Posted by: lrrp | April 5, 2014

මුවින් දුගඳ හමන රෑමතිය

මෙතුමිය කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ පුරාණ දුතිකාව වූ භද්‍ර කාපිලානිය වේ. මේ පශ්චිම දිවියේ නොව පෙර එක් ජීවිතයක ඇයට විපාක දුන් කර්මයක් පෙන්වා දී ඇත. මෙතුමිය තරුණියක්ව, විවාහ වී සිටිය දී ස්වාමි පුරුෂයාට වෙන්කොට තබන ලද ආහාර කොටස නිවසට වැඩි පසේ බුදුන් වහන්සේ නමකට ස්වාමි පුත‍්‍රයා ගේ නැගණිය විසින් පූජා කරන්නට යෙදුනා. ස්වාමි පුත‍්‍රයා එයට සතුටු නො වේ යැයි සිතා, ඔහු කෙරෙහි ඇති බලවත් ආදරය නිසා පසේබුදු හිමිගේ පාත‍්‍රයෙන් ඒ දන් කොටස නැවත ගෙන තම ස්වාමියාට පිළිගැන්වීය. එහිදී ඔහු ඒ දන නැවත1972367_648020695265256_605112634_n

යන්ට පිදූ හෙයින් මෙයට තරහගත් මෙතුමිය පසේබුදු හිමි ගේ පාත‍්‍රයෙ හි තිබූ දානය විසිකොට පාත‍්‍රයට මඩ පුරවා දුන්නා ය. ස්වාමියා ගේ නැගණිය දාන පාත‍්‍රය දෙන විට ද, තමා මේ මඩ පිරවූ පාත‍්‍රය දෙන විටද, ඒ පසේබුදු හිමි ගේ මුහුණේ වෙනසක් නො වුණු බැවින් මෙය දුටු ඇය කම්පා වී සමාවගෙන පාත‍්‍රය නැවත සුවඳ දියෙන් සෝදවා ඉතා මියුරු දානයක් පූජා කළා ය. නමුදු කළ කර්ම විපාක ලෙස පසු භවයකදී එතුමිය ගේ මුවින් දුඟද වහනය වන්නට වූ බව ධර්මයෙහි සඳහන් වේ.

වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!

(නිවන් මාර්ගය)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: