Posted by: lrrp | April 18, 2014

පුටු පිදීමේ කුසල විපාක

10151792_587541744674777_5254756419969717336_nබුදුවරුන්ට හා මහා සංඝ රත්නයට හිඳ ගැනීමට අසුන් සපයා දීම යනු මහත් ආනිසංශ දායී කුසල කර්මයක් බව කරුණාවෙන් මතක් කර සිටිමු.
අසුනක් සැපයීම සරලව ගතහොත් හිඳ ගැනීමට අවශ්‍ය වෙලාවට ඊට ආධාරකයක් ලබාදීම ලෙස සැලකිය හැකිය. ආනිසංශ දායී
මෙම කුසල කර්මය සිදු කර ගන්නේ කෙසේ දැයි විමසා බලමු , අද කාලයේ බොහෝ නිවෙස් වල සාංඝික දානයන් පූජා කෙරෙන අතර තුර මෙන්ම
තම පන්සලේ සිදුකෙරෙන විවිධ පින් කම් කටයුතු වලදීද ,ධර්ම දේශනා සංවිධානය කරන අවස්ථා වලදි මෙම උතුම් කුසල කර්මය අපහසුවකිත් තොරව සිදුකර ගත හැක.
ඔබ එම වෙලාවන් හි ඉතා පිරිසිදු සැදැහැ සිතින් ආසන පිළියෙල කොට මෙම ආසන පිලියෙල කිරීමෙන් ලද උතුම් කුසලය මා හටත් නිවන් පිණිසම හේතු වාසනා වේවා කියා පතන්න එම කුසල් බලය ඔබට නිවන පිණිසම වෙයි..
අප දැන් මම පුටු පිදීමේ කුසල කර්ම කිරීමෙන් ලත් ආනිසංශ විමසා බලමු.

හේමක හිමි පියදස්සී බුදුරජාණන් වහන්සේට සෘදිබලයෙන් රන් පුටුවක් මවා දුන් පිනෙන් හැත්තෑපස් වතාවක් සක්විති රජ විය.
දෙතිස්වතාවක් දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු විය.

ඒකාසනාදායක් හිමි පියුමතුරා බුදුරජුන්ට දඬුමැස්ස මත ආසනයක් පනවා දුන් පිනෙන් පනස් වතාවක් ශක්‍ර දේවේන්ද්‍ර සම්පත් ලැබුවේය.
අසූවතාවක් සක්විති රජ විය. (අපදාන පාලි 423 -අපදානය)

පුරුශයන් පමණක් නොව ස්ත්‍රීන් ද මෙවැනි උතුම් ක්‍රියාවල නිරතවී ලැබු ආනිසශ ථෙරී අපදානයේ දැකගත හැක .

ඒකාසනදායිකා තෙරණිය පෙර එක් ජීවිතයක දී පැහැදුන සිතින් තැන්පත් සිතින් නුවණින් යුක්තව එක් හිමිනමකට වැඩ සිටීමට අසුනක් පනවා දුන්
පිනෙන් අසූවතාවක් සක්දෙව්ඳුගේ බිරිඳ වී උපන්නාය.මනුලොවදී ද පහත අනුසස් ලැබුනේය.

1.හිඳ ගැනීමට රන් රිදී අසුන් පහලවේ.
2. චිත්ත පීඩා ඇතිනොවේ.
3.මෙට්ට පලස් ආදිය බොහෝ ලැබේ.
4.බොහෝ භෝග සම්පත් ලැබේ.
5.උසස් කුල සම්පත් ලැබේ.
6.චෛතසික වේදනාවන්ට පත් නොවේ.
7.ලස්සන වී උපදියි.
8.තමා නාවන්න ,කවන්න ,පොවන්න ,සතුටු කරන්න,සුවඳ ගල්වන්න
බොහෝ පිරිවර ලැබේ.

මීට අමතරව පිළින්දිවච්ච අපදානයේ තවත් කුසල විපාක දක්වා ඇත.

9.සියල්ලන්ගේ ගෞරවයට පාත්‍රවේ.
10.බොහෝ කීර්ති ඇත්තෙක් වේ.
11.දීමෙන් ඇලුණු සිත් ඇත්තෙක් වේ.
12.බොහෝ පුටු සසරේදී ලැබේ.

මෙවන් බොහෝ අනුසස් ලැබෙන පුටු පිදීමේ කුසලය ඔබත් සැදැහැ සිතින් සිදුකර ගෙන සසර ගමන සුවපහ් කරගෙන අමා මහ නිවන් දැකීමට ඔබත් අධිෂ්ඨාන කර ගන්න.

( බෞද්ධයා)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: