Posted by: lrrp | July 1, 2013

මානසික සුවයට මගකි සමථ භාවනාව

නවීන විද්‍යාව ම`ගින් මෙහෙයවනු ලබන වත්මන් අධිපරිභෝජනවාදී හා තර`ගකාරී ජීවන රටාවත් ඒ හා බැ`දුණු සමාජ ක්‍රමයත් තුළ මිනිසා අතෘප්තියට මෙන්ම අසහනයට ද ගොදුරුව මානසිකව පීඩා වි`දිනු ලබයි. මෙකී මානසික පීඩාවන් දුරලනු වස්‌ බෞද්ධ මනෝ චිකිත්සාවෙහි අනුමත පිළිවෙත ප්‍රතිකාරය භාවනාවයි. “භාවෙති කුසල ධමෙම ආසෙවති වඩෙඪති එතයානි භාවනා” යනුවෙන් කුසල් දහම් රැස්‌ කිරීම වැඩීම දියුණු කිරීම යන අර්ථයෙන් අටුවාව භාවනාව විස්‌තර කරයි. භාවනාව යන්නට ත්‍රිපිටකයෙහි යෙදී ඇති අර්ථ ලෙස ආසෙවිත, භාවිත, බහුලීකත, යානීකත, වFථුකත, අනුට්‌ඨිත, පරිචිත, සුසමාරද්ධ වැනි අර්ථ මහාචාර්ය ගල්මංගොඩ මහතා විසින් පෙන්වා දී තිබේ. ඒ අනුව භාවනාව යන්න මැනවින් ආරම්භ කොට බහුලව, දැඩිව හා මනාලෙස පුහුණු කොට නිතර වර්ධනය කර ගනිමින් තමන් යටතට පත් කොටගෙන අත්දකින ලද දෙයක්‌ ලෙස පුළුල් අර්ථ විග්‍රහයක්‌ කළ හැකි වේ.

භාවනාව බුදුසමයට පමණක්‌ සුවිශේෂී වූ සීමා වූ දෙයක්‌ නොවේ. සිත දියුණු කිරීම ස`දහා ඈත අතීතයේ පටන් මිනිසා විසින් භාවනාව යොදාගෙන තිබේ. භාවනාව ම`ගින් ධ්‍යාන උපදවා ගත් පිරිස්‌ බුද්ධෝත්පත්තියටත් පෙර සිට ඉන්දියාවේ වැඩ සිටි බවට සාධක තිබේ. සිදුහත් බෝසතාණන් සත්‍යය ගවේෂණයෙහිලා වරෙක ගුරු තැන්හි තබාගත් ආලාරකාලාම, උද්දකරාමපුත්ත වැනි ආචාර්යවරුන් භාවනාවෙන් ධ්‍යාන උපදවා ගත්හූ වෙති. වර්තමානයේ පවා විවිධ ඇදහීම් ක්‍රම තුළ මෙන්ම විවිධ අවශ්‍යතාවයන් හා අරමුණු සාක්‍ෂාත් කර ගැනීම ස`දහා භාවනාව යොදා ගන්නා බව පෙනේ. යෝගී ව්‍යායාම, කුංග්ෆු සටන් කලාව වැනි දෑ ඊට උදාහරණයෝය. මෙසේ විවිධ අරමුණු වෙනුවෙන් යොදා ගැනීම නිසා භාවනාව පිළිබ`ද මෙහිදී පෙන්වා දෙනු ලැබූ අර්ථයට වඩා වෙනස්‌ අදහසක්‌ සමාජ ගත වී ඇති සෙයක්‌ පෙනේ. ඒ කෙසේ වෙතත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමෙන් පසු භාවනා කළ යුත්තේ කුමක්‌ පිණිස ද යන්න ලෝකයට පහදා දුන්හ. ස්‌වාභාවිකව පිරිසිදු මිනිසාගේ සිත ආගන්තුක කෙලෙස්‌ නිසා අපිරිසිදු වන බව පෙන්වා දුන් බුදුන් වහන්සේ භාවනාව අනුදැන වදාළේ එම බාහිර අරමුණු වලින් මිනිස්‌ සිත මුදවාගෙන මධ්‍යස්‌ථභාවයට පත් කර තෘෂ්ණාවෙන් මුදවා නිර්වාණය සාක්‍ෂාත් කරලනු පිණිසය.

මෙසේ බුදුරදුන් පෙන්වා දුන් භාවනා මාර්ගය කිසිසේත් ලෞකික ජීවිතයෙන් වෙන් වූවක්‌ නොවේ. භාවනාවේ අග්‍රඵලය නිර්වානවබෝධය වුවද එතෙක්‌ ලෞකික ජීවිතයක්‌ තුළ භාවනාව වැඩීම සිදු කරන බැවිනA එය ලෞකික ජීවිතය තුළ මැනවින් මෙහෙයවනු ලබන්නක්‌ බව පැහැදිලිය. බුදුදහමේ ඉගැන්වෙන ප්‍රධාන භාවනා මාර්ග දෙක සළකා බැලීමේ දී එය වඩා තහවුරු වේ. සමථ භාවනාව හා විදර්ශනා භාවනාව එම භාවනා මාර්ග දෙකයි. සමථ භාවනාවෙන් සිතේ සමාධියත් විදර්ශනා භාවනාවෙන් ප්‍රඥාවත් ප්‍රතිඵල වශයෙන් ලැබෙන බව කියෑවේ. සමාධිය ලෞකික ජීවිතය තුළ ළ`ගා කරගත හැකි තත්ත්වයකි. එබැවින් ලෞකික ජීවිතය තුළ ඇති කරවනු ලබන මානසික පීඩාවන් දුරලා සිතේ සතුට සැනසීම සුවය ඇති කරලනු පිණිස භාවනාව යොදාගැනීම බෞද්ධ මනෝ චිකිත්සාවේදී සිදු කරනු ලබයි. එය බුදුන් වහන්සේ විසින් සබ්බාසව සූත්‍රයේ දී අනුදැන වදාළ මනෝ චිකිත්සක පිළිවෙත් හී එක්‌ අංගයක්‌ ද වන්නේය.

සමාධිය යනු කුසල් සිතෙහි එක`ග බවයි. කිසියම් අරමුණක චිත්ත චෛතසිකයන් සමසේද මනාසේද තබා ගැනීමෙන් එම අරමුණ සමසේ මනාසේ නොවිසිර නිරවුල්ව පවතී ද එයම සමාධිය යෑයි බුද්ධඝෝෂ හිමියෝ පවසති. ඒ අනුව සමාධි භාවනාව කුසල් අරමුණක නොවිසිර සිටීම ලක්‍ෂණ කොට එම අරමුණෙහි විසිරීම නැති කරමින් සිතෙහි නොසැලීම තුළින් සුවයට පදනම සපයයි. මෙහිදී මානසික සුවය පදනම් කොටගෙන සිත කුසල් අරමුණක්‌ ඔස්‌සේ එක`ගකර ගැනීම ස`දහා යොදා ගත හැකි අරමුණු හතළිහක්‌ විශුද්ධි මාර්ගයේ දී පෙන්වා දී තිබේ. ඒවාට කමටහන් යෑයි කියනු ලැබේ. අරමුණු බොහෝමයක්‌ තිබුණ ද ඒ සෑම අරමුණක්‌ම උපයෝගී කරගත යුතු යෑයි නියමයක්‌ නැත. එහෙත් ඒ ඒ පුද්ගල චරිත වලට ගැලපෙන කමටහන් තිබේ. මේ නිසා බෞද්ධ මනෝ චිකිත්සාවේදී සමාධි භාවනාව උපයෝගී කරගන්නා විට පුද්ගල චර්යාව අනුව හ`දුනාගන්නා පුද්ගල චරිතයට සුදුසු පරිදි කමටහන් යොදා ගත යුතු වෙයි.

සමාධිය නැති කිරීම එනම් සිතෙහි එක`ගබව දුරලීම පිණිස හේතු වන කරුණු පහක්‌ බුදුසමයෙහි ඉගැන්වේ. ඒවා පංචනීවරණ ධර්ම ලෙස හැ`දින්වේ. ලෝකෝත්තර වශයෙන් විග්‍රහ කිරීමේ දී මේවා නිවන් ම`ග අහුරන අංග ලෙස හ`දුනා ගත්තද ලෞකික ජීවිතයේ දී මානසික සහනය දුරලන අසහනය හා මානසික පීඩාවන් ඇති කරන කාරක පහක්‌ ලෙස හ`දුනාගත හැකිවෙයි. ඒ අනුව මෙහි ආරම්භයේ ස`දහන් කළ වත්මන් මිනිසා පීඩා වි`දිනු ලබන සෑම මානසික පීඩාවක්‌ ස`දහාම හේතුවන්නේ මෙකී පංචනීවරණ ධර්මයන්ය. මේවායින් එකක්‌ හෝ හේතු නොවන එකදු මානසික පීඩාවක්‌ මිනිසාට නොමැති බව මේ එකිනෙක විග්‍රහ කර බැලීමේ දී පැහැදිලි වේ.

“කාමච්ඡන්ද” යනු පංචකාම සම්පත්තියෙහි ඇලීම හෙවත් රාගය, ආශාව, ලෝභය, ආදරය ආදී නොයෙකුත් නම් වලින් හ`දුන්වනු ලබන විවිධ වූ කාම ආශාවන්ය. “ව්‍යාපාදය” නම් තරහව, කෝපය, ද්වේශය, දොම්නස, අසහනය, පටිඝය, භීතිය, ආදී වූ අනුන්ටත් අහිතකර වන අන්දමේ සිතිවිලිය. “ථීනමිද්ධය” ලෙස හැ`දින්වෙන්නේ නිදිමත, අලසකම, කම්මැලිකම, උදාසීනත්වය, වීර්යය නොමැතිවීම, කලකිරීම, එපාවීම ආදී ලක්‍ෂණය. “උද්ධච්ච කුක්‌කුච්ච” ලෙස සළකනුයේ නොසන්සුන්කම, කලබලවීම, පසුතැවීම, විපිළිසරගතිය වැනි ලක්‍ෂණ සිතෙහි ඇතිවන ස්‌වභාවයයි. “විචිකිච්ඡා” නම් සැකය, අවිශ්වාසය මුල්කොටගෙන සිතෙහි ඇතිවන ස්‌වභාවයයි. මෙසේ විමසා බැලීමේදී මෙම නිවන් ම`ග අහුරන පංචනීවරණයන් ලෞකික ජීවිතයේ මානසික පීඩාවන් ස`දහා සෘජුවම හේතුවන බව පෙනේ.

මානසික සහනය ස`දහා බෞද්ධ මනෝ චිකිත්සාවේදී සමාධි භාවනාව උපයෝගී කර ගන්නා බව ඉහත දැක්‌වූයෙමි. සමාධි භාවනාව ම`ගින් සිතෙහි සමාධිය සුවපත්භාවය ඇතිකරලීමේ දී එය ධ්‍යාන උපදවා ගැනීම දක්‌වා අනුක්‍රමිකව දියුණු වේ. එහිදී රූපාවචර ධ්‍යාන හතර පළමුවත් අරූපාවචර ධ්‍යාන හතර අනතුරුවත් උපදවා ගත හැකි වේ. රූපාවචර ධ්‍යාන තුළ පළමු වන ධ්‍යානය උපදවා ගැනීමේදී විතක්‌ක, විචාර, පීති, සුඛ, ඒකග්‍රතා යන අංග පහ පමණක්‌ සිතෙහි ඉතිරි වේ. දෙවන ධ්‍යානයේ දී විතක්‌ක ස්‌වභාවය හැර ඉතිරි අංග පහ පමණක්‌ සිතෙහි ඉතිරි වේ. මෙසේ ධ්‍යාන මට්‌ටම්වල ඉහලට යාමේදී එක්‌ එක්‌ අංගය නැති වී සිතෙහි ඒකාග්‍රතාව පමණක්‌ ඉතිරි වේ. එමගින් අවසාන වශයෙන් සිත උපේක්‍ෂා සහගත වෙයි. මෙය ලෞකික ජීවිතය තුළ ළ`ගා කර ගැනීමට අපහසු තත්ත්වයකි.

එහෙත් ලෞකික ජීවිතයේ දී අපට යම් පමණකට ප්‍රථම ධ්‍යාන අංග දියුණු කරගත හැකි වේ. එනම් ‘විතක්‌ක’ යනුවෙන් හ`දුන්වන කුසල් අරමුණක්‌ සිතට පමුණුවා ගැනීමත්, ‘විචාර’ වශයෙන් එම අරමුණ නැවත නැවත මෙනෙහි කිරීමත්, එමගින් ‘සුඛ’ වින්දන ලබා ගැනීමත් ඒවා ‘පීති’ වශයෙන් සිතෙහි තැන්පත් කර ගැනීමටත් අවසානයේ දී සිතේ සතුට, සැනසුම, ප්‍රීතිය ඇතිකරලීම ම`ගින් සිත එක`ගකර ගැනීමත් කළ හැකි වන්නේය. මේ ස`දහා සමාධි භාවනාව උපකාරී වේ. වත්මන් සමාජගත මිනිසාට ලැබෙන සෑම අරමුණක්‌ම පංචකාමයන් හා බැ`දී පවතී. එසේ නැතිනම් ඒ තුළ සැකය, තරහව, කල කිරීම, අලසබව වැනි ලක්‍ෂණ බැ`දී පවතී. ඊට හේතුව ඒ සෑම අරමුණක්‌ම අකුසලයන් හා බැදී පවතින වැරදි අරමුණු වීමයි.

මේ නිසා සිතට කුසල් අරමුණක්‌ එසේත් නැතිනම් නිවැරදි අරමුණක්‌ පමුණුවා ගැනීමෙන් සිතෙහි පවතින අලසබව දුරුවේ. එම අරමුණ ඔස්‌සේ සිත මෙහෙයවන විට ඒ පිළිබ`ද පවතින සැකයන් දුරුවේ. එවිට ඉන් ලබන වින්දනය සුඛදායක වන අතර එම`ගින් සිත අවුල්වීම වළකයි. එවිට සිත තුළ ප්‍රීතිදායක බව වැඩෙන අතර එනිසා කේන්තියාම වැනි ව්‍යාපාදයන් දුරුවේ. මෙසේ සිත එක`ගකර ගැනීමෙන් විවිධ වූ කාම ආශාවන් පාලනය කර ගැනීමට සිතට ශක්‌තිය ඇතිවේ. එය කාමච්ඡන්දයේ දුරුවීමයි. මෙසේ සිතෙහි අසහනය ඇති කරවනු ලබන පංචනීවරණයන් යටපත් වීම සිදු වේ. එය සිදුවන්නේ මේ ආකාරයෙනි. විතක්‌ක ම`ගින් ථීනමිද්ධයත්, විචාර ම`ගින් විචිකිච්චාවත්, පීති ම`ගින් ව්‍යාපාදයත්, සුඛ ම`ගින් උද්ධච්ඡ කුක්‌කුච්චයත්, ඒකග්ගතා ම`ගින් කාමච්ඡන්දයත් යටපත් වේ. මෙම`ගින් මිනිසා තුළ ඇතිකෙරෙන මානසික පීඩාවන සමනය කර නිරවුල් මනසක්‌ ඇතිකරයි.

පංචනීවරණයන්ගෙන් මිදුණු පුද්ගලයා ලබන සහනය සුවය “ණය බරින් සිටි පුද්ගලයෙක්‌ ණයෙන් නිදහස්‌ වීමක්‌ වැනිය. කලක්‌ තිස්‌සේ පැවති දරුණු රෝගාබාධයකින් සුවය ලැබීමක්‌ වැනිය. සිරගත වූ අයෙක්‌ සිරෙන් නිදහස්‌ වූවා වැනිය. වහල්භාවයට පත්වූවෙක්‌ වහල්භාවයෙන් මිදුනා වැනිය. කාන්තාරයක අතරමංවූවෙකුට ක්‍ෂේමභූමියක්‌ හමුවූවා වැනිය” යනුවෙන් නොයක්‌ උපමා ම`ගින් බුදුන් වහන්සේ පෙන්වා දී තිබේ. මේ සෑම උපමාවක්‌ තුළින්ම පැහැදිලි වනුයේ පංචනීවරණයන් යටපත් කිරීමෙන් ලබන සතුට සහනය සුවය කෙතරම් ද යන්නයි. අප මෙහිදී මානසික පීඩාවන් ඇතිවීමට හේතුව හා ඒවා දුරු වන අන්දමත් ඒ ස`දහා අනුගමනය කළ යුතු හා කළ හැකි ක්‍රියා මාර්ගයක්‌ විස්‌තර විවරණ සහිතව සාකච්ඡා කළෙමු. දැන් කළ යුතු වන්නේ මෙකී ක්‍රියා මාර්ගය ප්‍රායෝගිකව ජීවිතයට එක්‌ කර ගැනීමයි. ඒ ස`දහා වනගත වීමටවත් සමාජයෙන් ඈත්වීමටවත් වුවමනා නොවේ. සමථ භාවනාවෙන් සිත එක`ග කරවා ගැනීමට සිතට නිවැරදි මෙන්ම කුසල් අරමුණු පමණක්‌ පමුණුවා ගැනීමට උත්සුක වෙමු. එය අපගේ මානසික සහනය සුවය ස`දහා පදනම වෙයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: