Posted by: lrrp | July 19, 2013

තමා සතු එකම සළුව බුදුරදුන්ට පුදා බමුණා රජ ඉසුරු ලබයි!

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යනාදී සතර ආර්ය බ්‍රහ්ම විහරණයෙන් ලෝක සත්ත්වයාහට අප්‍රමාණ ශාන්තියක්‌ සලසා දෙමින් ලෝකනාථ අංගීරස මහා මුනීන්ද්‍රයාණෝ සකල ලෝක ලෝචනායමාන මානනීය පුණ්‍යකාමී, භාග්‍ය සාදනී, ශ්‍රද්ධා භක්‌තිකයන්ගේ ශ්‍රද්ධාව වඩවාලමින් රාත්‍රි ස්‌ථාන දිවාස්‌ථාන තන්හි තන්හි සුපේෂල අයුරින් පිහිටියා වූ බණ භාවනාවට සුසාධ්‍ය ලෙසින් බිහිකළා වූ පරම රමණීය තරුවරාභිරාම, නන්දනවනාභිරාම ඡේතවනාරාමයෙහි එකල් හි වැඩ වසන්නාහු වෙති.

මවුපියන් සශ්‍රීක දිවිපෙවෙතක්‌ ගෙන ගියද ඔවුන්ගේ ඇවෑමෙන් පරිභෝග උපභෝග වස්‌තුවෙන් දිළිඳුව ගියාවූ එක්‌තරා බමුණු කෙනෙක්‌ හා ඔහුගේ භාර්යා බමුණු කාන්තාවක එදවස්‌හි ඡේතවනාරාම පූජා භූමියට සමීපස්‌ථ පසල් දනව්වක දිවි ගෙවන්නාහුය. මෙකී බමුණු දෙමාල්ලන්ටම උඩුකය වසා පෙරවාගෙන ගෙදරින් බැහැරට යැමට ඔවුන් සන්තකයට තැබුණේ එකම උතුරු සළුවක්‌ බැවින් එක්‌සළු බමුණා නමින් එගම් වැසියෝ ඔහු හඳුන්වන්නා හුය. බමුණු තෙම ගෙයින් බැහැරට යන්නේ එම උතුරු සළුව පෙරවා දරාගෙනය. එවිට බැමිණි තොමෝ නිවසේ රඳති. බැමිණි කාන්තාව ගෙයින් බැහැරට යන කල්හි එකී සළුවම පෙරවා සැරැසී මහ මගට බසින්නී ය. එවිට බමුණු තුමූ නිවසේ රඳති. ඔවුන් මෙපරිද්දෙන් දවසරිනා කල්හි තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ ඡේතවනාරාමයේ වැඩ හිඳිමින් ලෝක සත්ත්වයාට අමා මහ නිවන් මඟට මඟ හෙළි කරමින් දිව්‍ය බ්‍රහ්ම ආර්ය ඉරියාපථ විහරණයෙන් දවසරිමින් දහම් දෙසන සේක. ඒ වග ආරංචි මාර්ගයෙන් ශ්‍රොaතෘ වැ (අසාගෙන) බමුණාණෝ එම සළුව පෙරවාගෙන සවස්‌ යාමයේ ධර්ම ශ්‍රවණය සඳහා එකලාව ඡේතවනාරාමයට යන්නාහ. බමුණා උදාසමයේ ගෙදර රඳන විට බැමිණිය උතුරු සළුව දරාගෙන ගෙයින් බැහැරගොස්‌ ඡේතවනාරාමයෙන් ධර්ම දේශනා ශ්‍රවණයට අභිරුචි වූවාය.

ඉනික්‌බිති එක්‌තරා දිනක්‌ හි අසම සම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතිමධුර ප්‍රනීත සෙයHdවෙන් ධර්මය දේශනා කරනා කල ඒ අභිමුඛ ඈඳිගෙන සිටියා වූ එක්‌සළු බමුණා අතිශය චිත්ත ප්‍රසාදයට පත්ව අහෝ මෙතරම් වූ මිහිරි ධර්මය දේශනා කරන මෙවන් වූ පින්වත් වූ බුදුරජාණන් වහන්සේට මා අතින් දනක්‌ පැනිත්තක්‌ වතක්‌ පිදීමට තබා වත්පොහොසත්කම්වලින් හීනව දුබලව ගිය සැටි එබැවින් පෙරවා ගෙන සිටින උතුරු සළුව හැර පූජාවට තරම් වන්නා වූ තවත් යම් දෙයක්‌ මා සතුව නැත්තේය. මෙම සළුව පුදමියි එක්‌සළු බමුණු සිතූහ. එහෙත් මෙම සළුව බුදු හිමිට පිදුවොත් හෙට බැමිණිය ගෙයින් පිටතට එන්නේ කවර ලෙසටද? බිරිඳටත් මටත් යන දෙදෙනාටම සතුව ඇත්තේ මෙකී ඒකසළුව පමණි. එබැවින් මෙය පූජා කළ හැකිද? නොහැකිද? යන සිතිවිලි ධාරාව හිත පුරා පැවැතියේ රාත්‍රි භාගයේ පූර්ව යාමය ද ඉක්‌ම ගියේය. ක්‍ෂණයක්‌ පාසා සිත තුළ පහළ වන දාන ෙච්තනාව එලෙසම සිතට නැගි නැගි එන්නා වූ මච්ඡරි ෙච්තනාව ප්‍රබලත්වයට පත් වෙද්දී පූජා චිත්තය දුර්වර්ණ වන්නේ ය. කෙමෙන් කෙමෙන් කාලය ගෙවී ගියේ රාත්‍රි මධ්‍යම යාමය ද මෙකී උභය ෙච්තනාවෙන් සිත මිරිකෙද්දී ගෙවී ගියා වන. ඉනිබ හාත්පස අරුණාලෝකය විසිරී වනගොමු හිස පිරිමදිමින් අලුයම් වූ යාමය. එළඹෙද්දී ශ්‍රද්ධා චිත්තය ආරා ගොස්‌ එක්‌සිත්හි පිහිටා සළුව පුද දෙමින් බලවත් ලෙසින් චිත්ත ප්‍රමෝදයට පත්ව ” මම දිනුවෙමි. මම දිනුවෙමි” යි මහත් ලෙස ප්‍රසාද හඬ නැංවීය.

මිනිස්‌ ලෙව්හි ඉපිද අතිශය දුෂ්කර වූ දානමය කටයුත්තක්‌ මවිසින් සිදු කළේය යන සිතින් නැඟු හඬ ඝෝෂාව ආර්ය ධර්ම සභා මණ්‌ඩපයෙහි පැතිර යද්දී දූතයන් මාර්ගයෙන් කෝසල රාජධානාධිපති කොසොල් මහ රඡ්ජුරුවන්ගේ සවන් වෙතට වැටී උහුද පැහැද ඉතාම අසීරු පුණ්‍ය ක්‍රියාවක්‌ කැර සිත පැහැදගත් බමුණු පුරුෂයා රජ මැඳුරට ගෙන්වා ඌට උපකාර ලෙස සළුපිළි සඟලක්‌ දුන්නේය. ඒකසළු බමුණු තෙම එම සළු සඟලද නිර්ලෝභීව බුදුරජාණන් වහන්සේට පූජා කළේය. එය අසා සතුටට පත් වූ කොසොල් මහ රජහු මූ නම් මහා පුණ්‍යකාමි පුරුෂයෙකැයි සිතා පිළිසළු සතරක්‌ දුන්හ. ඒකසළු බමුණා එයද බුදුනට පිදූ කල්හි අටක්‌, දහසයක්‌ වශයෙන් ලැබෙද්දී ලැබෙන ලැබෙන සළු බුදුහිමියන්ට පිදූ අවස්‌ථාවේ වැඩි වැඩියෙන් සළු ලැබේ යෑයි හීන ආධ්‍යාශයෙන් මෙලෙස ” ලැබෙන ලැබෙන සියල්ල බුදුහිමිට පූජා කරන්නේ යෑයි රඡ්ජුරුවන් වහන්සේ සිතිවිලි උපදවා ගතහොත් එය තමා මෙතෙක්‌ කළ පුණ්‍ය සම්භාරයටත් තම චිත්ත පාරිශුද්ධ භාවයටත් ඒකාන්තයෙන් සිද්ධ වන්නේ අපවිත්‍ර හානියකැයි අදහාගෙන අවසනැ ලැබූ සූසැටක්‌ තරම් සංඛ්‍යාවකින් සළු දෙකක්‌ බැමිණියටත් දෙකක්‌ තමාටත් රඳවාගෙන සැටක්‌ම බුදුහිමිට පූජා කැරලා චිත්ත ප්‍රසාදය වඩවා ගත්තේ ය. මේ බැව් ඇසූ රජහු පින් කැමැත්තේ ඒ සිත පසු පසම ගොස්‌ ලද අවසරයෙන් බමුණා රාජමාළිගාවට කැඳවාලා ලක්‍ෂය බැගින් වටිනා පිළිසළු සඟාලක්‌ ඔහුට දෙවීය. එයින් අප්‍රමාණ සෙයින් තුටුපහටු සිතින් බමුණාණෝ මේසා වටනා මහානර්ඝ වූ පිළී මාගේ අපවිත්‍ර දුඹුල් ශරීරයට කිසි ලෙසකින්වත් නුසුදුසුම ය. එයද සුදුසු වන්නේ සකල ජනානන්ද කරවූ බුදු පාමොක්‌ මහ සඟනටම වේදැයි එකැවර මැ සිතා ඉන් එකක්‌ චන්ද්‍රිකායමාන ත්‍රිභූවන චූඩාමාණික්‍යයක්‌ බඳු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසාමාන්‍ය වූ බුද්ධ විලාශයෙන් වැඩ වසනා ගඳ කිළියේ උඩු වියනක්‌ සෙයින් බඳවා ලූහ. ඉතිරි වූ අනෙක්‌ සළුව තම නිවසට වඩනා ආර්යයන් වහන්සේලා දන් වැළැඳීම් වස්‌ වැඩ හිඳිනා ස්‌ථානයෙහි උඩුවියනක්‌ පරිදි පිහිටන අයුරින් බඳවා විචිත්‍ර කැරවීය.

මෙම සියලු කාරණා තත් වූ ලෙසටම දැනගත් කොසොල් රඡ්ජුරුවෝ අතිශයින් සොම්නස්‌ව ඒකසළු බමුණා මාළිගාවට කැඳවාලා ඇතුන්, අසුන්, සුරූපී මාගමුන්, දාසයන්, දාසියන් සතර සතර බැඟින් ද, කහවනු සාරලක්‍ෂයක්‌ද, ගම්වර සතරක්‌ ද යනාදී මිනිසුන් පරිභෝජනයට ගන්නා වස්‌තු සම්පත් සියලු දැයින් සතර සතර ගානේ දෙවීය.

එකල්හි ඡේතවනාරාම පූජා භූමියෙහි පිහිටි සද්ධර්ම මණ්‌ඩපයේ වැඩ සිටිනා ධර්මකාමී භික්‌ෂූන් වහන්සේලා ඔවුනොවුන් කථෝපකථනයෙහි යෙදෙන සේක්‌ නිවසින් බැහැරට යැමට එක්‌ උතුරු සළුවක්‌ පමණක්‌ අයිතිව තුබූ දුප්පත්ව සිටියා වූ ඒකසළු බමුණු තෙම බුදුරජාණන් වහන්සේට තමා සතු එකම සළුව සුපිරිසිදු පවිත්‍ර දාන ෙච්තනාවෙන් පුදා අප්‍රමාණ රාජ ඉසුරු සැප සම්පත් ශුභාශිංසන මෙලොව දී ලද්දාහ. ලොවුතුරා බුද්ධ ගුණය නම් ඉතා ආශ්චර්ය වන්නේ යෑයි බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණ කදම්භය වර්ණනා කොට ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වූහ.

එකල්හි බුදුහු ශ්‍රී ගන්ධකුටියෙහි වැඩහුන් සේක්‌ දම්සභා මණ්‌ඩපයෙහි පැවැතියා වූ කථෝපකථනය දිව්‍ය ශ්‍රොaතයෙන් අසාගෙන වදාරා අතෝපමෙයH වූ රන්වන් වූ බුද්ධ ශරීරය බඳුවදමල් ඇතිරියක්‌ බඳු වූ සුගත් පොරෝනා චීවරයෙන් ත්‍රිමණ්‌ඩල පටිච්ජාදන (පෙකණිය, දෙදණ යන තුන් ස්‌ථානය වැසෙන සේ) ආකාරයෙන් ශරීරය වසාගෙන බුද්ධ විලාශය සිව් දිශා අඳවමින් දම්සභා මණ්‌ඩපයට වැඩමවා වදාරා පනවන ලද්දා වූ ධර්මාසන මස්‌තකයෙහි පලක්‌ බැඳ වැඩ හිඳ මහණෙනි, මා එන්නට පූර්ව භාගයෙහි කිනම්, වූ කතාවකින් යුක්‌තව උනුදැයි විචාරා එබසට භික්‌ෂූන් වහන්සේලා විසින් ස්‌වාමීනි, තථාගතයන් වහන්ස, නුඹවහන්සේ කථාවට නුසුදුසුයෑයි වදාළ දෙතිස්‌ කථාවන් අතරෙන් එකදු කතාවකින්වත් යුක්‌තව උනුමෝ නොවම්හ. ඉතා දරිද්‍රතාවෙන් පෙළෙමින් හුන් ඒක සළු බමුණා තම සන්තක එකම උතුරු සාටක සළුව බුදුරජාණන් වහන්සේට පිනට පුදා අනේකවිධ රාජ ඉසුරු සම්පත් මෙලොවදීම රඡ්ජුරුවන්ගෙන් ලද නියාව කිය කියා උනුම්හයි දැන් වූ කල්හි මහණෙනි, ඒ බමුණා එදින පෙරයම සළුව පිදුවේ නම් සියල්ලෙන්ම මෙලොව දී සොළොස බැගින් ලබන්නට ඉඩ ඇතිවිය හැකි බවත්, මැදුම් යම පිදුවේ නම් සියලු දේ අට බැගින් ලබන්නට හැකි වන බවත් වදාළ සේක.

තවද මහණෙනි, යම් තැනැත්තෙක්‌ දානයක්‌ පිරිනැමීමට, ශීලයෙහි පිහිටීමට භාවනානුයෝගී ජීවිතයක්‌ ගත කිරීමට යන මෙකී කුමන හෝ කටයුත්තක්‌ සිදුකිරීමට ශ්‍රද්ධාශීලී චින්තනය පෙරටුගාමීව යම් වූ අරමුණ මසුරු සිත ඉදිරිපත්ව නැති බැරිකම, පසුවට, පොහොසත් වූ විටෙක, විවේක ලද විටෙක යනාදී ආකාරයෙන් යම් හේතුවක්‌ පෙරට දමා කුශලයට පසුබට වීම ලැබෙන විපාක පිරිහී යැමට, දුර්වල වීමට කාරණා වන්නේය. එබැවින් නොපසුබස්‌නා වීර්යය ගෙන නුවණින් පින් වත්හි හැසිරීම ලොව්තුරා කුශල සැප ලැබීමට හේතු වන්නේ යෑයි උන්වහන්සේ දහම් කතා පැවැත්වූ සේක.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: