Posted by: lrrp | July 19, 2013

වැගුරුණු කඳුළු සිව් මහ සයුරටද වැඩි තරම්

මෙලොව පහලවූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නයවූ ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් වූ සූත්‍ර දේශනාවක්‌ ඔස්‌සේ, පින්වත්වූ ඔබට සුපසන් වූ දහම් පෙළක්‌ ඉදිරිපත් කරන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාමයෙහි වැඩ වෙසෙති. භික්‌ෂුන් වහන්සේලා අමතා මෙසේ දේශනා කරති.

‘අනමතග්ගෝයං භික්‌ඛවේ සංසාරෝ, පුබ්බාකෝටි න පඤ්ඤායති. අවිඡ්ජා නීවරණනං සත්තානං තණ්‌හා සංයෝජනානං සන්ධාවතං සංඝරතං. දීඝරත්තං වො භික්‌ඛවෙ දුක්‌ඛං පච්චනුභූතං’ . ‘මහණෙනි, මේ සසර කෙළවරක්‌ නැතිය. පූර්වාන්තයක්‌ හෙවත් ආරම්භයක්‌ නොපෙනේ. අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳී සසරෙහි දුවගෙන යති. සැරිසරති. මහණෙනි, දීර්ඝ කාලයක්‌ නුඹලා දුක්‌විඳින ලදහ. ඒ කුමක්‌ නිසාදැයි සිතන්නේද? මේ දිගු කලක්‌ පටන් දිවෙන සැරිසරන සසරෙහි අමනාපයන් සමග එක්‌වීමෙන් සහ මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන වැළපෙන නුඹලාගේ වැගුරුණු කඳුළු සිව්මහා සමුදුරෙහි ජලයටත් වඩා වැඩිය.

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද එම උතුම් වූ දහම් පෙළ, අනෙකුත් සූත්‍ර දේශනා ද ඇසුරුකරගෙන විමසා බලමු. ‘අනමතග්ග’ නම් වූ වචනයෙන් ‘කෙළවරක්‌ නැති’ සහ ‘කෙළවරක්‌ සොයන්නට අපහසු’ යන අදහසම ගම්‍ය වෙයි. භාග්‍යවතුන් වහන්සේ,සම්මා සම්බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව උදානය ලෙස දේශනා කළ ‘අනේක ජාති සංසාරං’ ගාථා රත්නයෙහි මේ සසරෙහි කෙළවරක්‌ නොමැතිව ඉපදෙමින් පැමිණි බව සඳහන් විය. සම්මා සම්බුද්ධත්වයට පෙරාතුව ලැබූ පුබ්බේනිවාසානුසස්‌සති සහ චූතූපපාත ඤාණයන්ගෙන් උන්වහන්සේ අවබෝධකරගනු ලැබුවේ තමන් වහන්සේගේ සහ සියලු සත්වයන්ගේ චුති හා උපත් පිළිබඳවයි. කෙළවරක්‌ දකින්නට අපහසු සසර ගමනෙහි සියලු සත්වයෝම වැඩිපුරම සතර අපායෙහි ඉපිද අනන්ත, අනේක විධ දුක්‌විඳි ඇති බව සහ දුක්‌විඳින බව දුටුහ. සසරෙහි බියකරු බව මැනවින් දුටුහ.

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද තිණකට්‌ඨ, පඨවි, මාතුථඤ්ඤ, පබ්බත, සාස්‍ය, සාවක, ගංගා, දණ්‌ඩ, ඒකපුග්ගල ආදී අනමතග්ග සංයුත්තයේ සඳහන් සෑම සූත්‍ර දේශනාවකින්ම මෙම සසරෙහි කෙළවරක්‌ දකින්නට අපහසු සසර පිළිබඳ පෙන්වාදී ඇත්තේය. තිණකට්‌ඨ සූත්‍ර දේශනාවේ සඳහ

ගබපන් නිදසුන මෙහිදී උපකාරක ධර්මයක්‌ කරගනිමු.

‘මහණෙනි, යම් සේ පුරුෂයෙක්‌ මේ දඹදිව, යම්තාක්‌ තෘණ, දඬු, අතුකොළ වේ නම්, එය කපා එක්‌ රැස්‌ කරන්නේද,එක්‌රැස්‌ කොට සතර අඟල්, සතර අඟල් බවට කපා ‘මේ මාගේ මවය, මේ මාගේ ඒ මවගේ මවය යෑයි පවසමින් තබන්නේද, මහණෙනි, ඒ පුරුෂයාගේ මව් පරපුර අවසන් නොවන්නාහුම වන්නාහ. නමුත් මේ දඹදිව තෘණ, දඬු, අතුකොළ අවසන්වීමට යන්නේය. ඒ කවර හේතුවක්‌ නිසාද? මහණෙනි, මේ සසර කෙළවරක්‌ නැතිය. එහෙයින් අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු සසරෙහි දිවෙන, සැරිසරන සත්වයන්ගේ පූර්වාන්තයක්‌ නොපෙනේ.

භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් පැහැදිලි කොට දේශනා කරති. ‘මහණෙනි, (භික්‌ෂු, භික්‌ෂුණී, උපාසක-උපාසිකා නම් වූ සිවු පිරිස වෙතටමය) මෙසේ නුඹලා විසින් දිගුකලක්‌ දුක්‌විඳින ලදී. තියුණු ලෙස දුක්‌විඳින ලදී. ව්‍යසනයන්ට හසුව දුක්‌විඳින ලදී. නුඹලාගේ මියෑදුනු සිරුරුවලින් මහ පොළොව සොහොනක්‌ කොට වඩනා ලදී. මහණෙනි, එහෙයින් සියලු සංස්‌කාරයන්හි කළකිරෙන්නට නිසිමය. නොඇලෙන්නට නිසිමය. මිදෙන්නට නිසිමය.’

‘අවිඡ්ජා නීවරණානං සත්තානං තණ්‌හා සංයෝජනානං’ නම්වූ පෙළ පැහැදිලි කරගත යුතුය. අවිද්‍යාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැසීම නිසා, අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයෝ තෘෂ්ණාවෙන් සසරට බැඳෙති. මෙහි අවිද්‍යාව යනු අනිච්ච, දුක්‌ඛ, අනාත්ම නම්වූ ත්‍රිලක්‌ෂණ ධර්මය අවබෝධ නොකර ගැනීමයි. චතුරාර්යය සත්‍ය ධර්මය කෙරේ ඇති අනවබෝධයයි. සවිඤ්Æණක හෝ අවිඤ්Æණක හෝ වේවා එම සියලු වස්‌තූහු අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයට යටත් බව අවබෝධයෙන් දකින විට රාගාදී කෙලෙස්‌වලට ඇති අවස්‌ථාව අඩුවෙන්නට පටන් ගනී. ඇස ආදී ඉන්ද්‍රියයන්ගෙන් රූපාදී අරමුණු ගන්නා විට පරමාර්ථ ධර්මයෙහි පිහිටා දකින්නට මනස සකස්‌ වෙයි. එනම් සීලයෙහිපිහිටා, සම්මුතියට අනුව ‘මම, මගේ’ යෑයි පරිහරණය කළත්, පරමාර්ථ ධර්මයට අනුව ඒ මේ සියල්ලම අනිත්‍ය බවත් දැනෙන්නට වෙයි. යමක්‌ අනිත්‍ය නම්. එහි දුක හටගන්නා බවත්, එසේ දුක හටගන්නෙ ස්‌ථිර වූ ආත්මයක්‌ හෝ පැවැත්මක්‌ නොවන නිසා බවටත් අවබෝධයෙන්ම දැකගැනීමයි. ‘චක්‌ඛුං අනත්තා, රූප අනත්තා, චක්‌ඛු විඤ්ඤාණං අනත්තා’ ආදී වශයෙන් ඇසද, ඇසෙන් අරමුණු ලබන්නා වූ රූපද, චක්‌ඛු විඤ්Æණයද අනිත්‍ය ලෙස ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැක ඇත. මෙය ‘උදයත්ථගාමිනියා පඤ්ඤ’ නම් තැනය. මේ නිසා රාග (ඇලීම, දොaස (ගැටීම), මෝහ (මුලාව) නම් වූ කෙලෙස්‌ මුල්කරගෙන හටගන්නාවූ තණ්‌හා නම්වූ තෘෂ්ණාව නිරෝධයට එනම් නැතිව යාමට පත්වෙයි. තෘෂ්ණාව ප්‍රහාණය වූ විට සසරට බැඳීමක්‌ නැත. එය ‘‚ණා ජාති’ යෑයි සඳහන් කළ අයුරින් ජාතිය හෙවත් ඉපදීම නැතිවීමය. මේ ඉතාමත් සාරාංශකොට දැක්‌වූයේ අවිද්‍යාවෙන් ගැළවීම හෙවත් විද්‍යාවට පැමිණීමයි.

එනමුත්, අවිද්‍යාවෙන් යුතු අශ්‍රැතවත් පෘථග්ජන සත්වයෝ රාගාදී කෙලෙස්‌ උපදවාගෙන තෘෂ්ණාවෙන් සසරට බැඳී, දීර්ඝ කාලයක්‌ පුරා දුක්‌ විඳිමින් සසර සැරි සරති. මෙසේ සසර සැරිසැරීමේදී අමනාපයන් හා එක්‌වීමෙන්ද මනාපයන්ගෙන් වෙන්වෙන විටද සිවුමහා සමුදුරෙහි ජල කඳට වඩා කඳුළු වගුරුවා ඇත. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. ‘නුඹලා මවු මළ දුක විඳින ලදී. ඒ මනාපයෙන් වෙන්වීමෙන් හටගත් දුකෙන් වැගුරූ කඳුළු සිවු මහා සාගරයේ ජලයට වඩාය. එනම් දිගු සසරෙහි කොපමණ නම් මවුවරුන්ගේ වෙන්වීමේ ‘ප්‍රිය විප්‍රයෝග’ දුකෙන් හඬන්නට ඇත්ද? කඳුළු වගුරුවන්නට ඇත්ද? පියා මළ දුක විඳින ලදී. සොහොයුරා මළ දුක විඳින ලදී. සොහොයුරිය මළ දුක විඳීන ලදී. පුතු මළ දුක විඳින ලදී. දුව මළ දුක විඳින ලදී. ස්‌වාමියා, බිරිඳ, නැන්දා, මාමා ලෙසින් ඥති ව්‍යසනයෙන් දුක්‌ විඳින ලදී. භෝග ව්‍යසනයෙන් දුක්‌ විඳින ලදී. රෝගයන් නිසා හටගත් දුක්‌ විඳිනා ලදී. මෙසේ මනාපයන්ගෙන් වෙන්වීමෙන් හා අමනාපයන් සමග එකතුවීමෙන් හඬන, වැළපෙන ඒ නුඹගේ වැගුරුණු කඳුළු ඉතාම වැඩිය. ගළපා බැලුවොත් සිවු මහා සාගරයෙහි දිය වැඩි නොවේමය. ඒ කුමක්‌ නිසාද? මේ සසර කෙළවරක්‌ නැතිය. පූර්වාන්තයක්‌ නොපෙනේමය. අවිද්‍යාවෙන් වැසුනු, තෘෂ්ණාවෙන් බැඳුණු සත්වයෝ අපමණ දුක්‌ විඳිමින් සසර දිවෙති. සැරිසරති. ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම්වූ බුද්ධ වචනය හෙවත් අවවාදය අස්‌සු සූත්‍ර දේශනාවෙහි මෙසේ දැක්‌වෙයි.

‘අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං, අලං විරඡ්ජිතුං, අලං විමුච්චිතන්ති’. ‘සියලු සංස්‌කාරයන්හි සංවේගයට පත්වෙන්නට නිසිමය. නොඇලෙන්නට නිසිමය. මිදෙන්නට නිසිමය.’ උතුම් වූ තුණුරුවන් සරණින් සියලු සැනසුම වේවා!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: