Posted by: lrrp | December 26, 2014

වෙන් වුවත් සියල්ලෙන් ලැබිය නොහැකියි සිතේ සහනේ

සමාජයෙන් හෝ ගිහි ගෙයින් වෙන්වී හුදෙකලාවූ පමණින් සිතට සුවයක්‌ හෝ සැනසීමක්‌ නොලැබෙන බවත් එකලාව හෙවත් තනිව විසීම කෙසේ විය යුතුද යන්න බුදුරජාණන් වහන්සේ සංයුක්‌ත නිකායේ ද්විතීය භාගයට අයත් සූත්‍ර දේශනා කීපයකින්ම පැහැදිලි කර දී ඇත.

ථෙර නාම සූත්‍රය, භද්දේකරත්ත සූත්‍රය, ආනන්ද භද්දේකරත්ත සූත්‍රය, මහාකච්චායන භද්දේකරත්න සූත්‍රය, මිගජාල සූත්‍රය එවැනි සූත්‍ර කීපයකි. බුදුරජාණන් වහන්සේ එකම අදහස්‌ සූත්‍ර කිහිපයකින්ම විවිධාකාරයෙන් දේශනා කරන්නේ පැවිදි භික්‍ෂූන් වහන්සේලාට මෙන්ම ධර්මය අවබෝධ කරගන්නට වීරිය කරන ගිහියනටද එකසේ වැදගත් වන කාරණාය.

8-free-your-mind

පැවිද්දෙකු වුවද ගිහියෙකු වුවද සිත් තුළ ඇතිවන්නාවූ චිත්ත පීඩාවන්ගෙන් මිදී නිදහසේ සිටීමට සමාජයෙන් හෝ ගිහි ගෙයින් පලාගොස්‌ තනිව විසූ පමණින් නොහැකි වන බව මෙම සියලුම සූත්‍රයන් තුළින් පෙන්වා දී ඇත. ථෙර නාම සූත්‍රය දේශනා කරන්නට හේතු වූයේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේලුවනාරාමයේ වැඩ වාසය කරන සමයකදී ථෙර නම් වූ භික්‍ෂූන් වහන්සේ නමක්‌ අරභයාය.

ථෙර නම් වූ එම භික්‍ෂූන් වහන්සේ අන් භික්‍ෂුන් වහන්සේලා සමඟ කිසිම සම්බන්ධතාවක්‌ නොමැතිව තනිවම වාසය කරයි. තනිව විසීමේ ගුණ කියයි. තනිවම පිඬුසිඟා වඩියි. තනිවම ආපසු වඩියි. තනිවම වළඳයි. තනිවම සක්‌මන් කරයි, තනිවම භාවනා කරයි. මේ බැව් සඳහන් සූත්‍ර පාඨය මෙසේය.

එකල්හි භික්‍ෂූන් වහන්සේලා බොහෝ දෙනකු රජගහනුවර සමීපයෙහි කලන්දක නිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්‌ වැඳ එකත් පසෙක වී වහන්ස ථෙර නම් එක්‌තරා මහණෙක්‌ තනිව වාසය කරමින් තනිව විසීමේ ගුණ කියන්නේ යෑයි සැළකර සිටියහ.

එවිට භාග්‍යවතුන් වහන්සේ එම ථෙර නම් වූ මහණ තෙමේ තමන් අභිමුවට කැඳවා ඔබ තනිව වෙසෙමින් තනිව වාසය කිරීමේ ගුණ කියන්නේදැයි ඇසීය. එවිට එම භික්‍ෂුව එසේය මම තනිවම ගමට පිඬුපිණිස යමි. තනිවම ආපසු එමි. තනිවම වාසය කරමි. තනිවම සක්‌මන් කරමි. තනිව විසීමේ ගුණ කියමියි පැවැසීය.

එවිට භාග්‍යවතුන් වහන්සේ ථෙර එකලාව විසීම යනු සමාජයෙන් වෙන්වී හුදෙකලා වූ පමණින් සම්පූර්ණ නොවේ.

සබ්බාහිභූ සබ්බවිදූ සුමේධං

සබ්බේසු ධම්මේසු අනූපලිත්තං

සබ්බං ජහං තනූහක්‌ඛයෙ විමුත්තං

තමහං නරං එකවිහාරිති බ්‍රැමිති

යනුවෙන් සියල්ල (ස්‌කන්ධ ධාතු ආයතන ත්‍රිවිධ භව) මැඬලූ ඒ සියල්ල දන්නා මනා නුවණ ඇති ඒ සියලු දහම්හි නොඇලුණු ඒ සියල්ල දුරු කළ තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිවන අරමුණු කොට මිදුණු මිනිසාම එකලා විහරණය ඇත්තා යෑයි වදාළේය.

මෙයින් ගම්‍ය වනුයේ තෘෂ්ණාව ක්‍ෂය නොකළ අයෙකු සමාජයෙන් හෝ ගෘහ වාසයෙන් ඈත්වී කිසිවෙක්‌ ඇසුරු නොකොට තනිවී සිටි පමණකින් එකලාව වෙසෙන්නකු නොවන බවය. මන්ද ඔහුගේ සිතිවිලි අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයට අසුවී පවතින තාක්‌ කල් හිත තුළ නිසංසල භාවයක්‌a නොපවතින නිසාය.

යං අතීතං තං පහීනං

යං අනාගතං තං පටිනිස්‌සට්‌ඨං

අතීතය යනු ගෙවීගිය මතකයන්ය. අනාගතය යනු තවමත් පැමිණ නැති හිතලුවක්‌ වූ අපේක්‍ෂා සහගන ප්‍රාර්ථනා පැතුම් සමුදාය අවිනිශ්චිතතාවන්ය. එනිසා අතීතය හා අනාගත නොතකා වර්තමානයේ සිහි කල්පනාවෙන් විසිය යුතුය. අතීත ආශාවන් වී නම් එය ප්‍රහීනය. අනාගත ආශාවන් දුරු කරන ලද්දේය. වත්මන් මොහොතේ යම් ආශාවක්‌ ඡන්ද රාගයක්‌ වේ නම් ඒවාද මැඩ පවත්වාගත්විට එසේ සිත නිදහස්‌ කරගෙන විසීමට හුදෙකලාව වන්නේයෑයි දේශනා කොට ඇත. ඒ අනුව සියලු කලා රසයන් අතර අග්‍රවූ කලා රසය පවතිනුයේ හුදෙකලාව තුළය. “සබ්බේ රසං ධම්ම රසං ජිනාති යනුවෙන් සියලු රසයන් අතර ධර්ම රසයම අග්‍රවන්නේ යෑයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේද එබැවිනි.

මිනිස්‌ සිතක ස්‌වභාවය නම් අතීතය ගැන සිත සිතා අනාගතය ගැන පත පතා වර්තමානය තුළ නේක චිත්ත පීඩාවන්ට පත් වෙමින් සිටීමයි. එම නිසා යමෙකු කායික වශයෙන් කුමන ආකාරයෙන් තනිවී සිටියත් එම කය මෙහෙයවන සිත අතීත, රූප, වේදනා, සඤ්Æ, සංඛාර, විඤ්Æණ ගැන උපාදානයන් ග්‍රහණය වෙයි. තවත් විටෙක අනාගත රූප, වේදනා, සඤ්Æ, සංඛාර, විඤ්Æණ ගැන ප්‍රාර්ථනා හටගනී. වර්තමානයේ යථා ස්‌වරූපය සමඟ සිත මොහොතක්‌වත් රඳවා ගත නොහැකිව සුඛ, දුක්‌ඛ, උපේCඛා වේදනා විඳවමින් සිටී. ඒ බැව් බුදුපියාණන් වහන්සේ පංචාඋපාධානස්‌කන්ධ දුක්‌ඛා යෑයි කියා දේශනා කොට ඇත. එම නිසා එවැනි සිතක්‌ ඇත්තෙකු තනිව විසූ පමණකින් එකලා විහරණ ඇත්තෙකු යෑයි පැවැසිය නොහැක.

සදාකාලයටම පොදු වූ මෙම ධර්මතාව විමසා බලා තේරුම් ගන්නේ නම් සිතට ශාන්තියක්‌, සැනසීමක්‌ ලැබීම ඒකාන්ත වශයෙන්ම සිදු වේ.

සිත් තුළ පවතින විවිධාකාර ඝෝෂා, නොසංසුන් තාවන්, යමෙකුට මනාව වැටහෙන්නේ සිත සංසුන් කර ගැනීමට සිතා කිසියම් භාවනාවක්‌ ප්‍රගුණ කරන්නට ගත් විටය. එවිට සිත අතීතයට හා අනාගතයට දොaලනය වන හැටි මනාව වැටහෙයි. එසේ වන්නේ චිත්ත අභ්‍යන්තර තනිවී නැති නිසාය.

මේ අනුව ප්‍රශ්නවලින් බේරීමට හෝ පැනයැමට සමාජයෙන් හෝ නිවසින් ඈත් වී තනිවීම විසඳුමක්‌ නොවන බව පැහැදිලි වෙයි. එම නිසා මෙහි මුලින් සඳහන් කළ සූත්‍ර දේශනා අධ්‍යයනය කරමින් විමසා බැලුවොත් එය භාවනානු යෝගීන්ට පමණක්‌ නොව බුදු දහම යනු කුමක්‌ද ඒ තුළින් ලැබෙන මානසික සුවය කුමක්‌ද යන්නත් අවබෝධ කර ගැනීමට මහත් පිටිවහලක්‌ වනු ඇත. එසේ සකස්‌ කරගත් අකෙ=ට ඕනෑම සමාජයක්‌ තුළ කුමන ආකාරයට පුද්ගලයන් සමඟ වුවද සංසුන් සිතකින්සිටීමේ හැකියාව ලැබෙනු ඇත. වන අරණක, ගසක්‌ මුල, හිස්‌ නිවසක සිටි පමණින් සිත සංසුන් නොවේ. එවන් නිසංසල පරිසරයක සිට තර්කානුකූලව යථාර්ථය තේරුම් ගත් විට සිත නිසං වනු ඇත.

කොබ්බෑවල සුමනදාස වීරසිංහ


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: