Posted by: lrrp | April 19, 2014

සරණ ගමනීය නම් රහත් මුනිඳුන්ගේ අපදානය

1014478_585316748230610_7630837219724880163_nඅනෝමදස්සී නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේ නිසඟ නම් තෙරුන්ගෙන් තෙරුවන් සරණ ගියෙමි. ඒ සිත පහදවාගෙන තැන්පත් සිතින් තෙරුවන් සරණ ගිය පිණෙන් අසූ වාරයක් සක්දෙවිඳුව උපන්නෙමි. හැත්තෑ පස් වාරයක් මහ පොලොවටම අධිපතිව සක්විති රජකමද ලදිමි. මේ ගෞතම බුදු සසුණේදී හත් අවුරුදු වියේදීම සියළු කෙලෙසුන් නසා සියළු සසර දුක් ගිනි නිවා රහත් වීමටද ඒ පින උපකාර විය.

මෙය වනාහි සරණ ගමනීය නම් රහත් මුනිඳුන්ගේ අපදානයයි.

අපිත් ඒ උතුම් සූවිසි මහ ගුණකඳ සිහිකරමින් තෙරුවන් සරණ යමු සතුටින්.

නමස්කාර වේවා බුදු රුවණට සැමදා බුදු හිමි සරණ යමි
නමස්කාර වේවා දම් රුවණට සැමදා සදහම් සරණ යමි
නමස්කාර වේවා සඟ රුවණට සැමදා මහ සඟ සරණ යමි
නමස්කාර වේවා තුණුරුවණට සැමදා තිසරණ සරණ යමි

බුදු රුවනට වඩා උතුම් කෙනෙක් මට නැතේ
බුදු බනටත් වඩා උතුම් දෙයක් මට නැතේ
බුදු පිරිසට වඩා උතුම් පිරිස් මට නැතේ
තුණුරුවණට වඩා උතුම් කිසිත් මට නැතේ.

ඒ උතුම් තිසරණ හිස් නොම වේය කිසිදින.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: