Posted by: lrrp | January 10, 2015

අනුරපුර පිංබිමට මේ විපත දේවශාපයකින්ද?

පසුගිය නොවැම්බර් 18 වැනිදා පටන් ගත් වැහි වර්ෂාව තවමත් අනුරපුර පුරාවට පවතී. නැගී ගිය කෝපය තුනී කර ගන්නට බැරුවාක්‌ මෙන් මල්වතු ඔය තවමත් සිරිමා බෝ සමිඳු මුල් කොට අටමස්‌ථානයේ වැඩි කොටස ගං දියෙන් ගිලගෙන පවතී. ජයන්ති විහාරය ඇතුළු පෙදෙස හා බැතිමතුන් ගිමන් හරින හරිශ්චන්ද්‍ර පිටිය ඇතුළු පෙදෙස එක යායට ගංවතුරෙන් ගිලගෙන ඇත. සිරිමා බෝ සමිඳුන් මුල්කොට අටමස්‌ථානය පිහිටි පිං බිමට සීවරං දෙවියන් ඇතුළු විෂ්ණු දෙවියන් නිරතුරුව බැල්මලා සිටින බව වංශ කතාවල දැක්‌වේ. සමා වුව මැනවි. සීවරං දෙවියනි … විෂ්ණු දෙවියනි, මල්වතු ඔයේ ගංවතුර සිඳුවා බැතිමතුන්ට සිරිමා බෝ සමිඳුගේ ආශිර්වාදය ලබා ගන්නට ඉඩ දුන මැනවි.

කාට බොරු කළත් – කාට වසං කළත් දෙවියන්ට බොරු කරන්නට වසං ගන්නට බැරි බවට ජනකතා පවතී, අප කරන හරි හෝ වැරදි නිරන්තරයෙන් අනුරපුර පිං බිමට බැල්මලා සිටින දෙවි දේවතාවරුන්ට පෙනෙයි. වැහි වලාවත් දෙවියන්කොට සැලකේ. අප කරන ලද හෝ පිං බිම තුළ කරන වැරදිවලට දඬුවම් කරන්නට වෙනත් දෙවිවරුන් විසින් වැස්‌ස වළාහක දෙවියන් යොදාගෙන ඇත. මෑත ඉතිහාසයේ වෙනත් කිසිදු වසරක සිදුනොවූ අයුරින් පසුගිය නොවැම්බර් 18 වැනිදා සිට පැල්බැඳගෙන වැස්‌ස වහින්නේ ඒ නිසා විය යුතුය. 1957 දී අනුරපුරට පැවැති ගංවතුරෙන් පසු මෙවැනි ගංවතුරක්‌ ඇති වූයේ මෙදා යෑයි තතුදත් අය කියති.

සිරිමා බෝ සමිඳු ලෝකයේ දැනට ඉතිරිව පවත්නා පැරණිම ගෞරවනීය වෘක්‍ෂය ලෙස සැලකේ. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක්‌ බඳු සිරිමා බෝ සමිඳුන් තවත් චිරාත් කාලයක්‌ අපට ආසිරි පතන්නට ජීවමානව වැඩ විසිය යුතුමය. නමුත් සිsරිමා බෝ සමිඳුන්ගේ පැවැත්මට අහිතකර ගති පැවතුම් දිනපතාම සිරිමා බෝ සමිඳු අවට පරිසරයේ සිදු වෙයි. සිරිමා බෝ සමිඳු වැඳ පුදා ගන්නට එන බැතිමතුන්ගේ රථවාහන නවතා තැබීමට වෙන්කර ඇති රථ ගාල අවම වශයෙන් මීටර් පන්සීයකින් වත් ඈතට ගෙන යා යුතු බව, පසුගිය වකවානුවේ පරිසරවේදීන් දිගින් දිගටම කියා සිටියහ. නමුත් එම රථගාල තවමත් අවශ්‍ය තරමට ඈත් කර නැත. මෙම රථ නැවත්වීමේදී සහ නැවත පණ ගැන්වීමේදී පිටවන අශුභ වායුව – වායු ගෝලයට එක්‌වී සිරිමා බෝ සමිඳුන්ගේ චිර ජීවනයට බාධා කරන බව විද්‍යාඥ මතයයි.

ප්‍රභූ පංතිය ලෙස සැලකෙන අයට සිරිමා බෝ සමිඳු අසලටම යා හැකි රථ ගාලක්‌ මෙන් ප්‍රභූවරුන්ට සිරිමා බෝ සමිඳු පාමුලටම යා හැකි වරදානයක්‌ පවතී. ප්‍රභූවරුන් යෑයි සැලකෙන මිනිසුන්ගේ දෙපාවල තැවරී ඇති දූවිලිවලින් ඉඳුල්වන සිරිමා බෝ සමිඳු පාමුල නිතර කිළිටි වී යාමද සිරිමා බෝසමිඳුන්ට ගුණනැති බව තතු දත් අය කියති. සම්බුදු හිමියන් තුළත් සම්බුදු හිමියන්ගේ ධර්මය තුළත් ලොකු පුංචි යෑයි බෙදීමක්‌ නොපැවතුනි.

ඉන්දියාවේ ටඡ්මහලය සජීවී වස්‌තුවක්‌ නොවේ. නමුත් එහි පැවැත්ම හා රැකවරණය සඳහා වර්ග සැතපුම් 11 ක බිම් ප්‍රමාණයේ කිසිම ආයතනයක්‌ පවත්වාගෙන යන්නට ඉඩදී ඇත. කර්මාන්ත ශාලා, වෙළෙඳ ශාලා සිය ගණනක්‌ එම භූමියෙන් ඉවත් කොට මිනිසාගෙන් ඉඳුල් නොවන්නට සංරක්‍ෂණය කර තිබේ. ටඡ්මහල් දැක ගන්නට යන අය පවා කිලෝමීටරයක්‌ දුරින් රථවාහන නවත්වා පාවහන් ගලවා පා ගමනින් එතැනට සුපිරිසිදු ලෙස යා යුතුය. අප්‍රාණික වස්‌තුවකට ඉන්දියාව එපරිද්දෙන් සලකද්දී අපේ රටේ පවත්නා සප්‍රාණික අති ගෞරවණීය සිරිමා බෝ සමිඳුන් රැක ගැනීමට වර්තමාන පරපුර දක්‌වන උනන්දුව මදි බව සීවරන් දෙවියන්ට පෙනී යන්නට ඇත.

මෑත ඉතිහාසයේ කවරදාකවත් සිදු නොවූ අයුරින් පසුගියදා වල් අලියකු අනුරපුර පිං බිමට කඩා වැදුනි. වියරුවෙන් පැමිණි මේ වල් අලියා සිරිමා බෝ සමිඳුට ආවතේව කරන්නා ද තවත් අයෙකු ද මරාදමා පලා ගියේය. මේ ෙ€දවාදකය එක්‌ කනකින් අසා අනෙක්‌ කනින් පිට කළ හැකි සරල සංසිද්ධියක්‌ නොවේ. මේ සිද්ධිය තුළ දෙතුන්වරක්‌ දුර දක්‌නා නුවණින් සිතා බැලිය යුතු ගැඹුරක්‌ පවත්නා බව උතුර – උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක අනුරපුර ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්Æනන්ද හිමියෝ පැවසූහ.

අනුරපුර පිං බිමේ ස්‌වර්ණමාලී චෛත්‍ය රාජයාණන්ට අරක්‌ගත් ස්‌වර්ණමාලී දෙව්දුව ඇතුළු දේවගණයා සම්බුදු හිමියන්ගේ සැබෑ ධාතූන් ෙද්‍රdaණියක්‌ තැන්පත් කර ඇති එම චෛත්‍ය රාජයාණන්ගේ රැකවරණයට – ගෞරවයට දිවා රෑ පේ වී සිටිති. මෑතකදී ඉදිකරන්නට පටන් ගෙන පසුගියදා නිධන් වස්‌තු තැන්පත් කළ “සඳහිරු” සෑය ස්‌වර්ණමාලී චෛත්‍ය රාජයාණන් ඉක්‌මවා උස මහත වන්නට ඉදිනොකරන්නට වගකිවයුතු අය සැලකිලිමත් වී ඇත්තේ ද ස්‌වර්ණමාලී චෛත්‍ය රාජයාණන්ගේ අභිමානවත් ගෞරවය රකින්නටය. සිරිමා බෝ සමිඳුන් මෙන්ම ස්‌වර්ණමාලී චෛත්‍ය රාජයාණන්ටද දෙවි රැකවරණ නිරතුරුව පවතී.

සිරිමා බෝ සමිඳුන් හා ස්‌වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වැඳපුදා ගන්නට බැතිමතුන් එන යන පාරේ මල්වතු ඔයට යාව නෑඹුල් තරුණ තරුණියන් සඳහා සුපෙම් උයනක්‌ පවත්වාගෙන යන්නට පසුගියදා කටයුතු කරගෙන තිබිණ. අනුරාධපුර දුර ප්‍රදේශවලින් උපකාරක පංති සඳහා අනුරපුරට ඇදී එන නව යොවුන් වියේ තරුණ තරුණියන්ට නිදහසේ පෙම් කෙළින්නට නිර්මාණය කර තිබූ මේ සුපෙම් උයනට බොහෝ දෙනාගේ විරෝධය මතුවී තිබිණ. නගර සභාව සහ පොලිසිය මේ සදාචාර නොවන ස්‌ථානය ගැන නෑසුකන්ව සිටි නමුත් වැස්‌ස වළාහක දෙවියන්ට මේ අපචාරී ස්‌ථානය පෙනී ගොස්‌ මල්වතු ඔය ගංවතුරෙන් පුරවා – එම ස්‌ථානය යට කර සෝදා හරින්න කටයුතු කර තිබේ.

මත්ද්‍රව්‍ය හා ගණිකා සේවයෙන් පිරී පැවැති කොළඹ රටාවේ රාත්‍රි සමාජ ශාලාවක්‌ මේ පූජනීය පිං බිම තුළ පසුගිය කාලයේ අටවා තිබිණ. මේ පිළිබඳව පැන නැගුණ මහජන විරෝධයෙන් අවධි වූ පොලිසිය අධිකරණය හරහා කටයුතු කොට මෙම දුරාචාරී ස්‌ථානය නොබෝදා වසා දමනු ලැබීය.

අනුරපුර පදිංචිව සිටින ගෙරිමස්‌ කන්නන්ගේ අවශ්‍යතාවන් සඳහා ගවයන් ඝාතනය කිරීමේ තිප්පොල පිහිටා ඇත්තේ පිං බිමට නුදුරිනි. මරණයට කැප වූ අහිංසක ගවයන්ගේ ගෙලට පොරෝ පහර හෙළද්දී ඔවුන් ගිරිය පුප්පා හඬ නගන මරළතෝනි හඬ සිරිමා බෝ සමිඳු රැකවරණයේ යෙදී සිටින දෙවි දේවතාවුන්ට නිතර ඇසෙනවා විය යුතුය. “පානාති පාතා වේරමණී” යෑයි සිල්පදය කියන බෞද්ධයන් සිටින ඒ සිල් පදය බෞද්ධයන්ට කට පාඩම් කරවන සංඝරත්නය සිටින මේ පිං බිමේ දිනපතා සිදුවන ගව ඝාතනය ගැන නිසැකවම දෙවියන් උදහස්‌ වන්නට ඇත.

අනුරපුර දිසාව පුරාවට මත්පැන් බෙදා හරින මත්පැන් ගබඩාව පිහිටා ඇත්තේ සිරිමා බෝ සමිඳුන්ට පෙනෙන නොපෙනෙන මානයේය. මෑතකදී පිහිටුවන ලද මේ මත්පැන් ගබඩාව මගින් “සුරාමේරය මඡ්ජ පමා” ශීලය බෞද්ධයන්ගෙන් තුරන්කර දමන්නට සක්‍රීය ලෙස දායක වී ඇත. අනුරපුර පිං බිමේ පාලකයන්ට මෙය නොපෙනුණත් පිං බිමට බැල්ම ලා සිටින දෙවි දේවතාවුන්ට මේ අපචාරය පෙනී යන්නට ඇත. මත්පැන් ගබඩාවෙන් ලැබෙන වරදාන හා බදු මුදල් වලින් පාලකයන්ගේ දෑස්‌ වැසී ගියත් පිං බිම ගැන අවධියෙන් සිටින දෙවිවරුන්ට මේ සමාජ උවදුර පෙනී යන්නට ඇත.

අනුරපුර දිසාව පුරා විසිරී සිටින කුකුළු මස්‌ පෙරේතයන්ගේ දොළදුක්‌ සංසිඳවන්නට සිරිමා බෝ සමිඳුන්ට පෙනෙන නොපෙනෙන මානයේ පිහිටා ඇති – දිනකට කුකුළන් දහස්‌ ගණනක්‌ මරා දමන කුකුළු ඝාතකාගාරය ද පිං බිමට ගැළපෙන්නේ නැත. දිනපතා දහස්‌ ගණනින් කුකුළන් මරා දමන විට ඔවුන්ගේ මර ලතෝනි හඬ පිං බිමේ සැරිසරන දෙවි දේවතාවුන්ට නිතර ඇසෙනවා විය යුතුය.

අනුරපුර පිං බිමට හා පිං බිම වැඳ පුදා ගන්නට එන බැතිමතුන්ට තිසාවැව සහ නුවර වැව මහත්ම ආශිර්වාදයකි. තිසා වැවත් පිං බිමත් අතර පැවැති ජන සංස්‌කෘතිය මේ ජන කවියෙන් පැහැදිලි වේ.

“ගමේ ඉඳන් බත් බැඳගෙන තිසා වැවට එඤ්ඤයි.

තිසා වැවේ රතු නෙළුමේ බත්aදාගෙන කඤ්ඤයි

එතැන ඉඳං පේවි පේවි උඩමළුවට යඤ්ඤයි

උඩමලුවේ බෝධි සමිඳු පිරිමි පුතෙකු දෙඤ්ඤයි”

බුදු දහම හා බෞද්ධයන් අතර බැඳී පැවති ආගමික ශ්‍රද්ධාව ශක්‌තිමත් කරන්නට එදා පේකර ගෙන තිබූ තිසා වැව වටා අද ඉඳීවි. ඇත්තේ මත්පැන් හා වෙනත් දේවලින් පිරීගිය හෝටල්ය. තිසා වැවේද නුවර වැවේද රක්‍ෂිත බිම් අල්ලාගෙන අද බුද්ධාගම වෙනුවට හෝටල් ව්‍යාපාරය සරුවට කරගෙන යයි.

මෙවැනි හොඳ – නොහොඳ වැඩ කරන්නට දිවයිනේ ඕනෑතරම් ඉඩකඩ තිබියදී ඇතැම් දුරාචාරික වැඩවලට පිං බිම යොදා ගැනීම ගැන දෙව්වරු උරණ වී සිටිති. මේ නිසා දුරාචාර වලින් පිරී ඇති පිං බිම සෝදා පිරිසිදු කර දමන්නට අද මල්වතු ඔය දේවදූතයකු සේ පැමිණ පිං බිමේ බොහෝ තැන් ගංවතුරෙන් දියබත් කර දමා ඇත.

එපමණක්‌ ද නොව, නිතර දෙවේලේ වැහි කලු ඇදහැලී ගොයමට හිරු එළිය වළකා ගොයමේ වැඩීම බාල කර දමා ඇත. පසුගිය කන්නවලදී ඉඩෝරය නිසා හෙම්බත් වී සිටි වැව් බැඳි රටේ ගොවීන්ට මෙදා කන්නයේ නිතර වැටෙන වැහි දිය නිසා ගොයම නිසරු වී … බඩඉරිඟු වගාවේ අස්‌වනු කුණු වී ….. ආර්ථික අහේනිය තදින් දැනී ඇත. එළියට බැස කුලියක්‌ කරගන්නට බැරි නිසා කුලී වැඩ කිරීමෙන් දවස ගත කළ දුප්පත් ගෙවල්වල බොහෝ අයට අද ලෙවකකා දවස ගත කරන්නට සිදුව ඇත.

එදා අනුරපුර පුරවැසියන්ට ගොවිතැනට සහ පානයට ජලය ලබාදීම සඳහා තිසා වැව පුරවන්න – ධාතුසේන රජතුමා විසින් කලා වැවේ සිට සැතපුම් 54 ක්‌ දුරට දියවර ගෙන ආ යෝධ ඇළ මහවැලිය හදන්නට ගොස්‌ නටබුන් කර දැමීමෙන් පසු පාළුවී ගිය යෝධ ඇළ අල්ලා ගෙන ඉඩකඩම් වවාගෙන සිටිති. මේවා දැකීමෙන් උරණ වූ ධාතුසේන සහ කඩවර දෙවිවරු යෝධ ඇළ වතුර පුරවා දෙගම්බඩ තලා යවමින් ගේ දොර සෝදා හැර යෝධ ඇළ ශුද්ධ කරන්නට නොකඩවා මහවැහි වැටෙන්නට සලස්‌වා ඇතැයි සමහරු කියති.

අනුරපුර පිං බිමේ සහ ඒ අවට වෙසෙන සමහර මිනිසුන්ගේ වැරදි ඇවතුම් පැවතුම් නිවැරැදි කරන්නට පාලකයන් සමත් වී නැත. මේ නිසා අනුqරපුර පිං බිමට අරක්‌ගත් දෙවිවරු වැස්‌ස වළාහක දෙවියන් මාර්ගයෙන් අනුරපුර පිං බිම පිරිසිදු කරන්නට පටන් ගෙන ඇත. තවමත් වැස්‌ස නැවතී නැත. අද දවසේ වරින්වර වැහිකලු පාත්වෙයි. පිං බිම සිසාරා යන මල්වතු ඔය අදටත් කට ළඟට පිරී දෙගම්බඩ උතුරා ගොස්‌ පිං බිමේ බොහෝ තැන් දියබත් කරගෙන සිටී.

වැස්‌ස වළාහක දෙවියනි! දඬුවම දැන් හොඳටෝම ඇති, දුගී දුප්පත් පවුල්වලට දුවා දරුවන් කුස ගින්නේ මිය යන්නට පෙර දවසේ නිතර වැහෙන වැහි කලු නවත්වනු මැනවි· පිං බිමේ වෙහෙරවිහාර බෝමළු සේදී යන්නට පෙර වැහි කලු නවත්වනු මැනවි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: