ඛාන් හා 31 හැවිරිදි ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගනු ලැබූ අතර එයින් දින තුනකට පසු සයිඩ් ෙµaරෝස්‌ දිල්ලි පොලිසියේ ග්‍රහණයට හසුවිය. තමන් බුද්ධගයාවට ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහා සූදානම් වන බව මුලින්ම හෙළිකළේ මොවුන්ය. ඉන්දියන් මුජහිඩීන් සාමාජිකයන් වන මොවුන් දකුණු ආසියාවේ මහන්මත්තුමාගේ රාජ්‍යයක්‌ වෙනුවෙන් සටන් කරති. එම නිසාම මහන්මත්තුමාගේ රාජ්‍යය ඉදිකිරීම වෙනුවෙන් බුදුන් බුද්ධත්වයට පත්වූ භූමියේත් මේ අන්තවාදීහු බෝම්බ පිපුරූහ. බුරුමයේ රෝහින්යා මුස්‌ලිම්වරුන්ට සිදුවන අකටයුතුකම්වලට එරෙහිව මේ ප්‍රහාරය එල්ල වූවාය යන්න එක්‌ මතයකි. මේ වසරේ ජනවාරි මාසයේදී රෝ ඔත්තු සේවය එරට රජයේ ප්‍රධානීන්ට දන්වා සිටියේ ලක්‌ෂාර් ඊ ටයිබා සංවිධානය රොහින්යා මුස්‌ලිම්වරු හා එක්‌ව බුරුම රජයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා ත්‍රස්‌ත සංවිධානයක්‌ ගොඩනඟමින් සිටින බවය. ජමාන් උල් අරකාන් නම් මේ සංවිධානයේ පුහුණු කඳවුරු බංගලාදේශයේ බණ්‌ඩාරඛාන් දිස්‌ත්‍රික්‌කයේ පවත්වාගෙන යන බවට රෝ සංවිධානයට තොරතුරු ලැබී තිබිණි.

බුරුම ප්‍රශ්නය වේවා අන්කවර ප්‍රශ්නයක්‌ වේවා ඒ කවරක්‌ වෙතත් බුද්ධගයා පුණ්‍ය භූමියට යොදා තිබූ ආරක්‍ෂාවේ අඩු ලුහුඬුකම් නිසා මේ ප්‍රහාරය එල්ල කිරීමට හැකිවූ බව නම් රහසක්‌ නොවේ. උණපොලු තබාගෙන සිටින වියපත් ඉන්දීය පොලිස්‌ නිලධාරින්ට මේ ලෝක උරුමය ආරක්‍ෂා කළ නොහැකිය. එසේ නොවන්නේ නම් අඩි 80 ක්‌ උස ජපන් බුදු පිළිමයේ අඩි 20 ක්‌ උසින් බෝම්බයක්‌ තැබීමට ත්‍රස්‌තවාදීන්ට හැකිවන්නේ නැත, එම බෝම්බය තබන්නට ඉනිමගක්‌ උපයෝගීකර ගත යුතුය. නමුත් මේ බෝම්බය තබනවා දුටු කිසිවෙක්‌ මෙතෙක්‌ හමුවී නොමැත. වාසනාවට එම බොම්බය පුපුරාගියේ නැත. මේ බෝම්බ පස්‌වරු 5.30 පුපුරාගියේ නම් සිදුවන විනාශය කිව නොහැක. මන්ද සවස්‌ යාමයේ මහාබෝධි පුදබිම බැතිමතුන්ගෙන් පිරී යයි. එය බුද්ධ පූජාව තබන වෙලාවයි. බුදුන්ගේ ආනුභාවය නිසාම ත්‍රස්‌ත බෝම්බ කලින්ම පුපුරා ගියේය. හැකිනම් මේ පුදබිමේ සියගණන් මැරී ඇද වැටෙනු ඇත.

ඉන්දියන් මුජහඩීන්වරු ට්‌විටර් වෙබ් අඩවිය මගින් මේ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය කියයි. මුජහිඩීන්වරු පවසා ඇත්තේ තම ඊළඟ ඉලක්‌කය මුම්බාය බවත් ඒ ප්‍රහාරය හැකි නම් නවත්වන ලෙසත්ය. කොංග්‍රස්‌ පක්‍ෂ නායිකා සෝනියා ගාන්ධි හා ස්‌වදේශ කටයුතු ඇමැති සුශිල් ශින්ඩේ ඉකුත් බදාදා සවස්‌ යාමයේ බුද්ධගයා පුදබිමට පැමිණ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුනහ. මෙහිදී ඉන්දීය ස්‌වදේශ කටයුතු ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ මධ්‍යම රාත්‍රියේ මෙම බෝම්බ සවිකර ඇති බවත් ඒවා තුළට ඇන හා බයිසිකල් බෝල යොදා තිබුණු බවත්ය.

බයිසිකල් බෝල හා ඇන යොදා බෝම්බ තනා මේ අන්තවාදීහු බෞද්ධයන් ඝාතනය කරන්නට උත්සහ කළ බව පැහැදිලිය. එදා තලේබාන්වරු 2001 මාර්තු මාසයේදී ඩයිනමයිට්‌ යොදා බාමියන් බුද්ධ ප්‍රතිමා පුපුරුවා දැමූහ. එකඇසක්‌ නැති තලේබාන් නායක මුල්ලා ඕමාර්ගේ අණින් මේ පිළිම විනාශ කෙරිණි. 2012 සැප්තැම්බර් මාසයේදී බංගලාදේශයේ රාමු ප්‍රදේශයේ පන්සල් 11 ක්‌ ගිනි තබා විනාශ කෙරුනේ “අල්ලාහු අක්‌බාර්” යනුවෙන් කෑගසමින්ය. ඒ අතර වසර 300 වඩා පැරණි පන්සල් කිහිපයක්‌ද විය. මෝගල් ආක්‍රමණය යළිත් බෞද්ධයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතී. ඉන්දීය රජය වහාම මේ ශ්‍රේෂ්ඨ බෞද්ධ පුරා වස්‌තු පූජණීය ස්‌ථාන ආරක්‍ෂා කිරීමට කටයුතු කළ යුතුය, නැත්නම් ඒවා ආරක්‍ෂා කිරීමේ වගකීම බෞද්ධයන්ට හෝ බෞද්ධ රටවලට පැවරිය යුතුය. එදා භක්‌තියාර් ඛල්ජිගේ අශ්වාරෝහක හමුදාව මෙන්ම අදත් බෞද්ධ ශිෂ්ටාචාරය විනාශ කරන්නට අන්තවාදීහු කැසකවති. මෙයට ඉඩදිය යුතුද? මේ ඇවිලෙන්නේ ශිsෂ්ටාචාරයේ ගැටුමද?


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: