Archive for March 29th, 2014
අනුරාධපුරේ වැඩසිටින ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ
Posted by: lrrp on March 29, 2014
Posted by: lrrp on March 29, 2014
ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො
අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවනය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!
සසර සැඩ පහර නවතා නිවන් වැද
පැතිර නණැති දිරි මත් රන් පතක් ලෙද
නිතර දිළෙන තුම් සදහම් දෙසන ලද
වැතිර වදිමි මගෙ සම්බුදු මහිම සද....!
දූරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සංයමෙස්සංති
මොක්ඛන්ති මාරබන්ධනා
යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ තනිව හැසිරෙන්නාවූ සිරුරක් නැත්තාවූ ශරීර ගුහාවේ නිදන්නා වූමේ සිත සංවර කරත්ද ඔවුහු මර බැම්මෙන් මිදෙත්.
(ධම්ම පදය – චිත්ත වග්ග – 5)
"Lust should be completely put away to have samadi. It is not a Big Deal. Practice brahmacharya, i.e. avoiding sex fully, physically, in thoughts, seeing films, pictures, listening songs, etc., for Just three weeks, honestly, & it is gone. But the big deal is to counter the deceptive mind, which would argue back or tell you that some activities are not related to lust, in order to keep the lust.
Sex is natural. Anger, desire, lust and Ego are natural to humans as well as animals. By getting rid of Anger, desire, lust and Ego only humans can attain Samadi. Samadi is purely being human, and Super-Natural." - Yogi Anurada
බාහිර උදවිය ආක්‍රෝෂ කරද්දීත්,
කායික වධබන්ධන කරද්දීත්,
ඒ කිසි දේකට කිපෙන්නෙ නැතුව,
ඉවසනවා නම්,
ඉවසීම ම බලය කරගෙන ඉන්න,
අරහත් මුනිවරයාටයි
මං බ්‍රාහ්මණයා කියන්නේ.
.......ධම්ම පදය - බ්‍රාහ්මණ වර්ගය -399-17........
60.1.1.-1 "අපි ඉන්නෙ මහ වනාන්තරයෙ. පිණ්ඩපාතෙනුයි ජීවත් වන්නෙ. පාත්තරේට ලැබෙන දෙයකින් අපි සතුටු වෙනවා. අභ්‍යන්තර ජීවිතය තුළ සිත සමාහිත කරගෙන ඉන්නෙ. අපි තමයි මාර සේනාව වනසලා දාන්නෙ."
60.1.1.-2 "අපි ඉන්නෙ මහ වනාන්තරයෙ. පිණ්ඩපාතෙනුයි ජීවත් වන්නෙ. පාත්තරේට ලැබෙන දෙයකින් අපි සතුටු වෙනවා. අපි තමයි මාර සේනාව වනසලා දාන්නෙ. හස්ති රාජයෙක් උණ බටවලින් කරපු ගෙයක් සුණු විසුණු කරල දානවා වගේ."
60.1.1.-3 "අපි ගස් සෙවණෙ වාඩිවෙලා හැම තිස්සෙම භාවනා කරනවා. පාත්තරේට ලැබෙන දේකින් සතුටු වෙනවා. අභ්‍යන්තර ජීවිතය තුළ සිත සමාහිත කරගෙන ඉන්නෙ. අපි තමයි මාර සේනාව වනසලා දාන්නෙ."
60.1.1.-4 "අපි ගස් සෙවණෙ වාඩිවෙලා හැම තිස්සෙම භාවනා කරනවා. පාත්තරේට ලැබෙන දේකින් සතුටු වෙනවා. අපි තමයි මාර සෙනග වනසලා දාන්නෙ. හස්ති රාජයෙක් උණ බටවලින් කරපු ගෙයක් සුණු විසුණු කරල දානවා වගේ."
60.1.1.-5 "ඒයි! ඇටසැකිල්ලකින් කරපු කුටියක් ඇති තැනැත්තිය, මසින්, නහරින් මහල දාපු ඇඟක් ඇති තැනැත්තිය, අශුචි පුරවාගෙන දුගඳ හමන ඇඟක් ඇති තැනැත්තිය, ඒ විදිහට ඉඳගෙන අනුන්ගේ ශරීර ගැන 'මගේ මගේ' කියා හිතන තිට නින්දා වේවා!"
60.1.1.-6 "ඒයි! අශුචි පුරවා ගත් මල්ලක් වැනි තැනැත්තී, හමකින් වැසී ගිය ඇඟක් ඇති තැනැත්තිය, පපුවේ ගෙඩි හදාගත් තැනැත්තිය, ප්‍රේතියක් වැනි තැනැත්තිය, තිගේ සිරුරේ හැම තිස්සේම අශුචි වැගිරෙන තැන් නවයක් තිබෙනවා."
60.1.1.-7 "තිගෙ සිරුරේ නව තැනකින් අශුචි වැගිරෙනවා. මේ සිරුර ඉතා දුගඳයි. තිගේ සිරුර නිවන් මගට ඇති ලොකුම බාධාවයි. පිරිසිදු ජීවිතයක් කැමැති භික්ෂුව විසින් ඒ අශුචි වළ දුරින්ම දුරු කළ යුතුයි."
60.1.1.-8 "ඉඳින්, මේ අශුචි පිරුණු ශරීරය ගැන මං දන්නා දේවල් තව කෙනෙක් දන්නවා නම්, ඒ කෙනා මේ ස්ත්‍රිය දුරින්ම දුරු කරන්නෙ වැස්ස කාලෙට උතුරන අශුචි වළක් දුරු කරනවා වගේ."
60.1.1.-9 "(ස්ත්‍රිය) පින්වත් ශ්රමණයන් වහන්ස, ඔබ විසින් ඔය පැවසූ දේවල්, මහා වීර ශ්රමණයන් වහන්ස, ඔය පැවසුවේ ඇත්තක්මයි. ඒ වුණත් සමහර මිනිස්සු ස්ත්‍රී ශරීරයට ඇලෙන්නෙ මඩ වගුරක් දැක්කහම ඒකෙ බැහැල ගිලෙන නාකි හරක් වගේ."
60.1.1.-10 "(මොග්ගල්ලාන සමිඳු) කවුරු හරි කෙනෙක් කහ පාටින් හරි වෙන පාටකින් හරි මේ ආකාසය සායම් කරන්ට හිතුවොත්, ඒ කෙනාට ඒක මහා වෙහෙසක්."
60.1.1.-11 "මගේ හිතත් අන්න ඒ අකාසය වගෙයි. අභ්‍යන්තර ජීවිතය තුළ සිත සමාධිමත්වයි තියෙන්නෙ. මෝඩ ගැහැණියේ, මහා ගිනි ජාලාවකට පනින පැළඟැටියෙක් වගේ මා සමග ගැටෙන්නට ඇවිත් විපතට පත්වෙන්ට එපා."
60.1.1.-12 "මේ ශරීරය ඇටවලින් ගලපලා හිටවලා තියෙන්නෙ. රෝග පීඩා වැළඳෙන මේ ශරීරය ගැන මෝඩ ජනයා හිතන්නෙ වෙන විදිහකට. ඒ ගොල්ල මේ ශරීරය විසිතුරු විදිහට සරසනවා. නමුත් බැලිය යුත්තේ මේ ශරීරයේ සැබෑ තත්වය ගැනයි. ස්ථිර කිසි දෙයක් මේ ශරීරයේ නෑ."
60.1.1.-13 "මුතු මැණික් ආභරණ වලින් සැරසුවත්, සමකින් ඔතා තිබෙන ඇටසැකිල්ලක් ඇති මේ ශරීරයේ සැබෑ තත්වයමයි බලන්ට ඕනෑ. ලස්සනට පේන්නෙ ඇඳුම් නිසා."
60.1.1.-14 "යටි පතුල් පාට කරල තිබුණට, සුවඳ බුලත් විට කාල මුඛය සුවඳ කරගෙන හිටියට, මෝඩ ජනතාවගේ මුලාවට විතරයි, ඒක ගැලපෙන්නෙ. නිවන සොයන කෙනෙකුට ඒකෙන් වැඩක් නෑ."
60.1.1.-15 "කෙස් වලින් නොයෙක් කොණ්ඩා මෝස්තර හදනවා. ඇස්වල අඳුන් ගානවා. මෝඩ ජනතාවගේ මුලාවට නම් ඒක ගැලපෙනවා. නිවන සොයන කෙනෙකුට එයින් වැඩක් නෑ."
60.1.1.-16 "මේ කුණු ශරීරය තියාගන්ට හදන්නෙ ලස්සනට සරසලා කැටයම් කරපු භාජනයක් වගේ. මෝඩ ජනතාවගේ මුලාවට විතරයි ඒක ගැලපෙන්නෙ. නිවන සොයන කෙනෙකුට එයින් වැඩක් නෑ."
60.1.1.-17 "මුව වැද්දා උගුල අටවලා තිබුණා. ඒ වුණත් මුවා ඒ උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා හඬද්දී අපි ගොදුරු කාල පැනල දුවනවා."
60.1.1.-18 "මුව වැද්දාගේ උගුල කඩල බිඳල දැම්මා. මුවා උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා දුක් වෙද්දී අපි ගොදුරු කාල පැනල දුවනවා."
60.1.1.-19 "නොයෙක් ආකාරයේ ගුණ සම්පත් තිබුණ සැරියුත් සමිඳුන් පිරිනිවන් පෑවා. ඒ වෙලාවෙ පොළොව කම්පා වුණා. බිහිසුණු දේ ඇති වුණා. ලොමුදැහැගැනීම් ඇති වුණා."
60.1.1.-20 "ඇත්තෙන්ම සකස් වෙච්ච දේවල් අනිත්‍යයි. ඒවායෙ තියෙන්නෙ ඇති වී නැති වී යන ස්වභාවයක්. ඒ සකස් වන දේවල් හට අරගෙන නැතිවෙලා යනවා. මේ ස්වභාවය සංසිඳීමයි සැපය."
60.1.1.-21 "මේ පංචඋපාදානස්කන්ධය දිහා බැලිය යුත්තේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. තමන්ගෙ දෙයක් වගේ බැලිය යුතු නෑ. අන්න ඒ උදවියට අස් ලෝමයකින් අස් ලෝමයකට විදින දක්ෂ දුනුවායන් වාගේ මේ ඉතා සියුම් ධර්මය අවබෝධ කරගන්ට පුළුවන්."
60.1.1.-22 "මේ සකස් වෙච්ච දේවල් දිහා බලන්ට ඕනෑ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. තමන්ගේ දෙයක් ලෙස දකින්ට හොඳ නෑ. අන්න ඒ උදවියට අස් ලෝමයකින් අස් ලෝමයකට විදින දක්ෂ දුනුවායන් වගේ මේ ඉතා සියුම් ධර්මය අවබෝධ කරගන්ට පුළුවන්."
60.1.1.-23 "ආයුධයකින් පහර කාලා තුවාල වුණ කෙනෙක් බෙහෙත් කරන්ට කලබල වෙනවා වගේ, හිසට ගිනි ඇවිලුණ කෙනෙක් එය නිවාගන්ට කලබල වෙනවා වගේ භික්ෂුවක් සිහිය උපදවාගෙන කාම ආශාව නැති කරන්ට මයි මහන්සි විය යුත්තේ."
60.1.1.-24 "ආයුධයකින් පහර කාලා තුවාල වුණ කෙනෙක් බෙහෙත් කරන්ට කලබල වෙනවා වගේ, හිසට ගිනි ඇවිලුණ කෙනෙක් එය නිවාගන්ට කලබල වෙනවා වගේ භික්ෂුවක් සිහිය උපදවාගෙන භව රාගය නැති කරන්ටමයි මහන්සි ගත යුත්තෙ."
60.1.1.-25 "අන්තිම සිරුර දරා සිටින දියුණු කළ සිත් ඇති බුදු සමිඳුන් විසිනුයි මාව මේ වැඩේට යෙදෙව්වේ. ඉතින් මං පූර්වාරාම විහාරය මේ මහපට ඇඟිල්ලෙන් සොලවා කම්පා කළා."
60.1.1.-26 "මේ කෙලෙස්වලින් නිදහස් වෙලා නිවන අවබෝධ කිරීම සුළු පටු වීරියකින් කරන්ට පුළුවන් දෙයක් නොවෙයි. සුළු උත්සාහයකින් කරන්ට පුළුවන් දෙයක් නොවෙයි."
60.1.1.-27 "නමුත්, මේ තරුණ භික්ෂුව උදාර පුරුෂයෙක්. මාර සේනාව පරාජය කරල අන්තිම සිරුරක් දරා සිටින්නට එයාට පුළුවන් වුණා."
60.1.1.-28 "'වේභාර' පර්වතයටත් 'පාණ්ඩව' පර්වතයටත් අතර ඇති බෑවුම පැත්තට විදුලි එළිය වැටෙනවා. ඒ කන්දෙ ගුහාවක තමයි ඒ භික්ෂුව භාවනා කරන්නෙ. ඒ භික්ෂුව අකම්පිත සිත් ඇති, අසම ගුණ ඇති. බුදු සමිඳුන්ගේ පුත්‍රයෙක්."
60.1.1.-29 "එයා උපශාන්තයි. සංවරයි. ඈත දුර වනාන්තරයේ වාසය කරන මුනිවරයෙක්. උතුම් බුදු සමිඳුන්ගේ දායාදය බවට පත් වූ කෙනෙක්. බ්‍රහ්මයා විසිනුත් වන්දනා කරන කෙනෙක්."
60.1.1.-30 "පින්වත් බ්‍රාහ්මණය, ඔබත් ඒ උපශාන්ත වූ පවින් තොර වූ වනාන්තරයේ වසන මුනිඳුන් වූ උතුම් බුදු සමිඳාණන්ගේ දායාදය වූ මහා කාශ්‍යප තෙරිඳුන්ට වන්දනා කරන්න."
60.1.1.-31 "ආත්මභාව සීයක් මුළුල්ලේම මිනිස් ලෝකයේ බ්‍රාහ්මණ කුලයේ වේද හදාරණ බමුණෙක් වෙලා යමෙක් උපන්නොත්,"
60.1.1.-32 "ඒ ත්‍රිවේදයෙහි පරතෙරට පත් බ්‍රාහ්මණයාට යමෙක් වන්දනා කළොත්, ඒ වන්දනාව මහා කාශ්‍යප තෙරුන්ට කරන වන්දනාවෙන් දහසයෙන් එකක් වත් වටින්නෙ නෑ."
60.1.1.-33 "යම් භික්ෂුවක් උදේ වරුවේ අෂ්ට විමෝක්ෂයට සමවැදී යළිත් අනුලෝම ප්‍රතිලෝම වශයෙනුත් සමවැදී ඊට පස්සෙ තමයි ඒ භික්ෂුව පිණ්ඩපාතෙ වඩින්නෙ."
60.1.1.-34 "පින්වත් බ්‍රාහ්මණය, එවැනි භික්ෂුවකට කරදර කරන්න එපා. තමන්ව වනසා ගන්න එපා. අරහත් වූ අකම්පිත සිත් ඇති මුනිවරයා කෙරෙහි සිත පහදාගන්න. වහා දෑත් එක් කොට වන්දනා කරන්න. ඔබේ හිස පළාගන්ට එපා!"
60.1.1.-35 "ඒ තැනැත්තා ඉස්සරහට අරගෙන ඉන්නෙ සංසාරයමයි. සද්ධර්මය දකින්නෙ නෑ. වක්‍ර ගමනකයි එයා යන්නෙ. මිත්‍යා ගමනකයි එයා යන්නෙ."
60.1.1.-36 "සංස්කාරයන්ම වැළඳගෙන ඉන්නෙ අසුචි තවරාගත් පණුවෙක් වගේ. යම් භික්ෂුවක් ලාභ සත්කාරවලට ගිජු වුණොත් එයාට ගමන් කරන්න තියෙන්නෙ හිස් ගමනක්."
60.1.1.-37 "එහෙත් අර වඩින සැරියුත් මුනිඳුන් දෙස බලන්න. කොයිතරම් සුන්දර කෙනෙක්ද? උන්වහන්සේ සමථ, විදර්ශනා දෙකම කෙළවර දක්වා දියුණු කරල දෙපැත්තෙන්ම නිදහස් වෙලයි ඉන්නෙ."
60.1.1.-38 "අර වඩින සැරියුත් මුනිඳුන් දෙස බලන්න. උන්වහන්සේ තුළ කෙලෙස් හුල් නෑ. සියලු බන්ධන කැඩිල තියෙන්නෙ. ත්‍රිවිද්‍යාව ලබල ඉන්නෙ. මාරසේනාව පැරැද්දුවා. ඒ නිසාම මිනිස්සුන්ගේ පුද පූජාවන් ලැබීමට සුදුසු උතුම් පිං කෙතක් වෙලා ඉන්නෙ."
60.1.1.-39 "බොහෝ දෙවිවරු දහ දාහක් වගේ පිරිසක් මෙතැනට ඇවිත් ඉන්නෙ, ඒගොල්ල ඔක්කොම ඉර්ධිමත්. කීර්තිමත්. බ්‍රහ්ම පුරෝහිත ලෝකයේ ඉන්න ඔක්කොම දෙවිවරු ඇවිදින් ඉන්නෙ. ඒගොල්ල ඔක්කොම දෑත් බැඳ ගෙන මුගලන් තෙරුන්ව වන්දනා කරමින් ඉන්නෙ."
60.1.1.-40 "ශ්‍රේෂ්ඨ පුරුෂය, ඔබට නමස්කාර වේවා! පුරුෂෝත්තමය, ඔබට නමස්කාර වේවා! ඔබ තුළ ආශ්‍රවයන් නෑ. දුක් රහිත මුනිඳුනි, ඇත්තෙන්ම ඔබ ලෝකයාගේ දන් පැන් පිළි ගැනීමට සුදුස්සෙක්."
60.1.1.-41 "දෙවියොත් මිනිස්සුත් ඒ භික්ෂුවට ගෞරව කරනවා. එයා ඉපදුණේ මේ ජරා මරණ ලෝකයේ. අන්තිමේදී ඒ ජරා මරණ ලෝකයෙන් නිදහස් වෙලා දැන් වාසය කරන්නෙ, මඩ වගුරක හැදිල මඩ නොතැවරී පිපිල තියෙන සුදු නෙළුම් මලක් වගෙයි. කිසිවක් සමග වත් නොතැවරී ඉන්නෙ."
60.1.1.-42 "ඒ භික්ෂුවට නිමේෂයකින් දහසක් ලෝක ධාතුව දැනගන්ට පුළුවන්. මහා බ්‍රහ්මයා හා සමාන කෙනෙක්, ඉර්ධි බලයෙනුත් යුක්තයි. චුතූපපාත ඤාණයෙනුත් යුක්තයි. ඒ භික්ෂුව සුදුසු කල දෙවියන්වත් දකිනවා."
60.1.1.-43 "යම් කෙනෙක් සසරින් එතෙර වුණේ ප්‍රඥාවෙනුත්, සීලයෙනුත්, සංසිදීමෙනුත් නම් ඒ කෙනා සැරියුත් තෙරුන් වගේමයි. සැරියුත් තෙරුන් මේ කරුණු තුනෙන්ම අග්‍ර කෙනෙක්."
60.1.1.-44 "මට නිමේෂයකින් කෝටි ලක්ෂයක් ආත්ම භාවයන් මවන්ට පුළුවනි. මට ඕන ඕන පිළිවෙලට ඉර්ධි බලය හසුරුවන්ට පුළුවනි. මා විසින් මේ ඉර්ධි බලය වශී කරගෙනයි තියෙන්නෙ."
60.1.1.-45 "ඒ භික්ෂුව සමාධියෙත් නුවණෙත් පරතෙරට ගිය තෘෂ්ණාවෙන් නිදහස් වූ මුනිඳුන්ගෙ සසුනෙ තමයි ඉන්නෙ. මොග්ගල්ලාන ගෝත්‍රයට අයිති ඒ නුවණැති භික්ෂුව එකඟ වූ සිතින් කෙලෙස් කඩල බිඳල දැම්මෙ රසකිඳ වැලක් කඩාදාන හස්තිරාජයෙක් වගේ."
60.1.1.-46 "මාත් ශාස්තෘන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. භව රැහැන් මුලින්ම සිඳල දැම්මා."
60.1.1.-47 "මං ගිහිගෙය අත්හැරල මහණ වුණේ උතුම් අදහසක් ඇතිවයි. මේ සියලු බන්ධනවලින් මං නිදහස් වෙනවා කියන උතුම් අදහස මං ඉෂ්ට කරගත්තා."
60.1.1.-48 "ඒයි මාරය, 'දුසී' නමින් මාරයෙක් හිටියා. ඉතින් ඒ මාරයා, කකුසඳ බුදුරජාණන් වහන්සේටත් 'විධුර' නමින් සිටි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේටත් පීඩා කළා. අන්තිමේදී ඒ මාරයා නිරයේ ඉපදිලා අනන්ත දුක් වින්දේ මෙහෙමයි."
60.1.1.-49 "කකුසඳ බුදු සමිඳුන්වත්, විධුර නම් ශ්‍රාවක මුනිඳුන්වත් පීඩාවට පත්කරපු ඒ දුසී මාරයා නිරයේ ඉපදිලා අනන්ත දුක් වින්ඳේ මෙහෙමයි. ඒ නිරිසතා හැම තිස්සෙම යකඩ හුල් සියයකින් පහර කනවා. ඒ හුල් සීයෙන්ම ලැබෙන්නෙ වෙන වෙනම වේදනාවල්."
60.1.1.-50 "දැන් ඒ කර්ම විපාක දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?"
60.1.1.-51 "මුහුද මැද තියෙනවා කල්පයක් පවතින අතිශයින්ම ලස්සන දිව්‍ය විමාන. ඒවා බබලන මැණික් වගෙයි. ඒ විමානවල නොයෙක් පාටින් බබලමින් දිව්‍ය අප්සරාවෝ නටනවා."
60.1.1.-52 "දැන් ඒ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?"
60.1.1.-53 "බුදු සමිඳුන් තමයි මට වදාළේ. ඊට පස්සෙ මං භික්ෂු සංඝයා බලා සිටිද්දීම මගේ මේ මහපට ඇඟිල්ලෙන් පූර්වාරාම විහාරය කම්පා කළා."
60.1.1.-54 "දැන් ඒ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?"
60.1.1.-55 "සක්දෙව් රජුගේ වෛජයන්ත ප්‍රාසාදයත් තමන්ගේ ඉර්ධි බලයෙන් මහපට ඇඟිල්ලෙන් කම්පා කරවල ඒ දෙව් පිරිසත් තැති ගැන්නුවා. ඒ වැඩේ කළ භික්ෂුවත් මයි."
60.1.1.-56 "දැන් මේ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?"
60.1.1.-57 "වෛජයන්ත ප්‍රාසාදයේ සිටිය සක්දෙව් රජුගෙන් ඒ භික්ෂුව මෙහෙම ඇහැව්වා. 'ඇවැත්නි, තණ්හාවෙන් මිදෙන ආකාරය ඔබ දන්නවාද?' සක් දෙවිඳුන් තමන් අසා දැන ගත් ආකාරයටම ඒ භික්ෂුවට ඒ දහම පැවසුවා. මම තමයි ඒ භික්ෂුව."
60.1.1.-58 "දැන් මේ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?"
60.1.1.-59 "සුධර්මා නමින් දිව්‍ය සභාවක් තිබෙනවා. ඒ සභාවට මහා බ්‍රහ්මයාත් ඇවිත් හිටියා. ඒ භික්ෂුව මහා බ්‍රහ්මයා ගෙන් මෙහෙම ඇහැව්වා. පින්වත් දෙවිය, ඔබ තුළ ඉස්සර මිත්‍යා දෘෂ්ටියක් තිබුණා. ඒ දෘෂ්ටිය ඔබ තුළ තාමත් තියෙනවා ද? ශ්‍රාවක පිරිස පිරිවරාගෙන බඹලොව සැරිසරණ බුදු සමිඳුන්ගේ ආලෝකය දෙස බලන්නැ'යි පැවසූ ඒ භික්ෂුවත් මම තමයි."
60.1.1.-60 "එතකොට මහා බ්‍රහ්මයා ඒ භික්ෂුවට මෙහෙම කිව්ව. 'ඇවැත්නි, දැන් මා තුළ අර කලින් තිබු දෘෂ්ටිය නෑ.'"
60.1.1.-61 "'මම අද කියන්නෙ කොහොමද, නිත්‍යයයි කියල හෝ සදාකාලිකයි කියල හෝ ශ්‍රාවක පිරිස පිරිවරාගෙන බඹ ලොව සැරිසරන බුදු සමිඳුන්ගේ ආලෝකය මං දැන් දකිනවා.'"
60.1.1.-62 "දැන් මේ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?"
60.1.1.-63 "ධ්‍යාන විමෝක්ෂ බලයෙන් මහාමේරු පර්වත මුදුන ස්පර්ශ කළේත් භික්ෂුවක්. දඹදිව පූර්ව විදේහ කියන රටේ මිනිසුන් නිදන භූමිය ස්පර්ශ කළේත් භික්ෂුවක්. මම තමයි ඒ භික්ෂුව."
60.1.1.-64 "දැන් මේ කාරණය දැනගත් කෙනා බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුවක්. ඒයි මාරය, එබඳු භික්ෂුවක් පීඩාවට පත් කරල නුඹ දුකට පත්වෙන්ටද හදන්නෙ?"
60.1.1.-65 "'මං මේ මෝඩයව පුච්චල දානව' කියල ගින්න හිතන්නෙ නෑ. නමුත් මෝඩ තැනැත්තාම ඇවිලෙන ගින්නට වැදිල පිච්චිලා යනවා."
60.1.1.-66 "ඒයි මාරය, අන්න ඒ වගේ නුඹත් මේ හැප්පෙන්ට හදන්නෙ රහත් භික්ෂුවක් එක්ක. මෝඩයෙක් ගින්නත් එක්ක ගැටෙන්ට ගිහින් පිච්චිලා යනවා වගේ පිච්චිල යන්ටද හදන්නෙ?"
60.1.1.-67 "ඒයි මාරය, එදා දූසී මාරයාත් තථාගතයන් වහන්සේ නමකට පීඩා කොට පව් රැස් කරගත්තා. තමන්ට පව් පිපාක දෙන්නෙ නෑ කියලද නුඹ හිතන්නෙ?"
60.1.1.-68 "ඒයි මාරය, නුඹගේ ඔය වැඩ නිසා බොහෝ කලක් විපාක දෙන පව් තමයි රැස් වෙන්නෙ. ඒයි මාරය, ඒ නිසා බුදු සමිඳුන් ගැනත් භික්ෂූන් ගැනත් කලකිරිලා පව් කරන්ට ආශා කරන්ට එපා!"
60.1.1.-69 "භේසකලා වනයේදීයි මොග්ගල්ලාන භික්ෂුව ඔය විදිහට මාරයාට තර්ජනය කළේ. එතකොට මාරයගෙ සිත දුකට පත් වුණා. එතනම අතුරුදහන් වෙලා නොපෙනී ගියා."
මේ වනාහී ආයුෂ්මත් මහා මොග්ගල්ලාන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.
"සුදුද්දසං සුනිපුණං – යත්ථ කාමනිපාතිනං
චිත්තං රක්ඛේථ මේධාවී – චිත්තං ගුත්තං සුඛාවහං
සිතේ ඇත්ත ස්වභාවය දකින එක හරි ම අමාරුයි. ඒ වගේ ම සිත ගොඩක් සියුම්. හිත මනාපෙ ආස කරන දේට මං ඇදිලා යනවා.
බුද්ධිමත් කෙනා තමයි එබඳු සිත නො මඟට වැටෙන්ට නොදී රැක ගන්නෙ. හොඳින් රැක ගත් සිතින් මහා සැපයක් ලබන්ට පුළුවනි.
"වලාකුලින් පහවී ගිය පුන් සද වාගේ
නිමල රැසින් බබලන හිරු මඩලක් වාගේ
අංගීරස මුනිදානෙනි ඔබ ඒ වාගේ
සියළු ලොවම එලිය කරයි නුවණින් ඔබගේ......"
ඵන්දනං චපලං චිත්තං - දුරක්ඛං දුන්තිවාරයං
උජුං කරෝති මේධාවි - උසුකාරෝ’ව තේජනං
තේරුම
හිත කියල කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙයක්. රැක ගන්ට අමාරු දෙයක්. වරදින් වළක්වන්ටත් අමාරු දෙයක්. නමුත් බුද්ධිමත් කෙනා (ධර්මයේ පිහිටලා) එබඳු සිත පවා සෘජු කර ගන්නවා. ඇද කුද හැරලා ඊ දණ්ඩක් සෘජු කරන හී වඩුවෙක් වගේ.
අයුක්තියට ඉඩ නැතේ
යුක්තිය ලොව රජ වෙතේ
වෛරෙන් වෛරය නොවේ
මෛත්‍රියෙන් ජය ලැබේ
යෝ චේ වස්සසතං ජීවේ
යෝ චේ වස්සසතං ජීවේ
දුස්සීලෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙයියෝ
සීලවන්තස්ස ඣායිනෝ.
එකඟ සිත් නැති යම් කිසි දුශ්ශීලයෙක් සිය වසක් ජීවත් වේද, ධ්‍යාන කරන සුලු වූ සිල්වතාගේ එක් දිනක් ජීවත් වීම ඊට වඩා උතුම්.
(ජේතවන : සංකිච්ච තෙරුන් ඇරැබ)
"There is nothing wrong or dis-honorable in being sexy, lustful, homosexual or lesbian, if it does not violate others rights. But over indulgence of it will definitely would cause harm to oneself, in body & mind.
But the one who aspires to achieve Samatha Samadi (Tranquil Concentration) must put lust and sex 100% away, even not only one should have lustful thoughts, but he must not even have the notion of 'men' and women".-Yogi Anurada
One evening an old Cherokee told his grandson about a battle that goes on inside people. He said, "My son, the battle is between two "wolves" inside us all.
One is Evil. It is anger, envy, jealousy, sorrow, regret, greed, arrogance, self-pity, guilt, resentment, inferiority, lies, false pride, superiority, and ego. The other is Good.
It is joy, peace, love, hope, serenity, humility, kindness, benevolence, empathy, generosity, truth, compassion and faith."
The grandson thought about it for a minute and then asked his grandfather: "Which wolf wins?" The old Cherokee simply replied, "The one you feed."
සෝ සාගරේ ජලධිකo රුධිරo අදාසි
භූමිo පරාජිය මoසමදාසි දානo
මේරුප්පමාන මධිකඤ්ච සමෝලි සීසo
ඛේ තාරකාදිකතරo නයනo අදාසි......
"උන්වහන්සේ සාගරයේ ජලයට ද වඩා ලේ දන් දුන් සේක.
මහ පොළොව පරදවා ස්වකීය මස් දන් දුන් සේක.
ගොඩ ගැසුවහොත් මහ මෙරට වඩා ඔටුනු සහිත හිස් දන් දුන් සේක.
අහසේ තාරකා වලටත් වඩා ඇස් දන් දුන් සේක...."
Atta Dipa
Atta Dipa
Viharatha
Atta Sharana
Ananna Sharana
Dhamma Dipa
Dhamma Sharana
Ananna Sharana
Look within!
You are the Light itself.
Rely on yourself.
Do not relay on others.
The Dharma is the Light.
Rely on the Dharma.
Do not relay on anything,
Other than the Dharma.
"I think", therefore thoughts arise. If one drops "I" (=Ego), thoughts cannot arise & mind will enter into Samadi.
When a meditator get secluded to meditate, & closes the eyes, "he/she" vanishes, as there are no sense inputs from eye & ear. But "I" remains, for touch sense still remains, so one feels his body, which maintains the perception of "I". By entering deep relaxation, & touch sense abandoned, "I" vanishes.-Yogi Anurada
It is easier to protect your feet with slippers. than to cover the earth with carpet...
පොලොව පුරා හන් අතරනවට වඩා ඔබේ දෙපයට පාවහන් පැළද ගැනීමෙන් දෙපතුල ආරක්ෂා කරගැනීම කෙතරම් ලෙහෙසිදැයි සිතාබලන්න...
අප ගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ දේශනයට අනුව;
යම් කාලයක් එනවා මේ අතිවිශාල මහ පොළව කැඩිලා බිඳිලා යන.
යම් කාලයක් එනවා මේ අතිවිශාල මහ සාගරය හිඳිලා යන.
යම් කාලයක් එනවා මහ විශාල මහමේරු පර්වතය පවා කැඩිලා විනාශ වෙලා යන.
නමුත්-
මේ අපේ සසර ගමනේ නම් නිමාවක් පේන්නවත් නැ
ඒ නිසා මැරි මැරි ඉපදි ඉපදි යන මේ සන්සාරයෙන් එතෙර වන්නට නම් අපි හැමතිස්සෙම පින් සිතුවිලි වලින් ඉඳ ගෙන හොඳ වැඩම කරන්න ඕනෙ.