Posted by: lrrp | December 26, 2014

ලෝකය යනු යම් යම් ක්‌ලේශයන් මත ගොඩනැඟුණු මානසික මට්‌ටමක්‌ පමණි

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා “යෝ රූපං කාමේති, සෝ දුක්‌ඛං කාමේති, යො දුක්‌ඛං කාමේති, සෝ රූපං කාමේති,” යමෙක්‌ රූපයට කැමැති වේ නම්, එයා දුකට කැමැතියි. යමෙක්‌ දුකට කැමැති වේ නම්, එයා රූපයට කැමැතියි කියලා. මොකද මේවා වෙන් කරන්න බැහැ. සංඛත ධාතුව තුළ. අනිත්‍ය වන බව ම දුක. අපි කැමැති වෙන්නේ දුකටයි අන්තිමට.

13-1තාම මෙතන චතුරාර්ය සත්‍යය පෙන්නුවේ නැහැ. චතුරාර්ය සත්‍යය පෙන්නන්නම්. මං පළ`ගැටියා ගේ උපමාවම අරගෙන යන්නම්. ඒ පළ`ගැටියා ගේ උපමාවෙන් තමයි අපට මේක ටිකක්‌ තේරුම් කරගන්න වෙන්නෙ.

ඔන්න දැන් අපි හිතමු ඈත ලාම්පුවක්‌ පත්තු වෙනවා. පළඟැටියාට නුවණ නෑ නේ. බලාගෙන ඉන්නේ පහන් දැල්ල දිහායි. පළඟැටියට පෙනෙනව ද දුක කියලා? නෑ. මොකද, ඒක ඇහැට පෙනෙන්නෙ නැහැ. නුවණට නේ පෙනෙන්න ඕන. දැන් පළඟැටියට නුවණ නැහැ. ඔන්න පළ`ගැටියා, ඉන්නවා. මොකක්‌ දිහා ද? පහන් දැල්ල දිහා.

පළඟැටියා ගේ අදහස තමයි, මේ පහන් දැල්ල ටික ටික ළඟට ආවොත්, කැමැති දේ ළඟට එනකොට, මොකක්‌ ද ලැබෙන්නෙ? සතුට. මේ පහන් දැල්ල ටික ටික ඈතට ගියොත් මොකද වෙන්නේ? දුකයි. ඇයි ඒ? තමන් කැමැති දේ ඈතට, ඈතට යන කොට දුක එනවා. සතුටු වෙන්න තියන මාර්ගය තමයි පුළුවන් තරම් ඉක්‌මනට පහන් දැල්ල ළ`ගට ගන්න එක, නේ ද?

ඕක තමයි, පළගැටියාගේ මට්‌ටමේ ලෝකයේ කෙනා ගේ චතුරාර්ය සත්‍යය පිළිබඳ දැක්‌ම. ඒ කියන්නේ ලෝකයේ කෙනා දකින්නේ අර, පළ`ගැටියාට පහන් දැල්ල වගේ, දකින්නේ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, දූ දරුවෝ කියලයි.

පහන් දැල්ල ළඟට එන්න, එන්න, සතුට නේ. ඒ වගේ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, ළඟට එන්න එන්න, ගොඩගහගන්න ගොඩගහගන්න, දුක නැතුව ඉන්න පුළුවන් කියලයි දකින්නෙ. ඇත්ත නේ ද ඒක? පළ`ගැටියා පහන් දැල්ල ටික ටික ඈතට ගියොත් මොකද වෙන්නේ? දුක්‌ වෙනවා, මොකද කැමැති දේ අහකට යනවා නේ. ඒ වගේ ම ලෝකයා දකින්නේ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් නැති වුණොත්, අර පහන් දැල්ල ඈතට යනවා වගේ( මොකද වෙන්නේ? දුක්‌ විඳින්න වෙනවා. පුළුවන් තරම් ඉක්‌මනට පහන් දැල්ල ළඟට ගන්න එක තමයි තියන මාර්ගය කියලා තමයි දකින්නේ. ලෝකයා දකින්නේ. පුළුqවන් තරම් ඉක්‌මනට ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල් එකතු කරන එක තමයි, දුක නැතුව ඉන්නවා කියන්නේ කියලයි දකින්නේ.

ඔන්න ඔය මට්‌ටමේ දැනුමක්‌ තියන ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. “දුක්‌ෙ€ අඥනං, දුක්‌ඛ සමුදයෙ අඥනං, දුක්‌ඛ නිරොධ අඥනං, දුක්‌ඛ නිරෝධ ගාමිණි පටිපදාය අඥනං,” කියල. ඇයි ඒ? ඔන්න මෙන්න මේ කාරණාව හින්දයි එහෙම කියන්නේ.

අර උපමාව ම බලන්න. දැන් මෙතන හැම දා ම පවතින හැම දා ම පෙනුණ ඇත්තක්‌ තියනවා. මොකක්‌ ද මේ ඇත්ත? අර උපමාවට ම යන්න( මෙන්න දි හොඳට දක්‌ෂ වෙන්න ඒ උපමාවේ දි, පළ`ගැටියා පහන දිහා බලාගෙන හිටියේ. එයා ගේ අදහස තිබුණේ, පහන් දැල්ල ළඟට ආවොත් සැපයි කියලා, ඈතට ගියොත් දුකයි කියලා. මේක ගන්න එක තමයි මාර්ගය කියලා. ඔන්න ඔය තැන තියන, හැම දා ම පවතින, ඇත්ත ම ඇත්ත.

ඒත් පළ`ගැටියාට නෙ පෙනෙන ඇත්ත අපි පළ`ගැටියාට අපි කියන්න ගියොත්, අපට මොකක්‌ ද කියන්න වෙන්නේ? “ඔතන දිළිසි දිළිසි තියන්නේ පහන් දැල්ල නො වෙයි, ඔතන තියන්නේ දුක. ඕකට කියන්න තියන්නේ පහන් දැල්ල කියලා නෙවෙයි. දුක කියලා. ඔය පහන් දැල්ල ටිකෙන් ටික ටිකෙන් ටික, එන්න එන්න, ඇඟේ හැප්පෙන තරමට ළගට එනකොට, මේකෙ දුක ළඟට එනව ද? දුක ළඟට එනවා.

මේකෙ තියන යථාර්ථය මොකක්‌ ද? ඇත්ත ම ඇත්ත මොකක්‌ ද? දැන් යථාර්ථය බලන්න. දැන් ඒ පහනට ගෑවුණොත් හරි අත දැම්මොත් හරි පිච්චෙනවා නම් ඒක පහන් දැල්ල නො වෙයි දුක නේ ද? ඒ නිසා ඒ දුක ළඟට එන්න එන්න පහන් දැල්ල ටිකෙන් ටික පළ`ගැටියා ගාවට ආවොත් මේ පිච්චෙන බව නො වෙයි ද ළඟට එන්නෙ? දුක නො වෙයි ද මේ ළඟට එන්නෙ? එහෙනම් අපට කියන්න ම වුණොත් ඇත්ත ම ඇත්ත, පළ`ගැටියාට කියන්න වෙනවා, “ඔය පහන් දැල්ල නො වෙයි, ඕක තමයි දුක. ඔය පහන් දැල්ල ළඟට එන්න එන්න ඔය ළඟට එන්නේ සැප නො වෙයි. දුකයි ළඟට එන්නේ” කියලා කියන්න වෙනවා නේ ද? ඒ කියන්නේ ඇත්ත ම ඇත්ත තමයි. ළඟට ඇවිත් හැප්පුණොත් හෙම මොක ද වෙන්නේ? අනිවාර්යයෙන් ම පිච්චෙනවා. ඔය පහන ටික ටික ඔබෙන් ඈත් වුණොත් දුක එනවා නො වෙයි, දුක නැති වෙන්නේ එතකොටයි කියලා කියන්න වෙනවා නේ ද?

දැන් පහන් දැල්ල පළ`ගැටියා ගෙන් ටික ටික ඈතට යනවා නම් පිච්චීම නේ ද ඈතට යන්නෙ? පුළුවන් තරම් ඉක්‌මනින්, පුළුවන් තරම් වේගයෙන් පහනට පනින එක නතර කරන්නයි තියන්නෙ. පහන ඉවත් කරන්න කියන එකයි අපට මාර්ගය හැටියට කියන්ඩ වෙන්නෙ.

පළ`ගැටියා හැම දා ම නො දැක්‌කා, හැම දා ම නො පෙනුණා, හැම දා ම නො තේරුණා, ඒත් ඇත්ත ඇති හැටියේ පැවතුණා. හැම දා මත්, උපන්න දවසේත්, දැක්‌කෙ පහන් දැල්ල කියල මයි. ඉපදුණේ, හැදුණේ වැඩුණේ පහන් දැල්ල කියලමයි. මැරෙන්නෙත් පහන් දැල්ල කියලමයි. ආයෙ ඉපදෙන්නෙත් ඔය පහන් දැල්ල ලැබුණොත් හොඳයි කියන තැනකින් මයි. මැරෙන්නෙත් මේ පහන් දැල්ල ඈතට ගියොත් තමන්ට දුක්‌ විඳින්න වෙනවා මයි කියන තැනින් මයි.

නො දන්නාකම ඇතුළෙ ම ඉපදිලා, නො දන්නාකම ඇතුළෙ ම ජීවත් වෙලා, නො දන්නාකම ඇතුළෙමයි මැරෙන්නේ. කව දා වත් එයින් ඔබ්බක්‌ හම්බ වෙන්නේ ම නෑ. ආයිත් උපදින තැනක දීත් ඔහොම මයිs හම්බ වෙන්නෙ.

ඒ වගේ, අප ඉපදෙන්නෙ ම අම්මා, තාත්ත, ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, මිල මුදල් තියෙන තැනක මයි. දුක දකින්නෙ ම නැතුවයි. ඒ දේවල් ලැබුණොත් තමයි සැප, සතුට තියන්නේ කියන තැනකින් තමයි ජීවත් වුණෙත්, මැරෙන්නෙත්. මේ දේවල් නො ලැබුණොත්, මේවායින් අයින් වෙන්න වුණොත්, දුක්‌ විඳින්න වෙනවා මයි කියන තැනකින් මයි ආයෙත් උපදින්නෙත්.

ලෝකය කියන්නේ ඔන්න ඔය මානසික මට්‌ටමටයි. ලෝකය කිව්වම දකින්න එපා, සැපක්‌, සත්‍යයක්‌ හැටියට. මේ ලෝකය කියන එක මැවිලා තියන්නේ මේ මානසික මට්‌ටමට. ඊට පස්‌සේ ලෝකෝත්තරයි කියන්නෙ, එහෙම නැත්නම් මේ ලෝකයෙන් එතෙර වෙන්නෙ, දුකෙන් එතෙර වෙන්නෙ කියන තැන, වෙන මුකුත් ම නො වෙයි. සත්‍යවබෝධයක්‌ කළාමයි. ඇත්ත තත්ත්වයමයි.

පළඟැටියාට අපේ අදහසක්‌ ද අපි කිව්වේ? පළ`ගැටියා ගැන ඇත්තක්‌ වත් බොරුවක්‌ වත්, අපේ අදහසක්‌ වත් අපි හදාගත්ත ඇත්තක්‌ වත් කිව්වා නො වෙයි. ස්‌වාභාවික සත්‍යයක්‌, සත්‍යය කිව්වේ ඒක වෙනස්‌ වෙන්නේ නැති එකක්‌.

ඒ වගේ මේ චතුරාර්ය සත්‍යය කියන එක බුදුරජාණන් වහන්සේ ගේ දෙයක්‌ කිව්වා නො වෙයි. ඔබ ගේ අපේ ජීවිතවලින් පරිබාහිර ව කිව්වත් නො වෙයි.

ඒ වගේ තමයි. ලෝකයා යමක්‌ “සැපයි” කියයි ද, ආර්යයන් වහන්සේලා ඒක “දුකයි” කියනවා. ආර්යයන් වහන්සේ ලා යමක්‌ “සැපයි” කියයි ද? ලෝකයා ඒක “දුකයි” කියනවා. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ලෝකෝත්තර කියන්නේ ලෝකයා කියන දේට හාත්පසින් ම අනිත් පැත්ත. යථාර්ථය. ආර්යයන් වහන්සේලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. ආර්ය කියන්නේ උතුම්( උතුම් වුණේ වෙන මුකුත් හින්දා නො වෙයි, ඇත්ත හින්ද. ලෝකයට අයිති නැති වුණේ, ලෝකය කියන එකට ද ඔබ්බෙන් පවතින “සත්‍යය” කියන එකට මනස ගිය හින්දා. ලෝකය කියන්නේ බොරුව. ලෝකය කියන්නේ යම් යම් ක්‌ලේශයන් මත ගොඩනැඟිච්ච මානසික මට්‌ටමටයි.

දැන් පළ`ගැටිය ගෙ අරමුණේ දී පළ`ගැටියයි අපයි අතරේ තියන මානසික මට්‌ටම තේරුම් ගන්න පුළුවන් නේ. පළ`ගැටියාට පහන පෙනෙන කොට අපට පෙනෙනවා දුක. පහනේ ලැබීම සැප හැටියට පළ`ගැටියාට පෙනෙන කොට අපට ඒක පෙනෙනවා දුක හැටියට. පහනේ නො ලැබීම දුක හැටියට පළ`ගැටියාට පෙනෙන කොට අපට ඒක පෙනෙනවා සැප හැටියට. පහන ලබාගැනීම මාර්ගය හැටියට පළ`ගැටියාට පෙනෙන කොට පහන නො ලබා ගැනීම මාර්ගය හැටියට අපට පෙනෙනවා.

ඒත් දැන් අපි පළ`ගැටියා ගේ මට්‌ටමට ඇවිල්ලා. දැන් අපිට දුක දුක හැටියට පෙනෙන්නේ නෑ( අපට පෙනෙන්නේ ඉඩ කඩම් යානවාහන ගෙවල් දොරවල් මිල මුදල් හැටියටයි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඒවා දකින්නේ දුක හැටියටයි. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ “ලක්‌ෂණ” ටිකක්‌ කියනවා. දුකට “ලක්‌ෂණ” ටිකක්‌ කියනවා. “ජාතිපි දුක්‌ඛා, ජරාපි දුක්‌ඛාථ ව්‍යාධිපි දුක්‌ඛා, මරණංපි දුක්‌ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්‌ඛෝ, පියෙහි විප්පයොගෝ දුක්‌ඛෝ, යම්පිච්ඡං න ලභති, තම්පි දුක්‌ඛං, – යම් තැනක ඉපදීමක්‌ තියෙනවා නම් යම් දෙයක්‌ තුළ, යම් වස්‌තුවක්‌ තුළ යම් තැනක ඉපදීමේ ලක්‌ෂණය තියෙනවා නම්, දිරන ලක්‌ෂණය තියෙනවා නම්, ලෙඩ වීමේ ලක්‌ෂණය තියෙනවා නම්, මැරෙන ලක්‌ෂණය තියෙනවා නම්, අප්‍රියයන් හා එක්‌ වීමේ ලක්‌ෂණය තියෙනවා නම්, ප්‍රියයන් ගෙන් වෙන් වීමේ ලක්‌ෂණය තියෙනවා නම්, කැමැති දේ නො ලැබිමේ ලක්‌ෂණය තියෙනවා නම්- මේ ආදී වශයෙන් දුක හඳුනාගැනීමේ ලක්‌ෂණ ටිකක්‌ දේශනා කළා. යම් වස්‌තුවක්‌ තුළ ඔය ලක්‌ෂණ ටික තියනවා නම් – ඉපදීමේ ගතිය, දිරන ගතිය, ලෙඩ වෙන ගතිය, මැරෙන ගතිය – දකින්න, මේ දුක කියලා. එතකොට දුක දකින්න මේ ලක්‌ෂණ ටික කිව්වා. අපි ඔය ලක්‌ෂණ වචනවලින් කිය, කිය, රත්තරං හැටියට දකිනවා නම්, අපි දුක දකින්නේ නැහැ. මේ දරුවා නො වෙයි රත්තරං නො වෙයි. මේ රිදී නො වෙයි. මේ මුතු මැණික්‌ නො වෙයි. මේ දුකයි.

“ආනන්ද, සර්පයෙක්‌” කියලා කිව්වෙත් මේක ම තමයි.

පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: