Posted by: lrrp | August 24, 2013

මසැස ගැන ඇත්ත කතාව දහම් ඇසින් දකින්න

අප ලොව දකිනා ඇස්‌ දෙක ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සත්‍යයේ කතාව මෙසේයි.

‘චක්‌ඛුං භික්‌ඛවෙ අනිච්චං විපරිනාමී අඤ්ඤථාභාවී, සොතං අනිච්චං විපරිනාමී අඤ්ඤථාභාවී, ඝානං අනිච්චං විපරිනාමී අඤ්ඤථාභාවී, ජිව්හා අනිච්චං විපරිනාමී, අඤ්ඤථභාවී, කායො අනිච්චො විපරිනාමී, අඤ්ඤථාභාවී, මනො අනිච්චො, විපරිනාමී අඤ්ඤථාභාවී’.

‘මහණෙනි, ඇස අනිත්‍යය. වෙනස්‌වන සුළුය. අන්‍ය වූ ස්‌වභාවයට පත්වන සුළුය. කන අනිත්‍යය. වෙනස්‌වන සුළුය. අන්‍ය වූ ස්‌වභාවයට පත්වන සුළුය. නාසය අනිත්‍යය. වෙනස්‌වන සුළුය. අන්‍ය වූ ස්‌වභාවයට පත්වන සුළුය. දිව අනිත්‍යය. වෙනස්‌වන සුළුය. අන්‍ය වූ ස්‌වභාවයට පත්වන සුළුය. කය අනිත්‍යය. වෙනස්‌වනසුළුය. අන්‍ය වූ ස්‌වභාවයට පත්වන සුළුය. මනස අනිත්‍යය. වෙනස්‌වන සුළුය. අන්‍ය වූ ස්‌වභාවයට පත්වන සුළුය.’

ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුත්ත නිකායේ ඔක්‌කන්ති සංයුත්තයේ, චක්‌ඛු වර්ගයට අයත් චක්‌ඛු සූත්‍ර දේශනාවේ හැඳින්වීම් දහම් කොටසයි. ඔබ විසින් කියවා ශ්‍රවනය කොට සහ අවබෝධයෙන් දැක ඇති පරමාර්ථ ධර්ම කථාවන් මෙහිදී සිහිපත් කරන්න. සංයුත්ත නිකායේ, අභිසමය සංයුත්තයට අයත් නතුම්හාක සූත්‍ර දේශනාවන්හිදී දේශනා කළේ ‘චක්‌ඛුං භික්‌ඛවේ නතුම්හාකං, තං පඡහථ, තං වො පහීනං හිතාය සුඛාය භවිස්‌සති. ‘මහණෙනි, ඇස නුඹලාගේ නොවේ. එය පරමාර්ථ ධර්ම වශයෙන් අත්හරින්න. එසේ අත්හරින්නේ මහත් සේ හිත සුව පිණිස වන්නේය’.

එහිදී දේශනා කරනු ලැබුවේද පරමාර්ථ ධර්ම වශයෙන් ඇස ආදී ඉන්ද්‍රියන් අත්හරින ආකාරයයි. සම්මුති සත්‍යයට යටත් කොට දකින විට ඇස මගේ බව සැබෑවකි. එම අදහසින් බලන විට ඇස යනු මනුෂ්‍යත්වය නම් වූ පරම භාග්‍යයේ වටිනාම සුපසන් ඉන්ද්‍රියකි. අධ්‍යාත්මික ලෙස මෙලොව ජීවිතය පවත්වන්නටත්, ලෝකෝත්තර ගමන් මාර්ගයෙහි පිළිවෙත් පුරන්නටත් ඇස මහෝපකාරී ඉන්ද්‍රියකි. පරමාර්ථ වශයෙන් බලන විට, පඨවි ආදී ධාතු කොටස්‌වලින් නිර්මාණය වූ මේ ශරීරයෙහි ඇසද අFථංගමය හෙවත් බැසගෙන යැමට, දිරා, වෙනස්‌වී නිරුද්ධවීමට උරුමය. එබැවින් ඇස මගේ, මම, ස්‌ථිර ආත්මයක්‌ය යන ලෙසින් උපකල්පනය කරමින් ඇලීම්, ගැටීම් හා මුලාවට උපකාරක ඉන්ද්‍රියක්‌ ලෙස පැවැත්වීම නිරර්ථකය. එයට හේතුව නම් සියලු සංඛත, සංස්‌කාර ධර්ම මෙන්ම ඇසද මොහොතක්‌ පාසා දිරායන හෙවත් වෙනස්‌වන ස්‌වභාවයට පත්වන බැවිනි. මේ ලෙස කන, නාසය, දිව, ශරීරය හා මන නම් වූ සියලු ඉන්ද්‍රියයන් ජීවිතින්ද්‍රිය පවත්වා ගැනීමට හේතුවන උපකාරක ඉන්ද්‍රියන් ලෙස පවත්වනවා මිස මගේය, මම වෙමි, ස්‌ථිර පැවැත්මක්‌ය යන ලෙසින් උපාදානය කර ගැනීම මුලාවකි. එයම සෝක, පරිදේව, දුක්‌ඛ, දොaමනස්‌සයන්ට හේතූන්ය.

භාග්‍යවතුන් වහන්සේ මහත්වූ කරුණාවෙන් මෙසේ දේශනා කරති. ‘මහණෙනි, යමෙක්‌ මේ ධර්මය කෙරේ අවබෝධයෙන් පැහැදීමක්‌ ඇතිකර ගනියිද අවබෝධය ලබයිද, එම පුද්ගලයා ‘සද්ධානුසාරී’ යෑයි කියනු ලැබේ. හෙතෙම ආර්ය මාර්ගයට පිවිසියේය. සත්පුරුෂ භූමියට බැස ගත්තේය. පෘථග්ජන භූමිය ඉක්‌මවූයේය. යම් කර්මයක්‌ කොට නිරයට වේවයි තිරිසන් යෝනියට වේවයි, ප්‍රේත විෂයට වේවයි. ඉපදීම් වශයෙන් එළැඹේ නම්, එවැනි කර්ම කරන්නට නොනිසිමය. යම්තාක්‌ සෝතාපත්ති ඵලය අවබෝධ නොකෙරේද, ඒ තාක්‌ කලුරිය කරන්නට නොනිසිමය.’

මෙම ධර්ම කොටස විවරණය කර ගනිමු. ඉහත සඳහන් කළ ආකාරයෙන්, ඇස ආදී ඉන්ද්‍රියන්හි ඇති පරමාර්ථ හෙවත් ත්‍රිලක්‌ෂණ ස්‌වභාවය, අවබෝධයෙන් දැක, විශ්වාසයෙන් යුතුව පිළිවෙත් මාර්ගයට එළඹේද, එම පුද්ගලයා සදධානුසාරී ලෙස හඳුන්වනු ලැබේ. මූලික අවස්‌ථාවේදී ශ්‍රද්ධාව විස්‌තර කරනු ලැබුවේ ‘සද්ධෝ හෝති, සද්දහති, තථාගතස්‌ස බෝධිං, ඉතිපිසො භගවා අරහං…’ ආදී ලෙසිනි. යමෙක්‌ දැන අවබෝධයෙන් යුතු විශ්වාසයක්‌ හෙවත් පැහැදීමක්‌ ඇතිකර ගැනීමයි. කුමක්‌ කෙරේද? භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත් ‘බෝධිය’ හෙවත් චතුරාර්ය සත්‍ය ධර්මය කෙරේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ අරහං නම් වන සේක, ආදී වශයෙනි. එසේ ඇතිකර ගත් ශ්‍රද්ධාවේ සමාහිතබව සම්පූර්ණ වන්නේ ඉහත සඳහන් කළ අයුරින් විදර්ශනා නුවණ දක්‌වා පුරුදු පුහුණු කිරීමෙනි. එනම් විදර්ශනා නුවණ පහළ කර ගැනීමට හේතු ප්‍රත්‍යයක්‌ බවට පත්කර ගැනීමෙනි. ශ්‍රද්ධාව නිරන්තරයෙන්ම විදර්ශනා ප්‍රඥව ඉලක්‌ක කරගත යුතු බව ඉන් අදහස්‌ වේ. ප්‍රඥව ඉලක්‌ක නොවූ හෝ ප්‍රඥවට සමීප නොවූ විට ශ්‍රද්ධාව ‘හීන, ග්‍රාම්‍ය හෝ ධර්මයෙහි සඳහන් අන්ධ ස්‌වභාවයට සමීප වෙයි. මේ නිසා සද්ධානුසාරී පුද්ගලයා විසින් විදර්ශනා ප්‍රඥවම අනුගමනය කිරීමම වටී.

භාග්‍යවතුන් වහන්සේ මීළඟට මෙසේ දේශනා කරති. ‘මහණෙනි, යමෙකුට, යම් දහම්හු විදසුන් නුවණින් පරීක්‌ෂාකොට බලමින් අවබෝධ වෙත්ද, මේ පුද්ගල තෙමේ ‘ධම්මානුසාරී’ යෑයි කියනු ලැබේ. හෙතෙම ‘සම්මත්ත නියාම’ සහිත ආර්ය මාර්ගයට පිවිසියේය. සත්පුරුෂ භූමියට බැස ගත්තේය. පෘථග්ජන භූමිය ඉක්‌මවූයේය. යම් කර්මයක්‌ කොට නිරයට හෝ තිරිසන් යෝනියට හෝ ප්‍රේත විෂයට හෝ ඉපදීම් ලෙසින් එළඹේ නම් එවැනි කර්ම කරන්නට නොනිසිමය. යම්තාක්‌ සෝතාපත්ති ඵලය අවබෝධ නොකෙරේද, ඒ තාක්‌ කලුරිය කරන්නට නොනිසිමය.’

‘ධම්මානුසාරී ස්‌වභාවයට පත්වූ එම නාමයට සුදුසු වූ බුද්ධ ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව ආර්ය මාර්ගයට පිවිස ඇති බැවින් එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කරන බැවින් දුගති මාර්ගයට වැටෙන්නේ නැත. එයට මඟ සලසන පාපී අකුසල කර්ම කරන්නේ නැත. ඔහු හෝ ඇය සම්මුතියේ පිහිටා ලොවෙහි ජීවිතය පවත්වයි. පාපී අකුසලයන්ට හේතුවන කායික හෝ වාචසික හෝ මානසික කර්ම සිදුකරන්නේ නැත. ආර්ය මාර්ගයෙහි සිටින ඔහුට හෝ ඇයට ‘යං ලෝකේ පියරූපං සාතරූපං, එත්ථේසා තණ්‌හා උප්පඡ්ජමානා උප්පඡ්ජති, එFථ නිවිසමානං නිවිසති’ යෑයි සතිපට්‌ඨානයෙහි විස්‌තර කළ ආකාරයෙන් වැටහෙන්නට සුදුසු වෙයි.

එනම් මේ ලොව ප්‍රිය හෝ මධුර රූපයක්‌ නිසා තෘෂ්ණාව, ඇලීම, රතිය, රාගය, ඡන්දය හටගත්තේද අවබෝධයෙන් එය දැන ගනී. යම් තැනෙක එය සංසිඳුනේ හෙවත් ප්‍රහීණ වූයේද එයද දැන ගනී. මෙලොව සම්මුතියෙහි පිහිටා ජීවිතය පවත්වන මෙම ආර්ය ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව විසින් ඇස, කන ආදී සියලු ඉන්ද්‍රියන් මගින් රූප, ශබ්ද ආදී අරමුණු ලබන්නේ රාගය හෙවත් ඇලීම උපදින විට එය උපදින බව දැන ගනී. එය ප්‍රහීණ වන විට ඒa බවද දැන ගනී. අවසානයේ අනුපිළිවෙළින් එනම් සංයෝජන කඩා බිඳ දමමින් සෝතාපන්න ස්‌වභාවයේ පටන් ආර්ය මාර්ගයේ ඉදිරියටම ගමන් කිරීමට අවස්‌ථාව සලසා ගනු ලැබේ. කොපමණ නම් ධර්ම මාර්ගයෙහි අධිෂ්ඨාන පූර්ව බව මතු කෙරේද යත් ‘සෝවාන් බවටවත් පත්නොවී කලුරිය නොකරන්නේය යන අදහසය. භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍ර දේශනාවේ අවසන් ලෙසින් දේශනා කරන්නේ ‘යමෙක්‌ ධර්ම, විදසුන් නුවණින් දනී නම්, මෙසේ දකී නම් මේ පුද්ගල තෙම සෝතාපන්න යෑයි කියනු ලැබේ. සතර අපායේ නොවැටෙයි. ගතිය නියතය. සම්බෝධි පරායනය. ඔබ සියලු දෙනාටද ඒ උතුම් වූ ධර්මභාගයම හිමිවේවාෘ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ පිණිසම උපනිඃශ්‍රය වේවා!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: