Posted by: lrrp | November 7, 2013

මට පින් ගන්න බෑ ගිනිගන්නවා වගේ දැනෙන්නේ

ආනන්තරිය පාප කර්මයක් කළ පුද්ගලයාට කල්ප ගණනක් ඒ පාපයේ විපාක ගෙවා අවසන් කරන තුරු අනුන් දෙන පිනක් අනුමෝදන්වන්නට නො හැකි ය.

ආනන්තරිය පාප කර්මයක් කළ පුද්ගලයාට කල්ප ගණනක් ඒ පාපයේ විපාක ගෙවා අවසන් කරන තුරු තමන් අතීතයේ කළ කුසලයක් සිහිපත් කොට කුසල විපාකයක් විඳින්නට නොහැකි ය. හෙවත් තාවකාලිකව හෝ සතුටක් සහනයක් ලබන්නට නොහැකි ය.

ගින්නක් මැද දැවෙන්නෙකුට හෝ ගිනියම් වූ යකඩ තහඩුවක් මත දැවෙන්නෙකුට හෝ ගිනියම් වූ යගුලියක් ගිලින ලද පුද්ගලයෙකුට හෝ ඒ වේදනාව ම මිස වෙනත් සුබදායී සහන සිතුවිල්ලක් සිතට ගොඩනඟා ගන්නට නොහැකි ය‍. ආනන්තරිය පාප කර්මයක් කළ පුද්ගලයා ද එසේ ම ය.

‍රංජනී මාතර ප්‍රදේශයේ පදිංචි හැට එක් හැවිරිදි විවාහක කාන්තාවකි. දෙදරු මවකි. ඇයට කලක සිට හරිහැටි නින්දක් නොවී ය. හීනෙන් බියට පත්ව සිරුර දහදියෙන් පෙඟී කෑ ගසා ගෙන අවදි වන්නී ය. මුළු ශරීරය ම ගින්නකින් දැවෙන්නාක් මෙන් පීඩා විඳින්නීය. කෑම අරුචියත් බඩ පුරවා දැමීමත් නිසා පීඩා වින්දා ය. වෛද්‍ය ප්‍රතිකාර, මනෝ වෛද්‍ය ප්‍රතිකාර, ආගමික වත්පිළිවෙත් ආදී කිසිවකින් සහනයක් නොලැබුවා ය.

අන්තිමේ ‘සිළුමිණ’ පත්‍රයේ ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝ‍ට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන තම ස්වාමි පුරුෂයා සමඟ පැමිණියා ය.

පළමු දිනයේ රෝගියා පරීක්ෂා කිරීම සඳහා ආධ්‍යාත්මික උපදේශකවරයා කිරණ ශක්තිය එල්ල කළේ ය. රංජනී සිහිසුන්ව වැටුණා ය. දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේ ය.

සති තුනකට පසු ඇය නැවත පැමිණියා ය. එදින ගවේෂණයේ දී රංජනී ප්‍රලය වූවා ය. ගවේෂකවරයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේ ය.

“කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?”

“පිච්චෙනවා… පිච්චෙනවා… මහා ගින්නකින් පිච්චෙනවා”

“කරුණාකර කියන්න මේ කවුද කියලා?”

“මම… ගුණවතී”

“කවුද ගුණවතී කියන්නේ?”

“මේ ළමයාගෙ නැන්දම්මා”

“ආ… එහෙනම් මේ නැන්දම්මා ලේලි වෛරයක් ද?”

“අනේ… හ්… නෑ… පිච්චෙනවා මහත්තයෝ” ය. අඬන්නට වූවා ය.

“කියන්න කියන්න ඇයි මෙයා ලෙඩ කරන්නේ?”

“මට කෙල්ලව දාලා යන්න බෑ. කෙල්ල ළඟ ම ඉන්න ඕනෑ. මේ කෙල්ල ළඟ ඉන්න කොට පොඩි සහනයක් තියෙනවා. මට වෙන කොහේවත් ඉන්න බෑ. මෙයා ළඟ විතරයි ඉන්න පුළුවන්.”

“එහෙම කියලා හරියන්නේ නෑ. මේ රංජිනීට අසනීපයි කියලා මෙතැනට ඇවිත් ඉන්නේ අපෙන් යම් සහනයක් බලාපොරොත්තුවෙන්. ඒ නිසා අපි රංජනීට පිහිට වෙන්න ඕනෑ. කරුණාකර මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න.”

“අනේ… හ්… ඉවසන්න බෑ… පිච්චෙනවා” යි නැවත අඬන්නට වූවා ය. එක දිගට අඬන්නට වූවා ය. ඇඬිල්ලේ කෙළවරක් නැති බැවින් නැවත දින හතක් බෝධි පූජා පවත්වා එන්නැයි කීවේ ය.

බෝධි පූජා නිමවා නැවත සතියකින් ඇය පැමිණියා ය. එදින ද ඇය දිෂ්ටි ගන්වා සාකච්ඡා කරන්නට පටන් ගත්තේ ය.

“බෝධි පූජාවට ගියා ද?”

“ඔව් ගිහින් හැංගිලා හිටියා”

“කොහේද හැංගිලා හිටියේ”

“ඉතින් වෙන කොහේද මේ දුවගෙ ඇ‍ඟේ ම මිසක්.”

“බෝධි පූජාවෙදි පින් අනුමෝදන් කරන කොට පිං ගත්තද?”

“එපා… එපා… මතක් කරන්න එපා. ඒ වචනය ඇහුණු ගමන් පිච්චෙනවා. වේදනාව වැඩියි. මට ඇ‍ඬෙනවා” යි ඉකි බිඳිමින් අඬන්නට වූවා ය.

“මොන වචනය ද?”

“පින් කියන වචනය මට අහන්න බෑ. මට ඇ‍ඬෙනවා”

“ඒ මොකද?”

“මම ලොකු පාපයක් කරපු කෙනෙක්. මට පින් ගන්න බෑ. ගිනි ගොඩක ඉන්නවා වගේ දැවෙනවා.”

“මොකක්ද ඔය තරම් ලොකුවට කරපු පාපය?”

“අය්යෝ… අය්යෝ… හ්… ආ… ආ… අනේ… මහත්තයෝ මම මහා පව්කාරියක්. මම මගේ ම අම්මව මැරුවා.

“මොනවා… තමුන්ව වදාපු හදාපු අම්මාව මැරුවා? තමන්ගෙ අනිත් ම මැරුවා?”

“නෑ මහත්තයෝ” මිනිස්සු දෙන්නෙකුට සල්ලි දීලා මැරෙව්වා.”

“ඇයි ඒ තරම් දරුණු පාප ක්‍රියාවක් කළේ?”

“අපේ අම්මට විශාල ඉඩම් ප්‍රමාණයක් තිබුණා. මම විවාහ වෙන කොට මට එයින් ඉ‍ඩමක් දුන්නා. ඉතුරු ඉඩම් නංගි විවාහ වෙන කොට එයාට ලියා දෙන්නයි අම්මා හිතාගෙන හිටියේ. නංගිට විවාහ යෝජනාවක් ඇවිත් ඒකට කවුරුත් කැමැති වුණා. ඒත් එක්ක ම මට ඉතුරු ඉඩම් ගැන තණ්හාවක් ඇති වුණා. අම්මා මේ ඉඩම් නංගිට දුන්නොත් කියලා මට ඉරිසියාවක් ඇති වුණා. නංගිට ඉඩම් නොලියා අම්මා මළොත් ඒ ඉතුරු ඉඩම්වලිනුත් බාගයක් මට අයිති වෙනවා නේද කියලා හිතුණා. අපේ අම්මා හරිම නිරෝගියි. ඉක්මනින් මැරෙන්නෙත් නෑ. ඒ නිසා මිනිස්සු දෙන්නෙකුට කුලිය දීලා අම්මාව මැරෙව්වා. අනේ…හ්… පිච්චෙනවා… පිච්චෙනවා… මගේ මුළු ඇඟ ම ගිනි ගන්නවා.”

එදින රංජනීගේ ස්වාමියාත් පුතුන් දෙදෙනාත් පැමිණ සිටි බැවින් මේ කතාව ඇත්ත දැ’යි ගවේෂකවරයා ඔවුන්ගෙන් ඇසී ය. මේ රංජනීගේ නැන්දම්මා යනු ඇගේ ස්වාමි පුරුෂයාගේ මෑණියෝ ය.

“ඔව් මහත්තයා ගමේ මිනිස්සු අතරෙ එහෙම කතාවක් තිබුණා. අපේ ආච්චිව මගේ අම්මා තමයි මැරෙව්වේ කියලා” යි රංජනීගේ ස්වාමි පුරුෂයා පැවසීය.

“අනේ… හ්… දැවෙනවා… දැවෙනවා… මගේ මුළු ඇඟ ම ගිනි ගන්නවා…” යි භූතාත්මය නැවතත් විලාප දෙන්නට වූවා ය.

“මහා බරපතළ පාපයක් තමන් කර තියෙන්නේ. ඒ කැත දුෂ්ට පාපයට දැන් විපාක විඳිනවා. ඕක ආනන්තරිය පාප කර්මයක්.”

“මං දන්නවා… මං… දන්නවා. ඒත් එදා ඒකෙ බරපතළකම ගණන් ගත්තේ නෑ. ඉඩම් තණ්හාව හිතේ තදින් බලපෑවා. අන්තිමට ඒ ඉඩම් වලින් තවත් බාගයක් මට අයිති ‍වුණා ය කියලා හිතට සතුටක් සැනසුමක් විඳින්න ලැබුණෙ නැහැ. මනසින් දුක් විඳලා දුක් විඳලා මැරුණා. මැරිලාත් වැටුණේ මහා ගින්නකට. උඩිනුත් දැවෙනවා. ඇතුළතිනුත් දැවෙනවා.”

“ජීවත්වෙද්දී මලක් පහනක් පූජා කළේ නැද්ද?”

“ඒවා හිතට එන්නේ නෑ. මතක් වෙන්නේ නෑ.” වෙන මොකුත් ම මතක් වෙන්නේ නෑ. ගින්නෙන් දැවෙන වේදනාව ම යි මතක් වෙන්නේ. පින් දහම් සිහියට එන්නේ නෑ.”

නැවතත් බෝධි පූජ‍ා හතක් පවත්වා එන්නැයි නියම කළේ ය.

බෝධි පූජා පවත්වා නැවත පැමිණි විට යළිත් දිෂ්ටි ගන්වා ප්‍රශ්න කළේ ය.

බෝධි පූජාවට ගියා ද? මල් පහන් පූජා කරනවා දැක්කද?”

“නෑ… නෑ… ඒ කිසි දෙයක් අහන්න දකින්න ලැබුණේ න‍ෑ”

“ඒ මොකද?”

“මේ දුවගෙ ශරීරයෙන් එළියට එන්න බ‍ෑ. බෝධීන් වහන්සේ ළඟ ඉන්න කට්ටිය මට ගහනවා. මම ආයෙත් දුවගෙ ඇඟට රිංගලා හැංගෙනවා.”

“මේ රංජනීගෙ ඇඟට රිංගන්න කලින් කොහේද හිටියේ?”

“සොහොනෙ”

“එතනදි මොකද වුණේ?”

“එතන ඉන්න එවුන් මට ගහන්න පටන් ගත්තා. ගුටි කන්න බැරි තැන ම තමයි මේ දුවගෙ ඇඟට රිංගුවේ.”

“ඇයි ඉතින් මේ පුතාගෙ, අනිත් දුවගෙ, ඇඟට රිංගන්නේ නැත්තේ?”

“අනේ මට ඒවා වැටහෙන්නේ නෑ. වෙන කිසි දෙයක් හිතෙන්නේ නෑ. පිච්චෙන වේදනාවමයි දැනෙන්නේ. මගේ මුළු ශරීරය ම ගිනි දැල්වලින් පිච්චෙනවා දැනෙනවා. මගේ හිත පිරිලා තියෙන්නේ ගිනි දැල්වලින් ම යි. අනේ… හ්…දැවිල්ලයි… පිච්චෙනවා… පිච්චෙනවා…”

“දැන් තේරෙනවා නේද දැඩි තණ්හාවේ විපාක. තමන්ගේ අම්මවත් මරා…”

“කියන්න එපා. කියන්න එපා… එතකොට තවත් ගිනි දැල් මතුවෙනවා. මගේ හිත දැන් ගිනියම් වුණා යකඩයක් වගේ තද රතුපාට ගිනි දැල්වලින් පිරිලා. අනේ… මහත්තයා ඒවා මතක් කරන්න එපා” යි කෑ ගසා හඬන්නට වූවා ය.

“දැන් තමුන් මේ කරන්නේ තවත් බරපතළ පාපයක්.‍ තමන් කරපු ආනන්තරිය පාප කර්මයේ දරුණු විපාක විඳිනවා මදිවාට මේ ලේලිටත් දුක් දෙනවා. මේ‍කත් මහා අපරාධයක්. පාපයක්. මේ ලේලිටත් දුක් දීලා තමන් කරපු පාපයේ විපාක කාලය තවත් දික් වෙනවා. ගෙවලා අවසන් වෙන්නේ නෑ. අනාදිමත් කාලයක් තව තවත් දුක් විඳින්න වෙනවා. ඔය දුක වෙන කාටවත් ගෙවන්න බෑ.‍්‍තමන් කළ ආනන්තරිය පාප කර්මයේ විපාක තමන් ම විඳවන්න ඕනෑ. සංසාරයේ කොයි තරම් පින් දහම් කර තිබුණත් ආනන්තරිය පාප කර්මයේ දුක්ඛිත විපාක විඳින කොට ඒ අතීත කුසල විපාක යටපත් වෙනවා. මතු කරන්න බෑ. ඕක තමයි අවීචි මහා නිරයේ ගිනිදැල්වලින් දැවෙනවා ය කියන්නේ.”

“අනේ … හ්… පිච්චෙනවා… පිච්චෙනවා…”

ගුණවතී කළ පාපයට ගුණවතීගේ ප්‍රාණ කාරයා වශයෙන් ඔය දුක් විපාකය විඳින්න වෙනවා. ඒක තමයි කර්ම නියාමය. ඒක වෙන කෙනෙකුට බාර ගන්න බෑ. බාර දෙන්නත් බෑ. දැන් ඔය ලේලිගේ ශරීරයෙන් කරුණාකර ඉවත් වෙන්න. නැත්නම් ඔය ශරීරයෙන් ඇදලා එළියට අරගෙන පන්නා දමන්න වෙනවා. එතකොට ආයෙත් අනෙකුත් අමනුෂ්‍යයන්ගෙන් ගුටි කන්නත් වේවි. දැවෙනවා මදිවාට. ඒ නිසා දැන් මේ ශරීරයෙන් ඉවත් වෙන්නැÓයි මේ භූතාත්මය කළුතර බෝධි පරිශ්‍රයට යැව්වේ ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: