Posted by: lrrp | March 1, 2015

ආදරය කියන්නෙ තමන්ගෙ බිරිය ලෙඩ කරන එක ද ?

සත්ත්වයා හෙවත් පුද්ගලයාගේ තණ්හාව (ඇලීම) නිසා උපාදාන (දැඩි සේ සිතින් අල්ලා ගැනීම) සිදු වේ. ඒ උපාදානය නිසා භවයකට පත්වෙයි. මෙසේ උපදින පුද්ගලයා ඇලීම හා ගැටිම නිසා දුකට ම පත්වෙයි. තමන් ගේ සමීපතමයන් කෙරෙහි ඇලීම ද දුකට ම හේතු වෙයි. මරණාසන්නයේ දී හෙවත් චූතියේ දී, ඒ චුතියට පෙර චිත්ත සන්තානයේ (ජවත් සිත්වල) හට ගන්නා අරමුණ නිසා අඹු දරු ඥාතීන් කෙරෙහි ඇල්මක් වීද වස්තු දේපළ කෙරෙහි ඇල්මක් වේ ද අනිවාර්යයෙන් ම ප්‍රේතයෙක් වී උපදී, ඔහුගේ හෝ ඇගේ ඒ ප්‍රේතව ඉපැදීම අවුරුදු දහස් ගණන් දුක් විඳීමට හේතු වනවා පමණක් නොව ජීවත්ව ඉන්නා පවුලේ අයට ද දුකට කරදරයට ම හේතු වෙයි.

අවිස්සාවේල්ලේ පත්මා හතළිස් පස් හැවිරිදි ගෘහණියකි. ඇගේ උදරය අසාමාන්‍ය ලෙස ඉදිරියට නෙරා ඇත. මළ මුත්‍රා සමඟ රුධිරය පිටවීමක් ද විය, රාත්‍රී හීනෙන් බිය වී කෑ ගසා ගෙන අවදි වෙන්නට වූවාය. නිවසේ රාත්‍රියට ඡායාවක් එහා මෙහා ගමන් කරනු පෙනෙයි, ඒ අවස්ථාවල කෙනෙකුට ඉවසා සිටිය නොහැකි තරමේ දුර්ගන්ධයක් වහනය වන්නට විය. දියණියන් තිදෙනෙකු සමඟ ජීවත්වන ඇය මේ දුක් ගැහැටවලින් මහත් පීඩාවක් වින්දාය.

ශාරීරික ආබාධයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලැබුව ද සතුටුදායක සහනයක් නොලැබූ ඇය අනෙකුත් උපද්‍රව සඳහා අභිචාර විධි පැවැත්වූවාය. මේ කිසිවකින් කිසිඳු සහනයක් නොවීය. රාත්‍රියට දියණියන් තිදෙනා සමඟ එක ම කාමරයක එකට ගුලි වී නින්දත් නොනින්දත් අතරේ රැය පහන් කළේ මහත් බියකිනි, චකිතයකිනි,

මෙතෙක් කරන ලද ප්‍රතිකාරවලින් හා අභිචාර විධිවලින් සහනයක් නොලැබ අසරණව සිටි ඇයට ඇගේ සහෝදරයා ‘සිළුමිණ’ පත්‍රයක් ගෙනැත් දී එහි පළවන “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගය කෙරෙහි අවධානය යොමු කළේය. “එහෙම නම් ඒකවත් කරලා බලමු” යි කී ඇය ඒ සහෝදරයාත්, වැඩිමහල් දියණියත් සමඟ ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ගොස් ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන් විඳින දුක් ගැහැට විස්තර කළාය.

ගවේෂකවරයා සුපුරුදු ශක්ති කිරණ එල්ල කරන්නටත් ප්‍රථම පත්මා ආවිෂ්ට වී “අනේ! මාව එළවන්න නම් එපා” යැයි අඬන්නට වූවාය.

ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“ඇයි? මේ අඬන්නෙ?”

“මාව පන්නන්න එපා. මහත්තයෝ, මාව පන්නන්න එපා, පන්නාවි කියලා බයටයි අඬන්නෙ?”

“තමුන් කවුද?”

“මම නීල්. මේ පත්මගේ මහත්තයා.”

“මොනවා වෙලා ද මළේ?”

“යුද්දෙදි. යුද්දෙදි. මම යුද හමුදාවෙ රස්සාව කළේ, සතුරු වෙඩි පහරකින් මැරුණේ.”

“ඉතින් නීල් මළා නම් ඇයි මේ ගෙදර අයට කරදර කරන්නෙ?”

“මම කරදර කරනවා නොවෙයි, මේ අයට ආදරේට ඇවිත් ඉන්නේ, මේ ඉන්නේ මගේ බිරිය පත්මා. මේ ඉන්නේ ලොකු දුව, තව දූලා දෙන්නෙක් ගෙදර ඉන්නවා. මම මගේ පවුලේ අයත් එක්ක කාලයක් ආදරෙන් එකට ජිවත් වෙන්න බැරි වුණා. දූලට උගන්නන්න බැරිවුණා. දූලගේ ජීවිතවල සතුටු දායක අවස්ථාවලට ඉන්න බැරි වුණා. ඒ නිසා මේ අයව හොයා ගෙන ආවා.”

“නීල් මැරුණයි කීවා නේද?”

“ඔව්! යුද්දෙදි මැරුණා.”

“සාමාන්‍යයෙන් මැරුණු අය ඉන්නෙ කොහෙද?”

“සොහොන්වල”

“ඔබ දැන් ඉන්නේ කොහේද?”

“ගෙදර”

“ගෙදර ඉන්නේ කොතැන ද?”

“පත්මගෙ ඇ‍ඟේ.”

“ඒ මොකද?”

“ආදරේට”

“බොරු කියන්න එපා. ආදරේට නොවෙයි, ආශාවට.” මේකට ද ආදරේ කියන්නේ, තමුන්ගෙ බිරියට අසනීප කරන එක ද? හොඳට කල්පනා කරන්න. තමුන්ගේ දරුවො තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා රැක බලා ගෙන ඉන්නෙ මේ බිරිය. ළමයින්ගෙ අඩුපාඩු හොයා බලන්නෙ මේ බිරිය. කන්න බොන්න දෙන්නෙ ලෙඩට දුකට බලන්නෙ මේ බිරිය. දැන් එයා ලෙඩෙක් වෙලා. හරියට නින්දක් නෑ. ගෙදර අය ජීවත්වෙන්නෙ බයෙන්, ළමයින්ගෙ අධ්‍යාපන කටයුතුවලටත් බාධාවක්.”

“මහත්තයා මම ඉන්නේ මේ අයට උදව් කරන්න.”

“මොකක්ද තමුන්ට කරන්න පුළුවන් උදව්ව?” තමුන්ට මේ අය වෙනුවෙන් වියදමක් කරන්න පුළුවන් ද? බැහැනෙ. තමුන් බොරු කරන්න එපා. බිරියට තමුන්ගෙ විශ්‍රාම වැටුප් ලැබෙනවා. ඒ මුදලින් ඒ අය ජීවත් වෙනවා. තමුන්ට පින් සිද්ධ වෙනවා. ඒ ගැන කල්පනා කරලා සතුටු වෙන්න. වෙන උදව්වක් අවශ්‍ය නෑ. ඒ අයට තමුන් වෙනුවෙන්, තමුන් රටට ජාතියට ආගමට කරපු සේවය වෙනුවෙන් රජයෙන් විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ඒ ඇති. තමුන්ට ඒ සතුට විඳින්න බැහැ. ඒකට හේතුව තමුන් බිරියගෙ ශරීරයට ආශාවෙන් දැන් ඉන්නේ. ඒ ආශාව කෑදරකම නිසා පිනේ සතුට විඳින්න බැහැ. පින දැනෙන්නේ නෑ. මේ අයට ලෙඩ කරන්න එපා. බිරියටත් දරුවන්ටත් දුක් දෙන්න එපා. තමුන් දැන් නීල් නොවෙයි, ප්‍රේතයෙක්. රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිතය පූජා කළ වීරයෙක් ඔතැන ද ඉන්න ඕනෑ. ඔබ විශාල සේවයක් රටට කළ කෙනෙක්. ඒක මහා පුණ්‍ය කර්මයක්. හොඳට හිතන්න, කල්පනා කරන්න, තමුන් ඔහොම වැරැදි විදිහට මේ අයට ලෙඩ කළොත් මේ ළමයින්ට පාඩම් කරගන්න බැරි වේවි, පාඩම් කැර ගන්න වෙලාවක් නෑ. තැන් තැන්වල යන්න වේවි, ගෙදර ඉන්න බැරි නිසා. මේ ගෙදර ඉන්න බැරුව බිරියටත් තැන් තැන්වල යන්න වේවි, මෙතැන ගැහැනුම හතර දෙනෙක්, ඔහොම ඇවිදින කොට කාගෙ කාගෙ හරි බලපෑම්වලට ගොදුරු වේවි. ජිවිත අවුල් වේවි. තමුන් කරන උදව්ව ඕක ද? කරුණාකර ඉවත් වෙලා යන්න. මේ අයට නිදහසේ ඉන්න ඉඩ දෙන්නැÓයි ගවේෂකවරයා කරුණු පැහැදිලි කළේය.

“හරි හරි මම යන්නම් මහත්තයා. මේ අයට ආයෙත් එන්න කියන්නත් එපා. මම යන්නම්.”

දින දහ හතරක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වන ලෙසත්. එය පවත්වන ආකාරයත්, බෝධි පූජාව අවසානයේ බුදු ගුණ භාවනාවක යෙදී දෙවියන්ට පින් අනුමෝදන් කරන ලෙසත්, අවසානයේ නීල්ට පින් අනුමෝදන් කර ප්‍රේත ආත්මයෙන් ඉහළට යන්න අධිෂ්ඨාන කරන ලෙසත් ගවේෂකවරයා උපදෙස් දුන්නේය. ඊට අමතරව මේ දින දහ හතර තුළ බෝධි පූජාවට ගොස් සිත සකස් කැර ගෙන අනිවාර්යයෙන් ඉවත්ව යා යුතු බවට භූතාත්මයට කල් දුන්නේය.

බෝධි පූජාවෙන් පසු ඔවුහු නැවත පැමිණියහ. එදින ද නීල්ගේ ප්‍රාණකාරයා ඇයට ආවිෂ්ට විය. ගවේෂකවරයා ප්‍රේතාත්මය ඇමතීය.

“එහෙනම් තමුන් ගියේ නෑ නේද?” යි වේවැල අතට ගත්තේය.

“මහත්තයා ගහන්න නම් එපා. ගහන්න නම් එපා. එහෙනම් මට පින් ඕනෑ. දානයක් දීලා පින් අනුමෝදන් කරන්න කියන්නැ” යි භූතයා කීවේය.

“බැහැ. තමුන් කියන විදිහට ම නොවෙයි අපි කියන විදිහට වැඩ කෙරෙන්න ඕනැ. තමුන්ව අල්ලලා බැඳලා මූදට දාන්නත් අපට පුළුවන්. ඒත් මේ කරුණාවෙන් කියන්නෙ, තමුන් මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න ඕනෑ පළමුවෙන්. ඊට පස්සේ දානයක් දීලා පින් අනුමෝදන් කරන්න පුළුවන්. දැන් වතාවක් ඉවත් වෙලා යනවා කියලා අපිව රැවැට්ටුවා. මීළඟ දවසෙ ගියත් නොගියත් අපි කරන්න ඕනෑ දේ කරනවා” යි භූතයාට අවවාද කළේය.

ගවේෂකවරයාගේ උපදෙස් පරිදි තවත් දින හතක් බෝධි පූජා පැවැත්වූ පත්මා සතියකට පසු නැවතත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියාය. එදින ද භූතාත්මය ඇයට ආවිෂ්ට විය.

එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට භූතාත්මය දවා, පුච්චා, දුර්වල කොට පත්මාගේ ශරීරයෙන් එළියට ඇද දමා පවුලේ අයටත් නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යෙදීය. දිනපතා නොකඩවා භාවිත කළ යුතු බෞද්ධ පිළිවෙත් නියම කළේය.

අසීමිත, ඇලීම, ආශාව, රාගය, දුකටම හේතු වේ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: