Posted by: lrrp | April 24, 2014

මානසික පුරුදු වඩා බලවත්

“ඉධ පුණ්ණ එකච්චො කුක්කුර වතං භාවෙති පරිපුණ්ණං අබ්බොක්කිණ්ණං. කුක්කුර සීලං භාවෙති පරිපුණ්ණං අබ්බොක්කිණ්ණං කුක්කුර චිත්තං භාවෙති පරපුණ්ණං අබ්බොක්කිණ්ණං කුක්කුරාකප්පං භාවෙති පරිපුණ්ණං අබ්බොක්කිණ්ණං.

සො කුක්කුර වතං භාවෙÀවා පරිපුණ්ණං අබ්බොක්කිණ්ණං කුක්කර සීලං භාවෙÀවා පරිපුණ්ණං අබ්බොක්කිණ්ණං කුක්කුර චිත්තං භාවෙÀවා පරිපුණ්ණං අබ්බොක්කිණ්ණං කුක්කුරා කප්පං භාවෙත්වා පරිපුණ්ණං අබ්බොක්කිණ්ණං කායස්ස භෙදා පරම්මරණා කුක්කුරානං සහව්‍යතං උප්පජ්ජති.”

මෙම පාඨය මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ කුක්කුරවතිය සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෝලිය ජනපදයේ හළිද්ද වසම නම් නියම් ගමේ සිටි පුණ්ණ හා කෝලියපුත්ත යන දෙන්නාට. මේ දෙන්නා තාපසයෝ. පුණ්ණ තාපසයා ආරක්ෂා කෙළේ කුක්කුර ව්‍රතය. ඒ කියන්නේ “සුනඛ ව්‍රතය” බල්ලෙක් වගේ සිල්, ව්‍රත ආරක්‍ෂා කරල ශරීරයට දුක් දීමෙන් පරම සැපතක් ලබන්න පුළුවන් කියල හිතා ගෙන සුනඛ ව්‍රතය ආරක්ෂා කෙළේ.

කෝලිය පුත්ත ආරක්ෂා කෙළේ ගෝ ව්‍රතය. එයා ගවයෙකු මෙන් සිල් ව්‍රත ආරක්ෂා කරල ශරීරයට දුක් දුන්න. මේ පුණ්ණ හා කෝලියපුත්ත තාපසයො දෙන්න දීඝ¡ කාලයක් ඒ ව්‍රත ආරක්ෂා කළා. එක දවසක් මේ දෙන්නාට බුදුරජාණන් වහන්සේ, හළිද්ද වසම නියම්ගමට වැඩි බව අහන්න ලැබුණ. මේ දෙන්නා බුදුරජාණන් වහන්සේ සොයා ගෙන ආව. එදා බුදුරජාණන් වහන්සේ සමඟ තොරතුරු සාකච්ඡා කරන අතර කෝලියපුත්ත ප්‍රශ්නයක් ඇසුව.

“බුදුරජාණන් වහන්ස, මේ මගේ යහළු පුණ්ණ ඉතාම දුෂ්කර කුක්කුර ව්‍රතයක් ආරක්ෂා කරනව. එයා ආහාර ගන්නේ බිමට දමල. අළුගොඩකමයි නිදන්නෙ. අපේ ගුරුතුමා උගන්වා තියෙන විදියටම දීඝ¡ කාලයක් ව්‍රතය ආරක්ෂා කළා. මේ ව්‍රත සමාදානයෙන් පුණ්ණ මැරුණට පස්සෙ මොන ලෝකයක උපදී ද?”

“මේ ප්‍රශ්නය මගෙන් අහන්න එපා” කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

ඒත් කෝලියපුත්ත ඒ ප්‍රශ්නයම ඇසුවම බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න.

“යම්කිසි කෙනෙක් කුක්කුර සීලයත්, කුක්කුර ව්‍රතයත්, කුක්කුර ට්ත්තයත්, කුක්කුර ආකල්පයත් පුරුදු කළොත් ඒ කුක්කුර සීල, ව්‍රත, චිත්ත හා ආකල්ප දීර්ඝ කාලයක් පුරුදු කිරීම නිසා ඔහු මිය ගොස් කුක්කුරයන් නොහොත් සුනඛයන් සමඟ එක් වෙනවා. බල්ලෙකු වී උපදිනවා. නැත්නම් ඔහු සිතුවොත් මා මේ කුක්කුර සීල, ව්‍රත, ආරක්ෂා කිරීමේ බලයෙන් දෙවියෙක් හෝ ඊට සමාන කෙනෙක් වී උපදීවා කියලා, ඒක වැරදි අදහසක්. ඒ මිථ්‍යාදෘෂ්ටිය නිසා ඔහු අපායේ හෝ තිරිසන් ලෝකයේ උපදිනවා.”

ඒක අහල පුණ්ණ මහත් දුකට පත්වුණා. පසුව තාපසයො දෙදෙනාම බුදුරජාණන් වහන්සේගෙන් ධම¡ය ඇසීමට කැමති වුණා. බුදුරජාණන් වහන්සේ මෙසේ ධර්මදේශනා කළා.

“පුණ්ණ කර්‍ම කොටස් හතරක් තියෙනව.”

1. අත්ථි පුණ්ණ කම්මං කණ්හං කණ්හ විපාකං

2. අත්ථි පුණ්ණ කම්මං සුක්කං සුක්ක විපාකං

3. අත්ථි පුණ්ණ කම්මං කණ්හ සුක්කං කණ්හ සුක්කං විපාකං

4. අත්ථි පුණ්ණ කම්මං අක්ණහං අසුක්කං අකණ්හ සුක්ක විපාකං

1. සමහර කර්‍ම කළු හෙවත් පව් ය. ඒවායේ විපාකයන් කළු ය. දුක් සහිත ය.

2. සුදු හෙවත් කුසල කර්‍ම ඇත. ඒවා සැප විපාක ලබා දෙයි.

3. පින් පව් මිශ්‍ර වූ කර්‍ම ඇත. ඒවා විපාක දෙන විටත් සැපදුක් මිශ්‍රව ඇත.

4. පව් පින් නොවන කර්‍ම ඇත. ඒවායේ සැප හෝ දුක් විපාකයක් නැත.

මෙහි කළු හෙවත් පාප කර්ම වශයෙන් දැක්වූයේ අකුසල කර්මයන් ය. සුදු වශයෙන් දැක්වූයේ කුසල කර්‍මයි.

“සඛ්‍යාපජ්ඣං කාය සංඛාරා

අභිසංකාරොති

සංඛ්‍යාපජ්ඣං වවී සංඛාරං

අභිසංකරොති

සංඛ්‍යාපජ්ඣං මනොසංඛාරං

අභිසංකරොති

 

සඛ්‍යාපජ්ඣං කාය සංඛාරං

අභිසංකරිත්වා

සඛ්‍යාපජ්ඣං වචී සංඛාරං

අභිසංකරිත්වා

සඛ්‍යාපජ්ඣං මනොසංඛාරං අභිසංකරිත්වා

සඛ්‍යාපජ්ඣං ලොකං උප්පජ්ජති”

සිතේ තරහ ගතියෙන් යුක්තව කටයුතු කිරීම නිසා ව්‍යාපාද සහිත කාය සංකාර, වචීසංකාර, මනො සංඛාර ඇති වෙනව. ඒ තරහ මිශ්‍ර වූ කාය, වචී, මනො සංඛාර නිසා තරහ මිශ්‍ර වූ තැනක උපත ලබනවා. තරහ ගතිය ඇති තැනක උපත ලැබූ පසු තරහ ඇති කෙරෙන ස්පර්ශ ඉන්ද්‍රියයන්ට ලැබෙනවා. ඒ නිසා තරහෙන් ලබන ස්පර්ශයෙන් ඇති වෙන වේදනාවක් තරහ මිශ්‍ර වී තියෙන්නෙ. තරහෙන් ලබන වේදනාව දුක් සහිත එකක් ම යි. එය තරහ ගතියෙන් යුත් සිතින් රැස්කර ගත් අකුසල සංඛාරවල ස්වභාවය. ලෝභකම, මෝඩකම ඇතිව වැඩ කරන කොට සිතේ ඇති වෙන චේතනාත් ලෝභ, මෝහ සිතිවිලිවලින් මිශ්‍ර වී තියෙන නිසා අකුසල කර්ම. ඒවා අපුඤ්ඤාභිසංඛාරයි. ඒවායේ විපාකයත් අකුසල විපාකයක්. ඒ අකුසලකර්ම විපාකයන් ලැබෙන්නේ දුකක්මයි. තරහක් නැතිව මෛත්‍රියෙන් යුතුව යම්කිසි ක්‍රියාවක් කරනවා නම් එවිට අඛ්‍යාපජ්ක්‍ධ ඇති වේ. ඒ අඛ්‍යාපජ්ඣ සංඛාර නිසා ව්‍යාපාද රහිත ලෝකවල උපදිනව. ව්‍යාපාද නැති නිසා ව්‍යාපාද ස්පර්ශ ලැබෙන්නෙත් නෑ. ඒ නිසා සැප වේදනාත් එයින් සතුටත් ලබන්න පුළුවන්. ඒක කුසල කර්ම හෙවත් පුඤ්ඤාභිසංඛාරවල ස්වභාවය යි.

යම් කෙනෙක් ව්‍යාපාද හා අව්‍යාපාද මිශ්‍ර ව සංඛාර රැස් කළ හොත් ඒ නිසා ම ව්‍යාපාද හා අව්‍යාපාද මිශ්‍ර තැන්වල උපදිනවා. ඒ තැන දී සැප දුක් මිශ්‍ර ස්පර්ශ ලබන, සැපදුක් මිශ්‍ර වේදනාත් විඳිනව.

රහතන්වහන්සේ නමක් නම් පින් පව්සංඛාර රැස්කරන්නේ නැත. උන්වහන්සේලාට ඇති වෙන්නේ අපුඤ්ඤාභිසංඛාර. ඒවායේ සැප හෝ දුක් විපාක නැත. ඒත් පෘථග්ජන සියලු දෙනා ම පුඤ්ඤාභිසංඛාර හෝ රැස්කරනවා.

මේ පුඤ්ඤාභිසංඛාර හා අපුඤ්ඤාභිසංඛාර කියන්නේ මොනවාද කියල බලමු. “සංඛාර” කියන වචනයේ නොයෙක් අර්ථ තියෙනව. විශුද්ධිමාර්ගයේ පඤ්ඤාභූමි නිද්දේශයේ පටිච්චසමුප්පාදය විස්තර කිරීමේදී “අවිජ්ජාපච්චයා සංඛාරා” යන තැන සංඛාර ශබ්දය විස්තර කරන්නේ “සංඛතමභිසංකරොන්තී ති සංඛාරා” කියල, තමාගේ ඵලයට සුදුසු වන ලෙසින් රැස් කරන එක සංඛාරවල ස්වභාවයක්. “ආයුහන සො” කියන්නේත් ඒකයි. සකස් කිරීමේ ලක්ෂණය ඇති සංඛාරාවල රැස්කිරීමේ ස්වභාවය නිතරම තියෙනව. සංඛාර සමඟම චේතනාව තියෙනව. ඊට ආසන්නව වේදනාව තියෙනව. අවිජ්ජාභතායං භික්ඛවෙ පුරිස පුග්ගලො පුඤ්ඤාං” චෙ සංඛාර අභියංකරොති පුඤ්ඤොපගං හොති විඤ්ඤාණං” යන විදියට අවිද්‍යාවෙන් යුක්ත තැනැත්තා පින් රැස් කරනවා. ඒ නිසා විඤ්ඤාණය පින්වලට අනුගතව පිහිටනවා. ඒක පුඤ්ඤාභිසංඛාරවල ස්වභාවය.

හේතුවලට සුදුසු වූ ඵල සංඛාර ලබා දීමේ හැකියාව එම කර්මවල ඇත.

එනිසා මෙම සංඛාර තුළ කුසලාකුසල කර්මයන්ගේ පැවැත්මටත්, නිපැත්මටත් අවශ්‍යම හේතුව ඇතුළත් වෙනවා. “සංඛාර” යන වචනය මෙයට වඩා වෙනස් විධියකට මජ්ඣිමනිකායේ චුල්ල වේදල්ල සූත්‍රයේ තෝරල තියෙනවා. විශාඛ නම් උපාසකයෙක්, ධම්මදින්නා නම් භික්ෂුණීන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් එහි සංඛාර වර්ග තුනක් ඇති බව දැක්වෙනවා. කාය සංඛාර, වවී සංඛාර, චිත්ත සංඛාර යනුවෙන්,

“අස්සාස පස්සාස ඛො ආවුසො විසාඛ කායිකා එතෙ ධම්මා කායපටිපද්ධා තස්මා අස්සාස පස්සාසා කාය සංඛාරා. පුබ්බෙ ඛො ආවුසො විසාඛ විතක්කෙත්වා විචාරෙත්වා පච්ජා වාවං භින්දති, තස්මා චිතක්ක විචාරො වචීසංඛාරා සඤ්ඤා ච වෙදනා ච චෙතසිකා එතෙ ධම්මා චිත්තපටිබද්ධා තස්මා සඤ්ඤා ච වෙදනා ච චිත්ත සංඛාරා…”

විශාඛය, ආස්වාස හා ප්‍රස්වාසය ශරීරය හා සම්බන්ධව ඇති වන නිසා කායසංඛාරය, යමක් කියන්න පෙර සිතා පසුව වචනයෙන් කියනවා. එනිසා විතර්කයක්, විචාරයත් වචනය හා සම්බන්ධ බැවින් වචීසංඛාරය, සිතිවිලි දෙකක් වන සඤ්ඤා හා චෙතනා සිත හා සම්බන්ධ නිසා චිත්තසංඛාරය. මේ විස්තරයෙන් කියැවෙන්නේ කය, වචනය, සිත සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති අස්සාස, පස්සාස, චිතක්ක විචාර, සඤ්ඤා වෙදනා යන මේවා සංඛාර වෙන බවයි. එහෙනම් සංඛාර යන වචනයේ එක් අර්ථයක් වන්නේ ඉතා කිට්ටු සම්බන්ධය හෙවත් යමක නිපැත්මටත් පැවැත්මටත් අත්‍යවශ්‍ය හේතුව ඇති විට එම දේ පවතින්නා සේ ම එම අත්‍යවශ්‍ය හේතුව නැති විට එම වස්තුවේ පැවැත් ම ද නැති වේ.

එසේ නම් අස්සාස පස්සාස නැති කල්හි කාය සංඛාර ඇති නොවේ. විතර්කයත්, විචාරයත් නැති අවස්ථාවක වචී සංඛාරයේ පැවැත්මක් ද නැත. එසේ ම සඤ්ඤාවත් වේදනාවත් නැති වුවහොත් චිත්ත සංඛාර පහළ විය නොහැකිය. “වීසංඛාර ගතං චිත්තං තණ්හානං ඛය මජ්ඣගා” යනුවෙන් ප්‍රකාශ කෙරෙන්නේ සඤ්ඤා වේදනාවලින් තොර වූ පුඤ්ඤ අපුඤ්ඤ සියලු සංඛාරවලින් තොර වු විසංඛාර ගත වූ බවයි.

“අනිච්චා වත සංඛාරා” වැනි තැන්වල සංඛාර යන වචනයෙන් කියවෙන්නේ සංඛත සංඛාර, අභිසංඛත සංඛාර ආදී වශයෙන් විස්තර වෙන කාම, රූප, අරූප ලෝකවල පහළ වෙන නාමරූප සියලු ධර්මයන් ය. එනම් රූප – වේදනා සඤ්ඤා – සංඛාර – විඤ්ඤාණ වශයෙන් සැලකෙන ස්කන්ධ පඤ්චකයයි. එයින් කියැවෙන්නේ හේතුව ගැන නොවෙයි. ඵලය ගැනයි. අපි යම් යම් හේතු නිසා දැන් ලබා ඇති මේ නාම රූපයන් සංඛාර ය. ඒවා ඇතිවෙලා පැවතිලා නැති වෙන එක ස්වභාවයක්. මේ අනිත්‍යාදි ලක්ෂණවලින් යුත් සියලුම ධර්ම සංඛාර වශයෙන් සැලකෙනවා. එනිසයි සියලු සංස්කාරයන් අනිත්‍ය ය, කියන්නේ. මේ අනුව “සංඛාර” යන වචනය හේතුව හා ඵල දැක්වීමට යොදා ඇත.

එයින් කුක්කුරවතිය සුත්‍රයේ යෙදී තියෙන්නේ “හේතු” යන අර්ථයෙනි. ලෝභ, දෝෂ, මෝහ හා ආලෝභ, අදෝස, අමෝහ යන හේතුන් යෙදීමෙන් ඇති වන සංඛාර කුසල හා අකුසල වෙන බවත්, ඒ නිසා නැවත ලබන ඵලයත් කුසල හා අකුසල වශයෙන් සිදුවිය හැකි බවත් මෙහි විස්තර වෙනවා. පුණ්ණ නම් තාපසයා දිගු කලක් සුනක ව්‍රතයත් සීලයත් සිතිවිලිත් ආකල්පත් පුරුදු කළ නිසා ඔහු මිය ගොස්, තමා පුරුදු කළ සීල ව්‍රතවලට අනුරූපව සුනඛ තත්ත්වයට පත් වෙනවා. එයට හේතුව ඔහු විසින් ම රැස් කර ගත් සංඛාරයන් ය. එනිසා සංඛාරවල ඇති ලක්ෂණය නම් තමාගේ ඉපදීමට හේතු වූ ස්වභාවයට අනුරූප වූ ඵලයන් එක් කිරීමයි. එනිසා පුඤ්ඤාභිසංඛාරවල හා අපුඤ්ඤාභිසංඛාරවල ඵල, ඊට අනුරූප ව සැප හා දුක් වශයෙන් ලැබෙනවා. එය කම්ම නියාම වශයෙන් පෙළ පොත්වල විස්තර කෙරේ.

එනිසා අප කය, වචනය හා සිත, ක්‍රියා කළ යුත්තේ පරිස්සමෙන්ය. අපේ කයේ හෝ වචනයේ හෝ සිතේ ක්‍රියාකාරිත්වයට පදනම් වූයේ කුසල මුලයක්ද? අකුසල මුලයක් ද? යන වග අප දැන සිටිය යුතුයි. එය අප දැන සිටියත් නැතත් සංඛාර ඉපදීමට හේතුවන මූල ස්වභාවය අනුව ඇතිවන කර්මය, කුසල හෝ අකුසල බවට පත් වී ඒවා ක්‍රමානුකූලව අපටම නැවත සැප හෝ දුක් වශයෙන් විපාක ලැබෙනවා.

“දුක” අප අකමැති නිසාත්, සැප කැමති නිසාත් පරම සුවයක් අපේක්ෂා කෙරෙන නිසාත් අප අපුඤ්ඤාභිසංඛාර රැස් නොකර පුඤ්ඤාභිසංඛාර දියුණු කිරීමටත් සැලකිලිමත් විය යුතුය. එසේ කල්පනාකාරීව කුසල දහම්හි හැසිරී සියලු කෙලෙස් නසා නිවන් සුව අත්පත් කර ගැනීමට අප කාටත් පුළුවන්.

කේ. ආනන්ද හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: