Posted by: lrrp | April 30, 2014

“භද්ද” මහා රහතන් වහන්සේ වදාළ ගාථාවන්..

මං තමයි පවුලෙ එකම දරුවා. අම්මා තාත්තා මට පුදුම ආදරයක් තිබුණා.
නොයෙක් වත් පිළිවෙත් කරලා බාර හාර වෙලයි මං ඉපදුණේ.
ඇත්තෙන්ම අම්ම තාත්ත දෙන්න මට හරිම ආදරෙයි. මගේ යහපත ගැනමයි කල්පනා කළේ. අන්තිමේදී එ් ගොල්ල මාවත් වඩාගෙන බුදු සමිඳාණන් ළඟට අරගෙන ගියා.

ස්වාමීනී, මේ දරු සිඟිත්තා ලබාගත්තෙ ඉතා දුක් විඳලා. මේ දරුවා හරි සියුමැලියි.සැප දීලයි හැදුවේ. ඉතින් අපි ලොවට යහපත සදන ‘නාථ ජින’ වූ ඔබ වහන්සේගේ ශිෂ්‍යයෙක් හැටියට තබාගන්නට මේ දරු සිඟිත්තා දැන් පූජා කරනවා.

ශාස්තෘන් වහන්සේ මාව මහණ කරල වෙහෙරට වැඩියා. දවල් කාලෙ ගෙවෙන්ට ඉස්සර වෙලා සුළු වෙලාවකින් මගේ හිත සියලූ කෙලෙසුන් ගෙන් නිදහස් වුණා.

එදා හවස් වරුවේ භාවනාවෙන් නැගී සිටි ශාස්තෘන් වහන්සේ ‘පින්වත් භද්‍ර, මෙහාට එන්න’ කියල මට වදාළා. එ්ක තමයි මගේ උපසම්පදාව.

මං උපසම්පදාව ලබන කොට වයස අවුරුදු හතයි.මාත් ත‍්‍රිවිද්‍යාව ලබාගත්තා. අහෝ! මේ සද්ධර්මය ආශ්චර්යයි.

“භද්ද” මහා රහතන් වහන්සේ වදාළ ගාථාවන්..
(සූත්‍ර පිටකය/ඛුද්දක නිකාය/ථේර ගාථා)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: