Posted by: lrrp | July 7, 2015

රාගය තමයි රෝගය…

සැවැත්නුවර අවට ගම් දනව් පුරා විසිර පැතිරී පැවැති සිටු මැදුරු තුළ කවුළු පියන්පත් ඇරී තිබිණ. එය හිමිදිරි උදැසනක්‌ වී. එහෙයින්ම ඝන නීල වර්ණයෙන් මහත් සේ විසිතුරු වී ගිය අහස්‌ තලාවේ ළාහිරු හිනාවෙමින් සිටියේය. ඔහුගේ ඒ සොඳුරු සිනාබර මුවින් ගලා හැළුණු තඹ වතුරින් විටෙක මුළු මහත් සැවැත්පුරවරයම රන් පැහැයට ද හැරුණේය.

අපායට අකුල් හෙලූවාවූද, අමාමහ නිවනට රුවන් දොර හැලුවාවූද තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ විසූ ඡේතවනාරාමය ඈතින් දිස්‌වී පෙණින. සැබවින්ම එය අෙච්තනිකව සැවැතින් මෙසේ දිවමන්ව පෙණුනද එයින් නැගුණු සුපහන් ස්‌වරය හා ශාන්තියද මෙතෙකැයි කියා නම් නිම කළහැකි නොවීය. මිනිස්‌ කැළ එකම කඩි ගුලක්‌ සේ ඇවිසී දුවන කලබැගෑනියෙන් ඔද්දලවී ගිය උදැසනක්‌ වුවද දෙව්රම් වෙහෙරේ තිබුණේම අතිශය ශාන්ත ස්‌වභාවයකි. දම්සභා මණ්‌ඩපයෙහි තුන්ලෝකාග්‍ර බුදුපියාණන් වහන්සේ ඒ වනවිට සදහම් අසුනරා වැඩහුන් සේක.ඒ අවට වටපිටාව පුරාවෙහිම සුවහසක්‌ මිනිස්‌ සිත් මේ වනවිටද පැවතියේ එහිමි හදින් වැගිර ගලා ගිය අනන්ත කරුණා ජලයට තෙමෙමින්ය. ඒ දහම් වැස්‌සේ පමණක්‌ නොව කුළුණුවන් දිය දහරේද කිsඳී තෙමුණු පිනැති කෙනෙක්‌ සෝවාන් මගඵල ලැබූයේ සංසාරය නමැති අප්‍රමාණ වධ බන්ධනාගාරයෙන් සදාතනිකවම මිදෙන මගට පිළිපන්හ. උදාහිරු එළියේ මන්දස්‌මිතයෙන් හමාගිය සුළඟ පවා නිශ්චලතාවයෙහි නිරතවී ඒ සම්බුදුන්ගේ මධුර වූ හඬට සවන් යොමා සිටියේය.

මේත් සමගම උදාවූයේ දහසක්‌ මිනිස්‌ සිත් සතන් අමානිවන් සුව සහනයෙහිගන්වන තවත් අසිරිමත්වූ අවස්‌ථාවකි. එනම් ඒ මොහොතේම තවත් භික්‌ෂුන් වහන්සේලා දම් සභාමණ්‌ඩපයට වදෙන් පොරයෙන් මෙන් කැඳවාගෙන පැමිණියේ එබඳුම වූ ශෝභමාන භික්‌ෂුවකි. ඇත්තෙන්ම උන්වහන්සේගේ සිරුර රන්වන් පැහැයෙන් විසිතුරු වී තිබුණේය. බැලූ බැල්මටම පෙනුණේ උන්වහන්සේගේ සිත මහත්වූ චංචලත්වයකින් කැළඹී තිබුණු සැටියකි. දම්සභාමණ්‌ඩපය පුරා තැන්පත් ස්‌වරයකින් හිඳ සිටි දහසක්‌ උවැසු උවැසියන් මැද උන්වහන්සේට සිය සිත ප්‍රකෘතිමත් කර ගැනීමට විශාල කාලයක්‌ ගතවිය. වියවුල් සහිත සිතින් යුතුවී මෙසේ දම් සභා මණ්‌ඩපයට ගෙන ආ ඒ භික්‌ෂුව පත්ව ඇති විපත කුමක්‌දැයි බුදුපියාණන් වහන්සේගේ අනන්ත ප්‍රඥවට නෙපෙනුනා නොවේ. එහෙත් උන්වහන්සේ නිහඬවම එහිමි දෙස බලා සිටියේ අභිනීල බුදුනුවන් යුගලින් ගලා හැළුණේ කරුණා සයුරු දියමය.

උකටලී වූ භික්‌ෂුව කැඳවාගෙන ආ භික්‌ෂුහු පළමුකොට සම්මා සම්බුදු රජාණන් වහන්සේට වැඳ නමස්‌කාර කළහ. උන්වහන්සේලා බුදුරදුන් හෙමින් අමතන්නට වූයේ ඉන් ඉක්‌බිතිවය. ‘පින්වත් හිමියනි, මේ මහා භයංකර සංසාරයෙන් අතමිදී නික්‌ම යන්නට ඔබවහන්සේ අපට කොතෙක්‌ නම් සදහම් දේශනා කරනවාද? හිමියනි, භාග්‍යව් පියාණනි, එහෙත් මේ ගැහෙන හදින් යුතු භික්‌ෂුව දෙස බලන්න ඔහු පැවිදිවන්නට පෙර ඇසුරු කළ බිරිය පිළිබඳ ලොල්වූ ශෝකයෙන් හඬා වැටෙමින් සිටිනවා. ඇත්තෙන්ම දැන් ඒ දැවීමෙන් ඔහුගේ සිත පමණක්‌ නොව ශරීරයද රෝගාතුරවී ගොසින්. එනිසාම ඔහුට ඒ සිතුමෙහි වෙලීපැටලී මියයාමක්‌ සැපතක්‌ බව පවසනවා.

දම් සභා මණ්‌ඩපය නිහඬ නිසසල බවින් පිරී තිබිණ. ඒ තුළ මැස්‌සකුගේ පමණ හඬක්‌ වද නොවීය. උතුරා ගලා ගිය ලොව්තුරු සිරියෙහි අසිරිමත් ස්‌වරය කුරු කුහුඹුවාගේද ජීවිතය සුවපත් කළේය. මහණ, මේ පුවත සැබෑවක්‌ද? යි සවන් යුග නිමක්‌ නැති සැනසුම් සුවයෙන් තෙමාලමින් බුදුපියාණන් වහන්සේ කාම තෘෂ්ණාව නමැති වධකයාගෙන් බටකෑ උටකලී භික්‌ෂුව ඇමතූහ. භික්‌ෂුවට සම්බුදු නුවණ හමුවේ කිසිවක්‌ සැඟවීමට නොහැකි විය. ‘පින්වත් හිමියනි, ඒ සියල්ල සැබෑවක්‌’ යි හේ පිළිවදන් දුන්නේ ඔහු වතද මහත් අසරණබවකින් වෙලී තිබුණේය.

‘මහණ, නුඹගේ සිත් ගත් ඒ ස්‌ත්‍රිය අනර්ථකාරීණීය. දැන් මෙන්ම පෙරත් නුඹ ඈ නිසාම මරුමුව වැටෙන්නට ගියේ මා නිසාම නුඹ ඒ මරණයෙන් මිදුණේ නොවේදැ’යි බුදුපියාණන් වහන්සේ ඒ අතීත කතාව සදෙසා වදාරන්නට වූහ.

එය බරණැස්‌නුවර මහ බඹදත් රජතුමා රාජ්‍යය විචාල කාලයක්‌ විය. මහ බෝසතාණන් වහන්සේ බඹදතුනට පුරෝහිතව මහත් සේ ලෙන්ගතුව වාසය කළේය. බරණැස හරහා ගලා ගිය ගඟ ජීවිතයේ පව් රැස්‌කරගත් කෙවුලන්ට මසුන් දුන් කදිම තෝතැන්නක්‌ විය. සුවිසල් වූ මෙන්ම මහත් අලංකෘත වූද සිරුරකින් හෙබි වූද මේ මත්ස්‍යයාද ජීවත්වූයේත් මේ මහ ගංදිය දැලෙහිමය. මේ වනවිට ඌ කාමග්නියෙන් ගිනිගෙන සිටියේය. එනම් ඌට සිය මත්ස්‍යෙනුවගෙන් තොර ලෝකයක්‌ නොවීය. මත්ස්‍ය ෙනුව යන්නේ කොතැනකටද වූවද මත්ස්‍යාද කිසිවිටෙකත් ඈ අතනොහැරම ඈ පසුපසින්ම වෙලී ගමන් කළේය. එපමණක්‌ද නොව ගං දියේ ගත කළ ජීවිතයේ දවසින් වැඩිම කාලයක්‌ ඌට ගත වූයේද සිය ෙනුව දෙසම බලා සිටින්නටය.

මේ අතරතුර ගඟ දියෙහි මසුන් මැරීම ජීවන උපාය කරගත් කෙවුලෝ ගඟට දැල් දැමූහ. සිය ෙනුවට මහත් සේ ලොල්වූ මේ මත්ස්‍යයා මේ මොහොතවනවිටත් සිටියේ ෙනුවගේ සිරුරෙහි වෙලී ඈ පසුපසම ගමන් කරමින්ය. මහත් පරීක්‌ෂාවෙන් දිය මතුයෙහි පීනා ගිය මත්ස්‍ය ෙනුවගේ ඉවට කෙවුලන් එලා ඇති දැලෙහි මහා අනතුර දැනිණ. එහෙයින් ඈ වාසනාවකට මෙන් කෙවුල් දැල මඟහැර ගමන් කරන්නට සමත්වූවාය. එහෙත් ඇයට මහත්සේ ඇලුම් කරමින් ඇය පසුපසින් ගමන් කළ විසිතුරු මත්ස්‍යයා සිටියේ රාගයෙන් රත්වීගෙනය. එනිසාමදොa ඌට ඉදිරියෙහි ඇති ජීවිත අනතුර පවා නොපෙනිණ. එහි ඵල විසින් මත්ස්‍යයා කෙලින්ම දැල තුළට වැදී එහි හිරවී ගියේය.

කෙවුලෝ මත්ස්‍යයා දැල තුළට හසුවූ බව වහාම දැනගත්හ. වහා දැ ගොඩගත් ඔවුන් මත්ස්‍යයා එකවර මරාදැම්මේ නැත. ඔවුහු මත්ස්‍යයා ගෙන පණ සහිතවම වැල්ලට දැමූහ. කෙවුලන්ගේ අදහස වූයේ මත්ස්‍යයා මෙසේ එකවර නොමරා පණ පිටින්ම අඟුරුවල දමා පුළුස්‌සා අනුභව කිරීමය. මේ තරම් මහා දුඃත විපතක්‌ සිදුවන්නට ඔන්න මෙන්නම තිබුණද මේ මසුවාට ඒ ගැන කිසිදු බියක්‌ හෝ දුකක්‌ නොවීය. එනම් මේ මොහොතේ ඌ වඩාත් ශෝකවූයේ තම මත්ස්‍ය ෙනුවගෙන් වෙන්වන්නට සිදුවීම ගැනය. ෙනුව තමන් නැති අතරේ වෙනත් මසකු හා රති කෙළියෙහි යෙදෙනු ඇතැයි කල්පනා කළ මත්ස්‍යයා දැඩි රාගයෙන් ඔද්දල් වූ සිත ඇතිව මහා හඬින් නොකඩවා හැඬුවේය.

මෙවේලෙහි බඹදත් මහරජුන්ගේ පුරෝහිත අප මහ බෝසතාණන් වහන්සේ දිය නානු පිණිස සපිරිවරද සහිතව මේ ගංතෙරට පැමිණියේය. පුරණ ලද අපමණ පෙරුම් ඇති උන්වහන්සේට කිසිවකු දෙස බැලීමේදී ස්‌වභාවධර්මය ඉක්‌මවන ප්‍රතිභානයක්‌ හිමිවී තිබිණ. සිය ඇස ගැටෙනවුන් ඇසූ දුටු පමණින් ඔවුන් කවර ස්‌වභාවයක සිටින්නේදැයි තේරුම් ගැනීමට උන්වහන්සේට හැකිවූයේ ඒ නිසාය.

ඒ අනුව වැලි මත්තෙහි දමා තිබූ මේ මත්ස්‍යයාද මේ කෑමොර දෙන්නේ අධික රාගාධි කෙලෙසින් ආතුරවූ සිත් ඇතිව බව උන්වහන්සේ වහ වටහා ගත්හ. මේ සිතින් දැන් මේ මත්ස්‍යයා මරණයට පත් වුවහොත් ඌ ඒකාන්ත වශයෙන්ම යන්නේ නිරයට බැව් උන්වහන්සේ ඒ අනුව මැනවින් දැන සිටියහ. එබැවින් දැන් මේ අසරණ මසුවාට පිහිට විය යුතුය. ඒ පිහිට ලබාදෙන්නට තමන් වහන්සේ හැර මේ මිහිපිට වෙනත් කිසිවකු නැති බවත් උන්වහන්සේ දැන සිටියහ. ඒ සිතුවිලි සරින්ම ගං වෙරළට ගිය උන්වහන්සේ කෙවුලන් ඇමතූයේ මහත් ළෙන්ගතු ස්‌වරයකිනි.

‘හිතාදර කෙවුලනි, ඉදින් නුඹලාගේ සුව දුක්‌ කෙලෙසින්ද? මේ තරම් මනුස්‌ මරන නුඹලා මට එක දවසක්‌වත් වෑංජනයට මසකු දෙන්නේ නැද්ද?’ උන්වහන්සේ කෙවුලන්ගෙන් ඇසූහ.

‘ස්‌වාමීනි, කුමක්‌ කියන්නෙහිද? නුඹ වහන්සේට කැමැති මත්ස්‍යයකු හැර ගත මැනව’ යි කෙවුලෝ කීහ. එවිට ‘මට වෙනත් මසකු වුවමනා නැත. මේ විසිතුරු මසුවාම දෙවයි’ කී බෝසතාණන් වහන්සේ රාගාග්නියෙන් ආතුරව හැඬූ මසුවාම රැගෙන ගියේය. බෝසතාණන් වහන්සේ උගේ හිස ආදරයෙන් අත ගෑවේය.

ඉඳින් මෝඩ මත්ස්‍යය, අද මා දක්‌නට නොලැබිණි නම් නුඹට නුඹේ ජීවිතය අහිමිවන්නේය. ඒ විතරක්‌ නොවෙයි, නුඹ රාගී සිත් ඇතිව කෙවුලන් අතින් මැරුම් කෑවේ නම් ඒකාන්ත වශයෙන් නිරයේත් වැටෙන්නේය’ යි ප්‍රිය තෙපුලින්ම මත්ස්‍යයා සනසා මෙතැන් පටන් වත් කෙලෙස්‌ වසඟයට පත් නොවවයි පවසා ඌ ගඟ දියට මුදාහළ සේක.

එකල්හි ක්‌ලේෂ වසඟයට පත්ව මෙසේ වැනසෙන්නට ගිය මත්ස්‍යයා නම් මෙකල මේ උකටලී වූ භික්‌ෂුවය. මොහු මේ තරම් ලොල්වූ මෙකල පුරාණ භාර්යාව නම් එකලද ඔහු ඇලුම් කළ මත්ස්‍ය ෙනුවයි. මොහු මේ දෙජාතියෙහිදීම මරණ දුකින් මෙන්ම නිරා දුකින්ද ගලවාගත් පුරෝහිත නම් දැන් සම්බෝධියට පත්ව මම්ම වේ දැයි දක්‌වා වදාළ බුදුපියාණන් වහන්සේ මේ මත්ස්‍ය ජාතක දේශනාව නිමවා වදාළ සේක. දේශනාව අවසානයේ රාග සිත් ඇතිව අසරණව සිටි භික්‌ෂුව දහසක්‌ නයින් ප්‍රතිමණ්‌ඩිත වූ සෝවාන් ඵල ලබා ඒ කෙලෙස්‌ වධ බන්ධයන්ගෙන් සදහටම අත්මිදී ගත්හ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: